මහානාගසුත්තං
9. 1. 3.
9. 1. 3.
මහානාගසුත්තං
මහානාග සූත්‍රය
397. සාවත්ථියං–
397. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො රාජගහෙ විහරන්ති වෙළුවනෙ කලන්දකනිවාපෙ එකවිහාරෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: විප්පසන්නානි ඛො තෙ ආවුසො මොග්ගල්ලාන, ඉන්ද්රියානි. පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො, සන්තෙන නූනායස්මා මහාමොග්ගල්ලානො අජ්ජ විහාරෙන විහාසීති.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි එක වෙහෙර (=එක ම ගර්භයක) වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු වූහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මූහුණුපැහැය පිරිසිදු ය වෙසෙසින් බබලන්නේ ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ අද ඒකාන්තයෙන් ශාන්ත වූ විහරණයකින් වූසූහූ ය” යි.
ඔළාරිකෙන ඛො අහං ආවුසො; අජ්ජ විහාරෙන විහාසිං. අපි ච මෙ අහොසි ධම්මී කථාති. “කෙන සද්ධිං පනායස්මතො මහාමොග්ගල්ලානස්ස අහොසි ධම්මී කථා”ති? භගවතා ඛො මෙ ආවුසො, සද්ධිං අහොසි ධම්මී කථාති. “දූරෙ ඛො ආවුසො, භගවා එතරහි සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. කින්නු ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං ඉද්ධියා උපසඞ්කමි, උදාහු භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ඉද්ධියා උපසඞ්කමීති?
ඇවැත්නි , අද මම ඖදාරික (දිබ්බචක්ඛු - දිබ්බසෝතධාතු විසය වූ) විහරණයකින් විසීමි. එහෙත් මාගේ දැහැමි කතාවෙක් වී ය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව කවරකු සමග වී ද? ඇවැත්නි, මාගේ දැහැමි කතාව භාග්‍යවතුන් වහන්සේ ම සමග වී ය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දැන් දුරෙහි ම සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. කිමෙක් ද? ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත වැඩි සේක් දැ යි?
නඛ්වාහං ආවුසො, භගවන්තං ඉද්ධියා උපසඞ්කමිං. නපි මං භගවා ඉද්ධියා උපසඞ්කමි. අපි ච මෙ යාවතා භගවා එත්තාවතා දිබ්බං චක්ඛුං විසුජ්ඣි දිබ්බා ච සොතධාතු. භගවතොපි යාවතාහං එත්තාවතා දිබ්බං චක්ඛුං විසුජ්ඣි, දිබ්බා ච සොතධාතූති.
ඇවැත්නි, මම ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නො ම එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද ඍද්ධියෙන් මා වෙත නො එළඹි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම්තාක් (දුරෙහි වූ) ද, ඒ තාක් මාගේ දිවැස ද දිවකණ ද (භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස ඇසීම පිණිස) විශුද්ධ (=යොමු ) විය. මම යම්තාක් දුරෙහි ද,ඒ තාක් භාග්‍යවතුන් වහසේගේ ද දිවැසත් දිවකණත් විශුද්ධ විය
යථා කථං පනායස්මතො මහාමොග්ගල්ලානස්ස භගවතා සද්ධිං අහොසි ධම්මී කථාති?
ඒ කෙසේ නම් භාග්‍යවතුන් වහසේ සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව වී ද?
ඉධාහං ආවුසො, භගවන්තං එතදවොචං: “ආරද්ධවිරියො ආරද්ධවිරියො”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ආරද්ධවිරියො හොතීති? එවං වුත්තෙ මං ආවුසො, භගවා එතදවොච: ඉධ මොග්ගල්ලාන භික්ඛු ආරද්ධවිරියො විහරති: “කාමං තචො ච නහාරූ ච අට්ඨී ච අවසිස්සතු සරීරෙ, උපසුස්සතු මංසලොහිතං. යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සණ්ඨානං භවිස්සතී”ති. එවං ඛො මොග්ගල්ලාන, ආරද්ධවිරියො හොතීති. එවං ඛො මෙ ආවුසො, භගවතා සද්ධිං අහොසි ධම්මී කථාති.
ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහසේට ‘වහන්ස, ආරබ්ධවීර්‍ය්‍ය ය, ආරබ්ධවීර්‍ය්‍ය ය යි කියනු ලැබේ වහන්ස, කෙතෙකින් ආරබ්ධවීර්‍ය්‍ය වේ දැ’ යි මෙය සැළකෙළෙමි. ඇවැත්නි, මෙසේ සැළකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: මොග්ගල්ලානය, මෙහි මහණ තෙමේ “ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම් එය නො ලබා වීර්‍ය්‍යයාගේ සිටීමෙක් නොවන්නේ ය”යි පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති ව වෙසෙයි. මොග්ගල්ලානය, මෙසේ ආරබ්ධවීර්‍ය්‍ය වේ ය”යි. ඇවැත්නි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග මාගේ දැහැමි කතාව විය.
සෙය්යථාපි ආවුසො, හිමවතො පබ්බතරාජස්ස පරිත්තා පාසාණසක්ඛරා යාවදෙව උපනික්ඛෙපනමත්තාය. එවමෙව ඛො මයං ආයස්මතො මහාමොග්ගල්ලානස්ස යාවදෙව උපනික්ඛෙපනමත්තාය. ආයස්මා හි මහාමොග්ගල්ලානො මහිද්ධිකො මහානුභාවො, ආකඞ්ඛමානො කප්පං තිට්ඨෙය්යාති.
ඇවැත්නි, යම් සේ කුඩා ගල් කැටක් හිමවත් පවුරජුගේ (මහත් බව සඳහා) ලක් තැබීම (උපමා කිරීම) පිණිස පමණක් ම වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ (ඍද්ධිමහත්ත්වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මහත් ඍද්ධි ඇත්තාහ. මහත් අනුභාව ඇත්තාහ. කැමැත්තෝ නම් ආයුෂකල්පය ම සිටිනාහු ය.
සෙය්යථාපි ආවුසො, මහතියා ලොණඝටාය පරිත්තා ලොණසක්ඛරා යාවදෙව උපනික්ඛෙපනමත්තාය. එවමෙව මයං ආයස්මතො සාරිපුත්තස්ස යාවදෙව උපනික්ඛෙපනමත්තාය. ආයස්මා හි සාරිපුත්තො භගවතා අනෙකපරියායෙන ථොමිතො වණ්ණිතො පසත්ථො:
යම් සේ කුඩා ලුණුකැටක් (සක්වළ මුවවිට හා බඹලොව හිම් කොට පිහිටි) ලුණු කළයක (මහත්බව සඳහා) ලක් තැබීම පිණිස පමණක් වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ (ප්රඥාමහත්ත්වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් ස්තුති කරණ ලදහ. වර්ණනා කරණ ලදහ. පසස්නා ලදහ:
“සාරිපුත්තොව පඤ්ඤාය සීලෙන උපසමෙන ච,යොපි පාරඞ්ගතො භික්ඛු එතාව පරමො සියා”ති.
ප්‍රඥාවෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද සැරියුත් තෙරණුවෝ ම ශ්‍රේෂ්ඨයහ. යම් කිසි මහණෙක් පරතෙරට (නිවනට) පැමිණියේ නම් හෙතෙම සැරියුත් තෙරණුවන් ම පරම කොට ඇත්තේ වන්නේ ය (තෙරුන්ට වඩාඋත්තරිතරයෙක් නැත.)
ඉති හෙතෙ උභො මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුමොදිංසූති.
මෙසේ මේ මහානාගයෝ (මහරහත්) දෙනම මැනැවින් බණන ලද ඔවුනොවුන්ගේ සුබැසිය සතුටින් පිළිගත්හ.