ථෙරනාමකසුත්තං
9. 1. 10.
9. 1. 10.
ථෙරනාමකසුත්තං
ථේරනාම සූත්‍රය
404. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ථෙරනාමකො එකවිහාරී චෙව හොති එකවිහාරස්ස ච වණ්ණවාදී. සො එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති.
404. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේ ද එකලා ව විසීමෙහි ගුණ කියන්නේ ද වෙයි. හෙතෙමේ එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙහි. එකලා ව පෙරළා එයි. එකලා ව රහසිගත ව හිඳී. එකලා ව සක්මනට නගී.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරනාමකො එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදීති.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේත් එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වේ ය” යි මෙය සැළකළහ.
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන ථෙරං භික්ඛුං ආමන්තෙහි “සත්ථා තං ආවුසො, ථෙර ආමන්තෙතී”ති. ‘එවං භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා ථෙරො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ථෙරං එතදවොච: “සත්ථා තං ආවුසො, ථෙර ආමන්තෙතී”ති. ‘එවමාවුසො’ති ඛො ආයස්මා ථෙරො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ථෙරං භගවා එතදවොච: සච්චං කිර ත්වං ථෙර එකවිහාරී, එකවිහාරස්ස ච වණ්ණවාදීති? එවං භන්තෙ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෝ ‘ඇවැත්නි, ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මාගේ වචනයෙන් ථේර මහණ අමතව. ‘වහන්ස, එසේ ය’ යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ථේර මහණ වෙත එළඹියේ ය. එළඹ, ආයුෂ්මත් ථේර මහණහට ‘ඇවැත්නි ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මෙය කී ය. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් ථේර මහණ තෙමේ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ථේරහට භාග්‍යවතුන් වහන්සේ: ථේර, තෝ එකලා ව වෙසෙන්නෙහි, එකලා ව විසීමෙහි ගුණ කියන්නෙහිත් සැබෑ දැ යි මෙය වදාළහ. වහන්ස , එසේ ය.
යථා කථං පන ත්වං ථෙර, එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදීති? ඉධාහං භන්තෙ, එකො ගාමං පිණ්ඩාය පවිසාමි. එකො පටික්කමාමි. එකො රහො නිසීදාමි. එකො චඞ්කමං අධිට්ඨාමි. එවං ඛ්වාහං භන්තෙ එකවිහාරී, එකවිහාරස්ස ච වණ්ණවාදීති.
ථේර, කෙසේ නම් එකලා ව වෙසෙන්නේ එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වෙහි ද? වහන්ස, මෙහි මම එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙමි එකලා ව පෙරළා එමි. එකලා ව රහසිගතව හිඳිමි. එකලා ව සක්මනට නගිමි. වහන්ස, මෙසේ මම එකලා ව වෙසෙන්නෙම් එකලා ව විසීමෙහි ගුණ කියන්නෙම් ද වෙමි.
අත්ථෙසො ථෙර එකවිහාරො, න සො නත්ථීති වදාමි. අපි ච ථෙර, යථා එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොති, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ථෙරො භික්ඛු භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
ථේර, මේ එකලා විහරණය ඇත්තේ ය. එය නැත්තේ නොවේ ය යි කියමි. වැලි දු ථේර, යම් සේ එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, එය අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ථේර මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
කථං ච ථෙර එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොති? ඉධ ථෙර යං අතීතං තං පහීනං, යං අනාගතං තං පටිනිස්සට්ඨං. පච්චුප්පන්නෙසු ච අත්තභාවපටිලාභෙසු ඡන්දරාගො සුප්පටිවිනීතො. එවං ඛො ථෙර එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොතීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
ථේර, කෙසේ නම් එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, ථේර, මෙහි අතීත වූ (ස්කන්ධපඤ්චකයෙහි ) යම් ජන්ඳරාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. අනාගත වූ (ස්කන්ධපඤ්චකයෙහි) යම් ජන්ඳරාගයෙක් වී නම් එය දුරු කරණ ලද්දේ ය. වත්මන් අත්බැව් පිළිලැබුම්හි ඡන්දරාගය මැනවින් හික්මවන (=මඩනා) ලද්දේ ය. ථේර, මෙසේ එකලා විහරණය පිරිපුන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මෙය ද වදාළ සේක:
සබ්බාභිභුං සබ්බවිදුං සුමෙධංසබ්බෙසු ධම්මෙසු අනූපලිත්තං,සබ්බං ජහං තණ්හක්ඛයෙ විමුත්තංතමහං නරං එකවිහාරීති බ්රූමීති.
සියල්ල (ස්කන්ධ ධාතු ආයතන ත්‍රිවිධ භව) මැඩ ලූ, ඒ සියල්ල දන්නා, මනා නුවණ ඇති, ඒ සියලු දහම්හි නො ඇලුනු, ඒ සියල්ල දුරු කළ තෘෂ්ණාක්ෂයසඞ්ඛාත නිවන අරමුණු කොට මිදුනු ඒ මිනිසා එකලා විහරණ ඇත්තේ ය යි මම කියමි යි.