යෙදුමෙන් කියවන්න

කුලසුත‍්තං

8. 1. 3.

8. 1. 3.

කුලසුත‍්තං

කුල සූත්‍රය

385. සාවත්‍ථියං–

385. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යානි කානිචි කුලානි බහුත්‍ථිකානි අප‍්පපුරිසානි, තානි සුප‍්පධංසියානි හොන‍්ති චොරෙහි කුම‍්භත්‍ථෙනකෙහි. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්ස කස‍්සචි භික‍්ඛුනො මෙත‍්තා චෙතොවිමුත‍්ති අභාවිතා අබහුලීකතා, සො සුප‍්පධංසියො හොති අමනුස‍්සෙහි.

මහණෙනි, යම් සේ බොහෝ ස්ත්‍රීන් ඇති අල්ප පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කළයෙහි සැඟවූ පහන් එළියෙන් සොරකම් කරණ කුඹු සොරුන් විසින් සුවසේ වෙහෙසිය හැක්කාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය (මෛත්‍රීධ්‍යානය) නො වඩන ලද ද, බහුල නො කරණ ලද ද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් සුවසේ වෙහෙසිය හෙන්නේ වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යානි කානිචි කුලානි අප‍්පිත්‍ථිකානි බහුපුරිසානි, තානි දුප‍්පධංසියානි හොන‍්ති චොරෙහි කුම‍්භත්‍ථෙනකෙහි. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්ස කස‍්සචි භික‍්ඛුනො මෙත‍්තා චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා, සො දුප‍්පධංසියො හොති අමනුස‍්සෙහි.

මහණෙනි, යම් සේ අල්ප ස්ත්‍රීන් ඇති බොහෝ පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කුඹු සොරුන් විසින් නො වෙහෙසිය හෙන්නාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් නො වෙහෙසිය හෙන්නේ වෙයි.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: මෙත‍්තා නො චෙතොවිමුත‍්ති භාවිතා භවිස‍්සති බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධාති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යුක්ත යානයක් මෙන් කරණ ලද්දී ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන් වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.