සුජාතසුත්තං
9. 1. 5.
9. 1. 5.
සුජාතසුත්තං
සුජාත සූත්‍රය
399. සාවත්ථියං–
399. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා සුජාතො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං සුජාතං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි:
එකල්හි ආයුෂ්මත් සුජාත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සුජාත තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක:
උභයෙනෙවායං භික්ඛවෙ, කුලපුත්තො සොභති: යඤ්ච අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. ඉදමවොච: භගවා -පෙ- එතදවොච සත්ථා:
මහණෙනි, මේ කුලදරු තෙමේ කරුණු දෙකෙකින් හොබී: “විශිෂ්ට රූප ඇත්තේ දැකුම්කලු වූයේ පැහැ එළවන උතුම් වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූයේ ය” යන යම් කරුණෙකුත් වේ ද, “යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදිත් නම් මහබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්ත්‍වය මේ අත් බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරෙයි” යන යම් කරුණෙකුත් වේ ද යන කරුණු දෙකෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මේද වදාළ සේක:
සොභති වතායං භික්ඛු උජුභූතෙන චෙතසා,විප්පමුත්තො විසඤ්ඤුත්තො අනුපාදාය නිබ්බුතො,ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනින්ති.
මේ මහණ තෙමේ ඍජු වූ සිතින් ඒකාන්තයෙන් හොබී. කෙලෙසුන් කෙරෙන් මිදුනේ සංයෝජනයන්ගෙන් වෙන් වූයේ උපාදානරහිත ව නිවියේ සේනා සහිත මරු දිනා අන්තිමශරීරය දරණේ යි.