මානානුසයසුත‍්තං
6. 2. 11.
6. 2. 11.
මානානුසයසුත‍්තං
මානානුසය සූත්‍රය
360. සාවත්‍ථියං–
360. සැවැත්නුවර–
අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
“කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො, කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන‍්තී?ති.”
“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ (ස්වකීය) කයෙහිත්, පිටත සියලු (සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ) නිමිත්තයන්හිත් අභිඞ්කාර (මම යන දෘෂ්ටිය) ද, මමිඞ්කාර (මාගේ යන තෘෂ්ණාව ද මානානුසයෝ ද නො වෙද් දැ” යි?
යං කිඤ‍්චි රාහුල, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා - සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති.
රාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයෙක් වේද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගත පච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති.
යම් කිසි වේදනාවක් ... යම් කිසි සඤ්ඤාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හේ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් විඤ්ඤාණයෙක් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
එවං ඛො රාහුල, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන‍්තීති.
රාහුල මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරමමිඞ්කාරමානානුසයෝ නො වෙති යි.