යෙදුමෙන් කියවන්න

රූපාදි සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

6. 1. 2.

6. 1. 2.

රූපාදි සුත‍්තං

රූපාදි සූත්‍රය

341. සාවත්‍ථියං–

341. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද, රූප (ආරම්මණ) යෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති, සද‍්දෙසුපි නිබ‍්බින්‍දති, ගන්‍ධෙසුපි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ඵොට‍්ඨබ‍්බෙසුපි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයන්හිත් කළ කිරෙයි, ශබ්දයන්හිත් කලකිරෙයි, ගන්‍ධයන්හිත් කලකිරෙයි, රසයන්හිත් කලකිරෙයි, ස්ප්‍රෂ්ටව්‍යයන්හිත් කලකිරෙයි, ධර්‍මයන්හිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ” යි දැන ගණි යි.

6. 1. 3.

6. 1. 3.

විඤ‍්ඤාණසුත‍්තං

විඤ්ඤාණ සූත්‍රය

342. සාවත්‍ථියං–

342. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ, -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය ... කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො චක‍්ඛුවිඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- සොතවිඤ‍්ඤාණස‍්මිම‍්පි -පෙ- ඝානවිඤ‍්ඤාණස‍්මිම‍්පි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණස‍්මිම‍්පි -පෙ- කායවිඤ‍්ඤාණස‍්මිම‍්පි -පෙ- මනොවිඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි, සෝතවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහි ද කළ කිරෙයි. කායවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහි ද කළ කිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.

6. 1. 4.

6. 1. 4.

සම‍්ඵස‍්සසුත‍්තං

සම්ඵස්ස සූත්‍රය

343. සාවත්‍ථියං–

343. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ -පෙ- සොතසම‍්ඵස‍්සො -පෙ- ඝානසම‍්ඵස‍්සො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- කායසම‍්ඵස‍්සො -පෙ- මනොසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්ස ය ... ඝාණසම්ඵස්ස ය ... ජිව්හාසම්ඵස්ස ය ... කායසම්ඵස්ස ය ... මනෝසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය …

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො චක‍්ඛුසම‍්ඵස‍්සස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතසම‍්ඵස‍්සස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානසම‍්ඵස‍්සස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ජිව‍්හාසම‍්ඵස‍්සස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, කායසම‍්ඵස‍්සස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙහිත් කළ කිරෙයි. සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ඝාණසම්ඵස්සයෙහිත් කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.

6. 1. 5.

6. 1. 5.

වෙදනාසුත‍්තං

වේදනා සූත්‍රය

344. සාවත්‍ථියං–

344. සැවැත්නුවර–

තං කිං මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ- සොතසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- කායසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ...

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනායපි නිබ‍්බින්‍දති. සොතසම‍්ඵස‍්සජාය -පෙ- ඝාන සම‍්ඵස‍්සජාය -පෙ- ජිව‍්හා සම‍්ඵස‍්සජාය -පෙ- කාය සම‍්ඵස‍්සජාය -පෙ- මනොසම‍්ඵස‍්සජාය වෙදනායපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. සෝතසම්ඵස්සයෙන් හටගත් ... ඝානසම්ඵස්සයෙන් හටගත් ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් ... කායසම්ඵස්සයෙන් හටගත් ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.

6. 1. 6.

6. 1. 6.

සඤ‍්ඤාසුත‍්තං.

සඤ්ඤා සූත්‍රය

345. සාවත්‍ථියං–

345. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපසඤ‍්ඤා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ- සද‍්දසඤ‍්ඤා -පෙ- ගන්‍ධසඤ‍්ඤා -පෙ- රසසඤ‍්ඤා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා -පෙ- ධම‍්මසඤ‍්ඤා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො රූපසඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. සද‍්දසඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. ගන්‍ධසඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. රසසඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. ධම‍්මසඤ‍්ඤායපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්ඤායෙහිත් කලකිරෙයි. සද්දසඤ්ඤායෙහිත් කලකිරෙයි. ගන්‍ධසඤ්ඤායෙහිත් කලකිරෙයි. රසසඤ්ඤායෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බසඤ්ඤායෙහිත් කළ කිරෙයි, ධම්මසඤ්ඤායෙහිත් කළ කිරෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.

6. 1. 7.

6. 1. 7.

සඤ‍්චෙතනාසුත‍්තං

සඤ්චේතනා සූත්‍රය

346. සාවත්‍ථියං–

346. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපසඤ‍්චෙතනා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ- සද‍්දසඤ‍්චෙතනා -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා -පෙ- රසසඤ‍්චෙතනා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා -පෙ- ධම‍්මසඤ‍්චෙතනා නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධර්‍මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො රූපසඤ‍්චෙතනායපි නිබ‍්බින්‍දති. සද‍්දසඤ‍්චෙතනායපි නිබ‍්බින්‍දති. ගන්‍ධසඤ‍්චෙතනායපි නිබ‍්බින්‍දති. රසසඤ‍්චෙතනායපි නිබ‍්බින්‍දති. ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනායපි නිබ‍්බින්‍දති. ධම‍්මසඤ‍්චෙතනායපි නිබ‍්බින්‍දති. -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්චෙතනායෙහිත් කලකිරෙයි, සද්දසඤ්චේතනායෙහිත් කලකිරෙයි, ගන්‍ධසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. රසසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ඵොට්ඨබ්බසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ධර්‍මසඤ්චේතනායෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.

6. 1. 8.

6. 1. 8.

තණ‍්හාසුත‍්තං

තණ්හා සූත්‍රය

347. සාවත්‍ථියං–

347. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපතණ‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දතණ්හාව ... ගන්‍ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො රූපතණ‍්හායපි නිබ‍්බින්‍දති, සද‍්දතණ‍්හායපි නිබ‍්බින්‍දති, ගන්‍ධතණ‍්හායපි නිබ‍්බින්‍දති, රසතණ‍්හායපි නිබ‍්බින්‍දති, ඵොට‍්ඨබ‍්බතණ‍්හායපි නිබ‍්බින්‍දති, ධම‍්මතණ‍්හායපි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපතණ්හාවෙහිත් කලකිරෙයි, සද්දතණ්හාවෙහිත් කලකිරෙයි, ගන්‍ධතණ්හාවෙහිත් කලකිරෙයි, රසතණ්හායෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බතණ්හායෙහිත් කලකිරෙයි, ධම්මතණ්හායෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.

6. 1. 9.

6. 1. 9.

ධාතුසුත‍්තං

ධාතු සූත්‍රය

348. සාවත්‍ථියං–

348. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, පඨවීධාතු නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- ආකාසධාතු -පෙ- විඤ‍්ඤාණධාතු නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද? පඨවීධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණ ධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො පඨවීධාතුයාපි නිබ‍්බින්‍දති. ආපොධාතුයාපි නිබ‍්බින්‍දති, තෙජොධාතුයාපි නිබ‍්බින්‍දති, වායොධාතුයාපි නිබ‍්බින්‍දති, ආකාසධාතුයාපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණධාතුයාපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

රාහුල මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පඨවීධාතුයෙහි ද කලකිරෙයි, ආපෝධාතුයෙහි ද කලකිරෙයි, තේජෝධාතුයෙහි ද කලකිරෙයි, වායෝධාතුයෙහි ද කලකිරෙයි, ආකාසධාතුයෙහි ද කලකිරෙයි, විඤ්ඤාණධාතුයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.

6. 1. 10.

6. 1. 10.

ඛන්‍ධසුත‍්තං

ඛන්‍ධ සූත්‍රය

349. සාවත්‍ථියං–

349. සැවැත්නුවර–

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’ -පෙ- වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’ -පෙ-

රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... වේදනාචා ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය ...’

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති. වුසිතං බ්‍රහ‍්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී’ති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනායෙහි ද කලකිරෙයි, සඤ්ඤායෙහි ද කලකිරෙයි, සඞ්ඛාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි’ යි.

වග‍්ගො පඨමො.

[අයාචනාවෙන් දෙසූ ] පළමුවැනි වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දාන:

චක‍්ඛුං රූපඤ‍්ච විඤ‍්ඤාණං සම‍්ඵස‍්සො වෙදනාය ච,සඤ‍්ඤා සඤ‍්චෙතනා තණ‍්හා ධාතු ඛන්‍ධෙන තෙ දසාති.

චක්ඛු, රූප, විඤ්ඤාණ, සම්ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු යන ඔහු ඛන්‍ධ සූත්‍රය සමග දශයෙකි.