යෙදුමෙන් කියවන්න

2. දුතියො වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. දෙවෙනි වර්ගය

1-10. චක‍්ඛුසුත‍්තාදිවණ‍්ණනා

1-10. චක්ඛුආදි සූත්‍ර වර්ණනා

දුතියෙ දස උත‍්තානත්‍ථානෙව. පඨමාදීනි.

දෙවන සූත්‍රයේ සිට දසවන සූත්‍රය දක්වා අර්ථ ඉතා ප්‍රකටය.

11. මානානුසයසුත‍්තවණ‍්ණනා

11. මානානුසය සූත්‍ර වර්ණනාව

එකාදසමෙ ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙති අත‍්තනො සවිඤ‍්ඤාණකකායං දස‍්සෙති, බහිද‍්ධා චාති පරස‍්ස සවිඤ‍්ඤාණකං වා අවිඤ‍්ඤාණකං වා. පුරිමෙන වා අත‍්තනො ච පරස‍්ස ච විඤ‍්ඤාණමෙව දස‍්සෙති, පච‍්ඡිමෙන බහිද‍්ධා අනින්‍ද්‍රියබද‍්ධරූපං. අහඞ‍්කාරමමඞ‍්කාරමානානුසයාති අහංකාරදිට‍්ඨි ච මමංකාරතණ‍්හා ච මානානුසයා ච. න හොන‍්තීති එතෙ කිලෙසා කථං ජානන‍්තස‍්ස එතෙසු වත්‍ථූසු න හොන‍්තීති පුච‍්ඡති. සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතීති සහ විපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය සුට‍්ඨු පස‍්සති.

එකොළොස්වන සූත්‍රයේ - “ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ” යනු තමාගේ විඤ්ඤාණය සහිත වූ කය දක්වයි. “බහිද්ධාච” යනු අනිකකුගේ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ. පළමු පදයෙන් තමාගේද අනුන්ගේද සවිඤ්ඤාණකයම දක්වයි. පසුපදයෙන් පිටත ඇති ඉන්‍ද්‍රිය හා බැඳුණු රූපය දක්වයි. “අහිං කාරම්මිංකාරමානානුසයා” යනු “මමය” යන අහංකාර දෘෂ්ටියත්, “මගේය” යන මමංකාර තණ්හාවත් සැඟවී පවතින මානයත් ය. “න හොන්ති” මේ ක්ලේශයෝ දන්නා තැනැත්තාට ඇති නොවෙති. මේ වස්තූන්හි කෙලෙස් ඇති නොවනුයේ කෙසේද?යි අසයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු විදර්ශනාවත් සමග මාර්ග ප්‍රඥාවෙන් මැනවින් දක්නාහටය.

එකාදසමං.

එකොළොස්වන සූත්‍රයයි.

12. මානාපගතසුත‍්තවණ‍්ණනා

12. මානාපගත සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ අහඞ‍්කාරමමඞ‍්කාරමානාපගතන‍්ති අහංකාරතො ච මමංකාරතො ච මානතො ච අපගතං. විධා සමතික‍්කන‍්තන‍්ති මානකොට‍්ඨාසෙ සුට‍්ඨු අතික‍්කන‍්තං. සන‍්තං සුවිමුත‍්තන‍්ති කිලෙසවූපසමෙන සන‍්තං, කිලෙසෙහෙව සුට‍්ඨු විමුත‍්තං. සෙසං උත‍්තානමෙවාති. ද‍්වාදසමං.

දොළොස්වන සූත්‍රයේ - “අහිංකාර මමිංකාර මාන පගතං” යනු අහංකාරයෙන් ද මමංකාරයෙන් ද මානයෙන් ද පහවූ යනුයි. “විධා සමතික්කන්තං” යනු මාන කොට්ඨාසයන් මනාව ඉක්මවූ. “සන්තං සුවිමුත්තං” යනු කෙලෙස් සන්සිඳීමෙන් ශාන්ත වූ යනුයි. කෙලෙස්වලින් මනාව මිදුණු. සෙසු පදයන් අර්ථ ඉතා ප්‍රකටය.

දුතියො වග‍්ගො.

ද‍්වීසුපි අසෙක‍්ඛභූමි කථිතා. පඨමො පනෙත්‍ථ ආයාචන‍්තස‍්ස දෙසිතො, දුතියො අනායාචන‍්තස‍්ස. සකලෙපි පන රාහුලසංයුත‍්තෙ ථෙරස‍්ස විමුත‍්තිපරිපාචනීයධම‍්මාව කථිතාති.

මේ සූත්‍ර දෙකින්ම අසේඛ භූමිය කියන ලදී. පළමු සූත්‍රය රාහුල හිමියන්ගේ ආයාචනයක් ලෙස දේශිතය. දෙවැනි සූත්‍රය ආයාචනයක් අනැතුවම දේශනා කළ සේක. මුළු රාහුල සංයුත්තයේ සෑම සූත්‍රයක්ම රාහුල හිමියන්ගේ විමුක්තිය මුහුකුරවා යෑම පිණිස ම දෙසූ බව වටහාගත යුතුයි.

රාහුලසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

රාහුල සංයුත්තය නිමියේය.