නන්දසුත්තං
9. 1. 8.
9. 1. 8.
නන්දසුත්තං
නන්ද සූත්‍රය
402. සාවත්ථියං–
402. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා නන්දො භගවතො මාතුච්ඡාපුත්තො ආකොටිතපච්චාකොටිතානි චීවරානි පාරුපිත්වා අක්ඛීනි අඤ්ජිත්වා අච්ඡං පත්තං ගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං නන්දං භගවා එතදවොච:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුලුමවුපුත් ආයුෂ්මත් නන්ද ස්ථවිර තෙමේ කොළන ලද පිළිකොළන ලද (මටසිලුටු සිහින්) සිවුරු පොරවා. ඇස් අඳුනෙන් සදා වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් නන්ඳහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
න ඛො තෙ තං නන්ද, පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස යං ත්වං ආකොටිතපච්චාකොටිතානි චීවරානි පාරුපෙය්යාසි, අක්ඛීනි ච අඤ්ජෙය්යාසි, අච්ඡඤ්ච පත්තං ධාරෙය්යාසි. එතං ඛො තෙ නන්ද පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස යං ත්වං ආරඤ්ඤකො ච අස්සසි පිණ්ඩපාතිකො ච පංසුකූලිකො ච කාමෙසු ච අනපෙක්ඛො විහරෙය්යාසීති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
නන්ද, යම්බඳු තෝ කොළන ලද පිළිකොළන ලද සිවුරු පොරවන්නෙහි නම්, ඇස් අඳුනෙන් සදන්නෙහි නම්, වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් දරන්නෙහි නම් එය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණි කුලපුත්‍ර වූ තොපට නිසි නො වේ. නන්ද යම්බඳු තෝ ආරණ්‍යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද වන්නෙහි නම්, කාමයන්හිත් නිරපේක්ෂක ව වෙසෙන්නෙහි නම්, සැදැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට මෙය සුදුසු වේ මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
කදාහං නන්දං පස්සෙය්යං ආරඤ්ඤං පංසුකූලිකං,අඤ්ඤාතුඤ්ඡෙන යාපෙන්තං කාමෙසු අනපෙක්ඛිනන්ති.
ආරණ්‍යක වූ පංසුකූලික වූ ප්‍රකට කුලයන්හි ම නොව ගෙපිළිවෙළින් පිඬු සිඟීමෙන් යැපෙන්නා වූ කාමයන්හි නිරපේක්ෂක වූ නන්ඳයන් මම කවදා දක්නෙම් ද?
අථ ඛො ආයස්මා නන්දො අපරෙන සමයෙන ආරඤ්ඤකො වාසි පිණ්ඩපාතිකො ච පංසුකූලිකො ච කාමෙසු ච අනපෙක්ඛො විහාසීති.
ඉක්බිත් ආයුෂ්මත් නන්ද තෙමේ මෑත භාගයෙහි ආරණ්‍යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද විය. කාමයන්හි නිරපේක්ෂක ව විසී ය.