විසාඛපඤ්චාලිපුත්තසුත්තං
9. 1. 7.
9. 1. 7.
විසාඛපඤ්චාලිපුත්තසුත්තං
විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍රය
401. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ආයස්මා විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතාය.
401. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි (පඤ්චාලිරාජ දුහිතෘ පුත්‍ර බැවින්) පඤ්චාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ නො පැකුළුණු කෙලතොලු නො වු (=නිදොස් වූ) අර්තවය අඟවන සිවුසස් නො හැර පවසන සසරට නිසි නො වූ නාගරික (=පුරවැසිබස් සෙයින් මිහිරි වූ) වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන් හලෙහි භික්ෂූන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: කො නු ඛො භික්ඛවෙ, උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති? ආයස්මා භන්තෙ, විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටි සේක් උවටැන්හල වෙත එළඹි සේක. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, කවරෙක් නො පැකුළුණු කෙලතොලු නුවූ (=නිදොස් වූ) අරුත් අඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතායෙන් උවටැන් හලෙහි භික්ෂූන් කරුණු දක්වා ද, සමාදන් කරවා ද, තෙද ගන්වා ද, සතුටු කෙරේ දැ යි? වහන්ස පඤ්චාලි පුත්‍ර වූ ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන්හලෙහි භික්ෂූන් කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙති යි.
අථ ඛො භගවා ආයස්මන්තං විසාඛං පඤ්චාලිපුත්තං ආමන්තෙසි: සාධු, සාධු, විසාඛ, සාධු ඛො ත්වං විසාඛ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පඤ්චාලිපුත්‍ර වූ විසාඛ තෙරුන් ඇමතූ සේක. විසාඛ, මැනැවි. මැනැවි. විසාඛ, තෙපි නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසර ඇසුරු නො කළ මධුර වචනයෙන් දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වවු. සමාදන් කරවවු, තෙද ගන්වවු, සතුටු කරවවු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි දු මෙය වදාළ සේක:
න භාසමානං ජානන්ති මිස්සං බාලෙහි පණ්ඩිතං,භාසමානඤ්ච ජානන්ති දෙසෙන්තං අමතං පදං.
බාලයන් හා එක් වූ කථික (පණ්ඩිතයා) ලෝවැස්සෝ නො දනිත් අමාපදය දෙසන කථික (පණ්ඩිතයා) දැන ගණිත්.
භාසයෙ ජොතයෙ ධම්මං පග්ගණ්හෙ ඉසිනං ධජං,සුභාසිතධජා ඉසයො ධම්මො හි ඉසිනං ධජොති.
ධර්මය කියන්නේ ය. බබුලුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජ ය දැඩි කොට ගන්නේ ය. ඍෂීහු සුභාෂිතය ධ්වජ කොට ඇත්තාහ. නව ලොවුතුරු දහම ඍෂීන්ගේ ධ්වජ ය යි.