මහාකප්පිනසුත්තං
9. 1. 11.
9. 1. 11.
මහාකප්පිනසුත්තං
මහාකප්පින සූත්‍රය
405. සාවත්ථියං–
405. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා මහාකප්පිනො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාකප්පිනං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි “පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං භික්ඛුං ආගච්ඡන්තං ඔදාතං තනුකං තුඞ්ගනාසික”න්ති? “එවං, භන්තෙ”.
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි එන්නා වූ සුදු සිහින් උස් නැහැයක් ඇති තෙල මහණ දකිවු ද? වහන්ස, එසේ ය.
“එසො ඛො, භික්ඛවෙ, භික්ඛු මහිද්ධිකො මහානුභාවො. න ච සා සමාපත්ති සුලභරූපා යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණෙනි, තෙල මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එබඳු සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් මගබඹසර අවසන් කොට ඇති අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං, යෙ ගොත්තපටිසාරිනො,විජ්ජාචරණසම්පන්නො, සො සෙට්ඨො දෙවමානුසෙ.
යම් කෙනෙක් ග්‍රෝත්‍රය ප්‍රතිඥා කෙරෙත් නම් මේ ප්‍රජාව කෙරෙහි ක්ෂත්රියයා ශ්‍රේෂ්ඨ ය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨහ.
දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා, සන්නද්ධො ඛත්තියො තපති, ඣායී තපති බ්රාහ්මණො, අථ සබ්බමහොරත්තං බුද්ධො තපති තෙජසා”ති. එකාදසමං.
හිරු දහවල් බබලයි. සඳු රෑ බබල යි. ක්ෂත්රිය තෙමේ සන්නාහ සන්නද්ධ වූයේ බබලයි. රහත් බමුණු තෙමේ ධ්‍යාන කරනේ බබලයි. වැලි, බුදුරජානන් වහන්සේ මුළු රෑ දාවල් තෙදින් බබලති යි.