ලකුණ්ටකභද්දියසුත්තං
9. 1. 6.
9. 1. 6.
ලකුණ්ටකභද්දියසුත්තං
ලකුණ්ටකභද්දිය සූත්‍රය
400. සාවත්ථියං–
400. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා ලකුණ්ටකභද්දියො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ලකුණ්ටකභද්දියං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි:
එකල්හි ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් දුර දී ම එනුවන් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක:
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං භික්ඛුං ආගච්ඡන්තං දුබ්බණ්ණං දුද්දසිකං ඔකොටිමකං භික්ඛූනං පරිභූතරූපන්ති? එවං භන්තෙ. එසො ඛො භික්ඛවෙ, භික්ඛු මහිද්ධිකො මහානුභාවො, න ච සා සමාපත්ති සුලභරූපා යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
මහණෙනි, තෙපි තෙල එන්නා වූ දුර්වණ නපුරු දැකුම් ඇති මිටි වූ භික්ෂූන් විසින් අවමන් කරණ ලද ස්වරූප ඇති මහණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් නො සමවන්විරූ යම් සමවතෙක් වේ ද, එබඳු සමවතෙක් සුලබ නො වේ. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තරඅර්හත්වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
හංසා කොඤ්චා මයූරා ච හත්ථියො පසදා මිගා, සබ්බෙ සීහස්ස භායන්ති නත්ථි කායස්මිං තුල්‍යතා.
හංසයෝත් කොස්වාලිහිණියෝත් මොනරුත් ඇත්තුත් තිත් මුවෝත් සියල්ලෝ සිංහයාගෙන් බති. කයෙහි සමබවෙක් (පමණ ගිණීමෙක්) නැත.
එවමෙව මනුස්සෙසු දහරො චෙපි පඤ්ඤවා, සො හි තත්ථ මහා හොති නෙව බාලො සරීරවාති.
එසෙයින් ම මිනිසුන් අතර නුවණැත්තේ ඉදින් ලදරු වූයේ ද, හෙතෙමේ ම එහි පූජ්‍ය වෙයි. බාල (අඥ) තෙමේ මහත් සිරුරක් ඇත්තේ ද නො ම පූජ්‍ය වෙයි.