මානාපගතසුත‍්තං
6. 2. 12.
6. 2. 12.
මානාපගතසුත‍්තං
මානාපගත සූත්‍රය
361. සාවත්‍ථියං–
361. සැවැත්නුවර–
අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච: “කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති, විධාසමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්ත”න‍්ති?
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරයෙන් මමිඞ්කාරයෙන් මානයෙන් පහ වූයේ වේ ද, මානකොටස් මැනවින් ඉක්ම වූයේ සන්සුන් වූයේ මනා කොට මිදුනේ වේ දැ යි?
යං කිඤ‍්චි රාහුල, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදා විමුත‍්තො හොති. (පඤ‍්චන‍්නං ඛන්‍ධානං එවං කත‍්තබ‍්බං.) යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා - සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදාවිමුත‍්තො හොති.
රාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ. (පඤ්චස්කන්‍ධය පිළිබඳ පෙය්‍යාලය මෙසේ කට යුතු යි.) ... යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙකුත් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ.
එවං ඛො රාහුල, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානාපගතං මානසං හොති විධාසමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති.
රාහුල, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහි ද, පිටත සියලු නිමිත්තයන්හි ද අභිඞ්කාරමමිඞ්කාරමානයෙන් පහ වූයේ මාන කොටස් මනා කොට ඉක්මවූයේ සන්හුන් වූයේ මැනවින් මිදුනේ වේ යි.
වග‍්ගො දුතියො.
දෙවෙනි වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
චක‍්ඛුං රූපඤ‍්ච විඤ‍්ඤාණං සම‍්ඵස‍්සො වෙදනාය ච, සඤ‍්ඤා සඤ‍්චෙතනා තණ‍්හා ධාතු ඛන්‍ධෙන තෙ දස අනුසයං අපගතඤ‍්චෙව වග‍්ගො තෙන පවුච‍්චතීති.
චක්ඛු, රූප, විඤ්ඤාණ, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යන දශය ද, අනුසය අපගත දෙක ද යන මේ සූත්‍ර දොළසින් වර්‍ගය කියනු ලැබේ.
රාහුලසංයුත‍්තං සමත‍්තං.
රාහුල සංයුත්තය නිමියේ ය.