යෙදුමෙන් කියවන්න

1. පඨමො වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. ප්‍රථම වර්ගය

1. මොග‍්ගල‍්ලානසුත‍්තවණ‍්ණනා

1. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව

භික‍්ඛුසංයුත‍්තස‍්ස පඨමෙ, ආවුසොති සාවකානං ආලාපො. බුද‍්ධා හි භගවන‍්තො සාවකෙ ආලපන‍්තා, “භික‍්ඛවෙ”ති ආලපන‍්ති, සාවකා පන “බුද‍්ධෙහි සදිසා මා හොමා”ති, “ආවුසො”ති පඨමං වත්‍වා පච‍්ඡා, “භික‍්ඛවෙ”ති භණන‍්ති. බුද‍්ධෙහි ච ආලපිතෙ භික‍්ඛුසඞ‍්ඝො, “භන‍්තෙ”ති පටිවචනං දෙති සාවකෙහි, “ආවුසො”ති. අයං වුච‍්චතීති යස‍්මා දුතියජ‍්ඣානෙ විතක‍්කවිචාරා නිරුජ‍්ඣන‍්ති, යෙසං නිරොධා සද‍්දායතනං අප‍්පවත‍්තිං ගච‍්ඡති, තස‍්මා යදෙතං දුතියං ඣානං නාම, අයං වුච‍්චති “අරියානං තුණ‍්හීභාවො”ති. අයමෙත්‍ථ යොජනා. “ධම‍්මී වා කථා අරියො වා තුණ‍්හීභාවො”ති එත්‍ථ පන කම‍්මට‍්ඨානමනසිකාරොපි පඨමජ‍්ඣානාදීනිපි අරියො තුණ‍්හීභාවොත්‍වෙව සඞ‍්ඛං ගතානි.

භික්‍ෂු සංයුත්තයේ පළමු සූත්‍රය - “ආවුසො” ශ්‍රාවකයන්ට ඇමතීමයි. බුදුවරු නම් ශ්‍රාවකයන්ට අමතන්නාහු “භික්ඛවෙ” යනුවෙන් අමතන සේක. ශ්‍රාවකයෝ වනාහි “බුදුවරු සමග අප සමාන නොවේවා” යන සිතින් පළමුව “ආවුසො” යනුවෙන් අමතා පසුව “භික්ඛවො” යනුවෙන් අමතති. බුදුවරු විසින්, ශ්‍රාවක භික්‍ෂු සංඝයා ඇමතූ කල්හි, එම භික්‍ෂූහු “භදන්තෙ” යනුවෙන් පිළිතුරු දෙන්නාහ. ශ්‍රාවකයන් ඇමතූ කල්හි “ආවුසො” යනුවෙන් පිළිවදන් දෙන්නාහ. “අයං වුච්චති” යම් හෙයකින් දෙවැනි ධ්‍යානයෙහි විතක්ක විචාරයෝ නිරුද්ධ වේද, යමක නිරෝධයෙන් ශබ්දායතනය නොපවතින ස්වභාවයට යයි. එනිසා මෙය “දුතියජ්ඣානය” නම් වේ. ආර්ය විනයෙහි මෙයම ආර්යයන්ගේ තුෂ්ණිම්භාවය යැයි (නිශ්ශබ්දව සිටීම) කියයි. මෙය මේ පදයේ අර්ථයයි. “ධම්මීවා කථා අරියොවා තුණ්හීභාවො” යනු මෙහි “කමටහන් මෙනෙහි කිරීමත් ප්‍රථම ධ්‍යානාදියත් ආර්ය වූ තුෂ්ණිම්භාවය”යැයි දැක්වේ.

විතක‍්කසහගතාති විතක‍්කාරම‍්මණා. සඤ‍්ඤාමනසිකාරාති සඤ‍්ඤා ච මනසිකාරො ච. සමුදාචරන‍්තීති පවත‍්තන‍්ති. ථෙරස‍්ස කිර දුතියජ‍්ඣානං න පගුණං. අථස‍්ස තතො වුට‍්ඨිතස‍්ස විතක‍්කවිචාරා න සන‍්තතො උපට‍්ඨහිංසු. ඉච‍්චස‍්ස දුතියජ‍්ඣානම‍්පි සඤ‍්ඤාමනසිකාරාපි හානභාගියාව අහෙසුං, තං දස‍්සෙන‍්තො එවමාහ. සණ‍්ඨපෙහීති සම‍්මා ඨපෙහි. එකොදිභාවං කරොහීති එකග‍්ගං කරොහි. සමාදහාති සම‍්මා ආදහ ආරොපෙහි. මහාභිඤ‍්ඤතන‍්ති ඡළභිඤ‍්ඤතං. සත්‍ථා කිර ඉමිනා උපායෙන සත‍්ත දිවසෙ ථෙරස‍්ස හානභාගියං සමාධිං වඩ‍්ඪෙත්‍වා ථෙරං ඡළභිඤ‍්ඤතං පාපෙසි.

“විතක්ක සහගත” යනු විතර්ක අරමුණ සහිත. “සඤ්ඤාමනසිකාරා” යනු සංඥාවද මනසිකාරයෝ ද යනුයි. “සමුදාචරන්ති” යනු පවතිත් යනුයි. තෙරුන් වහන්සේට ද්විතීය ධ්‍යානය ඉතා ප්‍රගුණය. ඉක්බිති උන්වහන්සේට ඒ ධ්‍යානයෙන් නැගීසිටි කල්හි විතර්ක, විචාරයෝ ශාන්තව සංසිඳී වැටහුනහ. මෙසේ උන්වහන්සේට දෙවැනි ධ්‍යානය ද සඤ්ඤා-මනසිකාර දෙකද පිරිහීමට ගියහ. එය දක්වමින් මෙසේ වදාළහ. “සණ්ඨපෙහි” යනු මැනවින් තබන්න යනුයි. “එකොදිං කරෝහ” යනු එකඟ කරගන්න යනුයි. “සමාදහා” යනු මැනවින් වඩන්න නංවන්න යනුයි. “මහාභිඤ්ඤතං” යනු ෂඩ් අභිඥාවයි. ශාස්තෘෘන් වහන්සේ මේ ක්‍රමයෙන් තෙරුන්ට සත්වැනි දිනයේදී තෙරුන්වහන්සේගේ පිරිහී ගිය සමාධිය වඩා උන්වහන්සේ ෂඩ් අභිඥාවන්ට පැමිණවූ සේක.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. සාරිපුත‍්තසුත‍්තවණ‍්ණනා

2. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ අත්‍ථි නු ඛො තං කිඤ‍්චි ලොකස‍්මින‍්ති ඉදං අතිඋළාරම‍්පි සත‍්තං වා සඞ‍්ඛාරං වා සන්‍ධාය වුත‍්තං. සත්‍ථුපි ඛොති ඉදං යස‍්මා ආනන්‍දත්‍ථෙරස‍්ස සත්‍ථරි අධිමත‍්තො ඡන්‍දො ච පෙමඤ‍්ච, තස‍්මා “කිං නු ඛො ඉමස‍්ස ථෙරස‍්ස සත්‍ථු විපරිණාමෙනපි සොකාදයො නුප‍්පජ‍්ජෙය්‍යු”න‍්ති ජානනත්‍ථං පුච‍්ඡති? දීඝරත‍්තන‍්ති සූකරඛතලෙණද‍්වාරෙ දීඝනඛපරිබ‍්බාජකස‍්ස වෙදනාපරිග‍්ගහසුත‍්තන‍්තං දෙසිතදිවසතො පට‍්ඨාය අතික‍්කන‍්තකාලං සන්‍ධායාහ. තස‍්මිඤ‍්හි දිවසෙ ථෙරස‍්ස ඉමෙ වට‍්ටානුගතකිලෙසා සමූහතාති.

දෙවන සූත්‍රයේ “අත්‍ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං” යනු ඉතා උසස් වූ සත්ත්‍වයෙක් හෝ සංස්කාරයක් හෝ සඳහා කියන ලදී. “සත්‍ථුපිඛො” මෙය යම් හෙයකින් ආනන්ද තෙරුන් තුල ශාස්තෘන් වහන්සේ කෙරෙහි පවතින අප්‍රමාණ වූ කැමැත්තත්-ප්‍රේමයත් වන්නේද එහෙයින් කිම - මේ තෙරුන්ට ශාස්තෘෘන් වහන්සේගේ නැතිවීමෙන් ශෝකාදියක් නූපදින්නෙහිද?යි දැනගැනීමට මෙසේ විමසන ලදී. “දීඝරත්තං” ඌරන් හෑරූ ලෙණෙහි දී දීඝනඛ නම් පිරිවැජියාට වේදනා පරිග්‍රහ සූත්‍රය දෙසූ දවසේ පටන් ඉක්ම ගිය කාලය හඟවනු වස් මෙසේ වදාළහ. ඒ දිනයේ තෙරුන් වහන්සේගේ මේ සංසාර පැවැත්ම ගෙනදෙන සකල ක්ලේශයෝ ප්‍රහීන කරන ලදහ.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. මහානාගසුත‍්තවණ‍්ණනා

3. මහානාග සූත්‍ර වර්ණනාව

තතියෙ එකවිහාරෙති එකස‍්මිං ගබ‍්භෙ. තදා කිර බහූ ආගන‍්තුකා භික‍්ඛූ සන‍්නිපතිංසු. තස‍්මිං පරිවෙණග‍්ගෙන වා විහාරග‍්ගෙන වා සෙනාසනෙසු අපාපුණන‍්තෙසු ද‍්වින‍්නං ථෙරානං එකො ගබ‍්භො සම‍්පත‍්තො. තෙ දිවා පාටියෙක‍්කෙසු ඨානෙසු නිසීදන‍්ති, රත‍්තිං පන නෙසං අන‍්තරෙ චීවරසාණිං පසාරෙන‍්ති. තෙ අත‍්තනො අත‍්තනො පත‍්තපත‍්තට‍්ඨානෙයෙව නිසීදන‍්ති. තෙන වුත‍්තං “එකවිහාරෙ”ති. ඔළාරිකෙනාති ඉදං ඔළාරිකාරම‍්මණතං සන්‍ධාය වුත‍්තං. දිබ‍්බචක‍්ඛුදිබ‍්බසොතධාතුවිහාරෙන හි සො විහාසි, තෙසඤ‍්ච රූපායතනසද‍්දායතනසඞ‍්ඛාතං ඔළාරිකං ආරම‍්මණං. ඉති දිබ‍්බචක‍්ඛුනා රූපස‍්ස දිට‍්ඨත‍්තා දිබ‍්බාය ච සොතධාතුයා සද‍්දස‍්ස සුතත‍්තා සො විහාරො ඔළාරිකො නාම ජාතො. දිබ‍්බචක‍්ඛු විසුජ‍්ඣීති භගවතො රූපදස‍්සනත්‍ථාය විසුද‍්ධං අහොසි. දිබ‍්බා ච සොතධාතූති සාපි භගවතො සද‍්දසුණනත්‍ථං විසුජ‍්ඣි. භගවතොපි ථෙරස‍්ස රූපදස‍්සනත්‍ථඤ‍්චෙව සද‍්දසුණනත්‍ථඤ‍්ච තදුභයං විසුජ‍්ඣි. තදා කිර ථෙරො “කථං නු ඛො එතරහි සත්‍ථා විහරතී”ති ආලොකං වඩ‍්ඪෙත්‍වා දිබ‍්බෙන චක‍්ඛුනා සත්‍ථාරං ජෙතවනෙ විහාරෙ ගන්‍ධකුටියං නිසින‍්නං දිස‍්වා තස‍්ස දිබ‍්බාය සොතධාතුයා සද‍්දං සුණි. සත්‍ථාපි තථෙව අකාසි. එවං තෙ අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිංසු චෙව, සද‍්දඤ‍්ච අස‍්සොසුං.

තෙවන සූත්‍රයේ - “එකවිහාරෙ” යනු එක්තරා ගැබකය. එකල්හි බොහෝ ආගන්තුක භික්‍ෂූහු රැස්වූහ. එහි පිරිවෙන් අග හෝ විහාර අග හෝ සෙනසුන් නොපැමිණි කල්හි (ප්‍රමාණවත් නොවූ කල්හි) අගසවු දෙනමට එකම ගැබක්-කුටියක් පැමිණියේය. ඔවුහු දවල් කාලයේ වෙන් වෙන් වූ තැන හිඳිති. රාත්‍රියේ ඔවුන් අතර සිවුරු තිරයක් දිගහරිති. ඔවුහු තමාට පැමිණි, පැමිණි තැනම හිඳිති. එනිසා “එක් විහාරයේ වසමින්” යනුවෙන් කියන ලදී. “ඔළාරිකෙත” මෙය ඕළාරික අරමුණ සඳහා කියන ලදී. දිවැස් හා දිවකන් (දිව්‍ය චක්‍ෂු, දිව්‍ය ශ්‍රේත) සමාධිවලට සමවැදී උන්වහන්සේ වාසය කළහ. ඒවා ද රූපායතන, ශබ්දායතන නම් වූ ඕළාරික ආරම්මණයන්ය. මෙසේ දිවැසින් රූපයන් දුටුබැවින් ද දිව්‍යම ශ්‍රෝත ධාතුවෙන් (දිව කණින්) ශබ්ද ඇසූ බැවින්ද ඒ විහරණය “ඕලාරික” නම් වේ. “දිබ්බ චක්ඛුං විසුජ්ඣි” යනු භාග්‍යවතුන් වහන්සේගේ රුව දැකීම පිණිස පිරිසිදු විය යනුයි. “දිබ්බා ච සොතධාතු” යනු එම දිවකණ ද භාග්‍යවතුන් වහන්සේගේ ශබ්ද ඇසීම පිණිස පිරිසිදු විය යනුයි. භාග්‍යවතුන් වහන්සේ ද තෙරුන්ගේ රූපය දැකීමට මෙන්ම ශබ්ද ඇසීමට ද එම ඥාන දෙක පිරිසිදු කළ සේක. එකල්හි තෙරුන් වහන්සේ “ශාස්තෘෘන් වහන්සේ දැන් කොතැනක වෙසේදැ”යි ආලෝකයා වඩා දිවැසින් බැලූ සේක්, ශාස්තෘන් වහන්සේ ජේතවන විහාරයේ ගඳකිළියෙහි හුන් බව දැක, උන්වහන්සේගේ දිවකනින් ශබ්ද ද ඇසූහ. බුදුපියාණන් වහන්සේද එසේම කළ සේක. මෙලෙස දෙදෙනා වහන්සේ ඔවුනොවුන්ගේ රුව දැක්කහ. ශබ්ද ද ඇසූහ.

ආරද‍්ධවීරියොති පරිපුණ‍්ණවීරියො පග‍්ගහිතවීරියො. යාවදෙව උපනික‍්ඛෙපනමත‍්තායාති තියොජනසහස‍්සවිත්‍ථාරස‍්ස හිමවතො සන‍්තිකෙ ඨපිතා සාසපමත‍්තා පාසාණසක‍්ඛරා “හිමවා නු ඛො මහා, අයං නු ඛො පාසාණසක‍්ඛරා”ති එවං යාව උපනික‍්ඛෙපනමත‍්තස‍්සෙව අත්‍ථාය භවෙය්‍යාති වුත‍්තං හොති. පරතොපි එසෙව නයො. කප‍්පන‍්ති ආයුකප‍්පං. ලොණඝටායාති චක‍්කවාළමුඛවට‍්ටියා ආධාරකං කත්‍වා මුඛවට‍්ටියා බ්‍රහ‍්මලොකං ආහච‍්ච ඨිතාය ලොණචාටියාති දස‍්සෙති.

“ආරද්ධ විරියො” යනු පරිපූර්ණ වූ වීර්යයයි. පටන්ගන්නා ලදුව එසවූ වීර්යය. “යාවදෙව උපතික්ඛෙපණමත්තාය” යොදුන් තුන්දහසක් පැතිරුණු හිමාල පර්වතය ඉදිරියේ තැබූ අබ ඇටයක් පමණ වූ ගල්කැටයක් “හිමාලය ද වඩා විශාල වනුයේ නැතිනම් මේ ගල්කැටයද?”යි මෙසේ සැසඳීමට, ළඟින් තැබීමට පමණක්ම උපකාර වේයැයි කියන ලදී. දෙවැනි උපමාවේද මෙම ක්‍රමයමයි. “කප්පං” යනු ආයු කල්පයකි. “ලොණ ඝටාය” - “සක්වල මුවවිට ආධාර කරගත් මුවවිට සහිත බ්‍රහ්මලෝකය දක්වා ගැටී සිටි ලුණු සැලියේ”යැයි දක්වයි.

ඉමෙ පන ථෙරා උපමං ආහරන‍්තා සරික‍්ඛකෙනෙව ච විජ‍්ජමානගුණෙන ච ආහරිංසු. කථං? අයඤ‍්හි ඉද‍්ධි නාම අච‍්චුග‍්ගතට‍්ඨෙන චෙව විපුලට‍්ඨෙන ච හිමවන‍්තසදිසා, පඤ‍්ඤා චතුභූමකධම‍්මෙ අනුපවිසිත්‍වා ඨිතට‍්ඨෙන සබ‍්බබ්‍යඤ‍්ජනෙසු අනුපවිට‍්ඨලොණරසසදිසා. එවං තාව සරික‍්ඛකට‍්ඨෙන ආහරිංසු. සමාධිලක‍්ඛණං පන මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස විභූතං පාකටං. කිඤ‍්චාපි සාරිපුත‍්තත්‍ථෙරස‍්ස අවිජ‍්ජමානඉද‍්ධි නාම නත්‍ථි, භගවතා පන “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ඉද‍්ධිමන‍්තානං යදිදං මහාමොග‍්ගල‍්ලානො”ති අයමෙව එතදග‍්ගෙ ඨපිතො. විපස‍්සනාලක‍්ඛණං පන සාරිපුත‍්තත්‍ථෙරස‍්ස විභූතං පාකටං. කිඤ‍්චාපි මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්සාපි පඤ‍්ඤා අත්‍ථි, භගවතා පන “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො”ති (අ· නි· 1.189) අයමෙව එතදග‍්ගෙ ඨපිතො. තස‍්මා යථා එතෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ධුරං න පාපුණන‍්ති, එවං විජ‍්ජමානගුණෙන ආහරිංසු. සමාධිලක‍්ඛණස‍්මිඤ‍්හි මහාමොග‍්ගල‍්ලානො නිප‍්ඵත‍්තිං ගතො, විපස‍්සනාලක‍්ඛණෙ සාරිපුත‍්තත්‍ථෙරො, ද‍්වීසුපි එතෙසු සම‍්මාසම‍්බුද‍්ධොති.

මේ තෙරවරු උපමා ගෙනහැර දක්වන්නාහු ගැලපෙන නිසාද විද්‍යාමාන ගුණ නිසාද ගත්හ. කෙසේද? අගසවු දෙනමගේ ඍද්ධිය නම් ඉතා උස් වූ අර්ථයෙන් මෙන්ම මහත් වූ අර්ථයෙන් ද හිමවත හා සමානය. ප්‍රඥාව සිවු භූමිවලට අයත් ධර්මයන්හි ඇතුලට පිවිස සිටි අර්ථයෙන් සියලු ආහාර-ව්‍යඤ්ජනයන්හි ඇතුලට පිවිස සිටි ලුණු වැනිය. මෙසේ සමාන වූ අර්ථයෙන්ම උපමා ගෙනහැර දැක්වූහ. මහමුගලන් තෙරුන්ගේ සමාධි ලක්‍ෂණය විභූතය. ප්‍රකටය. සැරියුත් තෙරුන්ගේ විදර්ශනා ලක්‍ෂණය විභූතය. ප්‍රකටය. සැරියුත් තෙරුන්ට අවිද්‍යමාන වූ ඍද්ධියක් නම් නැත. (ඍද්ධියෙන් අනූනය) නමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර ඍද්ධිමතුන් අතර මහමුගලන් තෙරණුවෝ අග්‍රවෙති”යි උන්වහන්සේම අගතනතුරෙහි තබන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන්ගෙන් සැරියුත් මහ තෙරණුවෝ අග්‍රවෙති”යි සැරියුත් තෙරුන් අගතනතුරෙහි තබන ලද නමුත් මහමුගලන් තෙරුන්ට ද ප්‍රඥාව ඇත. එනිසා මේ දෙදෙනා වහන්සේ ඔවුනොවුන්ගේ තනතුරු නොව විද්‍යමාන වූ ගුණයන්ම මෙහිදී අදහස් කරන ලදී. මහමුගලන් තෙරණුවෝ සමාධි ලක්‍ෂණයෙහි සමෘද්ධවීමට පැමිණියහ. සැරියුත් තෙරණුවෝ විදර්ශනා ලක්‍ෂණයෙහි (විස්තර විභාග දැක්වීමට සමත් බැව්හි) සමෘද්ධියට පත්වූහ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දෙකෙහිම විශේෂ විභාග දැක්වීමට අතිශය සමත්වන සේක.

තතියං.

තෙවැනි සූත්‍රයයි.

4. නවභික‍්ඛුසුත‍්තවණ‍්ණනා

4. නවභික්ඛු සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අප‍්පොස‍්සුක‍්කොති නිරුස‍්සුක‍්කො. සඞ‍්කසායතීති විහරති. වෙය්‍යාවච‍්චන‍්ති චීවරෙ කත‍්තබ‍්බකිච‍්චං. ආභිචෙතසිකානන‍්ති අභිචිත‍්තං උත‍්තමචිත‍්තං නිස‍්සිතානං. නිකාමලාභීති ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ සමාපජ‍්ජනසමත්‍ථතාය නිකාමලාභී. අකිච‍්ඡලාභීති ඣානපාරිපන්‍ථිකෙ සුඛෙන වික‍්ඛම‍්භෙත්‍වා සමාපජ‍්ජනසමත්‍ථතාය අදුක‍්ඛලාභී. අකසිරලාභීති යථාපරිච‍්ඡෙදෙන වුට‍්ඨානසමත්‍ථතාය විපුලලාභී, පගුණජ‍්ඣානොති අත්‍ථො. සිථිලමාරබ‍්භාති සිථිලවීරියං පවත‍්තෙත්‍වා.

සිවුවැනි සූත්‍රයේ - “අප්පොස්සුක්කො” යනු උත්සාහයක් නොමැතිවයි. “සංකසායතී” යනු වාසය කරයි යනුයි. “වෙය්‍යාවච්චං” යනු සිවුරෙහි කළයුතු කාර්යයන්ය. “ආභිචෙතසිකානං” යනු විශේෂ සිත, උතුම් සිත ආශ්‍රිත වූ යනුයි. “නිකාමලාභී” යනු කැමති, කැමති ක්‍ෂණයෙහි සමවැදීමට සමත් වූ බැවින් - “පහසුවෙන් ලබන්නා” යන අර්ථයි. “අකිච්ඡාලාහී” ධ්‍යානයන්ට විරුද්ධ වූ සැපයන් මැඩපවත්වා (යටපත් කර) සමවැදීමට සමත් බැවින් නිදුකින් ලබන්නාය. “අකසිරලාභී” යනු වෙන්කිරීම් ඇති පරිදි නැගිටීමට (ධ්‍යානයෙන්) සමත් වූ බැවින් මහත් සේ ලබන්නායි. “ධ්‍යානය ඉතා ප්‍රගුණය” යන අර්ථයි. “සිථිලමාරබ්භ” යනු ලිහිල් වීර්යය පවත්වා යනුයි.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. සුජාතසුත‍්තවණ‍්ණනා

5. සුජාත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අභිරූපොති අඤ‍්ඤානි රූපානි අතික‍්කන‍්තරූපො. දස‍්සනීයොති දට‍්ඨබ‍්බයුත‍්තො. පාසාදිකොති දස‍්සනෙන චිත‍්තං පසාදෙතුං සමත්‍ථො. වණ‍්ණපොක‍්ඛරතායාති ඡවිවණ‍්ණසුන්‍දරතාය.

පස්වන සූත්‍රයේ “අභිරූපො” යනු වෙනත් රූපයන් ඉක්මවූ - රූප ඇත්තේ යනුයි. “දස්සනීයො” යනු දැකිය යුතු යනුයි. “පාසාදිකො” යනු දැකීමෙන්ම සිත් පැහැදවීමට සමත් වූ යනුයි. “වණ්ණපොක්ඛරතාය” යනු උතුම් වර්ණ සුන්දරත්වයෙන් යුතු වූයේ යනුයි.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. ලකුණ‍්ටකභද‍්දියසුත‍්තවණ‍්ණනා

6. ලකුණ්ටකභද්දිය සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ දුබ‍්බණ‍්ණන‍්ති විරූපසරීරවණ‍්ණං. ඔකොටිමකන‍්ති රස‍්සං. පරිභූතරූපන‍්ති පමාණවසෙන පරිභූතජාතිකං. තං කිර ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ, “ආවුසො භද‍්දිය, ආවුසො, භද‍්දියා”ති තත්‍ථ තත්‍ථ පරාමසිත්‍වා නානප‍්පකාරං කීළන‍්ති ආකඩ‍්ඪන‍්ති පරිකඩ‍්ඪන‍්ති. තෙන වුත‍්තං “පරිභූතරූප”න‍්ති.

සයවන සූත්‍රයේ - “දුබ්බණ්ණං” යනු විරූප වූ ශරීර වර්ණ ඇති යනුයි. “ඔකොටිමකං” යනු මිටි වූ යනුයි. “පරිභූත රූපං” යනු ප්‍රමාණ වශයෙන් නින්දා ලබන යනුයි. ඔහු වනාහී ඡබ්බග්ගිය (බුදුවදනට පටහැනිව යන අකීකරු පැවිද්දන් හයදෙනෙකි.) භික්‍ෂූන් විසින් “ඇවැත්නි, භද්දිය” “ඇවැත්නි, භද්දිය” යනුවෙන් ඒ ඒ තැන අතගාමින් විවිධාකාර වශයෙන් ක්‍රීඩා කරති. එහාට අදිති. මෙහාට අදිති. එනිසා “නින්දා ලබන ස්වභාව ඇති” යනුවෙන් කියන ලදී.

කස‍්මා පනෙස එවරූපො ජාතො? අයං කිර අතීතෙ එකො මහාරාජා අහොසි, තස‍්ස මහල‍්ලකා ච මහල‍්ලකිත්‍ථියො ච පටිකූලා හොන‍්ති. සො සචෙ මහල‍්ලකෙ පස‍්සති, තෙසං චූළං ඨපාපෙත්‍වා කච‍්ඡං බන්‍ධාපෙත්‍වා යථාරුචි කීළාපෙති. මහල‍්ලකිත්‍ථියොපි දිස‍්වා තාසම‍්පි ඉච‍්ඡිතිච‍්ඡිතං විප‍්පකාරං කත්‍වා යථාරුචි කීළාපෙති. තෙසං පුත‍්තධීතාදීනං සන‍්තිකෙ මහාසාරජ‍්ජං උප‍්පජ‍්ජති. තස‍්ස පාපකිරියා පථවිතො පට‍්ඨාය ඡදෙවලොකෙ එකකොලාහලං අකාසි.

කුමක් නිසා මොහු මෙබඳු ස්වරූප ඇතිව උපන්නේද? මොහු අතීත අත්බවකදී මහරජෙක් විය. ඔහුට මහලු අය ද කළු කුෂ්ට ඇත්තෝ ද අතිශයින් පිළිකුල් විය. ඔහු ඉදින් මහලු වූවන් දකියි ද ඔවුන්ගේ හිස් මුදුනින් එල්ලා තබා කැසපට ගස්වා, කැමති පරිදි ක්‍රීඩා කරයි. මහලු ස්ත්‍රීහුද දැක ඔවුන්ටද කැමති-කැමති විප්‍රකාර කරමින් කැමති සේ ක්‍රීඩා කරයි. ඔවුන්ගේ දූදරුවන් ඉදිරියේ මෙසේ කරනවිට මහත් වූ ලැජ්ජාවක් උපදියි. ඒ පාප ක්‍රියාවෙන් පොළවේ සිට සදෙව්ලොව එක ම කෝලාහලයක් ඇතිවිය.

අථ සක‍්කො චින‍්තෙසි – “අයං අන්‍ධබාලො මහාජනං විහෙඨෙති, කරිස‍්සාමිස‍්ස නිග‍්ගහ”න‍්ති. සො මහල‍්ලකගාමියවණ‍්ණං කත්‍වා යානකෙ එකං තක‍්කචාටිං ආරොපෙත්‍වා යානං පෙසෙන‍්තො නගරං පවිසති. රාජාපි හත්‍ථිං ආරුය‍්හ නගරතො නික‍්ඛන‍්තො තං දිස‍්වා – “අයං මහල‍්ලකො තක‍්කයානකෙන අම‍්හාකං අභිමුඛො ආගච‍්ඡති, වාරෙථ වාරෙථා”ති ආහ. මනුස‍්සා ඉතො චිතො ච පක‍්ඛන්‍දන‍්තාපි න පස‍්සන‍්ති. සක‍්කො හි “රාජාව මං පස‍්සතු, මා අඤ‍්ඤෙ”ති එවං අධිට‍්ඨහි.

ඉක්බිති ශක්‍රයා මෙසේ සිතීය. “මේ බාලයා (මෝඩයා) මහජනයා වෙහෙසට පත්කරයි. ඔහුට නිග්‍රහයක් කරන්නෙමි”. ඔහු මහලු ගැමියකුගේ ස්වරූපයක් ගෙන එක් කිරිමෝරු සැළියක් ද රථයෙහි තබාගෙන, එය දක්කාගෙන නගරයට පිවිසියේය. රජු ද ඇතුපිට නැගී නගරයෙන් නික්ම ඉදිරියට එනුයේ ඔහු දැක “මේ මහල්ලා, මෝරු රථයක් ගෙන මා ඉදිරියට එයි. වලකවු. වලකවු”යි මිනිස්සු ඔබිනොව ඉවත්ව ගියත් ඔහු නොදක්නේය. ශක්‍රයා “රජු පමණක් මා දකීවා. අන්‍යයන් මා නොදකීවා!”යි අධිෂ්ඨාන කළේය.

අථ තෙසු මනුස‍්සෙසු “කහං, දෙව, කහං දෙවා”ති වදන‍්තෙසු එව රාජා සහ හත්‍ථිනා වච‍්ඡො විය ධෙනුයා යානස‍්ස හෙට‍්ඨා පාවිසි. සක‍්කො තක‍්කචාටිං භින්‍දි.

ඉක්බිති ඒ මිනිස්සු “රජතුමනි, කොහිද?” රජතුමනි කොහිද?”යි අසද්දී ම රජු ඇතාත් සමග; දෙනගේ ඇඟ යටින් යන වසුපැටවකු මෙන් මෝරු කරත්තයේ යටට පිවිසියේය. ශක්‍රයා මෝරු සැළිය බින්දේය.

රාජා සීසතො පට‍්ඨාය තක‍්කෙන කිලින‍්නසරීරො අහොසි. සො සරීරං උබ‍්බට‍්ටාපෙත්‍වා උය්‍යානපොක‍්ඛරණියං න‍්හත්‍වා අලඞ‍්කතසරීරො නගරං පවිසන‍්තො පුන තං අද‍්දස. දිස‍්වා “අයං සො අම‍්හෙහි දිට‍්ඨමහල‍්ලකො පුන දිස‍්සති. වාරෙථ වාරෙථ න”න‍්ති ආහ. මනුස‍්සා “කහං, දෙව, කහං, දෙවා”ති ඉතො චිතො ච විධාවිංසු.

රජු හිසේ සිට මෝරුවලින් තෙත්වූ සිරුරු ඇත්තේ විය. ඔහු ශරීරය තවාගෙන, උයනේ පොකුණින් දිය නා, අලංකාර වූ ශරීරයක් ඇතිව නගරයට පිවිසෙනුයේ නැවත මහල්ලා දුටුවේය. දැක “මේ මා විසින් දුටු මහල්ලා නැවත පැමිණෙයි. වලකවු”යි කීය. මිනිස්සු “රජතුමනි කොහිද? ඒ මහල්ලා කොහිද?”යි අසමින් එහෙ-මෙහෙ දිවූහ.

සො පඨමවිප‍්පකාරමෙව පුන පාපුණි. තස‍්මිං ඛණෙ සක‍්කො ගොණෙ ච යානඤ‍්ච අන‍්තරධාපෙත්‍වා ආකාසෙ ඨත්‍වා ආහ, “අන්‍ධබාල, ත්‍වං මයි තක‍්කවාණිජකො එසො”ති සඤ‍්ඤං කරොසි, සක‍්කොහං දෙවරාජා, “තවෙතං පාපකිරියං නිවාරෙස‍්සාමී”ති ආගතො, “මා පුන එවරූපං අකාසී”ති සන‍්තජ‍්ජෙත්‍වා අගමාසි. ඉමිනා කම‍්මෙන සො දුබ‍්බණ‍්ණො අහොසි.

රජතුමා පළමු විප්‍රකාරයටම නැවත පත්විය. එකෙණෙහි ම ශක්‍රයා ගොනාද රථය ද අතුරුදහන් කර, අහසෙහි සිට මෙසේ කීවේය. “අඳ බාලය! නුඹ මා එක් මෝරු වෙළෙන්දෙකියි සිතා සිටියි. මම ශක්‍ර දිව්‍ය රාජයාය. නුඹගේ මේ පාපක්‍රියාවන් නැවැත්වීමට පැමිණියෙමි. නැවත මෙවැනි පාපක්‍රියා නොකරවු”යි තර්ජනය කර ගියේය. මේ කර්මය නිසා ඔහු දුර්වර්ණ වූවෙක් විය.

විපස‍්සීසම‍්මාසම‍්බුද‍්ධකාලෙ පනෙස චිත‍්තපත‍්තකොකිලො නාම හුත්‍වා ඛෙමෙ මිගදායෙ වසන‍්තො එකදිවසං හිමවන‍්තං ගන‍්ත්‍වා මධුරං අම‍්බඵලං තුණ‍්ඩෙන ගහෙත්‍වා ආගච‍්ඡන‍්තො භික‍්ඛුසඞ‍්ඝපරිවාරං සත්‍ථාරං දිස‍්වා චින‍්තෙසි – “අහං අඤ‍්ඤෙසු දිවසෙසු රිත‍්තකො තථාගතං පස‍්සාමි. අජ‍්ජ පන මෙ ඉමං අම‍්බපක‍්කං අත්‍ථි, දසබලස‍්ස තං දස‍්සාමී”ති ඔතරිත්‍වා ආකාසෙ චරති. සත්‍ථා තස‍්ස චිත‍්තං ඤත්‍වා උපට‍්ඨාකං ඔලොකෙසි. සො පත‍්තං නීහරිත්‍වා දසබලං වන්‍දිත්‍වා සත්‍ථු හත්‍ථෙ ඨපෙසි. කොකිලො දසබලස‍්ස පත‍්තෙ අම‍්බපක‍්කං පතිට‍්ඨාපෙසි. සත්‍ථා තත්‍ථෙව නිසීදිත්‍වා තං පරිභුඤ‍්ජි. කොකිලො පසන‍්නචිත‍්තො පුනප‍්පුනං දසබලස‍්ස ගුණෙ ආවජ‍්ජෙත්‍වා දසබලං වන්‍දිත්‍වා අත‍්තනො කුලාවකං ගන‍්ත්‍වා සත‍්තාහං පීතිසුඛෙනෙව වීතිනාමෙසි. ඉමිනා කම‍්මෙන සරො මධුරො අහොසි.

විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මොහු “චිත්‍රපත්‍ර” නම් කොවුලෙක් වී ක්‍ෂේම වූ (අභය භූමියක් වූ) මිගදායෙහි වසයි. එක් දිනක් හිමවතට ගොස් මිහිරි අඹගෙඩියක් තුඩින් රැගෙන එනවිට භික්‍ෂු මහා සංඝයා පිරිවරාගෙන වඩින බුදුරජාණන් වහන්සේ දැක මෙසේ සිතුවේය. “මම වෙන දවස්වල දී හිස් අතින් සිටියදී බුදුහු දකිමි. අද මට මේ අඹ ගෙඩියක් ඇත. දසබලයන් වහන්සේට මෙය දෙන්නෙමි”යි පහළට බැස අහසෙහි සිටියේය. බුදුරජාණන් වහන්සේ කොවුලාගේ සිත දැන, උපස්ථායක තෙරුන් දෙස බැලූ සේක. ඔහු පාත්‍රය ගෙන දසබලයන් වහන්සේට වැඳ, එම පාත්‍රය බුදුන්ගේ අතෙහි තැබුවේය. කොවුලා එම පාත්‍රයෙහි අඹ ගෙඩිය තැබීය. බුදුහු එතැනම වැඩහිඳ අඹගෙඩිය වැළඳූහ. කොවුලා අතිශය සතුටට පත්ව පුනපුනා බුදුගුණ සිහිකරමින් බුදුරදුන්ට වැඳ තමාගේ වසන තැනට ගොස්, සත්දිනක් ම ප්‍රීති සුවයෙන්ම කල්යැවීය. මෙම කර්මයේ බලයෙන් භද්දිය තෙරුන්ට මිහිරි කටහඬක් ලැබුණි.

කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ පන චෙතියෙ ආරද‍්ධෙ “කිංපමාණං කරොම? සත‍්තයොජනප‍්පමාණං. අතිමහන‍්තං එතං, ඡයොජනප‍්පමාණං කරොම. ඉදම‍්පි අතිමහන‍්තං, පඤ‍්චයොජනං කරොම, චතුයොජනං, තියොජනං, ද‍්වියොජන”න‍්ති. අයං තදා ජෙට‍්ඨකවඩ‍්ඪකී හුත්‍වා, “එවං, භො, අනාගතෙ සුඛපටිජග‍්ගිතං කාතුං වට‍්ටතී”ති වත්‍වා රජ‍්ජුං ආදාය පරික‍්ඛිපන‍්තො ගාවුතමත‍්තකෙ ඨත්‍වා, “එකෙකං මුඛං ගාවුතං හොතු, චෙතියං යොජනාවට‍්ටං යොජනුබ‍්බෙධං භවිස‍්සතී”ති ආහ. තෙ තස‍්ස වචනෙ අට‍්ඨංසු. චෙතියං සත‍්තදිවසසත‍්තමාසාධිකෙහි සත‍්තහි සංවච‍්ඡරෙහි නිට‍්ඨිතං. ඉති අප‍්පමාණස‍්ස බුද‍්ධස‍්ස පමාණං අකාසීති. තෙන කම‍්මෙන ඔකොටිමකො ජාතො.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී චෛත්‍යය සෑදීම ඇරඹූ කල්හි “කොපමණ ප්‍රමාණයකින් කරමුද?” ඇසූවිට “යොදුන් හතක් උසටය.”යි කී කල්හි “එය ඉතා මහත්ය” “යොදුන් හයක් උසට සාදමු” “එයද ඉතා විශාලය”. පස්-සිවු-තුන් යොදුන්, දෙයොදුන් කිරීමටවත් එදා ප්‍රධාන වඩුවා වී මොහු අකමැති විය. මෙය අනාගතයේ දී සුවසේ පිළිසකර කිරීමට හැකිවිය යුතුයැයි කියා නූලක් ගෙන වටකරමින් ගවුවක් පමණ දුරින් සිට “සෑම පැත්තක්ම ගවුවක් පමණ වේවා!”යි චෛත්‍යය යොදුනක් පමණ වසාගත්, යොදුනක් උස වූවක් වන්නේය” කීවේය. සෙස්සෝ ඔහුගේ වචනය පිළිගත්හ. චෛත්‍යය වසර හතකුත් මාස හතකුත් දින සතකුත් ගෙවුණු කල්හි සාදා නිමකරන ලදී. මෙසේ අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණයක් කරන ලද කර්මයේ බලයෙන් ඔහු අතිශයින් මිටි ශරීර ඇතිව උපන්නේය.

හත්‍ථයො පසදා මිගාති හත්‍ථිනො ච පසදමිගා ච. නත්‍ථි කායස‍්මිං තුල්‍යතාති කායස‍්මිං පමාණං නාම නත්‍ථි, අකාරණං කායපමාණන‍්ති අත්‍ථො.

“හත්‍ථියො පසදා මිගං” යනු ඇත්තු ද තිත් මුවෝ ද යනුයි. “නත්‍ථි කායස්මිං තුල්‍යතා” යනු කයෙහි ප්‍රමාණයක් නම් නැත යනුයි. කාය ප්‍රමාණය සැලකීම නුසුදුසුය. නිරර්ථකය. යන අර්ථයි.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. විසාඛපඤ‍්චාලිපුත‍්තසුත‍්තවණ‍්ණනා

7. විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පොරියා වාචායාති පුරවාසීනං නගරමනුස‍්සානං වාචාසදිසාය අපරිහීනක‍්ඛරපදාය මධුරවාචාය. විස‍්සට‍්ඨායාති අසන්‍දිද‍්ධාය අපලිබුද‍්ධාය, පිත‍්තසෙම‍්හෙහි අනුපහතායාති අත්‍ථො. අනෙලගලායාති යථා දන්‍ධමනුස‍්සා මුඛෙන ඛෙළං ගළන‍්තෙන වාචං භාසන‍්ති, න එවරූපාය, අථ ඛො නිද‍්දොසාය විසදවාචාය. පරියාපන‍්නායාති චතුසච‍්චපරියාපන‍්නාය චත‍්තාරි සච‍්චානි අමුඤ‍්චිත්‍වා පවත‍්තාය. අනිස‍්සිතායාති වට‍්ටනිස‍්සිතං කත්‍වා අකථිතාය. ධම‍්මො හි ඉසිනං ධජොති නවවිධලොකුත‍්තරධම‍්මො ඉසීනං ධජො නාමාති.

සත්වන සූත්‍රයේ - “පොරියා වාචාය” යනු පුරවැසි, නගරවැසි මිනිසුන්ගේ වචන හා සමාන වූ නොපිරිහුණු අකුරු-පද සහිත මිහිරි වදනින් යනුයි. “විස්සට්ඨාය” යනු නිදොස් වූ පළිබෝධ නොමැති වූ යනුයි. පිත්සෙම් ආදියෙන් පලුදු නොවූ යන අර්ථයි. “අනෙළගලාය” යනු යම්සේ මිනිස්සු කටින් කෙල ගලද්දී කථා කරයිද ඉන් තොරවූ, එලෙස නොවූ යනුයි. එනම් නිර්දේෂ වූ පිරිසිදු වචන ඇතිවයි. “පරියාපන්නාය” යනු චතුරාර්ය සත්‍ය පර්යාපන්න වූයි. චතුරාර්ය සත්‍යයන්ගෙන් නොමිදී පවතින්නා වූ. “අනිස්සිතාය” යනු සසර පැවැත්ම ආශ්‍රය කරගෙන නොකියන ලද යනුයි. “ධම්මො හි ඉසිනං ධජො” යනු නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සෘෂිවරුන්ගේ ධජය-කොඩිය නම් වේ.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. නන්‍දසුත‍්තවණ‍්ණනා

8. නන්ද සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ ආකොටිතපච‍්චාකොටිතානීති එකස‍්මිං පස‍්සෙ පාණිනා වා මුග‍්ගරෙන වා ආකොටනෙන ආකොටිතානි, පරිවත‍්තෙත්‍වා ආකොටනෙන පච‍්චාකොටිතානි. අඤ‍්ජෙත්‍වාති අඤ‍්ජනෙන පූරෙත්‍වා. අච‍්ඡං පත‍්තන‍්ති විප‍්පසන‍්නවණ‍්ණං මත‍්තිකාපත‍්තං. කස‍්මා පන ථෙරො එවමකාසීති? සත්‍ථු අජ‍්ඣාසයජානනත්‍ථං. එවං කිරස‍්ස අහොසි “සචෙ සත්‍ථා ‘සොභති වත මෙ අයං කනිට‍්ඨභාතිකො’ති වක‍්ඛති, යාවජීවං ඉමිනා වාකාරෙන චරිස‍්සාමි. සචෙ එත්‍ථ දොසං දස‍්සති, ඉමං ආකාරං පහාය සඞ‍්කාරචොළං ගහෙත්‍වා චීවරං කත්‍වා ධාරෙන‍්තො පරියන‍්තසෙනාසනෙ වසන‍්තො චරිස‍්සාමී”ති. අස‍්සසීති භවිස‍්සසි.

අටවන සූත්‍රයේ - “ආකොටිතපච්චාකොටිතානි” යනු එක් පැත්තක අතින් හෝ මුගුරකින් හෝ තට්ටු කිරීමෙන් මදින ලද, නැවත පෙරලා තට්ටු කිරීමෙන් නැවත නැවත උළා මදින ලද යනුයි. “අඤ්ජිත්‍වා” යනු අලුතෙන් පුරවාය. “අච්ඡං පත්තං” යනු අලංකාර වර්ණ ඇති මැටි පාත්‍රයකි. කුමක් නිසා තෙරුන් වහන්සේ මෙසේ කලසේක්ද? බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගැනීම සඳහායි. උන්වහන්සේට මෙසේ සිතුණි. “ඉදින් ශාස්තෘෘන් වහන්සේ ‘මගේ මේ බාල සෝයුරු වූ නන්ද, ඉතා හොබනේයැ”යි වදාළහොත් දිවි ඇතිතාක් මේ අයුරින්ම හැසිරෙන්නෙමි. ඉදින් බුදුහු මෙහි දොස් දැක්වුවහොත් මේ ස්වරූපය අත්හැර, කසල ගොඩකින් වස්ත්‍රයක් ගෙන, සිවුරක් මසා එය පොරවාගෙන පර්යන්ත සෙනසුන්හි වසමින් හැසිරෙන්නෙමි” යනුවෙනි. “අස්සසී” යනු වන්නෙහිය.

අඤ‍්ඤාතුඤ‍්ඡෙනාති අභිලක‍්ඛිතෙසු ඉස‍්සරජනගෙහෙසු කටුකභණ‍්ඩසම‍්භාරං සුගන්‍ධං භොජනං පරියෙසන‍්තස‍්ස උඤ‍්ඡො ඤාතුඤ‍්ඡො නාම. ඝරපටිපාටියා පන ද‍්වාරෙ ඨිතෙන ලද‍්ධං මිස‍්සකභොජනං අඤ‍්ඤාතුඤ‍්ඡො නාම. අයමිධ අධිප‍්පෙතො. කාමෙසු අනපෙක‍්ඛිනන‍්ති වත්‍ථුකාමකිලෙසකාමෙසු නිරපෙක‍්ඛං. ආරඤ‍්ඤිකො චාතිආදි සබ‍්බං සමාදානවසෙනෙව වුත‍්තං. කාමෙසු ච අනපෙක‍්ඛොති ඉදං සුත‍්තං දෙවලොකෙ අච‍්ඡරායො දස‍්සෙත්‍වා ආගතෙන අපරභාගෙ කථිතං. ඉමස‍්ස කථිතදිවසතො පට‍්ඨාය ථෙරො ඝටෙන‍්තො වායමන‍්තො කතිපාහෙනෙව අරහත‍්තෙ පතිට‍්ඨාය සදෙවකෙ ලොකෙ අග‍්ගදක‍්ඛිණෙය්‍යො ජාතො.

“අඤ්ඤාතුඤ්ජෙන” සලකුණු කළ පොහොසත් ජනයාගේ ගෙවල්වල කුළුබඩුවලින් යුක්ත, සුවඳවත් භෝජන සොයන්නාගේ අහර සිඟීම “ඤාතුඤ්ජ” නම් වේ. ගෙපිළිවෙලින් දොරක් පාසා යමින් ලද මිශ්‍ර වූ භෝජනය “අඤ්ඤාතුඤ්ජ” නම් වේ. මේ අර්ථය මෙහිදී අභිප්‍රේතයි. “කාමෙසු අනපෙක්ඛිනං” යනු වස්තු කාමයෙහිද ක්ලේශ කාමයෙහිද අපේක්‍ෂාවක්-කැමැත්තක් නොමැතිව යනුයි. “ආරඤ්ඤකො ච” ආදී සියල්ල සමාදන්වීම් වශයෙන් කියන ලදී. “කාමෙසු අනපෙක්ඛො” යනු මේ සූත්‍රය දිව්‍යලෝකයේ දිව්‍යාංගනාවන් දක්වා පැමිණීමෙන් පසුව දෙසූවකි. මෙය දේශිත දවසේ පටන් තෙරුන් වහන්සේ ගැටෙන්නේ, වෑයම් කරන්නේ කිහිප දිනකින්ම රහත්බැව්හි පිහිටිසේක් දෙවියන් සහිත ලෝකයෙහි අග දක්‍ෂිණෙය්‍ය බවට පත්වූහ.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි.

9. තිස‍්සසුත‍්තවණ‍්ණනා

9. තිස්ස සූත්‍ර වර්ණනාව

නවමෙ දුම‍්මනොති උප‍්පන‍්නදොමනස‍්සො. කස‍්මා පනායං එවං දුක‍්ඛී දුම‍්මනො ජාතොති? ඛත‍්තියපබ‍්බජිතො හෙස, තෙන නං පබ‍්බාජෙත්‍වා දුපට‍්ටසාටකං නිවාසාපෙත්‍වා වරචීවරං පාරුපෙත්‍වා අක‍්ඛීනි අඤ‍්ජෙත්‍වා මනොසිලාතෙලෙන සීසං මක‍්ඛෙසුං. සො භික‍්ඛූසු රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානං ගතෙසු “භික‍්ඛුනා නාම විවිත‍්තොකාසෙ නිසීදිතබ‍්බ”න‍්ති අජානන‍්තො භොජනසාලං ගන‍්ත්‍වා මහාපීඨං ආරුහිත්‍වා නිසීදි. දිසාවචරා ආගන‍්තුකා පංසුකූලිකා භික‍්ඛූ ආගන‍්ත්‍වා, “ඉමිනාව නීහාරෙන රජොකිණ‍්ණෙහි ගත‍්තෙහි න සක‍්කා දසබලං පස‍්සිතුං. භණ‍්ඩකං තාව ඨපෙස‍්සාමා”ති භොජනසාලං අගමංසු. සො තෙසු මහාථෙරෙසු ආගච‍්ඡන‍්තෙසු නිච‍්චලො නිසීදියෙව. අඤ‍්ඤෙ භික‍්ඛූ “පාදවත‍්තං කරොම, තාලවණ‍්ටෙන බීජාමා”ති ආපුච‍්ඡන‍්ති. අයං පන නිසින‍්නකොව “කතිවස‍්සත්‍ථා”ති? පුච‍්ඡිත්‍වා, “මයං අවස‍්සිකා. තුම‍්හෙ පන කතිවස‍්සත්‍ථා”ති? වුත‍්තෙ, “මයං අජ‍්ජ පබ‍්බජිතා”ති ආහ.

නවවන සූත්‍රයේ - “දුම්මනො” යනු උපන් දොම්නස් බවයි. කුමක් නිසා මොහු මෙසේ දුක්ඛිත, දොම්නස් බවට පත්වූයේද? ඔහු ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූවෙකි. දෙපට සලුවක් හැඳගෙන, උතුම් සිවුරක් පොරවාගෙන, ඇස් අඳුන් ගා, මනෝසීල (රත් සිරියල්) තෙල් හිස ගල්වාගෙන සිටියි. ඔහු සෙසු භික්‍ෂූන් වහන්සේ දිවා වසන, රාත්‍රී වසන තැන්වලට නික්මගිය කල්හි, “භික්‍ෂූහු නම් විවේකාවසරයකින් හිඳිය යුතුය”යි නොදන්නේ, භෝජන ශාලාවට ගොස් මහ පුටුවක වාඩිවී හුන්නේය. දිශාවන්හි හැසිරෙන ආගන්තුක වූ පාංශුකූලික භික්‍ෂූහු පැමිණ, “අපට මේ ආකාර වූ දූවිලි වැකුණු සිරුරින් දසබලයන් වහන්සේ දැකීමට නොහැක. අපගේ බඩුබාහිරාදිය තබමු”යි භෝජනශාලාවට ගියහ. ඒ මහතෙරවරු වඩිනවිට තිස්ස හිමියන් එසේම නිශ්චලව සිටියේය. අනික් භික්‍ෂූහු “අත්පා මෙහෙවර කරමු.” “තල් අත්තෙන් පවන් ගසමු” ආදිය විමසති. මොහු වනාහු හුන්නේම “කොතෙක් වස්ද?” යි විමසූ විට “අපි වස් නැත්තෝය. නුඹලාගේ වස් කීයද ?”යි ඒ හිමිවරුන්ගෙන් ඇසීය. උන්වහන්සේලා වස් ගණන පැවසූවිට “මම අද පැවිදිවීමි”යි තිස්ස හිමි පැවසීය.

අථ නං භික‍්ඛූ, “ආවුසො, අධුනා ඡින‍්නචූළොසි, අජ‍්ජාපි තෙ සීසමූලෙ ඌකාගන්‍ධො වායතියෙව, ත්‍වං නාම එත‍්තකෙසු වුඩ‍්ඪතරෙසු වත‍්තං ආපුච‍්ඡන‍්තෙසු නිස‍්සද‍්දො නිච‍්චලො නිසින‍්නො, අපචිතිමත‍්තම‍්පි තෙ නත්‍ථි, කස‍්ස සාසනෙ පබ‍්බජිතොසී”ති? පරිවාරෙත්‍වා තං වාචාසත‍්තීහි පහරන‍්තා “කිං ත්‍වං ඉණට‍්ටො වා භයට‍්ටො වා ජීවිතුං අසක‍්කොන‍්තො පබ‍්බජිතො”ති? ආහංසු. සො එකම‍්පි ථෙරං ඔලොකෙසි, තෙන “කිං මං ඔලොකෙසි මහල‍්ලකා”ති? වුත‍්තෙ අඤ‍්ඤං ඔලොකෙසි, තෙනපි තථෙව වුත‍්තෙ අථස‍්ස “ඉමෙ මං පරිවාරෙත්‍වා වාචාසත‍්තීහි විජ‍්ඣන‍්තී”ති ඛත‍්තියමානො උප‍්පජ‍්ජි. අක‍්ඛීසු මණිවණ‍්ණානි අස‍්සූනි සඤ‍්චරිංසු. තතො නෙ ආහ – “කස‍්ස සන‍්තිකං ආගතත්‍ථා”ති. තෙ “කිං පන ත්‍වං ‘මය‍්හං සන‍්තිකං ආගතා’ති? අම‍්හෙ මඤ‍්ඤසි ගිහිබ්‍යඤ‍්ජනභට‍්ඨකා”ති වත්‍වා, “සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලස‍්ස සත්‍ථු සන‍්තිකං ආගතම‍්හා”ති ආහංසු. සො “මය‍්හං භාතු සන‍්තිකෙ ආගතා තුම‍්හෙ, යදි එවං ඉදානි වො ආගතමග‍්ගෙනෙව ගමනං කරිස‍්සාමී”ති කුජ‍්ඣිත්‍වා නික‍්ඛන‍්තො අන‍්තරාමග‍්ගෙ චින‍්තෙසි – “මයි ඉමිනාව නීහාරෙන ගතෙ සත්‍ථා එතෙ න නීහරාපෙස‍්සතී”ති දුක‍්ඛී දුම‍්මනො අස‍්සූනි පවත‍්තයමානො අගමාසි. ඉමිනා කාරණෙන එස එවං ජාතොති.

ඉක්බිති ඒ භික්‍ෂූහු ඔහුට “ඇවැත්නි, දැන් කැපූ හිසකෙස් ඇත්තෙහිද? අද ද නුඹගේ හිසින් උකුණුගඳ වහනය වේ. නුඹ නම් මෙපමණ වයසට ගොස් පැවිදි වී වස් විමසන විට නිශ්ශබ්දව-නිශ්චලව හුන්නෙහිය. ගෞරව දැක්වීම් පමණකුදු නුඹ ළඟ නැත. කාගේ සසුනක පැවිදිවීද?”යි ඔහු පිරිවරාගෙන වචන නැමති හුල්වලින් පහර දෙමින් “කිම නුඹ ණය ගත්තෙක්ද? භය වූවෙක්ද? ජීවත්වීමට නොහැකිව පැවිදිවීද?”යි කීහ. ඔහු එක් තෙරනමක් දෙස බැලුවේය. එහිමි “මහල්ල! කුමක් නිසා මා දෙස බලන්නෙහිද?”යි කී කල්හි තිස්ස හිමි වෙනත් අයෙකු දෙස බැලුවේය. උන්වහන්සේද එසේම ඇසූවිට “මොවුහු මා වටකරගෙන වචන නැමති සැත් (ආයුධ) වලින් විදින්නෝයැ”යි තිස්ස හිමිට ක්‍ෂත්‍රිය මානය උපන්නේය. ඇස්වලින් මැණික් පාට වූ කඳුලු වැගිරුණි. ඉක්බිති තිස්ස හිමි, සෙසු මහතෙරවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “කාගේ ළඟට ආවෙහිද?” ඔවුහු “අපි නුඹගේ ළඟට පැමිණියාහුයැයි නුඹ සිතන්නෙහිද? ගිහි බැඳුම් ඇති තැනැත්ත! එසේ නොසිතව. සදෙව්ලොවට අග්‍රපුද්ගලයා වූ ශාස්තෘෘන් වහන්සේ දැකීමට අපි පැමිණියෙමු”යි පැවසූහ. එම වදන් අසා අතිශයින් කෝපාවිෂ්ට වූ තිස්ස හිමි, “ඒ මගේ සෝයුරා ළඟට පැමිණියේ නම්, දැන් මම නුඹලා පැමිණි මාර්ගයෙන්ම ආපසු හරවා යවන්නෙමි”යි කියා බුදුරදුන් ළඟට යෑමට පිටත්වී අතරමගදී මෙසේ සිතුවේය. “මා මේ ආකාරයෙන් බුදුරදුන් ළඟට ගියහොත් මොවුහු නෙරපා හරින්නේ නැත.” එනිසා දුක් දොම්නස් විලාශයක් ගෙන කඳුළු වගුරුවමින් ගියේය. මේ කාරණයෙන් මොහු මෙබඳු ස්වරූප වීයැයි දතයුතුයි.

වාචාසන‍්නිතොදකෙනාති වචනපතොදෙන. සඤ‍්ජම‍්භරිමකංසූති සඤ‍්ජම‍්භරිතං නිරන‍්තරං ඵුටං අකංසු, උපරි විජ‍්ඣිංසූති වුත‍්තං හොති. වත‍්තාති පරෙ යදිච‍්ඡකං වදතියෙව. නො ච වචනක‍්ඛමොති පරෙසං වචනං ඛමිතුං න සක‍්කොති. ඉදානි තාව ත්‍වං ඉමිනා කොපෙන ඉමිනා වුත‍්තවාචාසන‍්නිතොදකෙන විද‍්ධො. අතීතෙ පන රට‍්ඨතො ච පබ‍්බාජිතොති. එවං වුත‍්තෙ, “කතරස‍්මිං කාලෙ භගවා”ති? භික‍්ඛූ භගවන‍්තං යාචිංසු.

“වාචාසන්නිතොදකෙන” යනු වචන නැමති කෙවිටෙනි. “සඤ්ජම්හරිං අකංසු” හාත්පසින් නිතර ස්පර්ශ කළහ යනුයි. මතු මතුයෙහි විද්දහ”යි කියන ලදී. “වත්තා” යනු අනුන් යමක් කැමති නම් කියන්නේමය යනුයි. “නොච වචනක්ඛමො” යනු අනුන්ගේ වචන ඉවසීමට නොහැකි වේ. මෙසේ නුඹ මේ කෝපයෙන් මේ ආත්මයේදී කියූ වචන නැමති හුල්වලින් විදින ලදී. අතීතයේදී රටින් ද පිටුවහල් කරන ලදී. මෙසේ වදාළ විට “භාග්‍යවතුන් වහන්ස! ඒ කවර කාලයකද?”යි භික්‍ෂූහු ඇසූහ. ශාස්තෘෘන් වහන්සේ මෙසේ වදාළහ.

සත්‍ථා ආහ – අතීතෙ බාරාණසියං බාරාණසිරාජා රජ‍්ජං කාරෙසි. අථෙකො ජාතිමා, එකො මාතඞ‍්ගොති ද‍්වෙ ඉසයො බාරාණසිං අගමංසු. තෙසු ජාතිමා පුරෙතරං ගන‍්ත්‍වා කුම‍්භකාරසාලායං නිසීදි. මාතඞ‍්ගො තාපසො පච‍්ඡා ගන‍්ත්‍වා තත්‍ථ ඔකාසං යාචි කුම‍්භකාරො “අත්‍ථෙත්‍ථ පඨමතරං පවිට‍්ඨො පබ‍්බජිතො, තං පුච‍්ඡා”ති ආහ. සො අත‍්තනො පරික‍්ඛාරං ගහෙත්‍වා සාලාය ද‍්වාරමූලෙ ඨත්‍වා, “අම‍්හාකම‍්පි ආචරිය එකරත‍්තිවාසාය ඔකාසං දෙථා”ති ආහ. “පවිස, භො”ති. පවිසිත්‍වා නිසින‍්නං, “භො, කිං ගොත‍්තොසී”ති? පුච‍්ඡි. “චණ‍්ඩාලගොත‍්තොම‍්හී”ති. “න සක‍්කා තයා සද‍්ධිං එකට‍්ඨානෙ නිසීදිතුං, එකමන‍්තං ගච‍්ඡා”ති. සො ච තත්‍ථෙව තිණසන්‍ථාරකං පත්‍ථරිත්‍වා නිපජ‍්ජි, ජාතිමා ද‍්වාරං නිස‍්සාය නිපජ‍්ජි. ඉතරො පස‍්සාවත්‍ථාය නික‍්ඛමන‍්තො තං උරස‍්මිං අක‍්කමි. “කො එසො”ති ච වුත‍්තෙ? “අහං ආචරියා”ති ආහ. “රෙ චණ‍්ඩාල, කිං අඤ‍්ඤතො මග‍්ගං න පස‍්සසි? අථ මෙ ආගන‍්ත්‍වා අක‍්කමසී”ති. “ආචරිය, අදිස‍්වා මෙ අක‍්කන‍්තොසි, ඛම මය‍්හ”න‍්ති. සො මහාපුරිසෙ බහි නික‍්ඛන‍්තෙ චින‍්තෙසි – “අයං පච‍්චාගච‍්ඡන‍්තොපි ඉතොව ආගමිස‍්සතී”ති පරිවත‍්තෙත්‍වා නිපජ‍්ජි.

අතීතයේ බරණැස් නුවර බරණැස් රජු රජකම් කරයි. ඉක්බිති “ජාතිමා” සහ “මාතංග” නම් සෘෂිවරු දෙදෙනෙක් බරණැසට ගියහ. ඔවුන්ගෙන් ජාතිම පළමුව ගොස් කුඹල්හලෙහි හුන්නේය. මාතංග තාපසයා පසුව අවුත් අවසර ඉල්ලීය. “මෙහි පළමුව හා පැවිද්දෙක් ඇත. ඔහුගෙන් අවසර ගන්න”යි කුඹල්කරු කීවේය. ඔහු තමාගේ පිරිකර ගෙන ශාලාවේ දොර මුල තබා, එහි සිට “ආචාර්යයෙනි! අපටද එක රැයක් විසීමට අවසර දෙන්නෙහිද?”යි ඇසීය. ජාතිම සෘෂි එවිට “පිවිසෙන්න”යි කියා පිවිස හුන් කල්හි “කවර ගෝත්‍රයේ ද?”යි ඇසීය. මාතංග ඍෂි “චණ්ඩාල ගෝත්‍රයේය”යි කීය. නුඹ සමග එක තැන නිදීමට නොහැක කියා පැත්තකට ගියේය. මාතංග තාපසයෝ එහි ම තණ ඇතිරිය අතුරා හොත්තේය. ජාතිම තාපසයා දොරළඟ නිදාගත්තේය. මාතංග තාපසයා මහ රෑ මුත්‍රා කිරීමට නික්මෙනුයේ ඔහුගේ උරය පෑගුණි. “මේ කවුද?”යි ඇසූවිට “ආචාර්යනි! මම වෙමි”යි මාතංග කීය. “බොල චණ්ඩාලය! කිම වෙනත් මාර්ගයක් නොදන්නෙහිද? මෙහි අවුත් මා පෑගුවෙහිය”යි ජාතිම චෝදනා කළේය. “ආචාර්යනි! නොදැක මා හට පෑගුණි. මට සමාවන්න”යි මාතංග තාපස කීවේය. මෙතෙම ආපසු එනවිටදී ද මෙතැනින් ම අවුත් පාගන්නේ යැයි සිතූ ජාතිම අනිත් පැත්ත හැරී නිදාගත්තේය.

මහාපුරිසොපි “ආචරියො ඉතො සීසං කත්‍වා නිපන‍්නො, පාදසමීපෙන ගමිස‍්සාමී”ති පවිසන‍්තො පුන උරස‍්මිංයෙව අක‍්කමි. “කො එසො”ති ච වුත‍්තෙ? “අහං ආචරියා”ති ආහ. “පඨමං තාව තෙ අජානන‍්තෙන කතං, ඉදානි මං ඝටෙන‍්තොව අකාසි, සූරියෙ තෙ උග‍්ගච‍්ඡන‍්තෙ සත‍්තධා මුද‍්ධා ඵලතූ”ති සපි. මහාපුරිසො කිඤ‍්චි අවත්‍වා පුරෙඅරුණෙයෙව සූරියං ගණ‍්හි, නාස‍්ස උග‍්ගන‍්තුං අදාසි. මනුස‍්සා ච හත්‍ථිඅස‍්සාදයො ච පබුජ‍්ඣිංසු.

මාතංග තාපසයා ද “ආචාර්යවරයා මා පැමිණි පැත්තේ හිස තබා නිදියයි. ආපසු යනවිට පා ඇති පැත්තෙන් යා යුතුයැ”යි සිතා අනෙක් පසින් යන්නේ නැවත උරයම පෑගුවේය. “මේ කවුද?” යි ඇසූවිට “ආචාර්යතුමනි! මම වෙමි” යි මාතංග කීවේය. එවිට ජාතිම නැගිට, “පළමුව නුඹ නොදැන පෑගුවෙහිය. දැන් මා සමග ගැටීමට ම පෑගුවෙහිය. ඉර උදාවනවිටම නුඹගේ හිස සත්කඩකට පැලේවා!”යි සාප කළේය. මාතංග තාපසයා කිසිවක් නොකියා නගරයට අරුණ උදාවූ කල්හිම සූර්යයා අල්ලාගෙන නැගීමට ඉඩ නුදුන්හ. මිනිස්සුද ඇත්-අස් ආදීන්ද නින්දෙන් පිබිදුනහ.

මනුස‍්සා රාජකුලං ගන‍්ත්‍වා, “දෙව, සකලනගරෙ අප‍්පබුද‍්ධො නාම නත්‍ථි, න ච අරුණුග‍්ගං පඤ‍්ඤායති, කින‍්නු ඛො එත”න‍්ති? තෙන හි නගරං පරිවීමංසථාති.

මිනිස්සු රජගෙදරට ගොස් “දේවයන් වහන්ස! මුලු නුවරම අප්‍රබුද්ධයෙක් නම් නැත. ඉර නැගීම නොපෙනේ. මෙය කුමක් නිසා සිදුවීද?” “එසේම් නගරය පරික්‍ෂා කර බලන්න”යි රජු කීවේය.

තෙ පරිවීමංසන‍්තා කුම‍්භකාරසාලායං ද‍්වෙ තාපසෙ දිස‍්වා, “ඉමෙසං එතං කම‍්මං භවිස‍්සතී”ති ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. රඤ‍්ඤා ච “පුච‍්ඡථ නෙ”ති වුත‍්තා ආගන‍්ත්‍වා ජාතිමන‍්තං පුච‍්ඡිංසු – “තුම‍්හෙහි අන්‍ධකාරං කත”න‍්ති. “න මයා කතං, එස පන කූටජටිලො ඡවො අනන‍්තමායො, තං පුච‍්ඡථා”ති. තෙ ආගන‍්ත්‍වා මහාපුරිසං පුච‍්ඡිංසු – “තුම‍්හෙහි, භන‍්තෙ, අන්‍ධකාරං කත”න‍්ති. “ආම අයං ආචරියො මං අභිසපි, තස‍්මා මයා කත”න‍්ති. තෙ ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං.

ඔවුහු පරීක්‍ෂා කර බලන්නාහු කුඹල්හලෙහි තාපසයන් දෙදෙනෙකු සිටිනවා දුටුවේය. මෙය මොවුන් විසින් කළ දෙයක් වන්නේයැයි නියම කර, රජුට දැන්වූහ. රජු “ඔහුගෙන් විමසන්න”යි නියම කළේය. නුවරවැසියෝ පැමිණ ජාතිමගෙන් ප්‍රශ්න කළහ. “නුඹ විසින් අඳුර කරන ලදීද?” “මවිසින් නොකරන ලදී. නමුත් මෙහි කූට (කපටි) ජටිලයෙක් ඇත. ඔහු නීචයෙකි. අනන්ත වූ මායා දන්නෙකි. ඔහුගෙන් අසන්න”යි ජාතිම තාපස කීවේය. නගරවැසියෝ පැමිණ මාතංගගෙන් “ස්වාමීනි! නුඹවහන්සේ විසින් අන්‍ධකාරය පවත්වන්නේද?”යි ඇසූහ. “එසේය. මේ ආචාර්යවරයා මට සාප කළේය. එනිසා මවිසින් අඳුරු කරන ලදී. පවත්වාගෙන යමි”යි මාතංග කීවිට, ඒ බව රජුට දැනුම් දුන්හ.

රාජාපි ආගන‍්ත්‍වා මහාපුරිසං “තුම‍්හෙහි කතං, භන‍්තෙ”ති? පුච‍්ඡි. “ආම, මහාරාජා”ති. “කස‍්මා භන‍්තෙ”ති? “ඉමිනා අභිසපිතොම‍්හි, සචෙ මං එසො ඛමාපෙස‍්සති, සූරියං විස‍්සජ‍්ජෙස‍්සාමී”ති. රාජා “ඛමාපෙථ, භන‍්තෙ, එත”න‍්ති ආහ. ඉතරො “මාදිසො ජාතිමා කිං එවරූපං චණ‍්ඩාලං ඛමාපෙස‍්සති? න ඛමාපෙමී”ති.

රජු පැමිණ “ස්වාමීනි, නුඹ විසින් මෙය කරන ලදීද?”යි විමසීය. “එසේය රජතුමනි!” “කුමක් නිසාද ස්වාමීනි?” “මොහු විසින් මට සාපකරන ලද්දෙමි. ඉදින් මොහු මගෙන් සමාව ගන්නෙහි නම් සූර්යයා අත්හරින්නෙමි” රජු ජාතිම තවුසා අමතා මෙසේ කීවේය. “ස්වාමීනි! කමාකර ගන්න. මොහුගෙන් සමාව ගන්න.” එවිට තවුසා “කිම මා වැනි උසස් ජාති ඇත්තෙකු මෙබඳු චණ්ඩාලයෙකුගෙන් සමාව ගන්නේද? මම සමාව නොගන්නෙමි”යි කීවේය.

අථ නං මනුස‍්සා “න කිං ත්‍වං අත‍්තනො රුචියා ඛමාපෙස‍්සසී”ති? වත්‍වා හත්‍ථෙසු ච පාදෙසු ච ගහෙත්‍වා පාදමූලෙ නිපජ‍්ජාපෙත්‍වා “ඛමාපෙහී”ති ආහංසු. සො නිස‍්සද‍්දො නිපජ‍්ජි. පුනපි නං “ඛමාපෙහී”ති ආහංසු. තතො “ඛම මය‍්හං, ආචරියා”ති ආහ.

එවිට මිනිස්සු “කිම නුඹ තමාගේ කැමැත්තෙන් සමාව නොගන්නෙහිද?”යි අත්පාවලින් ඇදගෙන ගොස් මාතංගගේ පාමුල හොවා “සමාවන්න”යි කීහ. එවිට “ආචාර්යනි, සමාව දෙමි”යි මාතංග කීවේය.

මහාපුරිසො “අහං තාව තුය‍්හං ඛමිත්‍වා සූරියං විස‍්සජ‍්ජෙස‍්සාමි, සූරියෙ පන උග‍්ගතෙ තව සීසං සත‍්තධා ඵලිස‍්සතී”ති වත්‍වා, “ඉමස‍්ස සීසප‍්පමාණං මත‍්තිකාපිණ‍්ඩං මත්‍ථකෙ ඨපෙත්‍වා එතං නදියා ගලප‍්පමාණෙ උදකෙ ඨපෙථා”ති ආහ. මනුස‍්සා තථා අකංසු. එත‍්තාවතා සරට‍්ඨකං රාජබලං සන‍්නිපති. මහාපුරිසො සූරියං මුඤ‍්චි. සූරියරස‍්මි ආගන‍්ත්‍වා මත‍්තිකාපිණ‍්ඩං පහරි. සො සත‍්තධා භිජ‍්ජි. තාවදෙව සො නිමුජ‍්ජිත්‍වා එකෙන තිත්‍ථෙන උත‍්තරිත්‍වා පලායි.

මාතංග තාපස “මම නුඹට සමාව දී සූර්යයා අත්හරින්නෙමි. සූර්යයා උදා වූ කල්හි නුඹගේ හිස සත්කඩකට පැලේ”යි කියා මොහුගේ හිස පමණ වූ මැටි පිඩක් ඔලුව මත තබා - “මොහු ගෙල දක්වා ගඟෙහි බස්වා තබව”යි මිනිසුන්ට නියම කළේය. මිනිස්සුද එසේ කළහ. මේ වනවිට රටවැසි රජුගේ බල සෙනඟ රැස්වූහ. මහා පුරුෂයා සූර්යයා අත් හළේය. සූර්ය කිරණ පැමිණ මැටි පිඬෙහි වැදුණි. එය හත්කඩකට පැලුණි. තාපසයා දියේ කිමිද වෙනත් තොටුපලකින් ගොඩවී පලා ගියේය.

සත්‍ථා ඉමං වත්‍ථුං ආහරිත්‍වා, “ඉදානි තාව ත්‍වං භික‍්ඛූනං සන‍්තිකෙ පරිභාසං ලභසි, පුබ‍්බෙපි ඉමං කොධං නිස‍්සාය රට‍්ඨතො පබ‍්බාජිතො”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා අථ නං ඔවදන‍්තො න ඛො තෙ තං තිස‍්ස පතිරූපන‍්තිආදිමාහ.

ශාස්තෘන් වහන්සේ මේ කථාව ගෙනහැර දක්වා “නුඹ දැන් පමණක් නොව භික්‍ෂූන්ගෙන් පරිභාස ලැබුවාහු - පෙරත් පරිභාස ලැබීය. නුඹගේ මේ අහේතුක ක්‍රෝධය නිසා රටින් ද පිටුවහල් කරන ලද්දෙහිය. එකල ජාතිම නම් වූයේ මේ තිස්ස භික්‍ෂුවමය. මාතංගගේ නම් මම වෙම්හ”යි පූර්වාපර සන්‍ධි ගලපා තිස්ස හිමිට අවවාද දෙන සේක් “නඛො තෙ තං තිස්ස! පතිරූපං” යනාදිය පැවසූ සේක.

නවමං.

නවවන සූත්‍රයයි.

10. ථෙරනාමකසුත‍්තවණ‍්ණනා

10. ථෙරනාම සූත්‍ර වර්ණනාව

දසමෙ වණ‍්ණවාදීති ආනිසංසවාදී. යං අතීතං තං පහීනන‍්ති අතීතෙ ඛන්‍ධපඤ‍්චකෙ ඡන්‍දරාගප‍්පහානෙන තං පහීනං නාම හොති. අනාගතන‍්ති අනාගතම‍්පි ඛන්‍ධපඤ‍්චකං තත්‍ථ ඡන්‍දරාගපටිනිස‍්සග‍්ගෙන පටිනිස‍්සට‍්ඨං නාම හොති. සබ‍්බාභිභුන‍්ති සබ‍්බා ඛන්‍ධායතනධාතුයො ච තයො භවෙ ච අභිභවිත්‍වා ඨිතං. සබ‍්බවිදුන‍්ති තං වුත‍්තප‍්පකාරං සබ‍්බං විදිතං පාකටං කත්‍වා ඨිතං. සබ‍්බෙසු ධම‍්මෙසූති තෙස‍්වෙව ධම‍්මෙසු තණ‍්හාදිට‍්ඨිලෙපෙහි අනුපලිත‍්තං. සබ‍්බඤ‍්ජහන‍්ති තදෙව සබ‍්බං තත්‍ථ ඡන්‍දරාගප‍්පහානෙන ජහිත්‍වා ඨිතං. තණ‍්හක‍්ඛයෙ විමුත‍්තන‍්ති තණ‍්හක‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ තදාරම‍්මණාය විමුත‍්තියා විමුත‍්තං.

දසවන සූත්‍රයේ - “වණ්ණවාදිනී” යනු ආනිසංස කියන්නා වූ යනුයි. “යං අතීතං තං පහීනං” අතීත (ඉක්මගිය) ස්කන්‍ධ පඤ්චකයෙහි පැවති ඡන්‍දරාගය (කැමැත්ත) ප්‍රහාණයෙන් එය “ප්‍රහීන” නම් වේ. “අනාගතං” යනු නොපැමිණියා වූ ස්කන්‍ධ පඤ්චකයයි. එහි ඡන්‍දරාගය දුරුකිරීමෙන් එය “පටිනිස්සට්ඨං” නම් වේ. “සබ්බාභිභු” යනු සියලු ස්කන්‍ධායතන ධාතූහු ත්‍රිවිධ භවයන් ද අභිභවනය කොට සිටි යනුයි. “සබ්බවිදු” යනු ඒ කියන ලද ආකාරයෙන් සියල්ල දන්නා ලද්දේ ප්‍රකට කර සිටි යනුයි. “සබ්බෙසු ධම්මෙසු” යනු ඒ ධර්මයන්හිම තණ්හා දෘෂ්ටි නම් වූ ආලේපයෙහි නොතැවරුණු. “සබ්බං ජහං” යනු එහිම සියල්ල එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් අත්හැර සිටි යනුයි. “තණ්හක්ඛයෙ විමුත්තං” යනු තණ්හාව නැතිකිරීම නම් වූ නිර්වාණයෙහි තදාරම්මණ විමුක්තියෙන් මිදුණු යනුයි.

දසමං.

දසවන සූත්‍රයයි.

11. මහාකප‍්පිනසුත‍්තවණ‍්ණනා

11. මහාකප්පින සූත්‍ර වර්ණනාව

එකාදසමෙ මහාකප‍්පිනොති එවංනාමකො අභිඤ‍්ඤාබලප‍්පත‍්තො අසීතිමහාසාවකානං අබ‍්භන‍්තරො මහාථෙරො.

එකොළොස්වන සූත්‍රයේ - “මහාකප්පිනො” යනු මෙනම් ඇති අභිඥා බල ඉපිදවූ අසූමහා ශ්‍රාවකයන් අතරින් ප්‍රධාන වූ මහතෙර නමකි.

සො කිර ගිහිකාලෙ කුක‍්කුටවතීනගරෙ තියොජනසතිකං රජ‍්ජං අකාසි. පච‍්ඡිමභවිකත‍්තා පන තථාරූපං සාසනං සොතුං ඔහිතසොතො විචරති. අථෙකදිවසං අමච‍්චසහස‍්සපරිවුතො උය්‍යානකීළිකං අගමාසි. තදා ච මජ‍්ඣිමදෙසතො ජඞ‍්ඝවාණිජා තං නගරං ගන‍්ත්‍වා, භණ‍්ඩං පටිසාමෙත්‍වා, “රාජානං පස‍්සිස‍්සාමා”ති පණ‍්ණාකාරහත්‍ථා රාජකුලද‍්වාරං ගන‍්ත්‍වා, “රාජා උය්‍යානං ගතො”ති සුත්‍වා, උය්‍යානං ගන‍්ත්‍වා, ද‍්වාරෙ ඨිතා, පටිහාරස‍්ස ආරොචයිංසු. අථ රඤ‍්ඤො නිවෙදිතෙ රාජා පක‍්කොසාපෙත්‍වා නිය්‍යාතිතපණ‍්ණාකාරෙ වන්‍දිත්‍වා ඨිතෙ, “තාතා, කුතො ආගතත්‍ථා”ති? පුච‍්ඡි. “සාවත්‍ථිතො දෙවා”ති. “කච‍්චි වො රට‍්ඨං සුභික‍්ඛං, ධම‍්මිකො රාජා”ති? “ආම, දෙවා”ති. “අත්‍ථි පන තුම‍්හාකං දෙසෙ කිඤ‍්චි සාසන”න‍්ති? “අත්‍ථි, දෙව, න පන සක‍්කා උච‍්ඡිට‍්ඨමුඛෙහි කථෙතු”න‍්ති. රාජා සුවණ‍්ණභිඞ‍්ගාරෙන උදකං දාපෙසි. තෙ මුඛං වික‍්ඛාලෙත්‍වා දසබලාභිමුඛා අඤ‍්ජලිං පග‍්ගණ‍්හිත්‍වා, “දෙව, අම‍්හාකං දෙසෙ බුද‍්ධරතනං නාම උප‍්පන‍්න”න‍්ති ආහංසු. රඤ‍්ඤො “බුද‍්ධො”ති වචනෙ සුතමත‍්තෙ සකලසරීරං ඵරමානා පීති උප‍්පජ‍්ජි. තතො “බුද‍්ධොති, තාතා, වදථා”ති? ආහ. “බුද‍්ධොති දෙව වදාමා”ති. එවං තික‍්ඛත‍්තුං වදාපෙත්‍වා, “බුද‍්ධොති පදං අපරිමාණං, නාස‍්ස සක‍්කා පරිමාණං කාතු”න‍්ති තස‍්මිංයෙව පසන‍්නො සතසහස‍්සං දත්‍වා පුන “අඤ‍්ඤං කිං සාසන”න‍්ති? පුච‍්ඡි. “දෙව ධම‍්මරතනං නාම උප‍්පන‍්න”න‍්ති. තම‍්පි සුත්‍වා තථෙව තික‍්ඛත‍්තුං පටිඤ‍්ඤං ගහෙත්‍වා අපරම‍්පි සතසහස‍්සං දත්‍වා පුන “අඤ‍්ඤං කිං සාසන”න‍්ති? පුච‍්ඡි. “සඞ‍්ඝරතනං දෙව උප‍්පන‍්න”න‍්ති. තම‍්පි සුත්‍වා තථෙව තික‍්ඛත‍්තුං පටිඤ‍්ඤං ගහෙත්‍වා අපරම‍්පි සතසහස‍්සං දත්‍වා දින‍්නභාවං පණ‍්ණෙ ලිඛිත්‍වා, “තාතා, දෙවියා සන‍්තිකං ගච‍්ඡථා”ති පෙසෙසි. තෙසු ගතෙසු අමච‍්චෙ පුච‍්ඡි, “තාතා, බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො, තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “දෙව තුම‍්හෙ කිං කත‍්තුකාමා”ති? “අහං පබ‍්බජිස‍්සාමී”ති. “මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති. තෙ සබ‍්බෙපි ඝරං වා කුටුම‍්බං වා අනපලොකෙත්‍වා යෙ අස‍්සෙ ආරුය‍්හ ගතා, තෙහෙව නික‍්ඛමිංසු.

උන්වහන්සේ ගිහිකල කුක්කුටවතී නුවර, තුන්සීයක් යොදුන් ඇති නුවරක රජ කළේය. පශ්චිම භවික සත්ත්‍වයෝ තම පුණ්‍යමහිමයට අනුරූප වූ පණිවුඩ ඇසීමටම යොමු වූ කන් ඇතිව හැසිරෙයි. එක් දිනක් දහසක් ඇමතියන් පිරිවරාගෙන රජු උයන් කෙළියට ගියේය. එකල්හි මධ්‍යම දේශයෙන් ඒ නගරයට පැමිණි සංචාරක වෙළඳ කණ්ඩායමක්, ඒ නුවරින් බඩුගෙන තැන්පත් (රැස්) කරවා, රජු දකින්නෙමුයි පුදපඬුරු ගත් අත් ඇතිව රජගෙදරට ගොස්, රජු උයනට ගිය බව දැන, රාජෝද්‍යානයට ගියහ. දොරටුවේ සිට දොරටුපාලයාට රජු දැකීමට අවශ්‍ය බව දැනුම් දුන්හ. රජුට දැන්වූ කල්හි රජු ඔවුන් කැඳවීය. පුදපඬුරු පිරිනමා වැඳ පසෙක සිටිකල්හි “දරුවනි! කොහිසිට පැමිණියාහුද?”යි රජු විමසුවේය. “දේවයන් වහන්ස, සැවැත්නුවර සිටයි.” “ඔබගේ රට කෙසේද? මැනවින් යැපේද? රජු දැහැමිද?” “එසේය දේවයන් වහන්ස” “නුඹලාගේ දේශයේ කිසියම් වූ ශාසනයක් තිබේද?” “දේවයන් වහන්ස! ඇත. ඒ ගැන පැවසීමට ඉඳුල් කටින් නොහැක”යි වෙළෙන්දෝ කීහ. රජු රන් කෙණ්ඩියෙන් පැන් දුන්නේය. ඔවුහු මුව සෝදා දසබලයන් වහන්සේ දෙසට ඇඳිලි බැඳගෙන “දේවයන් වහන්ස! අපගේ දේශයේ බුද්ධරත්නය පහළ විය.” යැයි කීහ. රජු “බුද්ධ” යන වචනය ඇසූ පමණින්ම සියලු සිරුරෙහි පැතිරුණු ප්‍රීතියක් පහළ විය. ඉක්බිති “දරුව! නුඹලා ‘බුද්ධ’ යැයි කීවෙහිද?” “දේවයිනි. ‘බුද්ධ’ යැයි අපි කීවෙමු.” මෙසේ තෙවරක්ම අස්වවා ‘බුද්ධ’ යන පදය අප්‍රමාණය. එහි ප්‍රමාණ කළ නොහැක. එනිසා එයට පැහැදුණේ වෙළෙන්දන්ට ලක්‍ෂයක් ධනය දී “වෙනත් කවර ශාසනයක් වේද?”යි ඇසීය. “දේවයන් වහන්ස ධර්මරත්නය පහළවී ඇත.” එයද අසා එලෙසින්ම තෙවරක් ප්‍රතිඥා ගෙන තවත් ලක්‍ෂයක් දී නැවත “අන් කවර සසුනක් තිබේද?”යි ඇසුවේය. “දේවයන් වහන්ස! සංඝරත්නය පහළවිය”යැයි වෙළඳු පැවසූවිට එලෙසින්ම ප්‍රතිඥා ගෙන තවත් ලක්‍ෂයක් දී, දුන් බව තල්පතක ලියා “දරුවනි ! දේවිය සමීපයට යව”යි ඔවුහු මාලිගය වෙත යැවීය. ඔවුන් ගිය කල්හි ඇමතියන් විමසුවේය. “දරුවනි! බුදුරජ ලොව “පහලවිය. නුඹලා කුමක් කරන්නහු ද?” “දේවයන් වහන්ස! නුඹවහන්සේ කුමක් කරන්නේද?” “මම පැවිදි වන්නෙමි.” “අපිද පැවිදි වන්නෙමු.” ඒ සියලුදෙන ම ගෙදර හෝ පවුල හෝ නොබලා යම් අසකු පිට නැගී ගියාහුද ඔවුන් සමග ම නික්මුණාහ.

වාණිජා අනොජාදෙවියා සන‍්තිකං ගන‍්ත්‍වා පණ‍්ණං දස‍්සෙසුං. සා වාචෙත්‍වා “රඤ‍්ඤා තුම‍්හාකං බහූ කහාපණා දින‍්නා, කිං තුම‍්හෙහි කතං, තාතා”ති? පුච‍්ඡි. “පියසාසනං දෙවි ආනීත”න‍්ති. “අම‍්හෙපි සක‍්කා, තාතා, සුණාපෙතු”න‍්ති. “සක‍්කා දෙවි, උච‍්ඡිට‍්ඨමුඛෙහි පන වත‍්තුං න සක‍්කා”ති. සා සුවණ‍්ණභිඞ‍්ගාරෙන උදකං දාපෙසි. තෙ මුඛං වික‍්ඛාලෙත්‍වා රඤ‍්ඤො ආරොචිතනයෙනෙව ආරොචෙසුං. සාපි සුත්‍වා උප‍්පන‍්නපාමොජ‍්ජා තෙනෙව නයෙන එකෙකස‍්මිං පදෙ තික‍්ඛත‍්තුං පටිඤ‍්ඤං ගහෙත්‍වා පටිඤ‍්ඤාගණනාය තීණි තීණි කත්‍වා නවසතසහස‍්සානි අදාසි. වාණිජා සබ‍්බානිපි ද‍්වාදසසතසහස‍්සානි ලභිංසු.

වෙළෙන්දෝ අනෝජා දේවිය සමීපයට ගොස් කොළය (තල්පත) දැක්වූහ. ඇය එය කියවා “රජු නුඹලාට බොහෝ කහවණු දී ඇත. නුඹලා කුමක් කළේද?”යි ඇසුවාය. “දේවීනි! ප්‍රිය වූ පුවතක් රැගෙන ආවෙමු”යි කී කල්හි “දරුවනි! අපටද ඇසීමට හැකිද?”යි ඇසුවාය. “දේවිනි! කිවහැකිය. ඉඳුල් සහිත මුවින් එය කිව නොහැක. ඇය රන් කෙණ්ඩියකින් පැන් දෙවුවාය. ඔවුහු මුව සෝදාගෙන රජුට දැන්වූ පරිදිම දැන්වූහ. ඇයද එය අසා උපන් ප්‍රමෝදය ඇත්තී රජු කළ පරිදිම එක් එක් පදයට තුන්වර බැගින් ප්‍රතිඥා ගෙන ප්‍රතිඥා ගණනට තුන තුන බැගින් කහවනු නව ලක්‍ෂයක් දුන්නාය. වෙළෙන්දන්ට කහවණු දොළොස් ලක්‍ෂයක් ලැබුණහ.

අථ නෙ “රාජා කහං, තාතා”ති, පුච‍්ඡි. “පබ‍්බජිස‍්සාමීති නික‍්ඛන‍්තො දෙවී”ති. “තෙන හි, තාතා, තුම‍්හෙ ගච‍්ඡථා”ති තෙ උය්‍යොජෙත්‍වා රඤ‍්ඤා සද‍්ධිං ගතානං අමච‍්චානං මාතුගාමෙ පක‍්කොසාපෙත්‍වා, “තුම‍්හෙ අත‍්තනො සාමිකානං ගතට‍්ඨානං ජානාථ අම‍්මා”ති පුච‍්ඡි. “ජානාම අය්‍යෙ, රඤ‍්ඤා සද‍්ධිං උය්‍යානකීළිකං ගතා”ති. ආම ගතා, තත්‍ථ පන ගන‍්ත්‍වා, “බුද‍්ධො උප‍්පන‍්නො, ධම‍්මො උප‍්පන‍්නො, සඞ‍්ඝො උප‍්පන‍්නො”ති සුත්‍වා, “දසබලස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමා”ති ගතා. “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “තුම‍්හෙ පන අය්‍යෙ කිං කත‍්තුකාමා”ති? “අහං පබ‍්බජිස‍්සාමි, න තෙහි වන‍්තවමනං ජිව‍්හග‍්ගෙ ඨපෙය්‍ය”න‍්ති. “යදි එවං, මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති සබ‍්බා රථෙ යොජාපෙත්‍වා නික‍්ඛමිංසු.

ඉක්බිති “දරුවනි! අපගේ රජු කොහිද?”යි දේවිය ඇසූවිට “දේවිනි, පැවිදි වන්නෙමියි නික්මුණේය”යැයි වෙළෙන්දෝ කීහ. “එසේනම් දරුවනි, නුඹලා යවු”යි ඔවුහු පිටත්කර හැර, රජු සමග ගිය ඇමතිවරුන්ගේ භාර්යාවන් කැඳවා, “නුඹලාගේ සැමියන් ගියතැන දනිවුද?”යි ඇසූවිට “ආර්යාවෙනි! දන්නෙමු. රජු සමග උයන්කෙළියට ගියෝය”යි කීහ. “එසේය. ඔවුහු එහි ගොස් ‘බුද්ධරත්නය ලොව පහළවිය. ධර්මරත්නය ලොව පහළවිය. සංඝ රත්නය ලොව පහළවිය යන පණිවිඩය අසා දසබලයන් ළඟ පැවිදි වන්නෙමු’යි කියා සැවැත් නුවරට ගියහ. නුඹලා දැන් කුමක් කරන්නාහුද?” “ආර්යාවෙනි! නුඹවහන්සේ දැන් කුමක් කරන්නෙහිද?” ඒ ඇමති භාර්යාවෝ ඇසූහ. “මම පැවිදි වන්නෙමි. අපේ සැමියන් විසින් වැමෑරු දෙය දිව අග නොතබන්නෙමි”යි කීවාය. “එසේ නම් අපිද පැවිදි වන්නෙමු”යි රථ යොදවා නික්මුණහ.

රාජාපි අමච‍්චසහස‍්සෙන සද‍්ධිං ගඞ‍්ගාය තීරං පාපුණි. තස‍්මිඤ‍්ච සමයෙ ගඞ‍්ගා පූරා හොති. අථ නං දිස‍්වා, “අයං ගඞ‍්ගා පූරා චණ‍්ඩමච‍්ඡාකිණ‍්ණා, අම‍්හෙහි සද‍්ධිං ආගතා දාසා වා මනුස‍්සා වා නත්‍ථි, යෙ නො නාවං වා උළුම‍්පං වා කත්‍වා දදෙය්‍යුං, එතස‍්ස පන සත්‍ථු ගුණා නාම හෙට‍්ඨා අවීචිතො උපරි යාව භවග‍්ගා පත්‍ථටා, සචෙ එස සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො, ඉමෙසං අස‍්සානං ඛුරපිට‍්ඨානි මා තෙමෙන‍්තූ”ති උදකපිට‍්ඨෙන අස‍්සෙ පක‍්ඛන්‍දාපෙසුං. එකඅස‍්සස‍්සාපි ඛුරපිට‍්ඨමත‍්තං න තෙමි, රාජමග‍්ගෙන ගච‍්ඡන‍්තා විය පරතීරං පත්‍වා පුරතො අඤ‍්ඤං මහානදිං පාපුණිංසු. තත්‍ථ අඤ‍්ඤා සච‍්චකිරියා නත්‍ථි, තාය එව සච‍්චකිරියාය තම‍්පි අඩ‍්ඪයොජනවිත්‍ථාරං නදිං අතික‍්කමිංසු. අථ තතියං චන්‍දභාගං නාම මහානදිං පත්‍වා තම‍්පි තාය එව සච‍්චකිරියාය අතික‍්කමිංසු.

රජු ද ඇමතියන් දහස සමග ගංගා තීරයට පැමිණියේය. එසමයේ ගඟ පිරී ඉතිරී යයි. ඉක්බිති ඔවුහු එය දැක - මේ ගඟ චණ්ඩ මත්ස්‍යයන්ගෙන් ඇත. අප සමග පැමිණි දාසයෙක් හෝ කම්කරුවෙක් හෝ නැත. අපට නැවක් හෝ පවුරක් සාදා දෙන්නෙකු නැත. මෙහි ශාස්තෘන් වහන්සේගේ ගුණ මහිමය යට අවීචියේ පටන් භවාග්‍රය දක්වාම පැතිර පවතී. ඉදින් ඒ ශාස්තෘෘ සම්මා සම්බුදුරජුන්ගේ ගුණ මහිමයෙන් මේ අශ්වයන්ගේ ඛුර මතුපිටවත් නොතෙමේවා!යා පවසා දිය මතුපිටින් අශ්වයන් දැක්කූහ. (මෙහෙයූහ) එකදු අශ්වයෙකුගේවත් ඛුර මතුපිට නොතෙමුණි. රජ මාවතින් යන්නාක් මෙන් එතෙරට ගොස් නැවත ඉදිරියේ අනික් මහානදියකට පැමිණියහ. එහිදී ද වෙනත් සත්‍ය ක්‍රියාවක් නැත. මුලින් කල සත්‍යක්‍රියාවම සිදුකර, එම අඩයොදුන් පළලැති නදියද තරණය කළහ. තෙවනුවද “චන්‍ද්‍රභාග” නම් වූ මහා නදියකට පැමිණ ඉන් එතෙරවීමට ද එම සත්‍යක්‍රියාවම උපකාර කරගත්හ.

සත්‍ථාපි තංදිවසං පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං ඔලොකෙන‍්තො “අජ‍්ජ මහාකප‍්පිනො තියොජනසතිකං රජ‍්ජං පහාය අමච‍්චසහස‍්සපරිවාරො මම සන‍්තිකෙ පබ‍්බජිතුං ආගච‍්ඡතී”ති දිස‍්වා, “මයා තෙසං පච‍්චුග‍්ගමනං කාතුං යුත‍්ත”න‍්ති පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා, භික‍්ඛුසඞ‍්ඝපරිවාරො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා, පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සයමෙව පත‍්තචීවරං ගහෙත්‍වා, ආකාසෙ උප‍්පතිත්‍වා චන්‍දභාගාය නදියා තීරෙ තෙසං උත‍්තරණතිත්‍ථස‍්ස අභිමුඛෙ ඨානෙ මහානිග්‍රොධරුක‍්ඛො අත්‍ථි, තත්‍ථ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙසි. තෙ තෙන තිත්‍ථෙන උත‍්තරන‍්තා ච ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො ඉතො චිතො ච විධාවන‍්තියො ඔලොකෙන‍්තා දසබලස‍්ස පුණ‍්ණචන්‍දසස‍්සිරිකං මුඛං දිස‍්වා, “යං සත්‍ථාරං උද‍්දිස‍්ස මයං පබ‍්බජිතා, අද‍්ධා සො එසො”ති දස‍්සනෙනෙව නිට‍්ඨං ගන‍්ත්‍වා දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔනතා වන්‍දමානා ආගම‍්ම සත්‍ථාරං වන්‍දිංසු. රාජා ගොප‍්ඵකෙසු ගහෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි සද‍්ධිං අමච‍්චසහස‍්සෙන. සත්‍ථා තෙසං ධම‍්මං කථෙසි. දෙසනාපරියොසානෙ සබ‍්බෙ අරහත‍්තෙ පතිට‍්ඨාය සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිංසු. සත්‍ථා “පුබ‍්බෙ ඉමෙ චීවරදානස‍්ස දින‍්නත‍්තා අත‍්තනො චීවරානි ගහෙත්‍වාව ආගතා”ති සුවණ‍්ණවණ‍්ණං හත්‍ථං පසාරෙත්‍වා, “එථ භික‍්ඛවො ස‍්වාක‍්ඛාතො ධම‍්මො, චරථ බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති ආහ. සාව තෙසං ආයස‍්මන‍්තානං පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා ච අහොසි, වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය සත්‍ථාරං පරිවාරයිංසු.

බුදුපියාණන් වහන්සේද එදින අළුයම් වේලෙහි මහාකරුණා සමාපත්තියෙන් නැගිට, ලොව බලන්නාහු - “අද කප්පින තුන්සීයක් යොදුන් සහිත රජකම අතහැර ඇමති දහසක් පිරිවරාගෙන මා ළඟ පැවිදිවීමට එන්නේය”යි දැක මවිසින් ඔවුන්ට පෙරගමන් කළ යුතුයැයි උදෑසනම සිරුර පිළිදැගුම් කර (ශරීරකෘත්‍ය) භික්‍ෂු මහා සංඝයා පිරිවරාගෙන, සැවතෙහි පිඬු පිණිස හැසිරුණු සේක් - සවස් කාලයේ පිණ්ඩපාතයෙන් වැලකී තමන් වහන්සේම පාසිවුරු ගෙන, අහසට පැනනැගී චන්ද්‍රභාග නදීතීරයේ ඔවුන් එතෙරවන තොට ඉදිරියේ ඇති මහනුගරුක මුල පලක් බැඳ හිඳගත් සේක් සිහිය පිහිටුවාගෙන සවණක් ඝන බුදුරැස් විහිදවූ සේක. ඔවුහු එම තොටින් එතෙරවෙමින්ම සවණක් ඝන බුදුරැස් ඔබනොබ දුවන්නා වූ ආකාරය බලමින් දසබලයන් වහන්සේගේ පුන්සඳ වන් මුව දැක ‘යම් ශාස්තෘෘ කෙනෙකුන් අරබයා අපි පැවිදිවූවාහු නම්, ඒකාන්තයෙන්ම මේ උන්වහන්සේය”යි දැකීම් පමණකින්ම නිශ්චය කරගෙන - දුටු දුටු මතින්ම පහතට නැමී වැඳගෙන පැමිණ බුදුරදුන්ට වැන්දහ. රජු ගොප්ඇට අල්ලාගෙන බුදුරදුන්ට වැඳ එකත්පසෙක හුන්නේය. ඇමතියන් දහසද එසේම හිඳගත්හ. ශාස්තෘෘන් වහන්සේ එම පිරිසට ධර්මදේශනා කළ සේක. සියල්ලෝම දේශනාව අවසානයේ රහත්ඵලයෙහි පිහිටා පැවිද්ද ඉල්ලා සිටියහ. බුදුපියාණන් වහන්සේ පෙර මොවුන් චීවරදානය සිදුකර ඇති බැවින් - මේ මොහොතෙහි තමාම තමාගේ සිවුරු රැගෙන ආ බැවින් රන්වන් ශ්‍රී බුද්ධ හස්තය දිගුකර “එන්න මහණෙනි! මේ ධර්මය මැනවින් දේශිතය. බඹසර හැසිරෙන්න. මැනවින් දුක් කෙළවර කරන්න”යි වදාළහ. එයම එම පින්වතුන්ගේ පැවිද්ද ද උපසම්පදාවද විය. ඔවුහු වස් සියයක් ඇති තෙරවරු මෙන් බුදුහු පිරිවරා ගත්හ.

අනොජාපි දෙවී රථසහස‍්සපරිවාරා ගඞ‍්ගාතීරං පත්‍වා රඤ‍්ඤො අත්‍ථාය ආභතං නාවං වා උළුම‍්පං වා අදිස‍්වා අත‍්තනො බ්‍යත‍්තතාය චින‍්තෙසි – “රාජා සච‍්චකිරියං කත්‍වා ගතො භවිස‍්සති, සො පන සත්‍ථා න කෙවලං තෙසංයෙව අත්‍ථාය නිබ‍්බත‍්තො, සචෙ සො සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො, අම‍්හාකං රථා මා උදකෙ නිමුජ‍්ජිංසූ”ති උදකපිට‍්ඨෙ රථෙ පක‍්ඛන්‍දාපෙසි. රථානං නෙමිවට‍්ටිමත‍්තම‍්පි න තෙමි. දුතියතතියනදීපි තෙනෙව සච‍්චකාරෙන උත‍්තරමානායෙව නිග්‍රොධරුක‍්ඛමූලෙ සත්‍ථාරං අද‍්දස. සත්‍ථා “ඉමාසං අත‍්තනො සාමිකෙ පස‍්සන‍්තීනං ඡන්‍දරාගො උප‍්පජ‍්ජිත්‍වා මග‍්ගඵලානං අන‍්තරායං කරෙය්‍ය, සො එවං කාතුං න සක‍්ඛිස‍්සතී”ති යථා අඤ‍්ඤමඤ‍්ඤෙ න පස‍්සන‍්ති, තථා අකාසි. තා සබ‍්බාපි තිත්‍ථතො උත‍්තරිත්‍වා දසබලං වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා තාසං ධම‍්මං කථෙසි, දෙසනාපරියොසානෙ සබ‍්බාපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය අඤ‍්ඤමඤ‍්ඤෙ පස‍්සිංසු.

අනෝජා දේවිය ද රිය දහසක් පිරිවරාගෙන ගංගාතීරයට පැමිණ රජු සඳහා පැමිණි නැවක් හෝ පහුරක් හෝ නොදැක, තමාගේ ව්‍යක්ත බව නිසා මෙසේ සිතුවාය. “රජු සත්‍යක්‍රියා කොට ගියා විය යුතුය. ඒ ශාස්තෘන් වහන්සේ හුදෙක් ඔවුන් සඳහා පහල වූසේක් නොවෙයි. ඒ ශාස්තෘෘන් වහන්සේගේ ගුණබල මහිමයෙන් අපගේ රථ ජලයෙහි නොගිලේවා”යි සත්‍යක්‍රියා කොට, ජලය මතුපිටින් රථ ගෙන ගියාය. රථවල නිම් වළල්ල පමණවත් නොතෙමුණි. දෙවැනි-තුන්වැනි නදීත් එලෙසම සත්‍යක්‍රියාවෙන් එතෙරවූවා නුගරුක මුල සිටින බුදුපියාණන් වහන්සේ දුටුවාය. ශාස්තෘෘන් වහන්සේ මොවුහු - තම ස්වාමිපුත්‍රයෝ දුටුවහොත් ඡන්‍දරාගය උපදවාගෙන - මගඵල ලැබීමට අනතුරක් කරගන්නේය. එනිසා ඔවුනොවුන් නොදකින ලෙස අවශ්‍ය කටයුතු සිදුකළහ. ඒ සියලු කාන්තාවෝ තෙවැනි නදියෙන් එතෙර වූවාහු දසබලයන් වහන්සේට වැඳ පසෙක හුන්හ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ද ධර්මදේශනා කළ සේක. දේශනාව අවසානයේ දී ඒ සියලු දෙනා ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. තම ස්වාමිපුත්‍රයන් සිටිනුද දුටුවාහ.

සත්‍ථා “උප‍්පලවණ‍්ණා ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. ථෙරී ආගන‍්ත්‍වා සබ‍්බා පබ‍්බාජෙත්‍වා ආදාය භික‍්ඛුනීනං උපස‍්සයං ගතා.

ශාස්තෲන් වහන්සේ උප්පලවණ්ණා තෙරණිය මෙහි පැමිණේවායි සිතූහ. තෙරණිය අවුත් ඒ සියළු දෙනම පැවිදි කර, භික්‍ෂුණී ආරාමය වෙත ගෙනගියාය.

සත්‍ථා භික‍්ඛුසහස‍්සං ගහෙත්‍වා ආකාසෙන ජෙතවනං අගමාසි. ඉමං සන්‍ධායෙතං වුත‍්තං – “මහාකප‍්පිනොති එවං නාමකො අභිඤ‍්ඤාබලප‍්පත‍්තො අසීතිමහාසාවකානං අබ‍්භන‍්තරො මහාථෙරො”ති.

ශාස්තෲන් වහන්සේ දහසක් භික්‍ෂූන් වහන්සේ පිරිවරාගෙන ජේතවනයටම වැඩිසේක. මේ කාරණය නිසා “මහාකප්පිනො” යන නම් ඇති අභිඥා බලයන් ලැබූ අසූ මහසවුවන් අතර මහතෙරුන් යැයි කියන ලදී.

ජනෙතස‍්මින‍්ති ජනිතෙ පජායාති අත්‍ථො. යෙ ගොත‍්තපටිසාරිනොති යෙ “මයං වාසෙට‍්ඨා ගොතමා”ති ගොත‍්තං පටිසරන‍්ති පටිජානන‍්ති, තෙසං ඛත‍්තියො සෙට‍්ඨොති අත්‍ථො. විජ‍්ජාචරණසම‍්පන‍්නොති අට‍්ඨහි විජ‍්ජාහි චෙව පන‍්නරසධම‍්මභෙදෙන චරණෙන ච සමන‍්නාගතො. තපතීති විරොචති. ඣායී තපති බ්‍රාහ‍්මණොති ඛීණාසවබ්‍රාහ‍්මණො දුවිධෙන ඣානෙන ඣායමානො තපති විරොචති. තස‍්මිං පන ඛණෙ කාලුදායිත්‍ථෙරො දුවිධෙන ඣානෙන ඣායමානො අවිදූරෙ නිසින‍්නො හොති. බුද‍්ධො තපතීති සබ‍්බඤ‍්ඤුබුද‍්ධො විරොචති.

“ජනෙතස්මිං” යනු පහළ වූ කල්හිය. ප්‍රජාවෙහි යන අර්ථයි. “යො ගොත්ත පටිසාරීනො” යනු අපි වාසිට්ඨයෝය, ගෝතමයෝය යනුවෙන් ගෝත්‍රය සිහිකරති යනුයි. එසේයැයි පිළිගනිති. ඔවුන් අතරින් “ඛත්තියො සෙට්ඨො” ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ වේ යන අර්ථයි. “විජ්ජාචරණ සම්පන්නො” යනු අටක් වූ විද්‍යාවන්ගෙන්ද පසළොසක් වූ චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යනුයි. “තපතී” යනු බබලයි. “ඣායී තපති බ්‍රාහ්මණො” ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා - දෙයාකාර ධ්‍යානයන්ගෙන් ධ්‍යාන වඩමින් බබළයි. ආලෝකය පතුරවමින් සිටියි. මේ වේලාවෙහි කාළුදායී තෙරුන් වහන්සේ දෙයාකාර ධ්‍යානයන් වඩන සේක්, නුදුරුතැනක සිටිසේක. “බුද්ධො තපති” යනු සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ බබලයි.

සබ‍්බමඞ‍්ගලගාථා කිරෙසා. භාතිකරාජා කිර එකං පූජං කාරෙත්‍වා ආචරියකං ආහ – “තීහි රතනෙහි අමුත‍්තං එකං ජයමඞ‍්ගලං වදථා”ති. සො තෙපිටකං බුද‍්ධවචනං සම‍්මසිත්‍වා ඉමං ගාථං වදන‍්තො “දිවා තපති ආදිච‍්චො”ති වත්‍වා අත්‍ථඞ‍්ගමෙන‍්තස‍්ස සූරියස‍්ස අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. “රත‍්තිමාභාති චන්‍දිමා”ති, උට‍්ඨහන‍්තස‍්ස චන්‍දස‍්ස අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. “සන‍්නද‍්ධො ඛත‍්තියො තපතී”ති රඤ‍්ඤො අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. “ඣායී තපති බ්‍රාහ‍්මණො”ති භික‍්ඛුසඞ‍්ඝස‍්ස අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. “බුද‍්ධො තපති තෙජසා”ති වත්‍වා පන මහාචෙතියස‍්ස අඤ‍්ජලිං පග‍්ගණ‍්හි. අථ නං රාජා “මා හත්‍ථං ඔතාරෙහී”ති උක‍්ඛිත‍්තස‍්මිංයෙව හත්‍ථෙ සහස‍්සං ඨපෙසි.

මේ ගාථා පන්තිය “සබ්බ මංගල ගාථා” නම් වේ. භාතික රජු වනාහී එක් පූජාවක් කරවා භාණකයාට මෙසේ කීවේය. “ත්‍රිවිධ රත්නයෙන් නොමිදුණු එක් ජයමංගල ගාථාවක් දේශනා කරනු මැනවි.” යනුවෙනි. ඔහු ත්‍රිපිටක බුදුවදනට මෙනෙහි කර මේ ගාථාව පැවසීය. “දිවා තපති ආදිච්චො” යනුවෙන් පවසා, බැසයන සූර්යයාට ඇඳිලිබැඳ වැන්දේය. “රත්තිං ආභාති චන්‍දිමා”යි උදාවන්නා වූ චන්‍ද්‍රයාට ඇඳිලිබැඳ වැන්දේය. “සන්තද්ධො ඛත්තියො තපති” යනුවෙන් රජුට ඇඳිලි බැඳ වැන්දේය. “ඣායී තපති බ්‍රාහ්මණා” යනුවෙන් පවසා භික්‍ෂු සංඝයාට ඇඳිලි බැඳ වැන්දේය. “බුද්ධො තපති තෙජසා” යනුවෙන් පවසා මහසෑයට ඇඳිලි බැඳ දොහොත් නගා වැන්දේය. එවිට රජතුමා ඔහුට “අත පහත දමන්න එපා”යි පවසා ඔසවාගෙන සිටි අතෙහි ම දහසක් තැබීය.

එකාදසමං.

එකොළොස්වන සූත්‍රයයි.

12. සහායකසුත‍්තවණ‍්ණනා

12. සහායක සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ චිරරත‍්තංසමෙතිකාති දීඝරත‍්තං සංසන්‍දිත්‍වා සමෙත්‍වා ඨිතලද‍්ධිනො. තෙ කිර පඤ‍්චජාතිසතානි එකතොව විචරිංසු. සමෙති නෙසං සද‍්ධම‍්මොති ඉදානි ඉමෙසං අයං සාසනධම‍්මො සංසන්‍දති සමෙති. ධම‍්මෙ බුද‍්ධප‍්පවෙදිතෙති බුද‍්ධෙන පවෙදිතෙ ධම‍්මෙ එතෙසං සාසනධම‍්මො සොභතීති අත්‍ථො. සුවිනීතා කප‍්පිනෙනාති අත‍්තනො උපජ‍්ඣායෙන අරියප‍්පවෙදිතෙ ධම‍්මෙ සුට‍්ඨු විනීතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දොළොස්වන සුත්‍රයේ - “විරරත්තං සමාහිතා” යනු දිගු කාලයක් ගලපා බලා, සමකොට බලා සිටි ලබ්ධි (පිළිගැනීම්) ඇත්තේ යනුයි. ඔවුහු වනාහි පන්සියයක් ආත්මභාවයන්හි එකටම හැසිරුනහ. “සමෙති නෙසං සද්ධම්මො” යනු දැන් මොවුන්ගේ මේ ශාසන ධර්මය ගැලපේ. සමාන යනුයි. “ධම්මෙ අරියප්පවෙදිතෙ” යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේය. මොවුන්ගෙන් මේ ශාසන ධර්මය ශෝභමාන වේ යන අර්ථයි. “සුවිනීතා කප්පින්නො” යනු තමාගේ උපධ්‍යායකත්‍වයෙන් ආර්යයන් විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි මැනවින් හික්මුණු යනුයි. ඉතිරි පද සැමතැන්හිම ප්‍රකටය.

ද‍්වාදසමං.

දොළොස්වන සූත්‍රයයි.

භික‍්ඛුසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

භික්‍ෂු සංයුත්තය නිමියේය.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය

මෙසේ සාරත්‍ථප්පකාසිනී නම් සංයුත්ත නිකායට ලියූ අටුවාවෙහි

නිදානවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

නිදාන වර්ගයේ අර්ථ වර්ණනාව නිමාවේ.