යෙදුමෙන් කියවන්න

මොග‍්ගල‍්ලානසුත‍්තං

9. 1. 1.

9. 1. 1.

මොග‍්ගල‍්ලානසුත‍්තං

මොග්ගල්ලාන සූත්‍රය

395. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භික‍්ඛූ ආමන‍්තෙසි: ආවුසො භික‍්ඛවොති. ආවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච:

395. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:

ඉධ මය‍්හං ආවුසො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “අරියො තුණ‍්හීභාවො අරියො තුණ‍්හීභාවොති වුච‍්චති. කතමො නු ඛො අරියො තුණ‍්හීභාවො”ති?

ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට “ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය, ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය යි කියනු ලැබේ. කිමෙක් නම් ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය වේ දැ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.

තස‍්ස මය‍්හං ආවුසො එතදහොසි: “ඉධ භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති අරියො තුණ‍්හීභාවො”ති.

ඇවැත්නි, ඒ මට “මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි පැහැදීම් ඇති සිතේ උතුම් එකඟබැව් වඩන විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසේ නම් මේ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය ය යි කියනු ලැබේ”යි මේ සිත විය.

සො ඛ‍්වාහං ආවුසො, විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො විතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. අථ ඛො මං ආවුසො, භගවා ඉද‍්ධියා උපසඞ‍්කමිත්‍වා එතදවොච: “මොග‍්ගල‍්ලාන, මොග‍්ගල‍්ලාන, මා බ්‍රාහ‍්මණ අරියං තුණ‍්හීභාවං පමාදො. අරියෙ තුණ‍්හීභාවෙ චිත‍්තං සණ‍්ඨාපෙහි. අරියෙ තුණ‍්හීභාවෙ චිත‍්තං එකොදිං කරොහි. අරියෙ තුණ‍්හීභාවෙ චිත‍්තං සමාදහා”ති.

ඇවැත්නි, ඒ මම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම ඇති සිතේ උතුම් එකඟ බැව් වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්වීතීයද්ධ්‍යානය උපදවා වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන මට විතර්‍ක සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත වැඩ “මුගලන, මුගලන, බමුණ, ආර්‍ය්‍යතූෂ්ණීම්භාවය නො වරදව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත නගාලව යි” මෙය වදාළ සේක.

සො ඛ‍්වාහං ආවුසො, අපරෙන සමයෙන විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. යං හි තං ආවුසො, සම‍්මා වදමානො වදෙය්‍ය, “සත්‍ථාරා අනුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තො”ති, මමං තං සම‍්මා වදමානො වදෙය්‍ය “සත්‍ථාරා අනුග‍්ගහිතො සාවකො මහාභිඤ‍්ඤතං පත‍්තො”ති.

ඇවැත්නි, ඒ මම අන් කලෙක විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබැව් වඩන විතර්‍කරහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා විසීමි. ඇවැත්නි, සත්‍යය කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි යමකු සඳහා කියන්නෙ නම්, සත්‍යය කියන්නා “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි මා සඳහා කියන්නේ යි.