යෙදුමෙන් කියවන්න

කලිඞ‍්ගරූපධානසුත‍්තං

8. 1. 8.

8. 1. 8.

කලිඞ‍්ගරූපධානසුත‍්තං

කලිඞ්ගරූපධාන සූත්‍රය

390. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තත්‍ර -පෙ- භගවා එතදවොච:

390. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කුටගාරශාලාවෙහි වැඩ වසන සේක. එහි දී … මෙය වදාළ සේක.

කලිඞ‍්ගරූපධානා භික‍්ඛවෙ, එතරහි ලිච‍්ඡවී විහරන‍්ති අප‍්පමත‍්තා ආතාපිනො උපාසනස‍්මිං. තෙසං රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො න ලභති ඔතාරං, න ලභති ආරම‍්මණං. භවිස‍්සන‍්ති භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං ලිච‍්ඡවී සුඛුමාලා මුදුතළුණහත්‍ථපාදා. තෙ මුදුකාසු සෙය්‍යාසු තූලබිම‍්බොහනාදිසු යාව සූරියුග‍්ගමනා සෙය්‍යං කප‍්පෙස‍්සන‍්ති. තෙසං රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො ලච‍්ඡති ඔතාරං, ලච‍්ඡති ආරම‍්මණං.

මහණෙනි, දැන් ලිච්ඡවීහු ලීකොටයක් කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්තව වීර්‍ය්‍ය ඇති ව ගුරූපාසනයෙහි (ශිල්ප හැදෑරීමෙහි) යෙදුනාහු වාසය කෙරෙති. මගධාධිපති වේදේහි පුත් අජාසත් රජ තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් (ප්‍රත්‍යයයක්) නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවීහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් (=කොට්ට) ඇති මුදු යහන්හි හිරු උදා වන තෙක් ශයනය කරන්නාහ. මගධාධිපතී වේදේහි පුත් අජාසත් රජ තෙමේ (ඔවුන් දිනුමට) ඔවුන්ගේ සිදුරක් ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.

කලිඞ‍්ගරූපධානා භික‍්ඛවෙ, එතරහි භික‍්ඛු විහරන‍්ති අප‍්පමත‍්තා ආතාපිනො පධානස‍්මිං. තෙසං මාරො පාපිමා න ලභති ඔතාරං, න ලභති ආරම‍්මණං. භවිස‍්සන‍්ති භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං භික‍්ඛූ සුඛුමාලා මුදුතලුණහත්‍ථපාදා. තෙ මුදුකාසු සෙය්‍යාසු තූලබිම‍්බොහනාදිසු යාව සූරියුග‍්ගමනා සෙය්‍යං කප‍්පෙස‍්සන‍්ති. තෙසං මාරො පාපිමා ලච‍්ඡති ඔතාරං, ලච‍්ඡති ආරම‍්මණං.

මහණෙනි, දැන් භික්‍ෂූහු ලීකොට කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනාහු වාසය කෙරෙත්. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි භික්‍ෂූහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් ඇති මුදු යහන්හි හිරු උදාවන තෙක් ශයනය කරන්නාහ. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් (අවකාශයක්) ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: “කලිඞ‍්ගරූපධානා විහරිස‍්සාම අප‍්පමත‍්තා ආතාපිනො පධානස‍්මි”න‍්ති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “දැව කඩක් කන්වයින් කොට ඇත්තමෝ අප්‍රමත්ත ව කෙළෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනමෝ වාසය කරන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.