යෙදුමෙන් කියවන්න

මාතුසුත‍්තං

5. 4. 7.

5. 4. 7.

මාතුසුත‍්තං

මාතු සූත්‍රය

333. සාවත්‍ථියං–

333. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො කටුකො, ඵරුසො, අන‍්තරායිකො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය. ඉධාහං භික‍්ඛවෙ, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: “න චායමායස‍්මා මාතුපි හෙතු සම‍්පජානමුසා භාසෙය්‍යාති”. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ලාභසක‍්කාරසිලොකෙන අභිභූතං පරියාදින‍්නචිත‍්තං සම‍්පජානමුසා භාසන‍්තං.

මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය තියුණු ය රළු ය. අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ මව හේතු කොට ගෙණ ද දැන දැන මුසා නො බණන්නේ ය”යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසුකලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, දැන දැන මුසා බණන ඔහු දකිමි.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො කටුකො ඵරුසො අන‍්තරායිකො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය.

මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: “උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම. න ච නො උප‍්පන‍්නො ලාභසක‍්කාරසිලොකො චිත‍්තං පරියාදාය ඨස‍්සතී”ති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත සිඳ ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.

5. 4. 8–13.

5. 4. 8-13.