යෙදුමෙන් කියවන්න

ඔක‍්ඛාසතසුත‍්තං

8. 1. 4.

8. 1. 4.

ඔක‍්ඛාසතසුත‍්තං

ඔක්ඛාසත සූත්‍රය

386. සාවත්‍ථියං–

386. සැවැත්නුවර–

යො භික‍්ඛවෙ, පුබ‍්බණ‍්හසමයං ඔක‍්ඛාසතං දානං දදෙය්‍ය, යො මජ‍්ඣන‍්තිකං සමයං ඔක‍්ඛාසතං දානං දදෙය්‍ය, යො සායණ‍්හසමයං ඔක‍්ඛාසතං දානං දදෙය්‍ය, යො වා පුබ‍්බණ‍්හසමයං අන‍්තමසො ගද‍්දුහනමත‍්තම‍්පි මෙත‍්තං චිත‍්තං භාවෙය්‍ය, යො වා මජ‍්ඣන‍්තිකං සමයං අන‍්තමසො ගද‍්දුහනමත‍්තම‍්පි මෙත‍්තං චිත‍්තං භාවෙය්‍ය, යො වා සායණ‍්හසමයං අන‍්තමසො ගද‍්දුහනමත‍්තම‍්පි මෙත‍්තං චිත‍්තං භාවෙය්‍ය, ඉදං තතො මහප‍්ඵලතරං.

මහණෙනි, යමෙක් පෙරවරු මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් මද්දහනෙහි මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් සවස් කල මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් පෙරවරු යටත් පිරිසෙයින් ගෝදෝනා (දෙනගේ තනපුඬු එක් වරක් අදනා) කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් මද්දහනෙහි යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙක් සවස් වරු යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, මෙය ඒ දනට වඩා මහත්ඵල ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: මෙත‍්තා නො චෙතොවිමුත‍්ති භාවිතා භවිස‍්සති බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.