යෙදුමෙන් කියවන්න

නවභික‍්ඛුසුත‍්තං

9. 1. 4.

9. 1. 4.

නවභික‍්ඛුසුත‍්තං

නවභික්ඛු සූත්‍රය

398. සාවත්‍ථියං–

398. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො නවො භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො විහාරං පවිසිත්‍වා අප‍්පොස‍්සුක‍්කො තුණ‍්හීභූතො සඞ‍්කසායති, න භික‍්ඛූනං වෙය්‍යාවච‍්චං කරොති චීවරකාරසමයෙ. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “ඉධ භන‍්තෙ, අඤ‍්ඤතරො නවො භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො විහාරං පවිසිත්‍වා අප‍්පොස‍්සුක‍්කො තුණ‍්හීභූතො සඞ‍්කසායති. න භික‍්ඛූනං වෙය්‍යාවච‍්චං කරොති චීවරකාරසමයෙ”ති.

එකල්හි එක්තරා නව මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සක ව නිහඬව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරෙයි. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක ව නිහඬ ව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරේ යි.

අථ ඛො භගවා අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි, “එහි ත්‍වං භික‍්ඛු මම වචනෙන තං භික‍්ඛුං ආමන‍්තෙහි, සත්‍ථා තං ආවුසො ආමන‍්තෙතී”ති. එවං භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං එතදවොච: “සත්‍ථා තං ආවුසො, ආමන‍්තෙතී”ති. එවමාවුසොති ඛො සො භික‍්ඛු තස‍්ස භික‍්ඛුනො පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො තං භික‍්ඛුං භගවා එතදවොච: “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු, පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො විහාරං පවිසිත්‍වා අප‍්පොස‍්සුක‍්කො තුණ‍්හීභූතො සංකසායසි, න භික‍්ඛූනං වෙය්‍යාවච‍්චං කරොසි චීවරකාරසමයෙති? අහම‍්පි ඛො භන‍්තෙ, සකං කිච‍්චං කරොමීති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ එව, තෝ මාගේ වචනයෙන් ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණ අමතව. “වහන්ස, එසේ ය” යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණ කරා එළඹියේ ය. එළඹ “ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණහට මෙය කී ය. ඒ මහණ තෙමේ “ඇවැත්නි, එසේ ය”යි ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණහට භාග්‍යවතුන් වහන්සේ: “මහණ තෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක වූයේ නිහඬ ව වෙසෙහි, සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරෙහි, සැබෑ දැ” යි මෙය වදාළ සේක. “වහන්ස, මම සිය කට යුතු කෙරෙමි යි”.

අථ ඛො භගවා තස‍්ස භික‍්ඛුනො චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය භික‍්ඛූ ආමන‍්තෙසි: මා ඛො තුම‍්හෙ භික‍්ඛවෙ, එතස‍්ස භික‍්ඛුනො උජ‍්ඣායිත්‍ථ. එසො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී. යස‍්ස චත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය දැන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි තෙල මහණහට නහමක් අවමන් කරවු. “මහණෙනි, තෙල මහණ තෙමේ උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නෙක්. නිදුකින් ලබන්නෙක්. මහත් සේ ලබන්නෙක්. යමක් පිණිස කුල පුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්‍වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරේ” යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ වැලි අන් අයුරින් මෙය වදාළ සේක:

නයිදං සිථිලමාරබ‍්භ නයිදං අප‍්පෙන ථාමසා,නිබ‍්බානං අධිගන‍්තබ‍්බං සබ‍්බගන්‍ථප‍්පමොචනං.

සියලු ග්‍රන්‍ථයන් මුදන මේ නිවන ශිථිලවීර්‍ය්‍යයෙන් අවබෝධ නො කට හැකිය. මේ නිවන ස්වල්ප වූ ශක්තියකින් ලැබිය නො හැකි ය.

අයඤ‍්ච දහරො භික‍්ඛු අයමුත‍්තමපොරිසො,ධාරෙති අන‍්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහිනින‍්ති.

මේ දහර මහණෙකි. උතුම් පුරුෂයෙක් වූ මෙතෙමේ සේනා සහිත මරු දිනා අන්තිම ශරීරය දරණේ යි.