ආණිසුත්තං
8. 1. 7.
8. 1. 7.
ආණිසුත්තං
ආණි සූත්‍රය
389. සාවත්ථියං–
389. සැවැත්නුවර–
භූතපුබ්බං භික්ඛවෙ, දසාරහානං ආණකො නාම මුදිඞ්ගො අහොසි. තස්ස දසාරහා ආණකෙ ඵළිතෙ අඤ්ඤං ආණිං ඔදහිංසු. අහු ඛො සො භික්ඛවෙ සමයො යං ආණකස්ස මුදිඞ්ගස්ස පොරාණං පොක්ඛර ඵලකං අන්තරධායි, ආණිසඞ්ඝාටොව අවසිස්සි.
මහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්ෂත්රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙරකඳ අතුරුදන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේ ම ය.
එවමෙව ඛො භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං, යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසිස්සන්ති, න සොතං ඔදහිස්සන්ති, න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සන්ති. න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්ඛරා චිත්තබ්යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සන්ති, සොතං ඔදහිස්සන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සන්ති තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. එවමෙතෙසං භික්ඛවෙ, සුත්තන්තානං තථාගතභාසිතානං ගම්භීරානං ගම්භීරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතපටිසංයුත්තානං අන්තරධානං භවිස්සති.
මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්යතාධර්මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සාම, සොතං ඔදහිස්සාම, අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සාම. තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, පිරිවැහිය යුතු ය යි සිතන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.