යෙදුමෙන් කියවන්න

1. පඨමො වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. ප්‍රථම වර්ගය

1. කූටසුත‍්තවණ‍්ණනා

1. කූට සූත්‍ර වර්ණනාව

ඔපම‍්මසංයුත‍්තස‍්ස පඨමෙ කූටං ගච‍්ඡන‍්තීති කූටඞ‍්ගමා. කූටං සමොසරන‍්තීති කූටසමොසරණා. කූටසමුග‍්ඝාතාති කූටස‍්ස සමුග‍්ඝාතෙන. අවිජ‍්ජාසමුග‍්ඝාතාති අරහත‍්තමග‍්ගෙන අවිජ‍්ජාය සමුග‍්ඝාතෙන. අප‍්පමත‍්තාති සතියා අවිප‍්පවාසෙ ඨිතා හුත්‍වා.

ඔපම්ම සංයුත්තයේ පළමු සූත්‍රයේ - මුදුන වෙත ගමන් කරන්නේ නුයි. “කූටංගමා” මුදුනට එක්රැස් වේනුයි. “කුටසමොසරණා” නම් වේ. “කූටසමුග්ඝාතා” යනු කූටය-මුදුන බිඳීයෑමෙන්ය. “අවිජ්ජා සමුග්ඝාතං” යනු අර්හත් මාර්ගයෙන් අවිද්‍යාව මුලින් උදුරා නසන ලදී. “අප්පමත්තා” සිහියෙන් ඉවත් නොවීම සිටියේ යනුයි.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. නඛසිඛාසුත‍්තවණ‍්ණනා

2. නඛසිඛා සූත්‍ර වර්ණනාව

දුතියෙ මනුස‍්සෙසු පච‍්චාජායන‍්තීති යෙ මනුස‍්සලොකතො චුතා මනුස‍්සෙසු ජායන‍්ති, තෙ එවං අප‍්පකාති අධිප‍්පායො. අඤ‍්ඤත්‍ර මනුස‍්සෙහීති යෙ පන මනුස‍්සලොකතො චුතා ඨපෙත්‍වා මනුස‍්සලොකං චතූසු අපායෙසු පච‍්චාජායන‍්ති, තෙ මහාපථවියං පංසු විය බහුතරා. ඉමස‍්මිඤ‍්ච සුත‍්තෙ දෙවාපි මනුස‍්සෙහෙව සඞ‍්ගහිතා. තස‍්මා යථා මනුස‍්සෙසු ජායන‍්තා අප‍්පකා, එවං දෙවෙසුපීති වෙදිතබ‍්බා.

දෙවන සූත්‍රයේ - “මනුස්සෙසු පච්චාජායන්ති” යනු මිනිස් ලොවින් චුතව මිනිසුන් අතර යමෙක් උපදිත්ද ඔවුහු ඉතාම අල්පය යන අදහසයි. “අඤ්ඤත්‍ර මනුස්සහි” යනු මිනිස්ලොවින් චුතවූ යමෙක්, එම මිනිස්ලොව හැරදමා සතර අපායෙහි උපදින්නේද එබඳු සත්ත්‍වයෝ මහපොළවේ පස් මෙන් බහුලය යනුයි. මේ සූත්‍රයේදී දෙවියෝ ද මිනිසුන් ලෙසම සළකන ලදී. එනිසා යම්සේ මිනිසුන් අතර උපදින්නෝ අල්ප වන්නේ ද දෙවියන් අතර ඉපදීමක් එසේම අල්ප බව දතයුතුය.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. කුලසුත‍්තවණ‍්ණනා

3. කුල සූත්‍ර වර්ණනාව

තතියෙ සුප‍්පධංසියානීති සුවිහෙඨියානි. කුම‍්භත්‍ථෙනකෙහීති යෙ පරඝරං පවිසිත්‍වා දීපාලොකෙන ඔලොකෙත්‍වා පරභණ‍්ඩං හරිතුකාමා ඝටෙ දීපං කත්‍වා පවිසන‍්ති, තෙ කුම‍්භත්‍ථෙනකා නාම, තෙහි කුම‍්භත්‍ථෙනකෙහි. සුප‍්පධංසියො හොති අමනුස‍්සෙහීති මෙත‍්තාභාවනාරහිතං පංසුපිසාචකා විධංසයන‍්ති, පගෙව උළාරා අමනුස‍්සා. භාවිතාති වඩ‍්ඪිතා. බහුලීකතාති පුනප‍්පුනං කතා. යානීකතාති යුත‍්තයානං විය කතා. වත්‍ථුකතාති පතිට‍්ඨානට‍්ඨෙන වත්‍ථු විය කතා. අනුට‍්ඨිතාති අධිට‍්ඨිතා. පරිචිතාති සමන‍්තතො චිතා සුවඩ‍්ඪිතා. සුසමාරද‍්ධාති චිත‍්තෙන සුට‍්ඨු සමාරද‍්ධා.

තෙවන සූත්‍රයේ “සුප්පධංසියානි” යනු පහසුවෙන් විනාශ කළ හැකිය යනුයි. “කුම්භත්‍ථෙනකෙහි” යනු යමෙක් අනුන්ගේ ගෙවල්වලට පිවිස, පහන් ආලෝකයෙන් බලා අනුන්ගේ බඩු ගෙනයනු කැමතිව, කළයක පහන දල්වාගෙන පිවිසෙත් ද ඔවුහු කුම්භත්‍ථෙනක (කළසොරු) නම් වෙති. ඔවුන් විසින් යනුයි. “සුප්පධංසියො හොති අමනුස්සෙහි” යනු මෛත්‍රී භාවනාව නැති පුද්ගලයාට පාංශු පිසාචාදීහු ද දෂ්ට කරති යනුයි. උසස් මිනිසුන්ගෙන් වන බාධා ගැන කියනු කිම? “භාවිතා” යනු වඩන ලදී යනුයි. “බහුලීකතා” යනු නැවත නැවත කරන ලදී. “යානිකතා” බඳන ලද යානාවක් මෙන් කරන ලද “වත්‍ථුකතා” යනු පිහිටවීම් අර්ථයෙන් වස්තුවක් මෙන් කරන ලද යනුයි. “අනුට්ඨිතා” යනු එළඹ සිටි, පැමිණ සිටි යනුයි. “පරිචිතා” යනු හාත්පසින් පුරුදු කරන ලද යනුයි. “සුසමාරද්ධා” යනු සිතින් මනාව ආරම්භ කරන ලද යනුයි.

තතියං.

තෙවන සූත්‍රයයි.

4. ඔක‍්ඛාසතසුත‍්තවණ‍්ණනා

4. ඔක්ඛාසත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ ඔක‍්ඛාසතන‍්ති මහාමුඛඋක‍්ඛලීනං සතං. දානං දදෙය්‍යාති පණීතභොජනභරිතානං මහාඋක‍්ඛලීනං සතං දානං දදෙය්‍ය. “උක‍්කාසත”න‍්තිපි පාඨො, තස‍්ස දණ‍්ඩදීපිකාසතන‍්ති අත්‍ථො. එකාය පන දීපිකාය යත‍්තකෙ ඨානෙ ආලොකො හොති, තතො සතගුණං ඨානං සත‍්තහි රතනෙහි පූරෙත්‍වා දානං දදෙය්‍යාති අත්‍ථො. ගද‍්දුහනමත‍්තන‍්ති ගොදුහනමත‍්තං, ගාවියා එකවාරං අග‍්ගථනාකඩ‍්ඪනමත‍්තන‍්ති අත්‍ථො. ගන්‍ධඌහනමත‍්තං වා, ද‍්වීහි අඞ‍්ගුලීහි ගන්‍ධපිණ‍්ඩං ගහෙත්‍වා එකවාරං ඝායනමත‍්තන‍්ති අත්‍ථො. එත‍්තකම‍්පි හි කාලං යො පන ගබ‍්භපරිවෙණවිහාරූපචාර පරිච‍්ඡෙදෙන වා චක‍්කවාළපරිච‍්ඡෙදෙන වා අපරිමාණාසු ලොකධාතූසු වා සබ‍්බසත‍්තෙසු හිතඵරණං මෙත‍්තචිත‍්තං භාවෙතුං සක‍්කොති, ඉදං තතො එකදිවසං තික‍්ඛත‍්තුං දින‍්නදානතො මහප‍්ඵලතරං.

සිවුවන සූත්‍රයේ - “ඔක්ඛාසතං” මහත් වූ මුව ඇති හැළි සීයකි. “දානං දදෙය්‍ය” යනු ප්‍රණීත භෝජනයන්ගෙන් පිරුණු විශාල හැළි සීයකින් දන් දෙන්නේය යනුයි. “උක්කාසතං” යන පාඨයද සුදුසුය. “එහි පන්දම් සීයක් ඇත” යන අර්ථයි. එක් පන්දමකින් යම් ප්‍රමාණයක ආලෝකය පතුරුවා සිටියිද එබඳු සියගුණයක් තැන් සත්රුවනින් පුරවා, දන් දෙන්නේය යන අර්ථයි. “ගද්දූහනමත්තං” යනු ගො දුහනමත්තං - ගව දෙනකගෙන් කිරිදොවන කාලය පමණවත්. ගවදෙනකගේ එක්වරක් තන අග අදින කාලය පමණක්වත් යනුයි. “ගන්‍ධූහනමත්තං” වුවහොත් - ඇඟිලි දෙකින් සුවඳ පිඬක් ගෙන එක්වර ආඝ්‍රාණය කරන කාලය - යන අර්ථයි. මෙපමණ වූ කාලයක්වත් යමෙක් ගර්භ, පිරිවෙන් විහාර අවට ප්‍රදේශය තුල හෝ සක්වලින් මෙහා ප්‍රදේශය තුල අප්‍රමාණ වූ ලෝකධාතූන්හි සියලු සතුන් කෙරෙහි හිතවත් භාවය පතුරුවමින් මෙත්සිත වැඩීමට හැකිය. මෙය ඉන්පසු එකදිනකට තෙවරක් දුන් දානයට වඩා මහත්ඵල - මහත් ආනිසංස ගෙන දේ.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. සත‍්තිසුත‍්තවණ‍්ණනා

5. සත්ති සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ පටිලෙණිස‍්සාමීතිආදීසු අග‍්ගෙ පහරිත්‍වා කප‍්පාසවට‍්ටිං විය නාමෙන‍්තො නිය්‍යාසවට‍්ටිං විය ච එකතො කත්‍වා අල‍්ලියාපෙන‍්තො පටිලෙණෙති නාම. මජ‍්ඣෙ පහරිත්‍වා නාමෙත්‍වා ධාරාය වා පහරිත්‍වා ද‍්වෙපි ධාරා එකතො අල‍්ලියාපෙන‍්තො පටිකොට‍්ටෙති නාම. කප‍්පාසවට‍්ටනකරණීයං විය පවත‍්තෙන‍්තො චිරකාලං සංවෙල‍්ලිතකිලඤ‍්ජං පසාරෙත්‍වා පුන සංවෙල‍්ලෙන‍්තො විය ච පටිවට‍්ටෙති නාම.

පස්වන සූත්‍රයේ “පතිලෙණිස්සාමි” ආදියෙහි මුදුනට ගසා කපු පුලුන් වැටියක් මෙන් තමන්ගේ, ලාටු වැටියක් මෙන් නමන්නේ එකට ගෙන අලවනුයේ “පතිලෙණෙති” නම් වේ. මැදින් ගසා නැමීමෙන් හෝ දාරයට පහරදී දාර දෙක ම එකට අල්වා ගැනීම “පතිකොට්ටෙ” නම් වේ. බොහෝ කාලයක් පැවතුන කපුගසක් පෙරළා දැමුවාක් මෙන් ද මනාව නැමී වක්ව ගිය පැදුරක් දිගහැර නැවත හකුලන්නාක් මෙන් ද දිගහැර නැවත හැකිලීම “පතිවට්ටෙ” නම් වේ.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. ධනුග‍්ගහසුත‍්තවණ‍්ණනා

6. ධනුග්ගහ සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ දළ‍්හධම‍්මා ධනුග‍්ගහාති දළ‍්හධනුනො ඉස‍්සාසා. දළ‍්හධනු නාම ද‍්විසහස‍්සථාමං වුච‍්චති, ද‍්විසහස‍්සථාමං නාම යස‍්ස ආරොපිතස‍්ස ජියාබද‍්ධො ලොහසීසාදීනං භාරො දණ‍්ඩෙ ගහෙත්‍වා යාව කණ‍්ඩප‍්පමාණා උක‍්ඛිත‍්තස‍්ස පථවිතො මුච‍්චති. සුසික‍්ඛිතාති දසද‍්වාදසවස‍්සානි ආචරියකුලෙ උග‍්ගහිතසිප‍්පා. කතහත්‍ථාති යො සිප‍්පමෙව උග‍්ගණ‍්හාති, සො කතහත්‍ථො න හොති, ඉමෙ පන කතහත්‍ථා චිණ‍්ණවසීභාවා. කතූපාසනාති රාජකුලාදීසු දස‍්සිතසිප‍්පා.

සයවන සූත්‍රයේ “දළ්හධම්මා ධනුග්ගහා” යනු දැඩි දුනු දරණ, දුනු සහිත යනුයි. දැඩි දුන්න නම් “ද්වීසහස්සත්‍ථාම” යැයි කියයි. දවීසහස්සත්‍ථාම නම් යමකට ආරෝපණය කරන ලද දුනුදියයි. ලෝභ ශීර්ෂාදියේ බර දණ්ඩෙන් ගෙන, ශරීරයේ ගෙල දක්වා ඔසවා දැමුයේ පොළවෙන් මිදෙයි. “සික්ඛිතා” යනු දොලොස් දහසක් අවුරුදු ගුරුකුලයේ ඉගැන්වූ ශිල්පයයි. “කතහත්‍ථා” යනු යමෙක් ශිල්පයම උගනියි ද ඔහු කෘතහස්තයකු නොවේ. මොවුහු පුරුදු කළ වශීකිරීම් ඇති කෘතහස්තයෝය. “කඤ්ජාසනා” යනු රාජකුල ආදියෙහි දක්වන ලද සිප් ඇතිවයි.

තස‍්ස පුරිසස‍්ස ජවොති එවරූපො අඤ‍්ඤො පුරිසො නාම න භූතපුබ‍්බො, බොධිසත‍්තස‍්සෙව පන ජවනහංසකාලො නාම ආසි. තදා බොධිසත‍්තො චත‍්තාරි කණ‍්ඩානි ආහරි. තදා කිරස‍්ස කනිට‍්ඨභාතරො “මයං, භාතික, සූරියෙන සද‍්ධිං ජවිස‍්සාමා”ති ආරොචෙසුං. බොධිසත‍්තො ආහ – “සූරියො සීඝජවො, න සක‍්ඛිස‍්සථ තුම‍්හෙ තෙන සද‍්ධිං ජවිතු”න‍්ති. තෙ දුතියං තතියම‍්පි තථෙව වත්‍වා එකදිවසං “ගච‍්ඡාමා”ති යුගන්‍ධරපබ‍්බතං ආරුහිත්‍වා නිසීදිංසු. බොධිසත‍්තො “කහං මෙ භාතරො”ති? පුච‍්ඡිත්‍වා, “සූරියෙන සද‍්ධිං ජවිතුං ගතා”ති වුත‍්තෙ, “විනස‍්සිස‍්සන‍්ති තපස‍්සිනො”ති තෙ අනුකම‍්පමානො සයම‍්පි ගන‍්ත්‍වා තෙසං සන‍්තිකෙ නිසීදි.

“තස්ස පුරිසස්ස ජවො” යනු මෙබඳු වෙනත් පුරුෂයෙක් පෙර නොවූ විරූය. බෝසතාණන් වහන්සේ ම ‘ජවන හංස’ව උපන් කල්හි මෙය සිදුවිය. එකල්හි බෝසතුන් සතර කණ්ඩයන් එළවීය. එවිට ඔහුගේ බාල සෝයුරා “සොයුරාණනි! අපි සූර්යයා සමග දුවමු”යි දැනුම් දුන්හ. බෝසත්හු “සූර්යයා නම් වේගවත් ජවය ඇත්තෙකි. නුඹලා ඔහු සමග දිවීමට නොහැකි වන්නාහුය.” ඔවුහු දෙවන-තෙවන වාරයන්හිද මෙසේ කියා එක්දිනක “දුවමු”යි යුගන්‍ධර පර්වතයට නැගී හුන්නහ. බෝසත්හු “සෝයුරෝ කොහිද?” විමසා “සූර්යයා සමග දිවීමට ගියේයැ”යි අසා “මේ තපස්වීවරු නැසෙන්නෝමය” යි කියා ඔවුන්ට අනුකම්පාවෙන් තමාම ගොස් ඔවුන් ළඟ සිටියේය.

අථ සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ ද‍්වෙපි භාතරො සූරියෙන සද‍්ධිංයෙව ආකාසං පක‍්ඛන‍්තා, බොධිසත‍්තොපි තෙහි සද‍්ධිංයෙව පක‍්ඛන‍්තො. තෙසු එකස‍්ස අපත‍්තෙයෙව අන‍්තරභත‍්තසමයෙ පක‍්ඛන‍්තරෙසු අග‍්ගි උට‍්ඨහි, සො භාතරං පක‍්කොසිත්‍වා “න සක‍්කොමී”ති ආහ. තමෙනං බොධිසත‍්තො “මා භායී”ති සමස‍්සාසෙත්‍වා පක‍්ඛපඤ‍්ජරෙන පලිවෙඨෙත්‍වා දරථං විනොදෙත්‍වා “ගච‍්ඡා”ති පෙසෙසි.

ඉක්බිති සූර්යයා උදාවන කල්හි සෝයුරෝ දෙදෙන සූර්යයා සමග ම අහසට නැගුණහ. බෝසත්හුද ඔවුන් සමග ම පිටත්වූහ. බත් සමය හෙවත් මධ්‍යාහ්නය නොපැමිණි අතරතුරේදී දෙසෝයුරන්ගෙන් එක් අයෙකුගේ පියාපත් අතර ගින්නක් ඇතිවිය. ඔහු සෝයුරා අමතා “නොහැක්කෙමි”යි කීව්වේය. බෝසත්හු ඔහුට “බිය නොවන්න”යි කියා ඔහු අස්වසා (සනසා) පියාපත්වලින් ඔහු වසා (වෙලා) උෂ්ණය-දාහය දුරුකර “යන්න”යි යැවීය.

දුතියො යාව අන‍්තරභත‍්තා ජවිත්‍වා පක‍්ඛන‍්තරෙසු අග‍්ගිම‍්හි උට‍්ඨහිතෙ තථෙවාහ. තම‍්පි සො තථෙව කත්‍වා “ගච‍්ඡා”ති පෙසෙසි. සයං පන යාව මජ‍්ඣන‍්හිකා ජවිත්‍වා, “එතෙ බාලාති මයාපි බාලෙන න භවිතබ‍්බ”න‍්ති නිවත‍්තිත්‍වා – “අදිට‍්ඨසහායකං බාරාණසිරාජං පස‍්සිස‍්සාමී”ති බාරාණසිං අගමාසි. තස‍්මිං නගරමත්‍ථකෙ පරිබ‍්භමන‍්තෙ ද‍්වාදසයොජනං නගරං පත‍්තකටාහෙන ඔත්‍ථටපත‍්තො විය අහොසි. අථ පරිබ‍්භමන‍්තස‍්ස පරිබ‍්භමන‍්තස‍්ස තත්‍ථ තත්‍ථ ඡිද‍්දානි පඤ‍්ඤායිංසු. සයම‍්පි අනෙකහංසසහස‍්සසදිසො පඤ‍්ඤායි.

දෙවැන්නාගේ ද මධ්‍යාහ්නයේ දී පියාපත් අතර ගිනි ඇතිවූ විට එසේම කීවේය. ඔහුට ද පෙර පරිදි සත්කාරකොට “යන්න”යි යැවීය. බෝසත් තෙම මධ්‍යාහ්නය දක්වා පියඹා ගොස් “මොවුහු බාලයෝය. මා විසිනිදු බාලයෙක් නොවිය යුතුයැ”යි පවසා, නැවතී නොදුටු මිත්‍රයකු වූ බරණැස් රජු “දකින්නෙමි”යි බරණැසට ගියේය. ඒ නගරය මුදුනෙහි හැසිරෙන කල්හි දොළොස් යොදුනක් වූ ඒ නුවර, පාත්‍ර කටාහයෙන් වැසූ කුඩා පාත්‍රයක් මෙන් විය. මෙසේ හැසිරෙන කල්හි ඒ ඒ තැන සිදුරු-දෝෂ පෙනී ගියේය. තමා නොයෙක් දහසක් හංසයන් මෙන් ප්‍රකට විය.

සො වෙගං පටිසංහරිත්‍වා රාජගෙහාභිමුඛො අහොසි. රාජා ඔලොකෙත්‍වා – “ආගතො කිර මෙ පියසහායො ජවනහංසො”ති වාතපානං විවරිත්‍වා රතනපීඨං පඤ‍්ඤාපෙත්‍වා ඔලොකෙන‍්තො අට‍්ඨාසි. බොධිසත‍්තො රතනපීඨෙ නිසීදි.

ඔහු වේග හකුළුවා රජගෙදරට අභිමුඛ විය. රජු බලා “මගේ ප්‍රිය යහලුවා වූ ජවන හංසයා එන්නේය”යි ජනේලය හැරදමා රුවන් පුටුවක් පනවා මග බලමින් සිටියේය. බෝසත්හු රුවන් පුටුවෙහි හුන්හ.

අථස‍්ස රාජා සහස‍්සපාකෙන තෙලෙන පක‍්ඛන‍්තරානි මක‍්ඛෙත්‍වා, මධුලාජෙ චෙව මධුරපානකඤ‍්ච අදාසි. තතො නං කතපරිභොගං “සම‍්ම, කහං අගමාසී”ති? පුච‍්ඡි. සො තං පවත‍්තිං ආරොචෙත්‍වා “අථාහං, මහාරාජ, යාව මජ‍්ඣන‍්හිකා ජවිත්‍වා – ‘නත්‍ථි ජවිතෙන අත්‍ථො’ති නිවත‍්තො”ති ආචික‍්ඛි.

ඉක්බිති රජු දහස්වර පිසූ තෙලින් පියාපත් පිරිමැද-ආලේප කරවා, මීපැණි මිශ්‍ර පොරි ද මිහිරි පානයක් ද දුන්නේය. ඉක්බිති ඔහුට කරන ලද පරිභෝග ඇත්තේ “යහලුව! කොහි යන්නේද?”යි විචාළේය. ඔහු සිදුවූ පුවත කියා, “මහරජ! ඉක්බිති මම මධ්‍යාහ්නය දක්වා ධාවනය කර, “මේ දිවීමෙන් කවර වැඩක්ද?”යි නැවතුනෙමි”යි දැන්වීය.

අථ රාජා ආහ – “අහං, සාමි, තුම‍්හාකං සූරියෙන සද‍්ධිං ජවනවෙගං පස‍්සිතුකාමො”ති. දුක‍්කරං, මහාරාජ, න සක‍්කා තයා පස‍්සිතුන‍්ති. තෙන හි, සාමි, සරික‍්ඛකමත‍්තම‍්පි දස‍්සෙහීති. ආම, මහාරාජ, ධනුග‍්ගහෙ සන‍්නිපාතෙහීති. රාජා සන‍්නිපාතෙසි. හංසො තතො චත‍්තාරො ගහෙත්‍වා නගරමජ‍්ඣෙ තොරණං කාරෙත්‍වා අත‍්තනො ගීවාය ඝණ‍්ඩං පිළන්‍ධාපෙත්‍වා තොරණස‍්ස උපරි නිසීදිත්‍වා – “චත‍්තාරො ජනා තොරණං නිස‍්සාය චතුදිසාභිමුඛා එකෙකං කණ‍්ඩං ඛිපන‍්තූ”ති වත්‍වා, සයං පඨමකණ‍්ඩෙනෙව සද‍්ධිං උප‍්පතිත්‍වා, තං කණ‍්ඩං අග‍්ගහෙත්‍වාව, දක‍්ඛිණාභිමුඛං ගතකණ‍්ඩං ධනුතො රතනමත‍්තාපගතං ගණ‍්හි. දුතියං ද‍්විරතනමත‍්තාපගතං, තතියං තිරතනමත‍්තාපගතං, චතුත්‍ථං භූමිං අප‍්පත‍්තමෙව ගණ‍්හි. අථ නං චත‍්තාරි කණ‍්ඩානි ගහෙත්‍වා තොරණෙ නිසින‍්නකාලෙයෙව අද‍්දසංසු.

ඉක්බිති රජතුමා මෙසේ කීවේය. “ස්වාමීනි! මම නුඹ සූර්යයා සමග දුවන වේගය දකිනු කැමැත්තෙමි. “මහරජ! එය ඉතා දුෂ්කරය. නුඹට එය බැලීමට නොහැක. “ස්වාමීනි! එසේනම් ඊට සමාන වූවක් හෝ දක්වන්න”යි ඉල්වීය. “එසේනම්, මහරජ! දුනුවායන් කැඳවන්න!” රජු දුනුවායන් කැඳව්වේය. හංසයා ඉන් සතරදෙනෙක් ම ගෙන, නගරය මැද තොරණක් කරවා, තමාගේ බෙල්ලේ සීනුවක් එල්ලා, තොරණ උඩ හිඳ, දුනුවායන් සිවුදෙනා තොරණ සිවු පැත්තෙහි හිඳුවා “සිවුදිසාවට එක් එක් හීය බැගින් විදින්න”යි පැවසීය. පළමු හීයත් සමගම අහසට නැගී ඒ හීය නොගෙනම දකුණු දිසාවට ගිය හීය දුනෙන් රියනක් පමණ ගිය තැනේදී ද දෙවන හීය රියන් දෙකක් පමණ වූ තැනේ දී ද තෙවන හීය තුන්රියන් පමණ තැනේ දී ද දෙවන හීය රියන් දෙකක් පමණ වූ තැනේ දී ද තෙවන හීය තුන්රියන් පමණ තැනේ දී ද ගෙන සිවුවැන්න බිමට පැමිණීමට පෙර ම ගත්තේය. ඉක්බිති හී හතරම ගෙන තොරණෙහි හුන් පරිදි ම සිටියේය.

සො රාජානං ආහ – “පස‍්ස, මහාරාජ, එවංසීඝො අම‍්හාකං ජවො”ති. එවං බොධිසත‍්තෙනෙව ජවනහංසකාලෙ තානි කණ‍්ඩානි ආහරිතානීති වෙදිතබ‍්බානි.

ඔහු රජුට මෙසේ කීවේය. “මහරජතුමනි! අපගේ වේගය (ජවය) මෙසේ ඉතා වේගවත්ය” යනුවෙනි. මෙසේ බෝධිසත්ත්‍වයෝම ජවන හංසකාලයේ දී ඒ හී ගෙන එන ලදැයි දතයුතුයි.

පුරතො ධාවන‍්තීති අග‍්ගතො ජවන‍්ති. න පනෙතා සබ‍්බකාලං පුරතොව හොන‍්ති, කදාචි පුරතො, කදාචි පච‍්ඡතො හොන‍්ති. ආකාසට‍්ඨකවිමානෙසු හි උය්‍යානානිපි හොන‍්ති පොක‍්ඛරණියොපි, තා තත්‍ථ නහායන‍්ති, උදකකීළං කීළමානා පච‍්ඡතොපි හොන‍්ති, වෙගෙන පන ගන‍්ත්‍වා පුන පුරතොව ධාවන‍්ති. ආයුසඞ‍්ඛාරාති රූපජීවිතින්‍ද්‍රියං සන්‍ධාය වුත‍්තං. තඤ‍්හි තතො සීඝතරං ඛීයති. අරූපධම‍්මානං පන භෙදො න සක‍්කා පඤ‍්ඤාපෙතුං.

“පුරතො ධාවන්ති” යනු අගින් දුවයි යනුයි. සැම කල්හි මුලින්ම සිටින්නේ නොවෙයි. කිසිවිටෙක මුලින් ද පසුපසින් ද සිටී. ආකාශස්ත විමානයන්හි උයන්ද පොකුණුද ඇත. ඒ දේවතාවෝ එහි නා ජලක්‍රීඩා කර පස්සට යයි. නැවත වේගයෙන් ගොස් පෙරටම දුවයි. “ආයුසංඛාරං” යනු රූප ජීවිතින්‍ද්‍රිය සඳහා කියන ලදී. එය ඊට වඩා ශීඝ්‍රයෙන් ගෙවී යයි. අරූප ධර්මයන්ගේ භේදය වනාහි පැනවීමට - දැක්වීමට පවා නොහැක.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. ආණිසුත‍්තවණ‍්ණනා

7. ආණි සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ දසාරහානන‍්ති එවංනාමකානං ඛත‍්තියානං. තෙ කිර සතතො දසභාගං ගණ‍්හිංසු, තස‍්මා “දසාරහා”ති පඤ‍්ඤායිංසු. ආනකොති එවංලද‍්ධනාමො මුදිඞ‍්ගො.

සත්වන සූත්‍රයේ - “දසාරහානං” යනු මෙනම් ඇති ක්‍ෂත්‍රියයන්ගේය. ඔවුහු අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගත්හ. එනිසා “දසාරහා” (දහරහයෝ) යැයි ප්‍රසිද්ධ වූහ. “ආණකො” මෙසේ ලබන ලද නම් ඇති මිහිඟු බෙරයකි.

හිමවන‍්තෙ කිර මහාකුළීරදහො අහොසි. තත්‍ථ මහන‍්තො කුළීරො ඔතිණ‍්ණොතිණ‍්ණං හත්‍ථිං ඛාදති. අථ හත්‍ථී උපද‍්දුතා එකං කරෙණුං සක‍්කරිංසු “ඉමිස‍්සා පුත‍්තං නිස‍්සාය අම‍්හාකං සොත්‍ථි භවිස‍්සතී”ති. සාපි මහෙසක‍්ඛං පුත‍්තං විජායි. තෙ තම‍්පි සක‍්කරිංසු. සො වුද‍්ධිප‍්පත‍්තො මාතරං පුච‍්ඡි, “කස‍්මා මං එතෙ සක‍්කරොන‍්තී”ති? සා තං පවත‍්තිමාචික‍්ඛි. සො “කිං මය‍්හං කුළීරො පහොති? එථ ගච‍්ඡාමා”ති මහාහත්‍ථිපරිවාරො තත්‍ථ ගන‍්ත්‍වා පඨමමෙව ඔතරි. කුළීරො උදකසද‍්දෙනෙව ආගන‍්ත්‍වා තං අග‍්ගහෙසි. මහන‍්තො කුළීරස‍්ස අළො, සො තං ඉතො වා එත‍්තො වා චාලෙතුං අසක‍්කොන‍්තො මුඛෙ සොණ‍්ඩං පක‍්ඛිපිත්‍වා විරවි. හත්‍ථිනො “යංනිස‍්සාය මයං ‘සොත්‍ථි භවිස‍්සතී’ති අමඤ‍්ඤිම‍්හා, සො පඨමතරං ගහිතො”ති තතො තතො පලායිංසු.

හිමාලයේ පෙර මහා කුළීර නම් විලක් විය. එහි එක් මහා කකුළුවෙක් විලට බසින, බසින ඇතුන් කයි. එවිට ඇත්තේ තමාට වන විපත නිසා “මැගේ පුතා නිසා අප සැපයට පැමිණෙන්නේයැ”යි එක් ඇතින්නකට මහත්සේ සත්කාර කළහ. ඇය ද මහේශාක්‍ය පුතෙකු වැදුවාය. ඊට පසු සෙසු ඇත්තු ඔහුට ද සත්කාර කළහ. ඔහු වැඩිවියට පත්ව “කුමක් නිසා මොවුහු මට සත්කාර කරයි ද?” මවගෙන් ඇසුවේය. ඇත් ගණයාට ඇති විපත ගැන දැනුම් දුන්නාය. ඔහු ද “කිම මට කකුළුවා සෑහේද? එවු. යවු.”යි මහා ඇත් පිරිවරක් සහිතව එහි ගොස්, තමා පළමුව විලට බැස්සේය. කකුළුවා දියේ කැලඹුණු හඬින් එහි විත් ඔහු අල්ලා ගත්තේය. කකුළුවාගේ අඬුව සහිත අත ඉතා මහත් එකකි. ඇත්රජු එම අඬුව එහෙ-මෙහෙ සෙලවීමටවත් නොහැකි වූයේ මුවෙහි සොඬ දමා හඬින් කෑගැසුවේය. ඇත්තු “යමෙකු නිසා අපි සැපයට පැමිණෙන්නාහ”යි සිතුවේද ඔහු පළමුව ම අල්ලා ගන්නා ලදැ” යි කියා ඒ ඒ තැන පලාගියහ.

අථස‍්ස මාතා අවිදූරෙ ඨත්‍වා “මයං ථලනාගා, තුම‍්හෙ උදකනාගා නාම, නාගෙහි නාගො න විහෙඨෙතබ‍්බො”ති කුළීරං පියවචනෙන වත්‍වා ඉමං ගාථමාහ –

ඇත්රජුගේ මව නුදුරෙහි හිඳ, “අපි ගොඩ නාගයෝ (ඇත්තු) වෙමු. නුඹ දිය නාගයෝ වෙහු. නාගයන් විසින් නාගයන් නොවෙහෙසිය යුතුයි” යනුවෙන් කකුළුවාට ප්‍රිය වචනයෙන් මෙසේ කීවාය.

“යෙ කුළීරා සමුද‍්දස‍්මිං, ගඞ‍්ගාය යමුනාය ච; තෙසං ත්‍වං වාරිජො සෙට‍්ඨො, මුඤ‍්ච රොදන‍්තියා පජ”න‍්ති.

යෙ කුළීරා සමුද්දස්මිං ගංගාය යමුනාය ච තෙසං ත්‍වං වාරිජො සෙට්ඨො මුඤ්ච රොදන්තියා පජන්ති

“ගංගා-යමුනා දී මහා ගංගාවන්හිද මුහුදෙහි ද යම් කකුළුවෝ වෙසෙත් නම්, ඒ සියලු ජලජ ජීවීන් අතරින් නුඹ ම ශ්‍රේෂ්ඨයා-ප්‍රධානියා වේ. එනිසා තම ප්‍රජාව හඬවන (ඇත්රජු) අත්හරින්න.”

මාතුගාමසද‍්දො නාම පුරිසෙ ඛොභෙත්‍වා තිට‍්ඨති, තස‍්මා සො ගහණං සිථිලමකාසි. හත්‍ථිපොතො වෙගෙන උභො පාදෙ උක‍්ඛිපිත්‍වා තං පිට‍්ඨියං අක‍්කමි. සහ අක‍්කමනා පිට‍්ඨි මත‍්තිකභාජනං විය භිජ‍්ජි. අථ නං දන‍්තෙහි විජ‍්ඣිත්‍වා උක‍්ඛිපිත්‍වා ථලෙ ඡඩ‍්ඩෙත්‍වා තුට‍්ඨරවං රවි. අථ නං හත්‍ථී ඉතො චිතො ච ආගන‍්ත්‍වා මද‍්දිංසු. තස‍්ස එකො අළො පටික‍්කමිත්‍වා පති, තං සක‍්කො දෙවරාජා ගහෙත්‍වා ගතො.

ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයන් කැළඹවීමට සමත්ය. එනිසා කකුළුවා තම ග්‍රහණය ලිහිල් කළේය. ඇත්රජු වේගයෙන් සිය දෙපා ඔසවා කකුළුවාගේ පිට පෑගුවේය. පෑගීමත් සමග ම පිට මැටි බඳුනක් මෙන් බිඳුනේය. ඉක්බිති දළයෙන් විද කකුළුවා උඩට ගෙන, ගොඩබිමට විසිකර සතුටු නාදයක් නිකුත් කළේය. එය ඇසූ පලාගිය ඇත්තු එහෙන්-මෙහෙන් පැමිණ කකුළුවා මැඬ-පාගා දැමූහ. උගේ එක් අඬුවක් සිරුරින් ඉවත්වී වැටුනේය. සක්දෙව් රජු එය රැගෙන ගියේය.

ඉතරො පන අළො වාතාතපෙන සුක‍්ඛිත්‍වා පක‍්කලාඛාරසවණ‍්ණො අහොසි, සො දෙවෙ වුට‍්ඨෙ උදකොඝෙන වුය‍්හන‍්තො දසභාතිකානං රාජූනං උපරිසොතෙ ජාලං පසාරාපෙත්‍වා ගඞ‍්ගාය කීළන‍්තානං ආගන‍්ත්‍වා ජාලෙ ලග‍්ගි. තෙ කීළාපරියොසානෙ ජාලම‍්හි උක‍්ඛිපියමානෙ තං දිස‍්වා පුච‍්ඡිංසු “කිං එත”න‍්ති? “කුළීරඅළො සාමී”ති. “න සක‍්කා එස ආභරණත්‍ථාය උපනෙතුං, පරියොනන්‍ධාපෙත්‍වා භෙරිං කරිස‍්සාමා”ති? පරියොනන්‍ධාපෙත්‍වා පහරිංසු. සද‍්දො ද‍්වාදසයොජනං නගරං අවත්‍ථරි. තතො ආහංසු – “න සක‍්කා ඉදං දිවසෙ දිවසෙ වාදෙතුං, ඡණදිවසත්‍ථාය මඞ‍්ගලභෙරී හොතූ”ති මඞ‍්ගලභෙරිං අකංසු. තස‍්මිං වාදිතෙ මහාජනො අන‍්හායිත්‍වා අපිළන්‍ධිත්‍වා හත්‍ථියානාදීනි ආරුය‍්හ සීඝං සන‍්නිපතන‍්ති. ඉති මහාජනං පක‍්කොසිත්‍වා විය ආනෙතීති ආනකො ත්‍වෙවස‍්ස නාමං අහොසි.

ඉතිරි අඬුව අවු-සුළඟින් වේලී පැසුණු ලාක්‍ෂා (රතු) ලාකඩ වර්ණ ඇත්තේ විය. එය වැසි වැටුණු කල්හි ජල පහරින් ගසාගෙන අවුත් දස සෝයුරු රජවරුන්ගේ, දියපහර මත්තෙහි බැඳි දැලෙහි රැදුණි. රජදරුවෝ ගඟෙහි ජලක්‍රීඩා කරමින් පැමිණ දැල සමීපයේ සිට ජලක්‍රීඩා අවසන්හි දැල ඔසවා බලා එය දැක “මේ කිමෙක්ද?”යි ඇසූහ. “ස්වාමීනි, මෙය කකුළු අඬුවකි.” “මෙයින් ආභරණයක් සෑදීමට නොහැකිද?” “හාත්පසින්ම වෙලා බෙරයක් සැදිය හැකියැ”යි පවසා හාත්පසින් ම වෙලා ඊට ගැසූහ. ශබ්දය දොළොස් යොදුන් නගරය පුරාම පැතිරුණි. එවිට ඔවුහු මෙසේ කීහ. “මෙය දිනපතාම ගැසිය නොහැක. උත්සව දිනයට ගසන ‘මඟුල්බෙරය’ වේවා”යි එය මංගල බෙරය බවට පත්කළහ. එය ගැසූ කල්හි මහජනයා මැනවින් නා, සැරසී ඇත් යානාදියේ නැගී වහ වහා රැස්වෙති. මෙසේ මහජනයා රැස් කරවමින්-කැඳවමින් “අණ කරන” බැවින් “ආණක” යන නාමය මේ බෙරයට තැබූහ.

අඤ‍්ඤං ආණිං ඔදහිංසූති අඤ‍්ඤං සුවණ‍්ණරජතාදිමයං ආණිං ඝටයිංසු. ආණිසඞ‍්ඝාටොව අවසිස‍්සීති සුවණ‍්ණාදිමයානං ආණීනං සඞ‍්ඝාටමත‍්තමෙව අවසෙසං අහොසි. අථස‍්ස ද‍්වාදසයොජනප‍්පමාණො සද‍්දො අන‍්තොසාලායම‍්පි දුක‍්ඛෙන සුය්‍යිත්‍ථ.

“අඤ්ඤං ආණිං ඔදහිංසු” යනු අනික් රන්-රිදීමය ඇණයක් ගැසූහ යනුයි. “ආණිසංඝාටොව අවසිස්සී” යනු රන්-රිදීමය ඇණය ගැසු කල්හිම ඉතිරි විය යනුයි. එවිට එහි මුලින් පැවති දොළොස් යොදුන් ප්‍රමාණ වූ හඬ නැතිවී ඇතුල් ශාලාවෙහිද දුකසේ ඇතිවන ශබ්දයක් විය.

ගම‍්භීරාති පාළිවසෙන ගම‍්භීරා සල‍්ලසුත‍්තසදිසා. ගම‍්භීරත්‍ථාති අත්‍ථවසෙන ගම‍්භීරා මහාවෙදල‍්ලසුත‍්තසදිසා (ම· නි· 1.449 ආදයො). ලොකුත‍්තරාති ලොකුත‍්තරඅත්‍ථදීපකා. සුඤ‍්ඤතප‍්පටිසංයුත‍්තාති සත‍්තසුඤ‍්ඤතධම‍්මමත‍්තමෙව පකාසකා සංඛිත‍්තසංයුත‍්තසදිසා. උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බන‍්ති උග‍්ගහෙතබ‍්බෙ ච පරියාපුණිතබ‍්බෙ ච. කවිකතාති කවීහි කතා. ඉතරං තස‍්සෙව වෙවචනං. චිත‍්තක‍්ඛරාති විචිත්‍රඅක‍්ඛරා. ඉතරං තස‍්සෙව වෙවචනං. බාහිරකාති සාසනතො බහිභූතා. සාවකභාසිතාති තෙසං තෙසං සාවකෙහි භාසිතා. සුස‍්සූසිස‍්සන‍්තීති අක‍්ඛරචිත‍්තතාය චෙව සවනසම‍්පත‍්තියා ච අත‍්තමනා හුත්‍වා සාමණෙරදහරභික‍්ඛුමාතුගාමමහාගහපතිකාදයො “එස ධම‍්මකථිකො”ති සන‍්නිපතිත්‍වා සොතුකාමා භවිස‍්සන‍්ති. තස‍්මාති යස‍්මා තථාගතභාසිතා සුත‍්තන‍්තා අනුග‍්ගය‍්හමානා අන‍්තරධායන‍්ති, තස‍්මා.

“ගම්භීරා” යනු බුද්ධවචන වශයෙන් ගැඹුරුය යනුයි. සල්ලේඛාදීසූත්‍ර මෙනි. “ගම්භීරත්‍ථා” යනු අර්ථ වශයෙන් ගැඹුරුය යනුයි. මහාවේදල්ලාදී සූත්‍ර මෙනි. “ලොකුත්තරා” යනු ලෝකෝත්තර අර්ථ දීපකයෝය. “සුඤ්ඤතා පටිසංයුත්තා” යනු සප්ත ශුන්‍යතා ධර්ම පමණක්ම ප්‍රකාශ කරන යනුයි. සංඛිත්ත සංයුත්තය මෙනි. “උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං” යනු ඉගෙනගත යුතුය. පිරිවහා කටපාඩම් කරගත යුතුයි යනුයි. “කවිකතා” යනු කවීහි කතා. කවියන් විසින් කරන ලද යනුයි. “කාවෙය්‍යා” යන පදය ද මීට සමාන වූ පදයකි. “චිත්තක්ඛරා” යනු විසිතුරු වූ අක්‍ෂරයන්ය. “චිත්ත බ්‍යඤ්ජනා” යන පදයද මීට සමාන වූවකි. “බාහිරකා” යනු සසුනින් බැහැර වූ යනුයි. “සාවකභාසිතා” යනු ඒ ඒ ශ්‍රාවකයන් විසින් පවසන ලද යනුයි. “සුස්සූයිස්සන්ති” යනු විසිතුරු අක්‍ෂර ඇති බැවින් ද ශ්‍රවණ මාධුර්ය ඇති බැවින්ද සතුටු සිත් ඇතිව යනුයි. සාමණේර, තරුණ භික්‍ෂූහු-ස්ත්‍රීහු මහා ධනවත් ගෘහපතීහු මේ ධර්මකථිකයෙකි’යි රැස්වී ඇසීමට කැමති වෙති. “තස්මා” යනු එනිසා තථාගතයන් විසින් දේශිත සූත්‍රාන්තයෝ නොදරණ-නූගන්නා බැවින් අතුරුදහන් වෙති.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. කලිඞ‍්ගරූපධානසුත‍්තවණ‍්ණනා

8. කලිඞ්ගරූපධාන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ කලිඞ‍්ගරූපධානාති කලිඞ‍්ගරඝටිකං සීසූපධානඤ‍්චෙව පාදූපධානඤ‍්ච කත්‍වා. අප‍්පමත‍්තාති සිප‍්පුග‍්ගහණෙ අප‍්පමත‍්තා. ආතාපිනොති උට‍්ඨානවීරියාතාපෙන යුත‍්තා. උපාසනස‍්මින‍්ති සිප‍්පානං අභියොගෙ ආචරියානඤ‍්ච පයිරුපාසනෙ. තෙ කිර තදා පාතොව උට‍්ඨාය සිප‍්පසාලං ගච‍්ඡන‍්ති, තත්‍ථ සිප‍්පං උග‍්ගහෙත්‍වා සජ‍්ඣායාදීහි අභියොගං කත්‍වා මුඛං ධොවිත්‍වා යාගුපානාය ගච‍්ඡන‍්ති. යාගුං පිවිත්‍වා පුන සිප‍්පසාලං ගන‍්ත්‍වා සිප‍්පං ගණ‍්හිත්‍වා සජ‍්ඣායං කරොන‍්තා පාතරාසාය ගච‍්ඡන‍්ති. කතපාතරාසා සමානා “මා පමාදෙන චිරං නිද‍්දොක‍්කමනං අහොසී”ති ඛදිරඝටිකාසු සීසෙ ච පාදෙ ච උපදහිත්‍වා ථොකං නිපජ‍්ජිත්‍වා පුන සිප‍්පසාලං ගන‍්ත්‍වා සිප‍්පං ගහෙත්‍වා සජ‍්ඣායන‍්ති. සායං සජ‍්ඣායං කරොන‍්තා ච ගෙහං ගන‍්ත්‍වා භුත‍්තසායමාසා පඨමයාමං සජ‍්ඣායං කත්‍වා සයනකාලෙ තථෙව කලිඞ‍්ගරං උපධානං කත්‍වා සයන‍්ති. එවං තෙ අක‍්ඛණවෙධිනො වාලවෙධිනො ච අහෙසුං. ඉදං සන්‍ධායෙතං වුත‍්තං.

අටවන සූත්‍රයේ - “කලිංගරූපධානා” යනු ලීයෙන් කළ කොට්ට හිසට මෙන්ම පයටත් තබාගෙන යනුයි. “අප්පමත්තා” ශිල්ප ඉගෙනීමෙහි අප්‍රමාදීව. “ආතාපිනො” යනු උට්ඨාන වීර්යයෙන් යුතුවයි. “උපාසනස්මිං” යනු ශිල්පයන්ගේ නිතර යෙදීමෙහිත් ගුරුවරු නිති ඇසුරු කිරීමෙහිත්ය. ඔවුහු ඒ දිනවල උදෙන්ම නැගිට සිප්හලට - ශාස්ත්‍ර ශාලාවට (පාසලට) යති. එහි ශිල්ප ඉගෙන සජ්ඣායනා කිරීම් ආදියෙහි අප්‍රමාදීව යෙදී, මුව සෝදා කැඳ බීමට යති. කැඳ බී නැවත සිප්හලට යන ඔවුහු සිප් ඉගෙන ගාථා සජ්ඣායනා කර නැවත පාතරාසය (උදේ ආහාරය) සඳහා පිටත් වෙති. කරන ලද අහර කිස ඇති ඔවුහු නින්දට කැමති වේ. කිහිරි කඳන් ආදියෙහි හිසත් පාදත් තබාගෙන සුළු වේලාවක් නිදාසිට නැවත සිප් ඉගෙන සජ්ඣායනා කරති. සවසද සජ්ඣායනා කරනුයේ ගෙදර ගොස්, අනුභව කළ සවස ආහාරය ඇතිව පළමු යාමයේ පාඩම්කර, නිදන වේලාවෙහි පෙරසේ ම ලී කඳන්, ලී කොට හිසට තබාගෙන නිදාගනිති. මෙසේ ඔවුහු විදුලි එලියෙන් දැක විදින්නෝද, හිසකෙස් පවා දෙපලු කිරිමට සමත් දුනුවායෝ ද වූහ. මේ සඳහා එය කියන ලදී.

ඔතාරන‍්ති විවරං. ආරම‍්මණන‍්ති පච‍්චයං. පධානස‍්මින‍්ති පධානභූමියං වීරියං කුරුමානා.

“ඔතාරං” යනු විවරයකි. “ආරම්මණං” යනු ප්‍රත්‍යයකි. “පධානස්මිං” යනු ප්‍රධන් භූමියෙහිය. (භාවනා කරන තැන) ප්‍රධන් වීර්යයෙහි (නොපසුබස්නා වීර්යය) යෙදුනාහු.

පඨමබොධියං කිර භික‍්ඛූ භත‍්තකිච‍්චං කත්‍වාව කම‍්මට‍්ඨානං මනසි කරොන‍්ති. තෙසං මනසිකරොන‍්තානංයෙව සූරියො අත්‍ථං ගච‍්ඡති. තෙ න‍්හායිත්‍වා පුන චඞ‍්කමං ඔතරිත්‍වා පඨමයාමං චඞ‍්කමන‍්ති. තතො “මා චිරං නිද‍්දායිම‍්හා”ති සරීරදරථවිනොදනත්‍ථං නිපජ‍්ජන‍්තා කට‍්ඨඛණ‍්ඩං උපදහිත්‍වා නිපජ‍්ජන‍්ති, තෙ පුන පච‍්ඡිමයාමෙ වුට‍්ඨාය චඞ‍්කමං ඔතරන‍්ති. තෙ සන්‍ධාය ඉදං වුත‍්තං.

ප්‍රථම බෝධියෙහි - බුදු වූ අලුත සිටි භික්‍ෂූහු බත් කිස කොට නිමවා, කමටහන් මෙනෙහි කරති. ඔවුන් එසේ මෙනෙහි කරද්දී ම ඉර බැස යයි. ඔවුහු දිය නා නැවත සක්මනට බැස පළමු යාමයෙහි සක්මන් කරති. ඉක්බිති “බොහෝ වේලා නොනිදන්නෙමු” යි සිරුරේ වෙහෙස නිවාගැනීමට හොත්තා හු සයනය කලාහු දඬු කඩක් කොට්ටය ලෙස තබාගනිති. ඔවුහු නැවත පශ්චිම යාමයෙහි (මධ්‍යම යාමය නිදා සිට) නැගිටිති. සක්මනට බැසගනිති. මේ සඳහා මෙම විස්තරය කියන ලදී.

අයම‍්පි දීපො තිණ‍්ණං රාජූනං කාලෙ එකඝණ‍්ඩිනිග‍්ඝොසො එකපධානභූමි අහොසි. නානාමුඛෙ පහටඝණ‍්ඩි පිලිච‍්ඡිකොළියං ඔසරති, කල්‍යාණියං පහටඝණ‍්ඩි නාගදීපෙ ඔසරති. “අයං භික‍්ඛු පුථුජ‍්ජනො, අයං පුථුජ‍්ජනො”ති අඞ‍්ගුලිං පසාරෙත්‍වා දස‍්සෙතබ‍්බො අහොසි. එකදිවසං සබ‍්බෙ අරහන‍්තොව අහෙසුං.

මේ දිවයිනද තුන් රජුන්ගේ කාලයෙහි එකම මහා ඝණ්ඨාර ශබ්දයකින් ඒකාබද්ධ වූ එක් ප්‍රධාන භූමියක් විය. නානා දිසාවෙහි ගැසූ ගණ්ඨා නාදයන් පිලිච්ඡිකෝළියෙහි බැස ගනී. කැලණියේ ගැසූ ගණ්ඨා ශබ්දය නාගදීපයට බැසගනී. (ඇසේ) එකල “මේ භික්‍ෂුව පුහුදුන් අයෙකි” මොහු පුහුදුන් අයෙකි”යි ඇඟිල්ල දිගුකර දැක්විය හැකි පමණට පුහුදුන් භික්ෂූහු වැඩිවිය. එක් දිනක් මේ සියල්ලෝ ම රහතන් වහන්සේලා බවට පත්වූහ.

තස‍්මාති යස‍්මා කලිඞ‍්ගරූපධානානං මාරො ආරම‍්මණං න ලභති, තස‍්මා.

“තස්මා” යනු යම්හෙයකින් ලී කොට්ට හිස තබාගෙන නිදාගත් අප්‍රමාදී වූ භික්‍ෂූන්ගේ ආරම්මණයක් (ඔවුහු වසග කරගැනීමක්) මාරයා නොලබයිද එහෙයිනි.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි.

9. නාගසුත‍්තවණ‍්ණනා

9. නාග සූත්‍ර වර්ණනාව

නවමෙ අතිවෙලන‍්ති අතික‍්කන‍්තවෙලං කාලං අතික‍්කන‍්තප‍්පමාණං කාලං. කිමඞ‍්ගං පනාහන‍්ති අහං පන කිංකාරණා න උපසඞ‍්කමිස‍්සාමි? භිසමුළාලන‍්ති භිසඤ‍්චෙව මුළාලඤ‍්ච. අබ‍්බුහෙත්‍වාති උද‍්ධරිත්‍වා. භිඞ‍්කච‍්ඡාපාති හත්‍ථිපොතකා. තෙ කිර අභිණ‍්හං භිඞ‍්කාරසද‍්දං කරොන‍්ති, තස‍්මා භිඞ‍්කච‍්ඡාපාති වුච‍්චන‍්ති. පසන‍්නාකාරං කරොන‍්තීති පසන‍්නෙහි කත‍්තබ‍්බාකාරං කරොන‍්ති, චත‍්තාරො පච‍්චයෙ දෙන‍්ති. ධම‍්මං භාසන‍්තීති එකං ද‍්වෙ ජාතකානි වා සුත‍්තන‍්තෙ වා උග‍්ගණ‍්හිත්‍වා අසම‍්භින‍්නෙන සරෙන ධම‍්මං දෙසෙන‍්ති. පසන‍්නාකාරං කරොන‍්තීති තෙසං තාය දෙසනාය පසන‍්නා ගිහී පච‍්චයෙ දෙන‍්ති. නෙව වණ‍්ණාය හොති න බලායාති නෙව ගුණවණ‍්ණාය, න ඤාණබලාය හොති, ගුණවණ‍්ණෙ පන පරිහායන‍්තෙ සරීරවණ‍්ණොපි සරීරබලම‍්පි පරිහායති, තස‍්මා සරීරස‍්ස නෙව වණ‍්ණාය න බලාය හොති.

නවවන සූත්‍රයේ “අතිවෙලං” යනු වේලාව ඉක්මවාය. කල් ඉක්මවා ප්‍රමාණ වූ කාලය. “කිමංග පනාහ” යනු මම වනාහී කුමන කරුණක් නිසා නො එළඹෙම්ද? නොයම්ද? යනුයි. “භිසමුළාලං” නෙළුම් අල මෙන්ම නෙළුඹු මුල්ය. “අබ්බූහෙත්‍වා” යනු උඩට ගෙන, උදුරාගෙනයි. “භිංකච්ඡාපා” ඇත්පැටවුය. ඔවුහු නිතර “භිංකාර” ශබ්දය කරති. එනිසා ඔවුහු “භිංක” නමින් හැඳින්වෙති. “පසන්නාකාරං කරොන්ති” යනු පැහැදුණු අය විසින් කළයුතු දේ කරත් යනුයි. සිවුපසය දෙති. “ධම්මං භාසන්ති” යනු ඇතැමෙක් ජාතක දෙකක් හෝ සූත්‍රාන්ත හෝ උගෙන නොකැඩි ස්වරයෙන් දහම් දෙසත් යනුයි. “අසන්නාකාරං කරොන්ති” යනු ඔවුන්ගේ එම දේශනාව අසා පැහැදුණු ගිහියෝ ප්‍රත්‍ය දානය කරති යනුයි. “නෙව වණ්ණාය හොති න බලාය” ගුණ වර්ණනාව සඳහාත් ඥාන බලය පිණිසත් හේතු නොවේ. ගුණ වර්ණනාවන්ගෙන් පිරිහෙන විට ශරීර වර්ණය ද ශරීර බලයද පිරිහී යයි. එනිසා ශරීර බලයත්-වර්ණයත් ඇතිවේ.

නවමං.

නවවන සූත්‍රයයි.

10. බිළාලසුත‍්තවණ‍්ණනා

10. බිළාල සූත්‍ර වර්ණනාව

දසමෙ සන්‍ධිසමලසංකටීරෙති එත්‍ථ සන්‍ධීති භින‍්නඝරානං සන්‍ධි, සමලොති ගාමතො ගූථනික‍්ඛමනමග‍්ගො, සංකටීරන‍්ති සඞ‍්කාරට‍්ඨානං. මුදුමූසින‍්ති මුදුකං මූසිකං. වුට‍්ඨානං පඤ‍්ඤායතීති දෙසනා පඤ‍්ඤායති.

දසවන සූත්‍රයේ - “සන්‍ධිසමල සංකටීරෙ” යන මෙහි - “සන්‍ධි” යනු ගෙවල් දෙකක් අතර ප්‍රදේශයයි. “සමල” යනු ගමින් අසුචි නික්මෙන මාර්ගයයි. “සංකටීරං” යනු කුණු දමන තැනයි. “මුදුමුසිං” යනු මෘදු වූ මීයෙකි. “වුට්ඨානං පඤ්ඤායති” යනු දේශනාගාමී ඇවතකට පැමිණේ.

දසමං.

දසවන සූත්‍රයයි.

11. සිගාලසුත‍්තවණ‍්ණනා

11. සිගාල සූත්‍ර වර්ණනාව

එකාදසමෙ යෙන යෙන ඉච‍්ඡතීති සො ජරසිඞ‍්ගාලො ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානෙ ඉරියාපථකප‍්පනෙන සීතවාතූපවායනෙන ච අන‍්තරන‍්තරා චිත‍්තස‍්සාදම‍්පි ලභතීති දස‍්සෙති. සක්‍යපුත‍්තියපටිඤ‍්ඤොති ඉදං දෙවදත‍්තං සන්‍ධාය වුත‍්තං. සො හි එත‍්තකම‍්පි චිත‍්තස‍්සාදං අනාගතෙ අත‍්තභාවෙ න ලභිස‍්සතීති.

එකළොස්වන සූත්‍රය - “යෙන ගෙන ඉච්ඡති”යි ඒ මහලු හිවලා කැමති කැමති තැනකට ගොස් කැමති වූ ඉරියව්වකින් හිඳියි. සිසිල් සුළඟ හැමීමෙන් මේ අතරතුරදී ඔහු චිත්ත ආශ්වාදයක්ද (චිත්ත ප්‍රීතියක්) ද ලබන්නේයැයි දක්වයි. “සක්‍ය පුත්තීය පටිඤ්ඤො” මෙය දෙව්දත් සඳහා කියන ලදී. ඔහු වනාහි මෙපමණ වූ හෝ චිත්ත ප්‍රසාදයක් (සතුටක්) අනාගත (මතු) ආත්මභාවයන්හිදී නොලබන්නේ ම ය.

එකාදසමං.

එකොළොස්වන සූත්‍රයයි.

12. දුතියසිගාලසුත‍්තවණ‍්ණනා

12. දුතිය සිගාල සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ කතඤ‍්ඤුතාති කතජානනං. කතවෙදිතාති කතවිසෙසජානනං. තත්‍රිදං ජරසිඞ‍්ගාලස‍්ස කතඤ‍්ඤුතාය වත්‍ථු –

දොළොස්වන සූත්‍රයේ - “කතඤ්ඤුතා” යනු කළ දෙය දන්නා බවයි “කතවෙදිතා” කරන ලද දෙය විශේෂයෙන් දන්නා බවයි. මෙහි ඒ මහලු සිවලාගේ කෘතඥතාව පිළිබඳ කථා වස්තුවයි.

සත‍්ත කිර භාතරො ඛෙත‍්තං කසන‍්ති. තෙසං සබ‍්බකනිට‍්ඨො ඛෙත‍්තපරියන‍්තෙ ඨත්‍වා ගාවො රක‍්ඛති. අථෙකං ජරසිඞ‍්ගාලං අජගරො ගණ‍්හි, සො තං දිස‍්වා යට‍්ඨියා පොථෙත්‍වා විස‍්සජ‍්ජාපෙසි. අජගරො සිඞ‍්ගාලං විස‍්සජ‍්ජෙත්‍වා තමෙව ගණ‍්හි. සිඞ‍්ගාලො චින‍්තෙසි – “මය‍්හං ඉමිනා ජීවිතං දින‍්නං, අහම‍්පි ඉමස‍්ස දස‍්සාමී”ති යාගුඝටස‍්ස උපරි ඨපිතං වාසිං මුඛෙන ඩංසිත්‍වා තස‍්ස සන‍්තිකං අගමාසි. ඉතරෙ භාතරො දිස‍්වා, “සිඞ‍්ගාලො වාසිං හරතී”ති අනුබන්‍ධිංසු. සො තෙහි දිට‍්ඨභාවං ඤත්‍වා වාසිං තස‍්ස සන‍්තිකෙ ඡඩ‍්ඩෙත්‍වා පලායි. ඉතරෙ ආගන‍්ත්‍වා කනිට‍්ඨං අජගරෙන ගහිතං දිස‍්වා වාසියා අජගරං ඡින්‍දිත්‍වා තං ගහෙත්‍වා අගමංසු. එවං ජරසිඞ‍්ගාලෙ සියා යා කාචි කතඤ‍්ඤුතා කතවෙදිතා.

සොයුරෝ සත්දෙනෙක් කුඹුරක් සීසාමින් වපුරති. ඔවුන්ගේ බාල ම සෝයුරා කුඹුර කෙළවර සිට ගවයන් බලාගනියි. ඉක්බිති එක් සිවලෙක් පිඹුරකු විසින් අල්ලා ගත්තේය. ඔහු එය දැක යෂ්ටියෙන් (කෝටුවෙන්) ගසා පෙළා පිඹුරාගෙන් සිවලා මුදාගත්තේය. පිඹුරා සිවලා අත්හැර දරුවා අල්ලා ගත්තේය. සිවලා “මොහු විසින් මගේ දිවි බේරාගන්නා ලදී. මමද මොහුගේ දිවි බේරාගනිමි”යි කැඳ කළය මතු තබා තිබූ වෑය (කුඩා පිහියක්) කටින් ගෙන සෝයුරන් ළඟට දිව ගියේය. සෙසු සෝයුරෝ හිවලා දැක “සිවලා වෑය කන්නේයැ”යි සිතා ඌ පසුපස එලවාගෙන ආහ. හිවලා ඔවුන් තමා පසුපස එනු දැක වෑය දරුවා ළඟ දමා පලාගියේය. සෙසු සෝයුරෝ දිව අවුත් ළමයා පිඹුරා විසින් අල්ලාගෙන සිටිනු දැක, වෑයෙන් පිඹුරා කපා දමා ඔහුත් රැගෙන ගියහ. මෙසේ මහලු හිවලා වුවත් කළගුණ දන්නා-කළගුණ ප්‍රකට කරන්නෙක් විය.

සක්‍යපුත‍්තියපටිඤ‍්ඤෙති ඉදම‍්පි දෙවදත‍්තස‍්ස ආචාරමෙව සන්‍ධාය වුත‍්තන‍්ති.

“සක්‍යපුත්තීයපටිඤ්ඤෙ” යනු මෙය ද දේවදත්තගේ හැසිරීමක් සඳහා ම කියන ලදී.

ද‍්වාදසමං.

දොළොස්වන සූත්‍රයයි.

ඔපම‍්මසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඔපම්ම සංයුත්තය නිමියේය.