නාගසුත්තං
8. 1. 9.
8. 1. 9.
නාගසුත්තං
නාග සූත්‍රය
391. සාවත්ථියං–
391. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නවො භික්ඛු අතිවෙලං කුලානි උපසඞ්කමති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා අතිවෙලං කුලානි උපසඞ්කමී”ති. සො භික්ඛූහි වුච්චමානො එවමාහ: “ඉමෙහි නාම ථෙරා භික්ඛූ කුලානි උපසඞ්කමිතබ්බං මඤ්ඤිස්සන්ති, කිමඞ්ගපනාහ”න්ති.
එකල්හි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් කරා එළඹෙයි. භික්ෂූහු ඒ මේ මහණහට “ආයුෂ්මතුනි, වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිත්. කවර හෙයකින් මම නො එළඹෙම් දැ”යි මෙසේ කී ය.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ අඤ්ඤතරො නවො භික්ඛු අතිවෙලං කුලානි උපසඞ්කමති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා එවං අතිවෙලං කුලානි උපසඞ්කමී”ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො එවමාහ: “ඉමෙහි නාම ථෙරා භික්ඛූ කුලානි උපසඞ්කමිතබ්බං මඤ්ඤිස්සන්ති, කිමඞ්ගපනාහ”න්ති.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් වෙත එළඹෙයි. ඒ මේ මහණහට භික්ෂූහු “ආයුෂ්මතුනි, මෙසේ වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි කීහ. ඒ මහණ තෙමේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිති. කවර හෙයෙකින් මම නො එළඹෙම් දැ යි මෙසේ කී ය” යි මෙය සැලකළහ.
භූතපුබ්බං භික්ඛවෙ, අරඤ්ඤායතනෙ මහාසරසී. තං නාගා උපනිස්සාය විහරන්ති. තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුලාලං අබ්භූග්ගහෙත්වා සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා අකද්දමං සඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච. න ච තතොනිදානං මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං.
මහණෙනි, පෙර වූවක් කියමි: “වන පෙදෙසක මහවිලෙක් විය. ඇත්තු ඒ විල ඇසුරු කොට වෙසෙති. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ සුපිරිසිදු ව සෝදා මඩ රහිතව සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකකට හෝ නො පැමිණෙති.
තෙසඤ්ඤෙව ඛො පන භික්ඛවෙ, මහානාගානං අනුසික්ඛමානා තරුණා භිංකච්ඡාපා, තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුලාලං අබ්බුග්ගහෙත්වා න සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා සකද්දමං අසඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං නෙව වණ්ණාය හොති න බලාය. තතොනිදානං මරණං වා නිගච්ඡන්ති, මරණමත්තං වා දුක්ඛං.
මහණෙනි, ඒ මහා ඇතුන් අනුව හික්මෙන්නා වු තරුණ ඇත්පැටව් වෙත්. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ පිරිසිදු ව නො සෝදා මඩ සහිතව නො සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස නො වේ ම ය. බලය පිණිස ද නො වේ ම ය. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
එවමෙව ඛො භික්ඛවෙ, ඉධ ථෙරා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසන්ති. තෙ තත්ථ ධම්මං භාසන්ති. තෙසං ගිහී පසන්නාකාරං කරොන්ති. තෙ තං ලාභං අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නං, ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච, න ච තතොනිදානං මරණං වා නිගච්ඡන්ති, මරණමත්තං වා දුක්ඛං.
මහණෙනි, එපරිද්දෙන් ම මෙසස්නෙහි ස්ථවිරභික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දී දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත්.(ප්‍රත්‍ය දෙත්.) ඔහු නො ගිජු වූවාහු මුසපත් නො වූවාහු තෘෂ්ණාවෙන් නො ගැලී සිටියාහු දොස් දක්නාසුලු වූවාහු සසරින් නික්ම යෑමේ නුවණින් යුක්ත වූවාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ නො පැමිණෙත්.
තෙසඤ්ඤෙව ඛො පන භික්ඛවෙ, ථෙරානං භික්ඛූනං අනුසික්ඛමානා නවා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසන්ති. තෙ තත්ථ ධම්මං භාසන්ති. තෙසං ගිහී පසන්නාකාරං කරොන්ති. තෙ තං ලාභං ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. තෙසං තං නෙව වණ්ණාය හොති න බලාය. තෙ තතොනිදානං මරණං වා නිගච්ඡන්ති, මරණමත්තං වා දුක්ඛං.
ඒ ස්ථවිර භික්ෂූන් අනුව ම හික්මෙන්නා වූ නවක භික්ෂූහු තුමූ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත් (ප්‍රත්‍යය දෙත්.) ඔහු ගිජු වූවාහු මුසපත් වූවාහු තෘෂ්ණාවෙන් ගැලුනාහු දොස් නො දක්නාසුලු වූවාහු නික්ම යෑමේ නුවණ නැත්තාහු ඒ ලාභය වළඳත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස නො ම වේ. බලය පිණිස ද නො ම වේ. ඔහු ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා ලාභං පරිභුඤ්ජිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො ගිජු වූවමෝ මුසපත් නුවූවමෝ තෘෂ්ණාවෙහි නො ගැලුනමෝ දොස් දක්නමෝ නිස්සරණ ප්‍රඥා ඇත්තමෝ ලාභය වළඳන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.