යෙදුමෙන් කියවන්න

ධනුග‍්ගහසුත‍්තං

8. 1. 6.

8. 1. 6.

ධනුග‍්ගහසුත‍්තං

ධනුග්ගහ සූත්‍රය

388. සාවත්‍ථියං–

388. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, චත‍්තාරො දළ‍්හධම‍්මා ධනුග‍්ගහා සික‍්ඛිතා කහතත්‍ථා කතූපාසනා චතුද‍්දිසා ඨිතා අස‍්සු. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය “අහං ඉමෙසං චතුන‍්නං දළ‍්හධම‍්මානං ධනුග‍්ගහානං සික‍්ඛිතානං කතභත්‍ථානං කතූපාසනානං චතුද‍්දිසා කණ‍්ඩෙ ඛිත‍්තෙ අප‍්පතිට‍්ඨිතෙ පඨවියං ගහෙත්‍වා ආහරිස‍්සාමී”ති. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, ජවනො පුරිසො පරමෙන ජවෙන සමන‍්නාගතොති අලං වචනායාති?

මහණෙනි, යම් සේ දැඩි දුනු දරණ නිපුණ වූ කෘතහස්ත වූ දැක්වූ ධනුශ්ශිල්ප ඇති දුනුවායෝ සිවුදෙනෙක් සිවුදිග සිටියෝ ද, එකල්හි දැඩි දුනු ඇති නිපුණ වූ කෘතහස්ත වූ දැක් වූ ධනුශ්ශිල්ප ඇති මේ සිවු දුනුවායන් විසින් සිවුදිගට විදින ලද ඊතල පොළොවෙහි නො පිහිටියවුන්ම (පොළොව නොහෙන තෙක්ම) මම හැර ගෙණ එන්නෙමි”යි. පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, “එසේ දිවිය හෙන්නා වූ මේ පුරුෂ තෙම උතුම් ජව ඇත්තේ ය යි - දිවිය හෙන්නේ ය යි කියන්නට සුදුසු දැ”යි:

එකස‍්ස චෙපි භන‍්තෙ, දළ‍්හධම‍්මස‍්ස ධනුග‍්ගහස‍්ස සික‍්ඛිතස‍්ස කතහත්‍ථස‍්ස කතූපාසනස‍්ස කණ‍්ඩං ඛිත‍්තං අප‍්පතිට‍්ඨිතං පඨවියං ගහෙත්‍වා ආහරෙය්‍ය, ජවනො පුරිසො පරමෙන ජවෙන සමන‍්නාගතොති අලං වචනාය. කොපනවාදො චතුන‍්නං දළ‍්හධම‍්මානං ධනුග‍්ගහානං සික‍්ඛිතානං කතහත්‍ථානං කතූපාසනානන‍්ති.

වහන්ස, දැඩි දුනු දරණ උගත් පළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායකු විසිනුදු විදිනලද හීය පොළොව නො හෙන තෙක් ම ඉදින් හැර ගෙණ එන්නේ නම් එසේ දිවිය හෙන පුරුෂයා උතුම් ජව ඇත්තේ ය යි කියන්නට සුදුසු ය. දැඩි දුනු දරණ උගත් කළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායන් සිවුදෙනෙකුන් විදි හී ගැණ කවර කථා ද?

යථා ච භික‍්ඛවෙ, තස‍්ස පුරිසස‍්ස ජවො යථා ච චන්‍දිමසුරියානං ජවො තතො සීඝතරො. යථා ච භික‍්ඛවෙ, තස‍්ස පුරිසස‍්ස ජවො, යථා ච චන්‍දිමසුරියානං ජවො, යථා ච යා දෙවතා චන්‍දිමසුරියානං පුරතො ධාවන‍්ති, තාසං දෙවතානං ජවො තතො සීඝතරො. යථා ච භික‍්ඛවෙ, තස‍්ස පුරිසස‍්ස ජවො, යථා ච චන්‍දිමසුරියානං ජවො, යථා ච යා දෙවතා චන්‍දිමසුරියානං පුරතො ධාවන‍්ති තාසං දෙවතානං ජවො, තතො සීඝතරං ආයුසඞ‍්ඛාරා ඛීයන‍්ති.

මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම්බඳු ද, සඳහිරු දෙදෙනාගේ යම්බඳු වේගයෙක් වේ නම් (එය) ඊට වඩා ශීඝ්‍ර ය. මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය, යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව යම් සේ දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය එයට වඩා ශීඝ්‍රය. ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය යම් බඳු ද, ඊට වඩා ශීඝ්‍රව ආයුසංස්කාරයෝ (රූප ජිවිතින්‍ද්‍රියයෝ) ක්‍ෂය වෙත්.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: අප‍්පමත‍්තා විහරිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.