යෙදුමෙන් කියවන්න

සාමණෙරීසුත‍්තං

7. 2. 11.

7. 2. 11.

සාමණෙරීසුත‍්තං

සාමණේරී සූත්‍රය

382. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං සාමණෙරිං වෙහාසං ගච‍්ඡන‍්තිං. තස‍්සා සඞ‍්ඝාටිපි ආදිත‍්තා සම‍්පජ‍්ජලිතා සජොතිභූතා. පත‍්තොපි ආදිත‍්තො සම‍්පජ‍්ජලිතො සජොතිභූතො. කායබන්‍ධනම‍්පි ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං. කායොපි ආදිත‍්තො සම‍්පජ‍්ජලිතො සජොතිභූතො. සා සුදං අට‍්ටස‍්සරං කරොති. තස‍්ස මය‍්හං ආවුසො, එතදහොසි. අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, එවරූපොපි නාම සත‍්තො භවිස‍්සති. එවරූපොපි නාම යක‍්ඛො භවිස‍්සති. එවරූපොපි නාම අත‍්තභාවපටිලාභො භවිස‍්සතීති. [-පෙ-]

382. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හෙරණක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. පාත්‍රය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. ඕතොමෝ ද බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි ඒ මට මේ අදහස විය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි , පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්‍වයෙක් වන්නේ ද, මෙබඳු නම් යක්‍ෂයෙක් වන්නේද, මෙබඳු නම් අත්බැව් පිළිලැබීමෙක් වන්නේදැ”යි. …

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: චක‍්ඛුභූතා වත භික‍්ඛවෙ, සාවකා විහරන‍්ති. ඤාණභූතා වත භික‍්ඛවෙ, සාවකා විහරන‍්ති. යත්‍ර හි නාම සාවකො එවරූපං ඤස‍්සති වා දක‍්ඛති වා සක‍්ඛිං වා කරිස‍්සති. පුබ‍්බෙව මෙ සා භික‍්ඛවෙ, සාමණෙරී දිට‍්ඨා අහොසි. අපි චාහං න බ්‍යාකාසිං. අහමෙවෙතං බ්‍යාකරෙය්‍යං, පරෙ මෙ න සද‍්දහෙය්‍යුං. යෙ මෙ න සද‍්දහෙය්‍යුං. නෙසං තං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. යම් හෙයකින් ශ්‍රාවක තෙමේ මෙබන්දක් දන්නේ හෝ වේ ද, දක්නේ හෝ වේ ද, සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, (එහෙයින්) මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් නුවණ ඇත්තාහු වෙසෙත්. මහණෙනි, පෙර ම මා විසින් ඒ හෙරණි දක්නා ලද්දී වූවා ය. එහෙත් මම නො පැවසීමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු මා වදන නො අදහන්නාහු ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.

එසා භික‍්ඛවෙ, සාමණෙරී කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාවචනෙ පාපසාමණෙරී අහොසි. සා තස‍්ස කම‍්මස‍්ස විපාකෙන බහූනි වස‍්සානි බහූනි වස‍්සසතානි බහූනි වස‍්සසහස‍්සානි බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන එවරූපං අත‍්තභාවපටිලාභං පටිසංවෙදයතීති.

මහණෙනි, මේ හෙරණ තොමෝ කසුප් සම්මාසම්බුදුන්ගේ සස්නෙහි පවිටු හෙරණක් වූවා ය ... ඕ තොමෝ ඒ කර්‍මයේ විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සිය ගණන් බොහෝ වස් දහස්ගණන් බොහෝ වස් සියදහස්ගණන් නිරයෙහි පැස ඒ කර්‍මයාගේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

වග‍්ගො දුතියො

දෙවෙනි වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

කූපෙ නිමුග‍්ගො හි සො පාරදාරිකො ගූථඛාදි අහු දුට‍්ඨසමණබ්‍රාහ‍්මණො, නිච‍්ඡවිත්‍ථි අතිචාරිනී අහු මඞ‍්ගුලිත්‍ථි අහු ඉක‍්ඛණිත්‍ථිකා, ඔකිලිනී සපත‍්තඞ‍්ගාරකොකිරි සීසච‍්ඡින‍්නො අහු චොරඝාතකො, භික‍්ඛු භික‍්ඛුනී සික‍්ඛමානා සාමණෙරො අථ සාමණෙරිකා කස‍්සපස‍්ස විනයස‍්මිං පබ‍්බජ‍්ජ, පාපකම‍්මං අකරිංසු තාවදෙති.

කූපයෙහි නිමග්න වූ හෙතෙමේ පාරදාරික වූයේ ය. අශුචි කන්නේ දුෂ්ටබ්‍රාහ්මණයෙක් වූයේ ය. සිවිය නැත්තී වේශ්‍යාවක් වූවා ය. පිළිකුල් කටයුත්තී යද්දැස්සක් වූවා ය. ඩහ වැගිරෙන්නී සැතිරිය මත අඟුරු විසිරිය. හිස්සුන් තැනැත්තේ චෝරඝාතකයෙක් විය. භික්ඛු භික්ඛුනී සික්ඛමානා සාමණේර සාමණේරීහු කසුප් සස්නෙහි පැවිදි ව රිසිසේ පව්කම් කළහ.

ලක‍්ඛණසංයුත‍්තං සමත‍්තං.

ලක්ඛණ සංයුත්තය නිමියේ ය.