යෙදුමෙන් කියවන්න

කූටසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 1. 1.

8. 1. 1.

කූටසුත‍්තං

කූට සූත්‍රය

383. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා -පෙ- එතදවොච:

383. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, කූටාගාරස‍්ස යා කාචි ගොපානසියො, සබ‍්බා තා කූටඞ‍්ගමා කූටසමොසරණා, කූටසමුග‍්ඝාතා සබ‍්බා තා සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි අකුසලමූලා සබ‍්බෙ තෙ අවිජ‍්ජඞ‍්ගමා අවිජ‍්ජාසමොසරණා. අවිජ‍්ජාසමුග‍්ඝාතා සබ‍්බෙ තෙ සමුග‍්ඝාතං ගච‍්ඡන‍්ති.

එහි දී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, යම් සේ කුළුගෙයක හැම ගොනැස්හු ම කූටයෙහි (කැණිමඩලෙහි) පිවිසියාහු කූටයෙහි මුළුදුන්නාහු ද කූටය බිඳීමෙන් ඒ හැම විනාශයට යෙත් ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි අකුසල්මුල් කෙනෙක් වෙත් ද, ඒ හැම අවිද්‍යාවෙහි පිවිසියාහු අවිද්‍යාවෙහි මුළුදුන්නාහු වෙත්. අවිද්‍යාව නැසීමෙන් ඒ සියලු අකුශලමූලයෝ විනාශයට යෙති.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: “අප‍්පමත‍්තා විහරිස‍්සාමා”ති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

එහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “අප්‍රමත්ත ව වසන්නමෝ” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.

8. 1. 2.

8. 1. 2.

නඛසිඛාසුත‍්තං

නඛසිඛා සූත්‍රය

384. සාවත්‍ථියං–

384. සැවැත්නුවර–

අථ ඛො භගවා පරිත‍්තං නඛසිඛායං පංසුං ආරොපෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමන‍්නුඛො බහුතරං යො වායං මයා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවීති?

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමැයි හගිවු ද? කිමෙක් ඉබොහෝ ද? මා විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ද, නොහොත් මේ මහ පොළොව දැ”යි.

එතදෙව භන‍්තෙ බහුතරං යදිදං මහාපඨවී. අප‍්පමත‍්තකොයං භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ‍්ඛම‍්පි න උපෙති, උපනිධිම‍්පි න උපෙති, කලභාගම‍්පි න උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතොති.

වහන්ස, යම් මේ මහපොළවක් වේ ද, එය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ ස්වල්ප ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගණනකට ද නො පැමිණේ. උපමාවට ද නො පැමිණේ. සොළොස්වැනි කලාවෙන් කලාවට ද නො පැමිණේ.

එව මෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ අඤ‍්ඤත්‍ර මනුස‍්සෙහි පච‍්චාජායන‍්ති.

මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද, ඒ සත්ත්‍වයෝ ඉතා අල්පය. වැලි යම් කෙනෙක් මිනිස්ලොවින් අන් තන්හි උපදිත් ද, මේ සත්ත්‍වයෝ ම ඉතා බොහෝය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: “අප‍්පමත‍්තා විහරිස‍්සාමා”ති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

එහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “නො පමා ව වෙසෙන්නමෝ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.