බිළාලසුත්තං
8. 1. 10.
8. 1. 10.
බිළාලසුත්තං
බිළාල සූත්‍රය
392. සාවත්ථියං–
392. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජී”ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො න රමති.
එකල්හි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්ෂූහු ඒ මොහුට “ආයුෂ්මත්නි, වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නො පැමිණෙව”යි මෙසේ කීහ. භික්ෂූන් විසින් කියනු ලබන ඒ මහණ තෙමේ නො ඇලෙයි.
අථ ඛො සම්බහුලා භික්ඛූ -පෙ- භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ අඤ්ඤතරො භික්ඛු අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජී”ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො න රමතී”ති.
එකල්හි බොහෝ භික්ෂූහු ... භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්ෂූහු ඔහුට ආයුෂ්මතුනි “වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නහමක් පැමිණෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ නො ඇලේ ය”යි මෙය සැළකළහ.
භූතපුබ්බං භික්ඛවෙ, බිළාලො සන්ධිසමලසඞ්කටීරෙ ඨිතො අහොසි මුදුමූසිං මගයමානො, “යදායං මුදුමූසී ගොචරාය පක්කමිස්සති, තත්ථෙව නං ගහෙත්වා ඛාදිස්සාමී”ති. අථ ඛො භික්ඛවෙ, මුදුමූසී ගොචරාය පක්කමි. තමෙනං බිළාලො ගහෙත්වා සහසා අසංඛාදිත්වා අජ්ඣොහරි. තස්ස සො මුදුමූසී අන්තම්පි ඛාදි, අන්තගුණම්පි ඛාදි. සො තතො නිදානං මරණම්පි නිගච්ඡි, මරණමත්තම්පි දුක්ඛං.
මහණෙනි, පෙර වූවක් කියමි: බළලෙක් ගෘහසන්ධියෙහි (දෙගෙයක් අතර) හෝ මලවහන දියැලක හෝ කසළගොඩක හෝ “යම් කලෙක මේ මෘදු මූෂිකාව ගොදුරු පිණිස යන්නේ ද, එහි දී ම ඌ ගෙණ කන්නෙමි”යි මුදුමීයකු සොයමින් සිටියේ විය. මහණෙනි, එකල්හි ඒ මුදු මීයා ගොදුරු පිණිස නික්මුනේ ය. බළලා ඒ මූ ගෙණ නො සපා වහා ගැලපී ය. ඒ මුදු මීයා ඒ බළලාගේ අතුනු ද කෑ ය. අතුනුබහන් ද කෑ ය ඒ හේතුවෙන් ඒ බළලා මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණියේ ය.
එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති, අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නො රක්නා ලද්දාවූ ම කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි.
සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන චිත්තෙන මරණං වා නිගච්ඡති, මරණමත්තං වා දුක්ඛං. මරණං හෙතං භික්ඛවෙ, අරියස්ස විනයෙ යො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. මරණමත්තං හෙතං භික්ඛවෙ, දුක්ඛං යදිදං අඤ්ඤතරං සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති. යථාරූපාය ආපත්තියා වුට්ඨානං පඤ්ඤායති.
හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගමක් දකී. නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ සිත වනසයි. හෙතෙමේ රාගයෙන් නැසුනු සිතින් මරණයට හෝ මරණය සම දුකකට හෝ පැමිණෙයි. මහණෙනි, යමෙක් සිකපිළිකෙව් කොට ගිහිබවට පෙරළේ ද, මේ සස්නෙහි මරණය යි. මහණෙනි, යම් බඳු ඇවතකින් නැගී සිටීමෙක් පෙණේ නම් (එබඳු) යම් කිලිටි වූ එක්තරා (උට්ඨානගාමිනී) ඇවතකට පැමිණේ ද, ඒ මරණය හා සම දුක ය.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “රක්ඛිතෙනෙව කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “රක්නා ලද්දා වූ ම කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.