යෙදුමෙන් කියවන්න

චක‍්ඛුආදිසුත‍්තං

6. 2. 1.

6. 2. 1.

චක‍්ඛුආදිසුත‍්තං

චක්ඛුආදි සූත්‍රය

350. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං රාහුලං භගවා එතදවොච:

350 මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති? ‘නො හෙතං භන‍්තෙ’. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො නිච‍්චො වා, අනිච‍්චො වාති? ‘අනිච‍්චො භන‍්තෙ’. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”?ති. ‘නො හෙතං භන‍්තෙ’.

රාහුල, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය,’ යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’ කණ ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැපද, ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’

එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ජිව‍්හායපි නිබ‍්බින්‍දති, කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී’ති.

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි, ... කණෙහි ද කළ කිරෙයි ... නැහැයෙහි ද කලකිරෙයි ... දිවෙහි ද කලකිරෙයි, ... කයෙහි ද කලකිරෙයි ... සිතෙහි ද කලකිරෙයි. කළ කිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි කට යුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.

(එතෙන පෙය්‍යාලෙන දස සුත‍්තන‍්තා කාතබ‍්බා.)

(පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි)