යෙදුමෙන් කියවන්න

සත‍්තිසුත‍්තං

8. 1. 5.

8. 1. 5.

සත‍්තිසුත‍්තං

සත්ති සූත්‍රය

387. සාවත්‍ථියං–

387. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, සත‍්ති තිණ‍්හඵලා. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය “අහං ඉමං සත‍්තිං තිණ‍්හඵලං පාණිනා වා මුට‍්ඨිනා වා පතිලෙණිස‍්සාමි පතිකොට‍්ටෙස‍්සාමි පතිවට‍්ටෙස‍්සාමී”ති. තං කිම‍්මඤ‍්ඤසි භික‍්ඛවෙ, භබ‍්බො නු ඛො සො පුරිසො අමුං සත‍්තිං තිණ‍්හඵලං පාණිනා වා මුට‍්ඨිනා වා පටිලෙණෙතුං පතිකොට‍්ටෙතුං පතිවට‍්ටෙතුන‍්ති? නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු? අසු හි භන‍්තෙ සත‍්ති තිණ‍්හඵලා න සුකරා පාණිනා වා මුට‍්ඨිනා වා පතිලෙණෙතුං පතිකොට‍්ටෙතුං පතිවට‍්ටෙතුං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සාති.

මහණෙනි, යම් සේ තියුණු තල ඇති සිරියක් වේ ද, එකල්හි “මම තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ පැහැර නමන්නෙමි. (ධාරා දෙක එක් කොට) අලවන්නෙමි. දිග හැර නැවත හකුළුවන්නෙමි” යි පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, ඒ පුරුෂ තෙමේ තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට නිසි ද? වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින්ද? වහන්ස, තියුණු තල ඇති ඒ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට සුකර නො වේ. ඒ පුරුෂ තෙමේ (ඒ සඳහා යම්තාක් වැර වඩා ද,) ඒ තාක් ම වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්ස කස‍්සචි භික‍්ඛුනො මෙත‍්තා චෙතොවිමුත‍්ති භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, තස‍්ස චෙ අමනුස‍්සො චිත‍්තං ඛිපිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, අථ ඛො ස‍්වෙව අමනුස‍්සොකිලමථස‍්ස. විඝාතස‍්ස භාගී අස‍්ස.

මහණෙනි, එහෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, යානයක් මෙන් කරණ ලද ද, වාස්තුවක් මෙන් කරණ ලද ද, එළඹ සිටියක් කරණ ලද ද, පුරුදු කරණ ලද ද, මැනවින් පිරිපුන් කරණ ලද ද, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහුගේ සිත පෙරළිය යුතු ය යි හඟනේ නම් වැලි ඒ අමනුෂ්‍ය තෙමේ වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං. මෙත‍්තා නො චෙතොවිමුත‍්ති භාවිතා භවිස‍්සති බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධාති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.