1. පඨමො වග්ගො අට්ඨකථා
1. ප්‍රථම වර්ගය
1. චක්ඛුසුත්තාදිවණ්ණනා
1. චක්ඛුආදි සූත්‍ර වර්ණනාව
රාහුලසංයුත්තස්ස පඨමෙ එකොති චතූසු ඉරියාපථෙසු එකවිහාරී. වූපකට්ඨොති විවෙකට්ඨො නිස්සද්දො. අප්පමත්තොති සතියා අවිප්පවසන්තො. ආතාපීති වීරියසම්පන්නො. පහිතත්තො විහරෙය්යන්ති විසෙසාධිගමත්ථාය පෙසිතත්තො හුත්වා විහරෙය්යං. අනිච්චන්ති හුත්වා අභාවාකාරෙන අනිච්චං. අථ වා උප්පාදවයවන්තතාය තාවකාලිකතාය විපරිණාමකොටියා නිච්චපටික්ඛෙපතොති ඉමෙහිපි කාරණෙහි අනිච්චං. දුක්ඛන්ති චතූහි කාරණෙහි දුක්ඛං දුක්ඛමනට්ඨෙන දුක්ඛවත්ථුකට්ඨෙන සතතසම්පීළනට්ඨෙන සුඛපටික්ඛෙපෙනාති. කල්ලන්ති යුත්තං. එතං මමාති තණ්හාගාහො. එසොහමස්මීති මානගාහො. එසො මෙ අත්තාති දිට්ඨිගාහො. තණ්හාගාහො චෙත්ථ අට්ඨසතතණ්හාවිචරිතවසෙන, මානගාහො නවවිධමානවසෙන, දිට්ඨිගාහො ද්වාසට්ඨිදිට්ඨිවසෙන වෙදිතබ්බො. නිබ්බින්දං විරජ්ජතීති එත්ථ විරාගවසෙන චත්තාරො මග්ගා කථිතා, විරාගා විමුච්චතීති එත්ථ විමුත්තිවසෙන චත්තාරි සාමඤ්ඤඵලානි.
රාහුල සංයුත්තයේ පළමු සූත්‍රයේ - “එකො” යනු සිවු ඉරියව්වෙහිම එකම විහරණයකින් යුක්තවයි. “වූපකට්ඨො” යනු කෙලෙස්වලින් දුරුව, නිශ්ශබ්දවම යනුයි. “අප්පමත්තො” යනු සිහියෙන් නොවෙත් වී වෙසෙමින්ය. “ආතාපී” යනු වීර්යයෙන් යුක්තවයි. “පහීතත්තො විහරෙය්ය” යනු විශේෂාධිගමය පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නේ ය යනුයි. “අනිච්චං” ඉපිද නැතිවන ස්වභාවයෙන් අනිත්‍ය වූ. නැතහොත් ඉපිද නැතිවන බැවින් තාවකාලික වූ. වෙනස්වීම කෙළවර කර ඇති, නිත්‍ය බව ප්‍රතික්ෂේප වන මේ කරුණු අනුව අනිත්‍ය වූ යනුයි. “දුක්ඛං” යනු සිවු කාරණයකින් දුකවේ. දුක්ඛමණට්ඨෙන (දුකය යන සිතින්) දුක්ඛවත්ථුකට්ඨෙන (දුක මූලාධාර කර ඇති බැවින්) සත්ත සම්පීළනට්ඨෙන (නිතර පෙලීමට පත්වන අර්ථයෙන්) සුඛ පටිපක්ඛෙන (සැපට ප්‍රතිවිරුද්ධ වූ අරුතින්). “කලලං” යනු සුදුසුය. “එතං මම” යනු තණ්හාවෙන් ගැනීමයි. “එසොහමස්මි” යනු මානයෙන් ගැනීමයි. “එසො මෙ අත්තා” යනු දෘෂ්ටියෙන් ගැනීමයි. මෙහි තණ්හාවෙන් ගැනීම එකසිය අටක් වූ තණ්හා ප්‍රභේද වශයෙන් ද මානයෙන් ගැනීම නවයක් වූ මාන වශයෙන් ද දෘෂ්ටියෙන් ගැනීම දෙසැටක් මිසදිටු වශයෙන්ද දතයුතුයි. “නිබ්බින්දං විරජ්ජති” යනු මෙහි විරාග වශයෙන් සිවු මාර්ගය කියන ලදී. “විරාගා විමුච්චති” යන මෙහි විමුත්ති යනු සිවු ශ්‍රමණ ඵලයන්ය.
එත්ථ ච පඤ්චසු ද්වාරෙසු පසාදාව ගහිතා, මනොති ඉමිනා තෙභූමකං සම්මසනචාරචිත්තං.
මෙහිද පඤ්ච ද්වාරයෙහි ප්‍රසාදයට ගන්නා ලදී. “මනො” යනු මේ තුන් භූමියට අයත් විමසා බලන වාරයේ සිතයි.
පළමු සූත්‍රයයි.
2. රූපාදි සුත්තවණ්ණනා
2. රූපාදි සූත්‍ර වර්ණනාව
දුතියෙ පඤ්චසු ද්වාරෙසු ආරම්මණමෙව.
දෙවැනි සූත්‍රයේ - පඤ්චද්වාරයන්හි අරමුණ ම පවතියි.
දෙවන සූත්‍රයයි.
3-5. විඤ්ඤාණසුත්තාදිවණ්ණනා
3-5. විඤ්ඤාණ ආදි සූත්‍ර වර්ණනා
තතියෙ පඤ්චසු ද්වාරෙසු පසාදවත්ථුකචිත්තමෙව, මනොවිඤ්ඤාණෙන තෙභූමකං සම්මසනචාරචිත්තං ගහිතං. එවං සබ්බත්ථ නයො නෙතබ්බො.
තෙවන සූත්‍රයේ - පඤ්චද්වාරයේ මනෝ විඤ්ඤාණයෙන් ප්‍රසාද වස්තුක සිතම ලැබේ. ත්‍රෛභූමික වූ සම්මසත වාරයෙහි සිතම මෙහිදීද ගන්නා ලදී. මෙසේ සෑම තැන්හිම මෙම ක්‍රමය පැමිණවිය යුතුයි.
6. සඤ්ඤාසුත්තවණ්ණනා
6. සඤ්ඤා සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ තෙභූමකධම්මා.
සයවන සූත්‍රයේ - ත්‍රෛභූමික ධර්මයන් විස්තර වේ.
8. තණ්හාසුත්තවණ්ණනා
8. තණ්හා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පන තණ්හාති තස්මිං තස්මිං ද්වාරෙ ජවනප්පත්තාව ලබ්භති.
අටවන සූත්‍රයේ - “තණ්හා” යනු ඒ ඒ ද්වාරයේ ජවන් සිතට පැමිණීමට අවසර ලබයි.
9. ධාතුසුත්තවණ්ණනා
9. ධාතු සූත්‍ර වර්ණනාව
නවමෙ විඤ්ඤාණධාතුවසෙන නාමං, සෙසාහි රූපන්ති නාමරූපං කථිතං. නවමං.
නවවන සූත්‍රයේ - විඤ්ඤාණ ධාතු වශයෙන් “නාමං” වේ. සෙසු ධාතූන්හි “රූපං” යනුවෙන් නාමරූපයන් කියන ලදී.
10. ඛන්ධසුත්තවණ්ණනා
10. ඛන්ධ සූත්‍ර වර්ණනාව
දසමෙ රූපක්ඛන්ධො කාමාවචරො, සෙසා චත්තාරො සබ්බසඞ්ගාහිකපරිච්ඡෙදෙන චතුභූමකා. ඉධ පන තෙභූමකාති ගහෙතබ්බා. දසමං.
දසවන සූත්‍රයේ - රූපස්කන්ධය කාමාවචර වේ. ඉතිරි සතර ස්කන්ධය සර්ව සංග්‍රාහික පරිච්ඡේද වශයෙන් සිවුභූමික වේ. මෙම සූත්‍රයේදී ත්‍රිවිධ භූමිකයැයි ගතයුතුයි.
පඨමො වග්ගො.
පළමුවර්ගය නිමියේ ය.