යෙදුමෙන් කියවන්න

මංසපෙසිසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 2.

7. 1. 2.

මංසපෙසිසුත‍්තං

මාංසපෙසි සූත්‍රය

363. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං මංසපෙසිං වෙහාසං ගච‍්ඡන‍්තිං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සා සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ ගොඝාතකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

363. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි යන මස්වැදැල්ලක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ මස්වැදැල්ල ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඒ මස්වැදැල්ල ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෙරින් මරන්නෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 1. 3.

7. 1. 3.

මංසපිණ‍්ඩසුත‍්තං

මාංසපිණ්ඩ සූත්‍රය

364. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං මංසපිණ‍්ඩං වෙහාසං ගච‍්ඡන‍්තං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ සාකුණිකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි ... මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 1. 4.

7. 1. 4.

නිච‍්ඡවිසුත‍්තං

නිච්ඡවි සූත්‍රය

365. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං නිච‍්ඡවිං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ ඔරබ‍්භිකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

7. 1. 5.

7. 1. 5.

අසිලොමසුත‍්තං

අසිලෝම සූත්‍රය

366. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං අසිලොමං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස තෙ අසී උප‍්පතිත්‍වා උප‍්පතිත්‍වා තස‍්සෙව කායෙ නිපතන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ සූකරිකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

366. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ අසිලොම් (=කඩුමුවා ලොම්) ඇති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි . ඔහුගේ ඒ අසි උඩ නැග නැග ඔහුගේ ම සිරුරෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම හුරුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 1. 6.

7. 1. 6.

සත‍්තීලොමසුත‍්තං

සත්තිලෝම සූත්‍රය

367. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං සත‍්තිලොමං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස තා සත‍්තියො උප‍්පතිත්‍වා උප‍්පතිත්‍වා තස‍්සෙව කායෙ නිපතන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ මාගවිකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

367. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සැත්ලොම් (=සැත්මුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත් උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම මුවවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 1. 7.

7. 1. 7.

උසුලොමසුත‍්තං

උසුලොම සූත්‍රය

368. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං උසුලොමං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස තෙ උසූ උප‍්පතිත්‍වා උප‍්පතිත්‍වා තස‍්සෙව කායෙ නිපතන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ කාරණිකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හීලොම් (=හීමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම වධකයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 1. 8.

7. 1. 8.

සූචිලොමසුත‍්තං

සූචිලෝම සූත්‍රය

369. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස තා සූචියො උප‍්පතිත්‍වා උප‍්පතිත්‍වා තස‍්සෙව කායෙ නිපතන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති. -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ සූතො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

369. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිදිලොම් (= හිදිමුවා ලොම් ) ඇති පුරුෂයකු දිටිමි . ඔහුගේ ඒ හිදි උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම රියැදුරෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 1. 9.

7. 1. 9.

දුතියසූචිලොමසුත‍්තං

දෙවැනි සූචිලෝම සූත්‍රය

370. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස තා සූචියො සීසෙ පවිසිත්‍වා මුඛතො නික‍්ඛමන‍්ති. මුඛෙ පවිසිත්‍වා උරතො නික‍්ඛමන‍්ති. උරෙ පවිසිත්‍වා උදරතො නික‍්ඛමන‍්ති. උදරෙ පවිසිත්‍වා ඌරූහි නික‍්ඛමන‍්ති. ඌරූසු පවිසිත්‍වා ජඞ‍්ඝාහි නික‍්ඛමන‍්ති. ජඞ‍්ඝාසු පවිසිත්‍වා පාදෙහි නික‍්ඛමන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ සූචකො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

370. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හිදිලොම් (=හිදිමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිදි හිසෙහි පිවිස මුවෙන් නික්මෙයි. මුවෙහි පිවිස ලයෙන් නික්මෙයි. ලයෙහි පිවිස කුසෙන් නික්මෙයි. කුසෙහි පිවිස කලවෙන් නික්මෙයි. කලවෙහි පිවිස කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙහි පිවිස පාදයෙන් නික්මෙයි. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම සූචකයෙක් (=පිසුණු බණන්නෙක්) විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

7. 1. 10.

7. 1. 10.

කුම‍්භණ‍්ඩසුත‍්තං

කුම්භණ්ඩ සූත්‍රය

371. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං කුම‍්භණ‍්ඩං පුරිසං වෙහාසං ගච‍්ඡන‍්තං. සො ගච‍්ඡන‍්තොපි තෙව අණ‍්ඩෙ ඛන්‍ධෙ ආරොපෙත්‍වා ගච‍්ඡති. නිසීදන‍්තොපි තෙස‍්වෙව අණ‍්ඩෙසු නිසීදති. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ ගාමකූටො අහොසි -පෙ- [එවරූපං අත‍්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.

371. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ කුම්හණ්ඩ(= කළ පමණ අණ්ඩ) ඇති පුරුෂයකු දිටිමි. හෙතෙමේ යන්නේ ද ඒ අණ්ඩ කඳට නගා ගෙණ ම යෙයි. හිඳිනේ ද ඒ අණ්ඩයන්හි ම හිඳියි. ඒ මොහු ගිජුලිහිණියොත් කවුඩෝත් උකුස්සෝත් ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම (අල්ලස් ගන්නා) විනිසකරු ඇමතියෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

පඨමො වග‍්ගො.

පළමුවැනි වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අට‍්ඨි පෙසි උභො හි ගොඝාතකා පිණ‍්ඩසාකුණියො නිච‍්ඡවොරබ‍්භි, අසි සූකරිකො සත‍්ති මාගවී උසුකාරණිකො සූචි සාරථි, යො ච සිඛ‍්ඛීයති සූචකො හි සො අණ‍්ඩභාරි අහු ගාමකූටකොති.

ගෝඝාතක වූ අට්ඨි පෙසි සූත්‍ර දෙක ය, සාකුණික වූ පිණ්ඩ සූත්‍රය, ඔරබ්හික වූ නිච්ඡවි සූත්‍රය, සුකරික වූ අසි සූත්‍රය, මාගවික වූ සත්ති සූත්‍රය, කාරණික වූ උසු සූත්‍රය, සාරථි වූ සුචි සූත්‍රය, සූචක වූ සූචි සූත්‍රය, ගාමකූටක වූ අණ්ඩහාරී (=කුම්හණ්ඩ) සූත්‍රය යි සූත්‍ර දශයෙකි.