සහායකසුත්තං
9. 1. 12.
9. 1. 12.
සහායකසුත්තං
සහායක සූත්‍රය
406. සාවත්ථියං–
406. සැවැත්නුවර–
අථ ඛො ද්වෙ භික්ඛූ සහායකා ආයස්මතො මහාකප්පිනස්ස සද්ධිවිහාරිනො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො භගවා තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි “පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, එතෙ භික්ඛූ සහායකෙ ආගච්ඡන්තෙ කප්පිනස්ස සද්ධිවිහාරිනො”ති? “එවං, භන්තෙ”.
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ගේ සද්ධිවිහාරික වූ යහලු භික්ෂූහු දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඔවුන් දුරදී ම දුටු සේක. දැක භික්ෂූන් ඇමැතූ සේක: මහණෙනි, තෙපි මහාකප්පිනගේ සද්ධිවිහාරික වූ තෙල එන යහලු භික්ෂූන් දෙනම දකිවු ද? වහන්ස, එසේ ය.
“එතෙ ඛො තෙ භික්ඛූ මහිද්ධිකා මහානුභාවා. න ච සා සමාපත්ති සුලභරූපා, යා තෙහි භික්ඛූහි අසමාපන්නපුබ්බා. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණෙනි, තෙල භික්ෂූහු මහත් ඍද්ධි ඇතියහ. මහත් ආනුභාව ඇතියහ. ඒ භික්ෂූන් විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එවැනි සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
සහායා වතිමෙ භික්ඛූ චිරරත්තං සමෙතිකා, සමෙති නෙසං සද්ධම්මො, ධම්මෙ බුද්ධප්පවෙදිතෙ.
මේ යහලු භික්ෂූහු දිගුකලක් සමෙතිකා (මනා සේ සැසඳීම් වසයෙන් සම වූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි) ඇතියෝ ම ය. (එහෙයින් ම දැන්) බුදුරජුන් විසින් පැවසූ ධර්මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ශාසන ධර්මය සම වේ. (හොබනේ වේ.)
සුවිනීතා කප්පිනෙන ධම්මෙ අරියප්පවෙදිතෙ, ධාරෙන්ති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනින්ති.
ආර්‍ය්‍ය බුදුරජුන් දෙසූ ධර්මයෙහි කප්පින විසින් මැනැවින් හික්මවන ලද ඔහු සේනා සහිත මරු දිනා අවසන් සිරුර දරත්.
වග්ගො පඨමො
පළමුවන වර්ගය යී.
තස්සුද්දානං:
එහි උද්දානය:
කොලිතො සාරිපුත්තො ඝටො චාපි පවුච්චති, නවො සුජාතො භද්දි ච, විසාඛො නන්දො තිස්සො ච, ථෙරනාමො ච කප්පිනො, සහායෙන ච ද්වාදසාති.
කෝලිත, සාරිපුත්ත, ඝට, නව (භික්ඛු), සුජාත, භද්දිය, විසාඛ, (පඤ්චාලිපුත්ත) නන්ද, තිස්ස, ථෙරනාම, කප්පින, සහාය යි සූත්‍ර දොළසෙක් කියනු ලැබේ.
භික්ඛුසංයුත්තං සමත්තං.
භික්ඛුසංයුත්තය නිමියේ යි.
නිදානවග්ගස්ස සංයුත්තුද්දානං:
නිදාන වර්ගයේ සංයුත්ත උද්දානය:
අභිසමයො ධාතු ච අනමතග්ගෙන කස්සපො, ලාභසක්කාරරාහුල ලක්ඛණොපම්මභික්ඛුහි, නිදානවග්ගො දුතියො පූරිතොති පවුච්චතීති.
අභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභසක්කාර, රාහුල, ලක්ඛණ, ඔපමම, භික්ඛු යන මේ සංයුත්තයන්ගෙන් දෙවෙනි වූ නිදාන වර්ගය සම්පූර්ණ ය යි කියනු ලැබේ.
නිදානවග්ගො නිට්ඨිතො.
නිදානවර්ගය නිමියේ ය.