යෙදුමෙන් කියවන්න

අට‍්ඨිසඞ‍්ඛලිකසුත‍්තං

7. 1. 1.

7. 1. 1.

අට‍්ඨිසඞ‍්ඛලිකසුත‍්තං

අට්ඨිසඞ්ඛලික සූත්‍රය

362. එවම‍්මෙසුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච ලක‍්ඛණො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ විහරන‍්ති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙනායස‍්මා ලක‍්ඛණො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ලක‍්ඛණං එතදවොච: ආයාමාවුසො ලක‍්ඛණ, රාජගහං පිණ‍්ඩාය පවිසිස‍්සාමාති. එවමාවුසොති ඛො ආයස‍්මා ලක‍්ඛණො ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස පච‍්චස‍්සොසි.

362. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ද ගිජුකුළුපව්වෙහි වැඩවෙසෙති. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්ඛණ තෙරුන්ට “ඇවැත්නි, ලක්ඛණයෙනි, යමු, රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි මෙය කීහ. ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ට පිළිවදන් ඇස්වූහ.

අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ සිතං පාත්‍වාකාසි. අථ ඛො ආයස‍්මා ලක‍්ඛණො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං එතදවොච: කො නු ඛො ආවුසො මොග‍්ගල‍්ලාන, හෙතු කො පච‍්චයො සිතස‍්ස පාතුකම‍්මායාති? අකාලො ඛො ආවුසො ලක‍්ඛණ, එතස‍්ස පඤ‍්හස‍්ස. භගවතො මං සන‍්තිකෙ එතං පඤ‍්හං පුච‍්ඡාති.

ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ”යි මෙය කීහ. ඇවැත්නි, ලක්ඛණයෙනි, මේ ප්‍රශ්නයට නො කල් ය. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රශ්නය මා විචාරව යි.

අථ ඛො ආයස‍්මා ච ලක‍්ඛණො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ලක‍්ඛණො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං එතදවොච: ඉධායස‍්මා මහාමොග‍්ගල‍්ලානො ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ සිතං පාත්‍වාකාසි. කො නු ඛො ආවුසො මොග‍්ගල‍්ලාන, හෙතු කො පච‍්චයො සිතස‍්ස පාතුකම‍්මායාති?

ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහ නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ගිජිකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”යි?

ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං අට‍්ඨිකසඞ‍්ඛලිකං වෙහාසං ගච‍්ඡන‍්තිං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා ඵාසුලන‍්තරිකාහි විතුදන‍්ති. සාසුදං අට‍්ටස‍්සරං කරොති. තස‍්ස මය‍්හං ආවුසො, එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, එවරූපොපි නාම සත‍්තො භවිස‍්සති, එවරූපොපි නාම යක‍්ඛො භවිස‍්සති, එවරූපොපි නාම අත‍්තභාවපටිලාභො භවිස‍්සතීති.

ඇවැත්නි, මෙහි මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ඇටසැකිල්ලක් වූ (ප්‍රේතයකු දිවැසින්) දිටිමි. (යක්) ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ ඇටසැකිල්ල ලුහුබඳිමින් ඉළඇට අතරින් විදිත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි, ඒ මට “භවත්නි, ආශ්චර්‍ය්‍යෙක් ම ය! භවත්නි, අද්භුතයෙක් ම ය! මෙබඳු වූත් සත්ත්‍වයෙක් වේ ද! මෙබඳු වූත් යක්‍ෂයෙක් වේ ද! මෙබඳු වූත් අත්බැව් ලැබීමෙක් වේ දැ!යි මේ අදහස විය.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: චක‍්ඛුභූතා වත භික‍්ඛවෙ, සාවකා විහරන‍්ති, ඤාණභූතා වත භික‍්ඛවෙ, සාවකා විහරන‍්ති, යත්‍ර හි නාම සාවකො එවරූපං ඤස‍්සති වා දක‍්ඛති වා සක‍්ඛිං වා කරිස‍්සති. පුබ‍්බෙව මෙ සො භික‍්ඛවෙ, සත‍්තො දිට‍්ඨො අහොසි. අපි චාහං න ව්‍යාකාසිං. අහමෙවෙතං බ්‍යාකරෙය්‍යං, පරෙ මෙ න සද‍්දහෙය්‍යුං. යෙ මෙ නසද‍්දහෙය්‍යුං, තෙසං තං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ ගොඝාතකො අහොසි. සො තස‍්ස කම‍්මස‍්ස විපාකෙන බහූනි වස‍්සානි බහූනි වස‍්සසතානි බහූනි වස‍්සසහස‍්සානි බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන එවරූපං අත‍්තභාවපටිලාභං පටිසංවෙදයතීති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් හෙයකින් සව්වෙක් ද මෙබන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, එහෙයින් උපන් (දිව) ඇස් ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, උපන් (දිව) නැණ ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මා විසින් පෙර ම දක්නා ලද්දේ විය. එහෙත් මම නො පැවසුවෙමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු (නොදැනීමෙන්) මා වදන නො අදහන්නාහු (විය හැකි) ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක් (ගෙරින් නසා ඇටෙන් මස් මුදා විකොට වැටෙන්නෙක්) විය. හෙ තෙමේ ඒ කර්‍මයෙහි විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සියගණන් බොහෝ වස් දහස් ගණන් බොහෝ වස් සියදහස් ගණන් නිරයෙහි පැස ඒ කර්‍මයාගේ ම ඉතිරි විපාකයෙන් (අට්ඨිසඞ්ඛලික පේතව) මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

(සබ‍්බෙසං සුත‍්තානං එසෙව පෙය්‍යාලො)

(මෙය ම මතු දැක්වෙන සියලු සූත්‍රයන්ගේ පෙය්‍යාලය වේ.)