යෙදුමෙන් කියවන්න

චක‍්ඛුආදිසුත‍්තං

6. 1. 1.

6. 1. 1.

චක‍්ඛුආදිසුත‍්තං

චක්ඛුආදි සූත්‍රය

340. එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

340. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ, භගවා සංක‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව ස්මෘතියෙන් තොර නොවී කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා, මැනවි”යි.

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

රාහුල, ඒ කිමැයි හගිහි ද, ඇස නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යි දකිනට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’

සොතං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ, -පෙ- ඝානං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ -පෙ- ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ- කායො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ -පෙ- මනො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

කණ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... නැහැය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... දිව අනිත්‍ය ද, නිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... කය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ . යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මගේ ය’ මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ජිව‍්හායපි නිබ‍්බින්‍දති, කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී’ති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි. කණෙහි ද කලකිරෙයි. නැහැයෙහි ද කළ කිරෙයි, දිවෙහි ද කළ කිරෙයි. කයෙහි ද කළ කිරෙයි. සිතෙහි ද කළ කිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලෙන්නේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. සිටුමග කිස කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ” යි දැන ගණි යි.

[එතෙන පෙය්‍යාලෙන දස සුත‍්තන‍්තා කාතබ‍්බා]

[පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි.]