2. දුතියො වග්ගො අට්ඨකථා
2. දෙවනි වර්ගය
1. ගූථකූපසුත්තවණ්ණනා
1. ගුථකූප සූත්‍ර වර්ණනාව
පාරදාරිකවත්ථුස්මිං සො සත්තො පරස්ස රක්ඛිතගොපිතං සස්සාමිකං ඵස්සං ඵුසන්තො මීළ්හසුඛෙන කාමසුඛෙන චිත්තං රමයිත්වා කම්මසභාගතාය ගූථඵස්සං ඵුසන්තො දුක්ඛමනුභවිතුං තත්ථ නිබ්බත්තො. පඨමං.
පාරදාරික වස්තුවෙහි - ඒ පුද්ගලයා අනිකකු විසින් රක්නා ලද, ආරක්ෂා කළ සැමියා සහිත අඹුවන්ගේ පහස ලබමින් අසුචි සැපයෙහි, කාම සැපයෙහි සිත් අලවා විසූ කර්මයට සුදුසු පරිදිම අසුචිවල ස්පර්ශය ලබමින් දුක් අනුභව කිරීමට එහි පහළ විය.
2. ගූථඛාදිසුත්තවණ්ණනා
2. ගූථඛාදි සූත්‍ර වර්ණනාව
දුට්ඨබ්රාහ්මණවත්ථු පාකටමෙව. දුතියං.
දුට්ඨ බ්‍රාහ්මණ වස්තුව - මෙහි අර්ථ ප්රකටය. (දුෂ්ට බමුණු කථාව)
3. නිච්ඡවිත්ථිසුත්තවණ්ණනා
3. නිච්ඡවිත්ථි සූත්‍ර වර්ණනාව
නිච්ඡවිත්ථිවත්ථුස්මිං යස්මා මාතුගාමො නාම අත්තනො ඵස්සෙ අනිස්සරො, සා ච තං සාමිකස්ස සන්තකං ඵස්සං ථෙනෙත්වා පරෙසං අභිරතිං උප්පාදෙසි, තස්මා කම්මසභාගතාය සුඛසම්ඵස්සා වට්ටිත්වා දුක්ඛසම්ඵස්සං අනුභවිතුං නිච්ඡවිත්ථී හුත්වා උප්පන්නා. තතියං.
‘නිච්ඡවිත්ථි (සම නැති ස්ත්‍රියගේ) වස්තුවෙහි - යම් හෙයකින් ස්ත්‍රිය නම් තමාගේ ස්පර්ශයෙහි අස්වාමිකව, ස්වාමියාට අයත් ස්පර්ශය සොරකම් කර, වෙනත් අයෙකුට කැමැත්ත ඉපිදවූවාය. ඒ කර්මයට සුදුසු පරිදි සැප ස්පර්ශයෙන් මිදී දුක්ඛිත ස්පර්ශයක් විඳීමට සමක් නැති ස්ත්‍රියක්ව උපන්නීය.
4. මඞ්ගුලිත්ථිසුත්තවණ්ණනා
4. මඞ්ගුලිත්ථි සූත්‍ර වර්ණනාව
මඞ්ගුලිත්ථිවත්ථුස්මිං මඞ්ගුලින්ති විරූපං දුද්දසිකං බීභච්ඡං. සා කිර යක්ඛදාසිකම්මං කරොන්තී “ඉමිනා ච ඉමිනා ච එවං බලිකම්මෙ කතෙ අයං නාම තුම්හාකං වඩ්ඪි භවිස්සතී”ති මහාජනස්ස ගන්ධපුප්ඵාදීනි වඤ්චනාය ගහෙත්වා මහාජනං දුද්දිට්ඨිං මිච්ඡාදිට්ඨිං ගණ්හාපෙසි, තස්මා තාය කම්මසභාගතාය ගන්ධපුප්ඵාදීනං ථෙනිතත්තා දුග්ගන්ධා, දුද්දස්සනස්ස ගාහිතත්තා දුද්දසිකා විරූපා බීභච්ඡා හුත්වා නිබ්බත්තා. චතුත්ථං.
මංකුළිත්ථි (පිළිකුල් ස්ත්‍රියගේ) වස්තුවෙහි - “මංකුලිං” (මංගුලි) යනු විරූපී වූ, දැකීම අපහසු වූ, බියජනක වූ. ඇය පෙර යක්ෂ-දේව දාසියක්ව මේ මේ අයුරින් මෙසේ බලිකර්ම කලවිට, නුඹලාගේ මෙනම් දෙය වැඩෙන්නේ යැයි මහජනයාගේ ගඳමල් ආදී පුදපූජා ගනිමින් - ඔවුන් රවටා, මහජනයාට නපුරු දෘෂ්ටියක්, මිථ්‍යා දෘෂ්ටියක් ඇතිකරවූවාය. එනිසා ඇයට ඒ කර්මයට සමාන වූ ලෙස, ගඳමල් වංචාවෙන් ගත් බැවින් අතිශය දුර්ගන්ධයක්ද නපුරු පිළිගැනීම් ඇතිකරවූ නිසා බැලීමට අපහසු, විරූපී, පිළිකුල් සහගත රුවක් ඇතිව ඉපදුනාය.
5. ඔකිලිනීසුත්තවණ්ණනා
5. ඔකලිනී සූත්‍ර වර්ණනාව
ඔකිලිනීවත්ථුස්මිං උප්පක්කං ඔකිලිනිං ඔකිරිනින්ති සා කිර අඞ්ගාරචිතකෙ නිපන්නා විප්ඵන්දමානා විපරිවත්තමානා පච්චති, තස්මා උප්පක්කා චෙව හොති උණ්හෙන අග්ගිනා පක්කසරීරා, ඔකිලිනී ච කිලින්නසරීරා, බින්දූනිස්සා සරීරතො පග්ඝරන්ති, ඔකිරිනී ච අඞ්ගාරසම්පරිකිණ්ණා. තස්සා හි හෙට්ඨතොපි කිංසුකපුප්ඵවණ්ණා අඞ්ගාරා, උභයපස්සෙසුපි, ආකාසතොපිස්සා උපරි පතන්ති. තෙන වුත්තං – “උප්පක්කං ඔකිලිනිං ඔකිරිනි”න්ති. සා ඉස්සාපකතා සපත්තිං අඞ්ගාරකටාහෙන ඔකිරීති තස්ස කිර රඤ්ඤො එකා නාටකිනී අඞ්ගාරකටාහං සමීපෙ ඨපෙත්වා ගත්තතො උදකං පුඤ්ඡති, පාණිනා ච සෙදං කරොති. රාජාපි තාය සද්ධිං කථඤ්ච කරොති, පරිතුට්ඨාකාරඤ්ච දස්සෙති. අග්ගමහෙසී තං අසහමානා ඉස්සාපකතා හුත්වා අචිරපක්කන්තස්ස රඤ්ඤො තං අඞ්ගාරකටාහං ගහෙත්වා තස්සා උපරි අඞ්ගාරෙ ඔකිරි. සා තං කම්මං කත්වා තාදිසංයෙව විපාකං පච්චනුභවිතුං පෙතලොකෙ නිබ්බත්තා. පඤ්චමං.
ඔකිලිනි වස්තුවෙහි “උපක්කං ඔකිලිනිං ඔකිරිණි”. ඇය අඟුරු චිතකයෙහි හොත්තී දඟලන්නී-පෙරලෙන්නී පැසුනීය. එනිසා ඉදිමී ගිය එමෙන්ම උණු ගින්නෙක පැසුණු ශරීර ඇත්තේ, ඩැහැගෙන වැටෙන ගිනිඅඟුරු ඇති සිරුරින් දහඩිය බිඳු වැගිරෙන ගිනියම් වූ සිරුරක් ඇති. ඇගේ පාවලින්ද දෙපැත්තෙන් මුදුනින්ද ඇවිලුණු කිහිරිමල් පාට ඇති ගිනිජාලා මගින් අඟුරු සැම අතටම විසිකරයි. එනිසා “උපක්කං ඔකිලිනං ඔකිරී” යනු රජුගේ එක් නාටක ස්ත්‍රියකි. අඟුරු කටාරමක් ළඟින් තබාගෙන ඇඟ ජලයෙන් පිසදමයි. අතින්ද දහඩිය වගුරුවයි. මෙසේ රජුට උවටැන් කරන ඇය සමග රජු කථා කළේය. ඇගෙන් සතුටුවූ බවද දැක්වීය. අගමෙහෙසිය මෙය නො ඉවසන්නී, රජු ගිය නොබෝ වේලාවකින් නාටක ස්ත්‍රිය වෙත පැමිණ ඒ අඟුරු කටාරම ගෙන ඇගේ හිස මත හැලුවාය. ඇය මේ පාපකර්මය කරගෙන එහි විපාක විඳීමට මෙසේ ප්‍රේත ලෝකයේ උපන්නීය.
6. අසීසකසුත්තවණ්ණනා
6. අසීසක සූත්‍ර වර්ණනාව
චොරඝාතවත්ථුස්මිං සො රඤ්ඤො ආණාය දීඝරත්තං චොරානං සීසානි ඡින්දිත්වා පෙතලොකෙ නිබ්බත්තන්තො අසීසකං කබන්ධං හුත්වා නිබ්බත්ති. ඡට්ඨං.
චොරඝාත වස්තුවෙහි - ඔහු රජුගේ ආඥාවෙන් බොහෝ කලක් සොරුන්ගේ හිස්සිඳ ප්‍රේතලෝකයේ ඉපදුනේ හිස නැති-කවන්ධ රූපයක් ලෙස පහළ විය.
7. භික්ඛුසුත්තවණ්ණනා
7. භික්ඛු සූත්‍ර වර්ණනාව
භික්ඛුවත්ථුස්මිං පාපභික්ඛූති ලාමකභික්ඛු. සො කිර ලොකස්ස සද්ධාදෙය්යෙ චත්තාරො පච්චයෙ පරිභුඤ්ජිත්වා කායවචීද්වාරෙහි අසංයතො භින්නාජීවො චිත්තකෙළිං කීළන්තො විචරි. තතො එකං බුද්ධන්තරං නිරයෙ පච්චිත්වා පෙතලොකෙ නිබ්බත්තන්තො භික්ඛුසදිසෙනෙව අත්තභාවෙන නිබ්බත්ති.
භික්ඛු වස්තුවෙහි - “පාපභික්ඛූ” පවිටු-ළාමක භික්ෂුවක්. ඔහු ජනයා විසින් ශ්‍රද්ධාවෙන් දුන් සිවුපසය අනුභව කර, කාය-වාග් ද්වාරයන්ගේ. සංවරයක් නොමැතිව බිඳුණු ආජීවයක් ඇතිව - සිතින් ක්‍රීඩා කරමින් හැසිරුණේය. ඉන්පසු එක් බුද්ධාන්තරයක් නිරයේ පැසී, ප්‍රේත ලොවෙහි ඉපදෙන විට භික්ෂුවකට සමාන අත්බවක් ලැබ ඉපදුනේය.
8-11. භික්ඛුණීසුත්තාදිවණ්ණනා
8-11. භික්ඛුණී ආදි සූත්‍ර වර්ණනා
භික්ඛුනීසික්ඛමානාසාමණෙරසාමණෙරීවත්ථූසුපි අයමෙව විනිච්ඡයො. සත්තමාදීනි.
භික්ෂූණී, සික්ඛමානා, සාමණේර, සාමණේරී යන වස්තූන්හි ද මෙම විනිශ්චයම දතයුතුයි.
ලක්ඛණසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
ලක්ඛණ සංයුත්තය නිමියේය.