පිතුසුත‍්තාදිඡක‍්කං
පිතුසුත‍්තාදිඡක‍්කං
පිතුසූත්‍රාදිෂට්කය
334-339. සාවත්‍ථියං–
334-339 සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො කටුකො ඵරුසො අන‍්තරායිකො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය. ඉධාහං භික‍්ඛවෙ, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: “න චායමායස‍්මා
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ
පිතුපි හෙතු -පෙ- (අට‍්ඨමං)
පියා හේතු කොට ද (අට වැන්න)
භාතුපි හෙතු -පෙ- (නවමං)
බෑයා හේතු කොට ද ... (නවවැන්න)
භගිනියාපි හෙතු -පෙ- (දසමං)
බුහුන හේතු කොට ද ... (දසවැන්න)
පුත‍්තස‍්සපි හෙතු -පෙ- (එකාදසමං)
පුතා හේතු කොට ද ... (එකොළොස්වැන්න)
ධීතුයාපි හෙතු -පෙ- (ද‍්වාදසමං)
දුව හේතු කොට ද ... දොළොස්වැන්න)
පජාපතියාපි හෙතු සම‍්පජානමුසා භාසෙය්‍යාති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ලාභසක‍්කාරසිලොකෙන අභිභූතං පරියාදින‍්නචිත‍්තං සම‍්පජානමුසා භාසන‍්තං.
බිරිය හේතු කොට ද දැන දැන මුසා නො බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද ගන්නා ලද සිත් ඇති දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො කටුකො, ඵරුසො, අන‍්තරායිකො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරාකාර ය.
තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම, න ච නො උප‍්පන‍්නො ලාභසක‍්කාරසිලොකො චිත‍්තං පරියාදාය ඨස‍්සතීති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති. (තෙරසමං.)
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටින්නේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි. (තෙළෙස් වැන්න.)
සඞ‍්ඝභෙදවග‍්ගො චතුත්‍ථො.
සඞ්ඝභේදවර්‍ගය සිවුවැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
භින්‍දි මූලං සුක‍්කො ධම‍්මො පක‍්කන‍්තං රථමාතරො, පිතා ච භාතා භගිනී පුත‍්තො ධීතා පජාපතීති.
හින්දි, මූල, සුක්ක, ධම්ම,පක්කන්ත, රථ, මාතු, පීතු, භාතු, භගිනී, පුත්ත, ධීතු, පජාපති යි සූත්‍ර තෙළෙසකි යි.
ලාභසක‍්කාරසංයුත‍්තං සමත‍්තං.
ලාභසක්කාර සංයුත්තය නිමියේ ය.