යෙදුමෙන් කියවන්න

සිගාලසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 1. 11.

8. 1. 11.

සිගාලසුත‍්තං.

සිගාල සූත්‍රය

393. සාවත්‍ථියං–

393. සැවැත්නුවර–

අස‍්සුත්‍ථ නො තුම‍්හෙ භික‍්ඛවෙ, රත‍්තියා පච‍්චූසසමයං සිගාලස‍්ස වස‍්සමානස‍්සාති? එවං භන‍්තෙ. එසො ඛො භික‍්ඛවෙ, ජරසිගාලො උක‍්කණ‍්ටකෙන නාම රොගජාතෙන ඵුට‍්ඨො. සො යෙන යෙන ඉච‍්ඡති, තෙන තෙන ගච‍්ඡති. යත්‍ථ යත්‍ථ ඉච‍්ඡති, තත්‍ථ තත්‍ථ තිට‍්ඨති. යත්‍ථ යත්‍ථ ඉච‍්ඡති, තත්‍ථ තත්‍ථ නිසීදති. යත්‍ථ යත්‍ථ ඉච‍්ඡති, තත්‍ථ තත්‍ථ නිපජ‍්ජති. සීතකොපි නං වාතො උපවායති. සාධු ඛ‍්වස‍්ස භික‍්ඛවෙ, යං ඉධෙකච‍්චො සක්‍යපුත‍්තියපටිඤ‍්ඤො එවරූපම‍්පි අත‍්තභාවපටිලාභං පටිසංවෙදයෙථ.

මහණෙනි, තෙපි රෑ පැසුළුයම්හි හඬන සිවලකුගේ හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවල් තෙමේ උක්කණ්ටක නම් රෝගයෙන් පහස්නා ලද්දේ ය. හේ යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන යෙයි. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන සිටී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හිඳී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හොවී. සිහිල් වාතය ද ඔහු වෙත හමයි. (හේ මෙයිනුදු චිත්තාස්වාදයක් ලබයි.) මහණෙනි, යම් හෙයකින් මෙහි ‘ශාක්‍ය පුත්‍රයෙමියි ප්‍රතිඥා ඇති ඇතැමෙක් මෙබඳු වූ අත්බැව් පිළිලැබීමක් (චිත්තාස්වාදයක්) විඳිනේ නම් එය යහපත් වන්නේ ය. (මෙය දෙව්දත් සඳහා කියූ.)

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: “අප‍්පමත‍්තා විහරිස‍්සාමා”ති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.

8. 1. 12.

8. 1. 12.

දුතියසිගාලසුත‍්තං.

දුතිය සිගාල සූත්‍රය

394. සාවත්‍ථියං–

394. සැවැත්නුවර–

අස‍්සුත්‍ථ නො තුම‍්හෙ භික‍්ඛවෙ, රත‍්තියා පච‍්චූසසමයං සිගාලස‍්ස වස‍්සමානස‍්සාති? එවං භන‍්තෙ. සියා ඛො භික‍්ඛවෙ, තස‍්මිං ජරසිගාලෙ යා කාචි කතඤ‍්ඤුතා කතවෙදිතා. න ත්‍වෙව ඉධෙකච‍්චෙ සක්‍යපුත‍්තියපටිඤ‍්ඤෙ සියා කාචි කතඤ‍්ඤුතා කතවෙදිතා.

මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන සිවලෙකු හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, ඒ ජරසිවලා කෙරෙහි ද යම් කිසි කළ ගුණ දන්නා බවෙක් කළ ගුණ ප්‍රකට කරණ බවෙක් වන්නේ ම ය. මෙහි ශක්‍යපුත්‍රිය භාවය පිළිණ කරණ ඇතැමකු කෙරෙහි කිසි ම කළ ගුණ දන්නා බවෙක්, කල ගුණ ප්‍රකට කරණ බවෙක් නො වන්නේ ම ය. (මේද දෙව්දත් සඳහා කියු සේ ය.)

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: “කතඤ‍්ඤුනො භවිස‍්සාම කතවෙදිනො. අම‍්හෙසු අප‍්පකම‍්පි කතං මා නස‍්සිස‍්සතී”ති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුතු: “කළ ගුණ දන්නමෝ කළ ගුණ ප්‍රකට කොට දන්නමෝ වන්නෙමු. අප කෙරෙහි මඳකුදු කරණ ලද්ද නහමක් නැසේවා (සිතින් තොර නොවේවා)”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.

වග‍්ගො පඨමො

පළමුවන වර්‍ගය යි.

තස‍්සුද‍්දානං :

එහි උද්දානය:

කූටං නඛසිඛං කුලං ඔක‍්ඛා සත‍්ති ධනුග‍්ගහො, ආණි කලිඞ‍්ගරො නාගො බිළාලො ද‍්වෙ සිගාලකාති.

කූට, නඛසිඛා, කුල, ඔක්ඛා, සත්ති, ධනුග්ගහ, ආණි, කලිඞ්ගර, නාග, බිළාල සූත්‍ර ය, සිගාල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දොළසෙකි යි.

ඔපම‍්මසංයුත‍්තං සමත‍්තං.

ඕපම්මසංයුත්තය නිමියේ යි.