1. පඨමො වග්ගො අට්ඨකථා
1. ප්‍රථම වර්ගය
1. අට්ඨිසඞ්ඛලිකසුත්තවණ්ණනා
1. අට්ඨිසඞ්ඛලික සූත්‍ර වර්ණනාව
ලක්ඛණසංයුත්තෙ ය්වායං ආයස්මා ච ලක්ඛණොති ලක්ඛණත්ථෙරො වුත්තො, එස ජටිලසහස්සබ්භන්තරෙ එහිභික්ඛූපසම්පදාය උපසම්පන්නො ආදිත්තපරියායාවසානෙ අරහත්තං පත්තො එකො මහාසාවකොති වෙදිතබ්බො. යස්මා පනෙස ලක්ඛණසම්පන්නෙන සබ්බාකාරපරිපූරෙන බ්රහ්මසමෙන අත්තභාවෙන සමන්නාගතො, තස්මා “ලක්ඛණො”ති සඞ්ඛං ගතො. මහාමොග්ගල්ලානො පන පබ්බජිතදිවසතො සත්තමෙ දිවසෙ අරහත්තං පත්තො දුතියො අග්ගසාවකො.
ලක්ඛණ සංයුක්තයේ - යමෙක් මේ “ආයස්මාච ලක්ඛණො” යනුවෙන් ලක්ඛණ තෙරුන් සඳහා කියන ලදී. උන්වහන්සේ දහසක් ජටිලයන් අතුරින් ඒහිභික්ෂු මහණ උපසම්පදාව ලබා, ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවසානයේ රහත් බවට පත්වූ එක් මහා ශ්‍රාවකයෙකි. ලක්ෂණ සියල්ලෙන්ම, සර්වාකාරයෙන්ම බ්‍රහ්මයකු බඳු පිරිපුන් ආත්මභාවයක් ලබන ලද බැවින් ‘ලක්ඛණ’ යන නාමය ගිහි ගෙයිදී ලැබුණි. මහමුගලන් තෙරුන් වහන්සේ පැවිදිවී සත්වැනි දින රහත් වූ ගෞතම බුද්ධ ශාසනයේ දෙවැනි මහා ශ්රාවකයා වෙති.
සිතං පාත්වාකාසීති මන්දහසිතං පාතුඅකාසි, පකාසයි දස්සෙසීති වුත්තං හොති. කිං පන දිස්වා ථෙරො සිතං පාත්වාකාසීති? උපරි පාළියං ආගතං අට්ඨිකසඞ්ඛලිකං එකං පෙතලොකෙ නිබ්බත්තං සත්තං දිස්වා. තඤ්ච ඛො දිබ්බෙන චක්ඛුනා, න පසාදචක්ඛුනා. පසාදචක්ඛුස්ස හි එතෙ අත්තභාවා න ආපාථං ආගච්ඡන්ති. එවරූපං පන අත්තභාවං දිස්වා කාරුඤ්ඤෙ කත්තබ්බෙ කස්මා සිතං පාත්වාකාසීති? අත්තනො ච බුද්ධඤාණස්ස ච සම්පත්තිං සමනුස්සරණතො. තඤ්හි දිස්වා ථෙරො “අදිට්ඨසච්චෙන නාම පුග්ගලෙන පටිලභිතබ්බා එවරූපා අත්තභාවා මුත්තො අහං, ලාභා වත මෙ, සුලද්ධං වත මෙ”ති අත්තනො ච සම්පත්තිං අනුස්සරිත්වා – “අහො බුද්ධස්ස භගවතො ඤාණසම්පත්ති, ‘යො කම්මවිපාකො, භික්ඛවෙ, අචින්තෙය්යො න චින්තෙතබ්බො’ති දෙසෙසි, පච්චක්ඛං වත කත්වා බුද්ධා දෙසෙන්ති, සුප්පටිවිද්ධා බුද්ධානං ධම්මධාතූ”ති එවං බුද්ධඤාණසම්පත්තිඤ්ච අනුස්සරිත්වා සිතං පාත්වාකාසීති.
“සීතං පාත්වාකාසී” යනු මද සිනහ පහළ කළේය. ප්‍රකාශ කළේය. දැක්වීය යනුයි. කුමක් දැකීම නිසා තෙරුන් වහන්සේ සිනහ පහළ කළසේක්ද? ත්‍රිපිටක බුදුවදනෙහි එන එක් ඇටසැකිල්ලක් බඳු ප්‍රේතලොව උපන් සත්ත්වයකු දැකීමෙනි. එය හුදෙක් දිවැසින් ම දක්නා ලද සේක. මසැසින් නොවේ. මසැසට මෙම ආත්ම භාවයන් ගෝචර නොවේ. මෙබඳු ආත්ම භාවයක් දැක කරුණාව දැක්විය යුතුව තිබියදී සිනහසුණේ ඇයි? තමන් වහන්සේගේද බුද්ධ ඥානයේද හේතුසම්පත් සිහිකිරීමෙන්, මෙම ප්‍රේතයා දැක තෙරුන්වහන්සේට, “නොදක්නා ලද සත්‍යය නමැති පුද්ගලයාගේ ලැබීම හේතුවෙන් මෙබඳු ආත්මභාවයෙන් මම මිදුනෙමි. මට වූයේ ලාභයෙක. මට වූයේ යහපතකි”යි තමාගේ සම්පත් සිහිකර, අනේ භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන්ගේ ඥාන සම්පත්තිය මහා පුදුමයකි. “මහණෙනි! කර්ම විපාක පිළිබඳව සිතිය නොහැක. එනිසා ඒ පිළිබඳව නොසිතිය යුතුයි.” යනුවෙන් යම් දහම් කරුණක් දැක්වූ සේක්ද එය ප්රත්යක්ෂයෙන් ම දැන් උන්වහන්සේ දේශනා කළ සේක. මෙලෙස බුද්ධඥාන සම්පත්තිය ද සිහිපත් කිරීමෙන් සිනහසුණු සේක.
අථ ලක්ඛණත්ථෙරො කස්මා න අද්දස, කිමස්ස දිබ්බචක්ඛු නත්ථීති? නො නත්ථි, මහාමොග්ගල්ලානො පන ආවජ්ජෙන්තො අද්දස, ඉතරො පන අනාවජ්ජනෙන න අද්දස. යස්මා පන ඛීණාසවා නාම න අකාරණා සිතං කරොන්ති, තස්මා තං ලක්ඛණත්ථෙරො පුච්ඡි කො නු ඛො, ආවුසො මොග්ගල්ලාන, හෙතු, කො පච්චයො සිතස්ස පාතුකම්මායාති? ථෙරො පන යස්මා යෙහි අයං උපපත්ති සාමං අදිට්ඨා, තෙ දුස්සද්ධාපයා හොන්ති, තස්මා භගවන්තං සක්ඛිං කත්වා බ්යාකාතුකාමතාය අකාලො ඛො, ආවුසොතිආදිමාහ. තතො භගවතො සන්තිකෙ පුට්ඨො ඉධාහං, ආවුසොතිආදිනා නයෙන බ්යාකාසි.
එකල්හි ලක්ඛණ තෙරුන් කුමක් නිසා මෙය නොදුටුවේද? උන්වහන්සේ දිවැස් නැතිද? දිවැස් ඇත. මහමුගලන් තෙරුන් ආවර්ජනය කළ නිසා එම ප්රේතරුව දුටුවේය. රහතන් වහන්සේලා කරුණක් නොමැතිව සිනා පහළ නොකරති. එබැවින් ලක්ඛණ තෙරණුවෝ “කොනුඛො ආවුසො මොග්ගල්ලාන හෙතුකො පච්චයො සීතස්ස පාතු කම්මාය” යනුවෙන් මේ කරුණු විමසූහ. මුගලන් තෙරණුවෝ මෙම ප්‍රේත සත්ත්වයාගේ උපත නොදුටු සෙසු මහජනයා විසින් මෙකරුණ අවබෝධ කරගැනීම අපහසු හෙයින්, භාග්‍යවතුන් වහන්සේ සාක්ෂි කරමින් විවරණය කරනු කැමති වූහ. “අකාලො ඛො ආවුසො” යනාදිය එනිසා වදාළහ. ඉක්බිති බුදුරදුන් සමීපයේදී ලක්ඛණ තෙරුන් විසින් මෙම කාරණය විමසූවිට “ඉධාහං ආවුසො” යනුවෙන් සිනහ පහළ කිරිමට හේතුවිස්තර කරන ලදී.
තත්ථ අට්ඨිකසඞ්ඛලිකන්ති සෙතං නිම්මංසලොහිතං අට්ඨිසඞ්ඝාතං. ගිජ්ඣාපි කාකාපි කුලලාපීති එතෙපි යක්ඛගිජ්ඣා චෙව යක්ඛකාකා ච යක්ඛකුලලා ච පච්චෙතබ්බා. පාකතිකානං පන ගිජ්ඣාදීනං ආපාථම්පි එතං රූපං නාගච්ඡති.
එහි “අට්ඨිසංඛලිකං” යනු ප්‍රේතයෙකි. මස්, ලේ නැති ඇටසැකිල්ලකි. “ගිජඣාපි කාකාපි කුළලාපි” යනු මේ යක්ෂ ගිජුලිහිණියෝය. යක්ෂ කපුටෝය. යක්ෂ උකුස්සෝය. මෙසේ අවබෝධ කරගත යුතුයි. ස්වාභාවික ගිජුලිහිණි ආදීහු මෙසේ ඉදිරියට නොඑති.
අනුපතිත්වා අනුපතිත්වාති අනුබන්‍ධිත්‍වා අනුබන්‍ධිත්‍වා. විතුදෙන්තීති අසිධාරූපමෙහි තිඛිණෙහි ලොහතුණ්ඩකෙහි විජ්ඣිත්වා විජ්ඣිත්වා ඉතො චිතො ච චරන්ති ගච්ඡන්ති. සා සුදං අට්ටස්සරං කරොතීති එත්ථ සුදන්ති නිපාතො, සා අට්ඨිකසඞ්ඛලිකා අට්ටස්සරං ආතුරස්සරං කරොතීති අත්ථො. අකුසලවිපාකානුභවනත්ථං කිර යොජනප්පමාණාපි තාදිසා අත්තභාවා නිබ්බත්තන්ති, පසාදුස්සදා ච හොන්ති පක්කගණ්ඩසදිසා. තස්මා සා අට්ඨිකසඞ්ඛලිකා බලවවෙදනාතුරා තාදිසං සද්දමකාසීති.
“අනුපතිත්වා අනුපතිත්වා” යනු ලුහුබැඳ, ලුහුබැඳ ගොස් යනුයි. “විද්දන්ති” යනු කඩුපත් මෙන් තියුණු වූ ලෝහ කුඩුවලින් විඳිමින් එහෙන් මෙහෙන් කඩා කමින් යයි යනුයි. “සා සුදං අට්ටස්සරං කරොති” යන මෙහි “සුදං” යනු නිපාතයකි. “ඒ ඇටසැකිල්ල බැගෑපත්ව හඬන්නෙකු, රෝගී ආතුරයෙකු කරයි” යන අර්ථයි. අකුසල විපාකයන්ගේ ආනුභාවයෙන් යොදුනක් පමණ වූ ද එබඳු ආත්මභාවයක් උපන්නේ යැයි (පහළ වීයැයි) ශ්රද්ධාවද කළකිරීමද ඇතිවේ. පැසුණු පිළිකාවක් වැනි වූ ඒ ඇටසැකිල්ල බලවත් වේදනාවෙන් ආතුර වී එබඳු ශබ්දයක් කරන ලදී.
එවඤ්ච පන වත්වා පුන ආයස්මා මහාමොග්ගල්ලානො “වට්ටගාමිසත්තා නාම එවරූපා අත්තභාවා න මුච්චන්තී”ති සත්තෙසු කාරුඤ්ඤං පටිච්ච උප්පන්නං ධම්මසංවෙගං දස්සෙන්තො තස්ස මය්හං, ආවුසො, එතදහොසි අච්ඡරියං වත භොතිආදිමාහ. තතො භගවා ථෙරස්ස ආනුභාවං පකාසෙන්තො චක්ඛුභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්තීතිආදිමාහ. තත්ථ චක්ඛු භූතං ජාතං උප්පන්නං එතෙසන්ති චක්ඛුභූතා, භූතචක්ඛුකා උප්පන්නචක්ඛුකා චක්ඛුං උප්පාදෙත්වා විහරන්තීති අත්ථො. දුතියපදෙපි එසෙව නයො.
මෙසේ වදාළ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ, සසර පවතින සත්ත්වයන්ගේ මෙබඳු ආත්මභාවයන්ට පැමිණීම සුලභයැයි සත්ත්වයන් කෙරෙහි හටගත් කරුණාවෙන් උපන් ධර්ම සංවේගයන් දක්වන සේක් “තස්ස මය්හං ආවුසො!, එතදහොසි. අච්ඡරියං වතභො” යනාදිය දෙසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, තෙරුන්ගේ ආනුභාවය පවසන සේක්, “චක්ඛු භූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති” යනාදිය දෙසූහ. එහි “ඇසෙහි වූ” (චක්ඛු භූතං) උපන්-පහළ වූ මේ භික්ෂූහු. උපන් දිවැස් ඇති. දිවැස උපදවා වාසය කරයි යන අර්ථයි. දෙවැනි පදයෙහි ද (ඥානභූතා) මේ ක්‍රමයමය.
යත්ර හි නාමාති එත්ථ යත්රාති කාරණවචනං. තත්රායං අත්ථයොජනා – යස්මා නාම සාවකොපි එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති, තස්මා අවොචුම්හ – “චක්ඛුභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්ති, ඤාණභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්තී”ති. පුබ්බෙව මෙ සො, භික්ඛවෙ, සත්තො දිට්ඨොති බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතඤ්ඤාණපටිවෙධෙන අප්පමාණෙසු චක්කවාළෙසු අප්පමාණෙ සත්තනිකායෙ භවගතියොනිඨිතිනිවාසෙ ච පච්චක්ඛං කරොන්තෙන මයා පුබ්බෙව සො සත්තො දිට්ඨොති වදති.
“යත්ර හි නාම” යන මෙහි “යත්ර” යනු කාරණය-හේතුව දක්වන වචනයකි. මෙහි මේ අර්ථ යෝජනාවයි. යම්බඳු ශ්‍රාවකයෙක් ද මෙබන්දෙකු පිළිබඳව දනීද දකීද සාක්ෂියක් දීම හෝ කරයි ද එනිසා කියන ලදී. “මහණෙනි! ඒකාන්තයෙන් මේ බුදු සසුනෙහි දිවැස් ඇති භික්ෂූහු වෙසෙති. දිව නැණ ඇති භික්ෂූහු වෙසෙති” යනුවෙන්. “පුබ්බෙව මෙ සො භික්ඛවෙ! සත්තො දිට්ඨො” යනු බෝමැඩදී සර්වඥ ඥානය අවබෝධ කරගත් කල්හි, අප්‍රමාණ වූ සක්වල අප්‍රමාණ වූ සත්ව ලෝකවල භව, ගති, ඨිති (භවය, ඉපදීම, පැවැත්ම) හා වාසය ද ප්රත්යක්ෂව බලන්නා වූ මා විසින් පෙරදීම මේ සත්ත්වයා දක්නා ලදැයි පැවසූහ.
ගොඝාතකොති ගාවො වධිත්වා අට්ඨිතො මංසං මොචෙත්වා වික්කිණිත්වා ජීවිකං කප්පනකසත්තො. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙනාති තස්ස නානාචෙතනාහි ආයූහිතස්ස අපරාපරියකම්මස්ස. තත්ර හි යාය චෙතනාය නරකෙ පටිසන්ධි ජනිතා, තස්සා විපාකෙ පරික්ඛීණෙ අවසෙසකම්මං වා කම්මනිමිත්තං වා ආරම්මණං කත්වා පුන පෙතාදීසු පටිසන්ධි නිබ්බත්තති, තස්මා සා පටිසන්ධි කම්මසභාගතාය ආරම්මණසභාගතාය වා “තස්සෙව කම්මස්ස විපාකාවසෙසො”ති වුච්චති. අයඤ්ච සත්තො එවං උප්පන්නො. තෙනාහ – “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙනා”ති. තස්ස කිර නරකා චවනකාලෙ නිම්මංසකතානං ගුන්නං අට්ඨිරාසියෙව නිමිත්තං අහොසි. සො පටිච්ඡන්නම්පි තං කම්මං විඤ්ඤූනං පාකටං විය කරොන්තො අට්ඨිසඞ්ඛලිකපෙතො ජාතො. පඨමං.
“ගොඝාතකො” යනු ගවයන් මරා ඇටවලින් මස් මුදා විකුණා ජීවත්වන මනුෂ්‍යයෙකි. “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන” යනු ඒ නානාවිධ චේතනාවන්ගෙන් රැස් කරන ලද අපරාපරිය කර්මයේය. එහි යම් චේතනාවකින් නිරයේ පිළිසිඳ ගෙන එහි විපාක නිමවූ කල්හි ඉතිරි කර්ම හෝ කර්ම නිමිති හෝ අරමුණු කරගෙන, නැවත ප්රේතාදියෙහි ප්රතිසන්ධිය පහළ වේ. එනිසා ඒ ප්රතිසන්ධිය කර්මයට සමාන වූ බැවින් ද අරමුණට සමාන වූ බැවින්ද ඒ කර්මයාගේම ඉතිරි විපාකයෝ යැයි කියයි. මේ සත්ත්වයාද මෙසේ උපන්නේය. එනිසා කියන ලදී. “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන” (ඒ කර්මයේම ඉතිරි විපාක වශයෙන්) යනුවෙනි. ඔහුට නිරයෙන් චුතවන විටදී මස් උපුටාගත් ගොනුන්ගේ ඇටසැකිල්ලම නිමිති විය. ඔහු සැඟවුණු ඒ කර්මය නුවණැත්තන්ට ප්‍රකට කරන්නාක් මෙන් “අට්ඨි සංඛලිකපෙතො” ඇටසැකිලි ප්‍රේතයකුව උපන්නේය.
2. මංසපෙසිසුත්තවණ්ණනා
2. මාංසපෙසි සූත්‍ර වර්ණනාව
මංසපෙසිවත්ථුස්මිං ගොඝාතකොති ගොමංසපෙසියො කත්වා සුක්ඛාපෙත්වා වල්ලූරවික්කයෙන අනෙකානි වස්සානි ජීවිකං කප්පෙසි, තෙනස්ස නරකා චවනකාලෙ මංසපෙසියෙව නිමිත්තං අහොසි. සො මංසපෙසිපෙතො ජාතො. දුතියං.
මංසපේසි වස්තුවෙහි - ඒ ගවඝාතකයා ගවමස් පෙති කපා වියලා, වියලි මස් ලෙස විකුණමින් වර්ෂ ගණනක් ජීවත් විය. ඔහු නිරයෙන් චුතවන විටදී මස් පෙත්තක්ම නිමිති විය. එනිසා ඔහු “මංසපෙසි පෙතො” මස්පෙති ප්‍රේතයෙක්ව උපන්නේය.
3. මංසපිණ්ඩසුත්තවණ්ණනා
3. මාංසපිණ්ඩ සූත්‍ර වර්ණනාව
මංසපිණ්ඩවත්ථුස්මිං සාකුණිකොති සකුණෙ ගහෙත්වා වික්කිණනකාලෙ නිප්පක්ඛචම්මෙ මංසපිණ්ඩමත්තෙ කත්වා වික්කිණන්තො ජීවිකං කප්පෙසි, තෙනස්ස නරකා චවනකාලෙ මංසපිණ්ඩොව නිමිත්තං අහොසි. සො මංසපිණ්ඩපෙතො ජාතො. තතියං.
මංසපිණ්ඩ වස්තුවෙහි - ඒ කුරුලු මරන්නා කුරුල්ලන් අල්ලා විකුණන කාලයේ පියාපත්, සම් ඉවත්කර මස්පිඬු පමණක් කර විකුණමින් ජීවත් විය. එනිසා ඔහු නිරයෙන් චුතවන විටදී මස් පිඬක්ම නිමිති විය. ඔහු “මංසපිණ්ඩපෙතො” මස් පිඬු ප්‍රේතයෙක් විය.
4. නිච්ඡවිසුත්තවණ්ණනා
4. නිච්ඡවි සූත්‍ර වර්ණනාව
නිච්ඡවිවත්ථුස්මිං තස්ස ඔරබ්භිකස්ස එළකෙ වධිත්වා වධිත්වා නිච්චම්මෙ කත්වා කප්පිතජීවිකස්ස පුරිමනයෙනෙව නිච්චම්මං එළකසරීරං නිමිත්තං අහොසි. සො නිච්ඡවිපෙතො ජාතො. චතුත්ථං.
නිච්ඡවි වස්තුවෙහි - ඒ බැටළු වැද්දා එළුවන් මරා, සම ඉවත්කරවා විකුණා ජීවත් විය. පෙර කී පරිදිම ඔහුට සම් නැති එළු සිරුරක් නිමිති විය. ඔහු “නිච්ඡවිපෙතො” සම නැති ප්‍රේතයෙක්ව උපන්නේය.
5. අසිලොමසුත්තවණ්ණනා
5. අසිලොම සූත්‍ර වර්ණනාව
අසිලොමවත්ථුස්මිං සො සූකරිකො දීඝරත්තං නිවාපපුට්ඨෙ සූකරෙ අසිනා වධිත්වා වධිත්වා දීඝරත්තං ජීවිකං කප්පෙසි, තස්ස උක්ඛිත්තාසිකභාවොව නිමිත්තං අහොසි. තස්මා අසිලොමපෙතො ජාතො. පඤ්චමං.
අසිලෝම වස්තුවෙහි - ඒ ඌරු වැද්දා බොහෝ කලක් සත්ත්ව කෑම කා තර වූ ඌරන් කඩුවෙන් ගසා මරා, බොහෝ කලක් ජීවත් විය. ඔහුට ඔසවන ලද කඩුවම නිමිති විය. එනිසා ඔහු “අසිලොම පෙතො” කඩුමුවහත් ලෝම ඇති ප්‍රේතයෙක්ව උපන්නේය.
6. සත්තීලොමසුත්තවණ්ණනා
6. සත්තිලොම සූත්‍ර වර්ණනාව
සත්තිලොමවත්ථුස්මිං සො මාගවිකො එකං මිගඤ්ච සත්තිඤ්ච ගහෙත්වා වනං ගන්ත්වා තස්ස මිගස්ස සමීපං ආගතාගතෙ මිගෙ සත්තියා විජ්ඣිත්වා මාරෙසි, තස්ස සත්තියා විජ්ඣනකභාවොයෙව නිමිත්තං අහොසි. තස්මා සත්තිලොමපෙතො ජාතො. ඡට්ඨං.
සත්තිලෝම වස්තුවෙහි - ඒ මුව වැද්දා එක් මුවෙක් ද ආයුධයක් ද (සැතක්-ශස්ත්‍රයක්) එකමගක් ඇති වනයට පිවිස, ඒ මුවාගේ ළඟට එන එන මුවා සැතින් විද මරයි. ඔහුට සිතින් විදින අවස්ථාවම නිමිති විය. එනිසා ඔහු “සත්තිලොම පෙතො” සැත්මුවා ලොම් ඇති ප්‍රේතයෙක්ව උපන්නේය.
7. උසුලොමසුත්තවණ්ණනා
7. උසුලොම සූත්‍ර වර්ණනාව
උසුලොමවත්ථුස්මිං කාරණිකොති රාජාපරාධිකෙ අනෙකාහි කාරණාහි පීළෙත්වා අවසානෙ කණ්ඩෙන විජ්ඣිත්වා මාරණකපුරිසො. සො කිර “අමුකස්මිං පදෙසෙ විද්ධො මරතී”ති ඤත්වාව විජ්ඣති. තස්සෙවං ජීවිකං කප්පෙත්වා නරකෙ උප්පන්නස්ස තතො පක්කාවසෙසෙන ඉධූපපත්තිකාලෙ උසුනා විජ්ඣනභාවොයෙව නිමිත්තං අහොසි. තස්මා උසුලොමපෙතො ජාතො. සත්තමං.
උසුලෝම වස්තුවෙහි - “කාරණිකො” යනු රාජ අපරාධකරුවන් නානාවිධ කරුණුවලින් පීඩාවට පත්කර, අවසන ඊතලයෙන් විද මරන්නා වූ පුරුෂයායි. ඔහු අසුවල් පෙදෙසට විද මරන්නේ යැයි දැන දැන ම විදියි. ඔහු මෙසේ ජීවත් වී, නිරයේ ඉපදී, ඉන් පැසී ඉතිරි වූ කර්ම බලයෙන් මෙහි උපදින විට, ඊතලයෙන් විදින බවම නිමිති විය. එනිසා “උසුලොම පෙතො” හී මෙන් වූ ලොම් ඇති ප්‍රේතයෙක්ව උපන්නේය.
8. සූචිලොමසුත්තවණ්ණනා
8. සූචිලොම සූත්‍ර වර්ණනාව
සූචිලොමවත්ථුස්මිං සූතොති අස්සදමකො. ගොදමකොතිපි වදන්තියෙව. තස්ස පතොදසූචියා විජ්ඣනභාවොයෙව නිමිත්තං අහොසි. තස්මා සූචිලොමපෙතො ජාතො. අට්ඨමං.
සුචිලෝම වස්තුවෙහි - “සූතො” යනු අශ්වයන් දමනය කරන, ගවයන් දමනය කරන්නෙකු” යැයි කියත්මය. ඔහුට කෙවිටි යකඩකුරින් විඳින බවම නිමිති විය. එනිසා “සුචිලොමපෙතො” ඉඳිකටු ලොම් ඇති ප්‍රේතයෙක්ව උපන්නේය.
9. දුතියසූචිලොමසුත්තවණ්ණනා
9. දෙවැනි සූචිලොම සූත්‍ර වර්ණනාව
දුතියෙ සූචිලොමවත්ථුස්මිං සූචකොති පෙසුඤ්ඤකාරකො. සො කිර මනුස්සෙ අඤ්ඤමඤ්ඤඤ්ච භින්දි, රාජකුලෙ ච “ඉමස්ස ඉමං නාම අත්ථි, ඉමිනා ඉදං නාම කත”න්ති සූචෙත්වා සූචෙත්වා අනයබ්යසනං පාපෙසි. තස්මා යථා තෙන සූචෙත්වා මනුස්සා භින්නා, තථා සූචීහි භෙදනදුක්ඛං පච්චනුභොතුං කම්මමෙව නිමිත්තං කත්වා සූචිලොමපෙතො ජාතො. නවමං.
දෙවැනි සුචිලෝම වස්තුවෙහි “සූචකො” යනු කේලාම් කියන්නෙකි. ඔහු පෙර මිනිස්සු ඔවුනොවුන් කෙරෙහි බිඳුවීය. රජ පවුලෙහිද මෙනම් ඇත්තෝ ඇත. මොහුට මේ නම අස, අසා (සුචෙත්වා, සුචෙත්වා) ව්‍යසනයට පමුණුවන බැවින් තබන ලදී. එහෙන් මෙහෙන් අසන දෙයින් මිනිස්සු බිඳෙති. එසේ ඉඳිකටුවලින් අනින්නාක් මෙන් දුක් අනුභව කරන මේ කර්මයම නිමිති කරගෙන “සුචිලොම පෙතො” ඉඳිකටුලෝම සහිත ප්‍රේතයා උපන්නේය.
10. කුම්භණ්ඩසුත්තවණ්ණනා
10. කුම්භණ්ඩ සූත්‍ර වර්ණනාව
අණ්ඩභාරිවත්ථුස්මිං ගාමකූටකොති විනිච්ඡයාමච්චො. තස්ස කම්මසභාගතාය කුම්භමත්තා මහාඝටප්පමාණා අණ්ඩා අහෙසුං. සො හි යස්මා රහො පටිච්ඡන්නෙ ඨානෙ ලඤ්ජං ගහෙත්වා කූටවිනිච්ඡයෙන පාකටං දොසං කරොන්තො සාමිකෙ අස්සාමිකෙ අකාසි, තස්මාස්ස රහස්සං අඞ්ගං පාකටං නිබ්බත්තං. යස්මා දණ්ඩං පට්ඨපෙන්තො පරෙසං අසය්හං භාරං ආරොපෙසි, තස්මාස්ස රහස්සං අඞ්ගං අසය්හභාරො හුත්වා නිබ්බත්තං. යස්මා යස්මිං ඨානෙ ඨිතෙන සමෙන භවිතබ්බං, තස්මිං ඨත්වා විසමො අහොසි, තස්මාස්ස රහස්සඞ්ගෙ විසමා නිසජ්ජාව අහොසීති. දසමං.
අණ්ඩභාරි වස්තුවෙහි - (කුම්භණ්ඩ සූත්‍රය) “ගාමකූටො” යනු විනිශ්චය කරන ඇමතියායි. ඔහුට කළ කර්මය අනුවම කළයක් පමණ වූ මහා ඝටසක් පමණ වූ අණ්ඩකෝෂයෝ වූහ. ඔහු යම් සැඟවුණු තැනකදී අල්ලස් ගෙන කපටි විනිශ්චයේදී දොස් වසමින් වස්තු හිමියන්ට වස්තු අහිමි කළේය. එනිසා ඔහුගේ රහසඟ ප්රකටව පෙනෙන සේ පහළ විය. යම්හෙයකින් දඩ පිහිටුවමින් අනුන්ගේ නොඉවසිය හැකි බර පැටවීය. එනිසා ඔහුගේ රහසඟ නොඉසිලිය හැකි බරින් යුක්තව පහළ විය. යම්තැනක සිටි සමාන වූ අදහස් ඇත්තන්, එහි හිඳ විසම වූවන් කළේ ද එහි විපාක වශයෙන් ඔහුගේ රහසඟ විෂම වී හිඳගත්තේ වේ.
පඨමො වග්ගො.
පළමු වර්ගය නිම විය.