යෙදුමෙන් කියවන්න

4. සඞ‍්ඝභෙදවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. සඞ්ඝභේද වර්ගය

1. සඞ‍්ඝභෙදසුත‍්තවණ‍්ණනා

1. සඞ්ඝභේද සූත්‍ර වර්ණනාව

චතුත්‍ථවග‍්ගස‍්ස පඨමං උත‍්තානමෙව.

සතරවන වර්ගයේ පළමු සූත්‍රයෙහි අර්ථ ඉතා ප්‍රකටය.

පළමු සූත්‍රයයි.

2-4. කුසලමූලසමුච‍්ඡෙදසුත‍්තාදිවණ‍්ණනා

2-4. කුසලමූලසමුච්ඡෙද ආදි සූත්‍ර වර්ණනා

දුතියාදීසු කුසලමූලන‍්ති අලොභාදිතිවිධකුසලධම‍්මො. සුක‍්කො ධම‍්මොති තස‍්සෙව පරියායදෙසනා. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යස‍්ස කුසලමූලාදිසඞ‍්ඛාතස‍්ස අනවජ‍්ජධම‍්මස‍්ස අසමුච‍්ඡින‍්නත‍්තා දෙවදත‍්තො සග‍්ගෙ වා නිබ‍්බත‍්තෙය්‍ය, මග‍්ගඵලානි වා අධිගච‍්ඡෙය්‍ය, ස‍්වාස‍්ස සමුච‍්ඡෙදමගමා සබ‍්බසො සමුච‍්ඡින‍්නො විනට‍්ඨො.

දෙවැනි සූත්‍රයේ සිට “කුසලමූලං” යනු අලෝභය ආදී ත්‍රිවිධ වූ කුසල මූලයන් ය. “සුක්කො ධම්මො” යනු එහි පර්යාය දේශනාවකි. සමාන වදනකි. මෙහි සංක්‍ෂිප්ත අර්ථය මෙසේය. යම් කුශල මූල නම් වූ නිවැරදි ධර්මයක් විනාශ නොකළාහු නම් දේවදත්ත දෙව්ලොව හෝ උපදින්නේය. මගඵලයක් හෝ ලබා ගන්නේය. ඔහු මේ සෑම දෙයක් ම විනාශ කර දමා - සෑම අතින්ම විනාශයට පත්විය. නැසීමට පැමිණියේය.

5. අත‍්තවධසුත‍්තවණ‍්ණනා

5. අත්තවධ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ පරාභවායාති අවඩ‍්ඪියා විනාසාය. අස‍්සතරීති වළවාය කුච‍්ඡිස‍්මිං ගද්‍රභස‍්ස ජාතා. අත‍්තවධාය ගබ‍්භං ගණ‍්හාතීති තං අස‍්සෙන සද‍්ධිං සම‍්පයොජෙන‍්ති, සා ගබ‍්භං ගණ‍්හිත්‍වා කාලෙ සම‍්පත‍්තෙ විජායිතුං න සක‍්කොති, පාදෙහි භූමියං පහරන‍්තී තිට‍්ඨති, අථස‍්සා චත‍්තාරො පාදෙ චතූසු ඛාණුකෙසු බන්‍ධිත්‍වා කුච‍්ඡිං ඵාලෙත්‍වා පොතං නීහරන‍්ති, සා තත්‍ථෙව මරති. තෙනෙතං වුත‍්තං.

[missing trans]

පඤ‍්චමං.

[missing]

6. පඤ‍්චරථසතසුත‍්තවණ‍්ණනා

6. පඤ්චරථසත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ භත‍්තාභිහාරොති අභිහරිතබ‍්බං භත‍්තං. තස‍්ස පන පමාණං දස‍්සෙතුං පඤ‍්ච ච ථාලිපාකසතානීති වුත‍්තං. තත්‍ථ එකො ථාලිපාකො දසන‍්නං පුරිසානං භත‍්තං ගණ‍්හාති. නාසාය පිත‍්තං භින්‍දෙය්‍යුන‍්ති අච‍්ඡපිත‍්තං වා මච‍්ඡපිත‍්තං වාස‍්ස නාසපුටෙ පක‍්ඛිපෙය්‍යං.

සයවන සූත්‍රයේ “භත්තාභිහාරො” යනු ඉදිරියට ගෙන යායුතු බතයි. එහි ප්‍රමාණය දැක්වීමට “පඤ්ච ථාලිපාකසතානි”යි කියන ලදී. එහි එක් බත් සැලියක පුරුෂයන් දසදෙනෙකුට ප්‍රමාණවත් බත් ඇත. “නාසාය පිත්තං භින්‍දෙය්‍යුං” යනු වලස් පිත හෝ මත්ස්‍ය පිත ඔහුගේ නාසා පුටයෙහි දමන්නේය යනුයි.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7-13. මාතුසුත‍්තාදිවණ‍්ණනා

7-13. මාතු ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ මාතුපි හෙතූති “සචෙ මුසා භණසි, මාතරං තෙ විස‍්සජ‍්ජෙස‍්සාම. නො චෙ භණසි, න විස‍්සජ‍්ජෙස‍්සාමා”ති එවං චොරෙහි අටවියං පුච‍්ඡමානො තස‍්සා චොරහත්‍ථගතාය මාතුයාපි හෙතු සම‍්පජානමුසා න භාසෙය්‍යාති අත්‍ථො. ඉතො පරෙසුපි එසෙව නයොති.

සත්වන සූත්‍රයේ - “මාතූපි හෙතූ” යනු “ඉදින් බොරු කියන්නෙහි නම් නුඹගේ මව අත්හරිමු. නොකියන්නෙහි නම් අත් නොහරිමු”යි මෙසේ සොරු විසින් කැළයේ දී ප්‍රශ්න කරන ලදුව, ඒ සොරු අතට පත් මෑණියන් හේතුවෙන්ද “දැන දැන බොරුකීම නොකරන්නේය” යන අර්ථයි. සෙසු සූත්‍රයන්හිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.

සත‍්තමාදීනි.

සත්වන සූත්‍රයයි.

සතරවන වර්ගයයි.

ලාභසක‍්කාරසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ලාභසත්කාර සංයුත්තය නිමාවට පත්විය.