නකුලපිතුසුත්තං
1. 1. 1. 1.
1. 1. 1. 1.
නකුලපිතුසුත්තං
නකුලපිතු සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ.
1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර සමීපයෙහි භේසකලා මුවළැව්හි වැඩ වසන සේක.
අථ ඛො නකුලපිතා ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච. “අහමස්මි භන්තෙ, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො ආතුරකායො අභිණ්හාතඞ්කො. අනිච්චදස්සාවී ඛො පනාහං භන්තෙ, භගවතො මනොභාවනීයානඤ්ච භික්ඛූනං. ඔවදතු මං භන්තෙ භගවා, අනුසාසතු මං භන්තෙ භගවා, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
එකල්හි නකුලපිතු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හින. එකත්පසෙක හුන් නකුලපිතුගැහැවී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජරායෙන් ජීර්ණයෙමි. (වයසින්) වැඩුණෙමි, මහලුවෙමි, වයස්ගතයෙමි, පැසුළුවියට පැමිණියෙමි. ගිලන්කය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මනෝභාවනීය භික්ෂූන් නිතර නො දක්නාසුලු වෙමි. වහන්ස, යම්සේ මට දිගුකලක් හිත සුව පිණිස පවතී නම්, භාග්‍යවතුන් වහන්සේ එසේ මට අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්ව” යි තෙල සැලකෙළේ යැ.
“එවමෙතං ගහපති, එවමෙතං ගහපති, ආතුරො භ’යං ගහපති, කායො අණ්ඩභූතො පරියොනද්ධො. යො හි ගහපති, ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරොග්යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර බාල්‍යා. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සතීති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බන්ති.”
“ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි. ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ.
අථ ඛො නකුලපිතා ගහපති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නකුලපිතරං ගහපතිං ආයස්මා සාරිපුත්තො එතදවොච: “විප්පසන්නානි ඛො තෙ ගහපති, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො, අලත්ථ නො අජ්ජ භගවතො සම්මුඛා ධම්මිං කථං සවණායා”ති. කිං හි නො සියා භන්තෙ, ඉදානාහං භන්තෙ, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තොති. “යථාකථං පන ත්වං ගහපති, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො”ති?
එකල්හි නකුලපිතු ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන සතුටු වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳැ පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ යැ, එළඹැ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් නකුලපිතු ගැහැවිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේක. “ගැහැවි, තොපගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ, මුඛවර්ණය පිරිසිදු යැ, පැහැපත් යැ. අද භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථාවක් අසන්නට ලැබී දැ” යි. වහන්ස, කිම නො වේ ද, වහන්ස, මම දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දෙම් වෙමියි. “ගැහැවි, තෙපි කෙසේනම් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දහු දැ” යි.
“ඉධාහං භන්තෙ, යෙන භගවා තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො’හං භන්තෙ, භගවන්තං එතදවොචං: අහමස්මි භන්තෙ, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො ආතුරකායො අභිණ්හාතඞ්කො අනිච්චදස්සාවී ඛො පනාහං භන්තෙ, භගවතො මනොභාවනීයානඤ්ච භික්ඛූනං. ඔවදතු මං භන්තෙ භගවා, අනුසාසතු මං භන්තෙ භගවා, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
“වහන්ස, මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැදැ එකත්පසෙකැ හුන්නෙමි. වහන්ස, එකත්පසෙක හුන් මම භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළෙමි. ‘වහන්ස, මම දිරුණෙමි. (වයසින්) වැඩුණෙමි. මහල්ලෙමි. වයස්ගතයෙමි, පැසුළුවියට පැමිණියෙමි. ගිලන්කය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ (ශ්‍රාවක වූ) මන වඩන භික්ෂූන් නිතර නො දක්නාසුලු වෙමි. වහන්ස, යමක් මට දිගුකලක් හිතයට සුවයට වැටේ නම්, භාග්‍යවතුන් වහන්සේ එසේ මට අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වායි.
එවං වුත්තෙ මං භන්තෙ භගවා එතදවොච: “එවමෙතං ගහපති, එවමෙතං ගහපති, ආතුරො හ’යං ගහපති, කායො අණ්ඩභූතො පරියොනද්ධො. යො හි ගහපති, ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරොග්යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර බාල්‍යා. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සතීති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බන්ති. එවං ඛොහං භන්තෙ, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො”ති.
වහන්ස, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘ගැහැවි, තෙල එසේය. ගැහැවි, තෙල එසේය. ගැහැවි, මේ කය රෝග ඇත්තේ ම යැ. බිජුවටක් වැන්නැ. සියුම් සිවියෙන් වළඳනා ලද්දේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බව පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? එහෙයින් ගැහැවි, මෙහි තොප විසින් මෙසේ හික්මියැ යුතු: ගිලන් කය ඇත්තාවූ මාගේ සිත නොගිලන් වෙති යි. ගැහැවි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයැ’ යි මෙය වදාළ සේක. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දෙම් වෙමි.”
“න හි පන තං ගහපති, පටිභාසි තං භගවන්තං උත්තරිං පටිපුච්ඡිතුං: කිත්තාවතා නු ඛො භන්තෙ, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච? කිත්තාවතා ච පන ආතුරකායො හි ඛො හොති, නො ච ආතුරචිත්තොති?” දූරතොපි ඛො මයං භන්තෙ, ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තං යෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථොති.
“ගැහැවි, ‘වහන්ස, කොපමණෙකින් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේද? කොපමණෙකින් ගිලන්කය ඇත්තේ නොගිලන් සිත ඇත්තේ වේ දැ’යි ඒ භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි විචාරන්නට තොපට නො මැ වැටැහිණි දැ’ යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වහන්සේ සමීපයෙහි මේ භාෂිතයේ අරුත දැන ගැනීම පිණිස අපි දුර සිට වුවත් එමු. මේ භාෂිතයේ අර්ත්ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මැ වැටහේ නම්, මනා මැ යැ.
“තෙන හි ගහපති, සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.” ‘එවම්භන්තෙති’ ඛො නකුලපිතා ගහපති ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි. ආයස්මා සාරිපුත්තො එතදවොච:
ගැහැවි, එසේ නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියමි’යි. වහන්ස, එසේ යැ යි නකුලපිතු ගැහැවි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
කථඤ්ච ගහපති, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච:
ගැහැවි, කෙසේ නම් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේ ද:
ඉධ ගහපති, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති,
ගැහැවි, ආර්‍ය්‍යයන් (නුවණැසින්) නො දක්නාසුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම යැ යි
රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. ‘අහං රූපං මම රූප’න්ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං රූපං මම රූප’න්ති පරියුට්ඨට්ඨායිනො, තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
හෝ, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි රූපය පවතී යැ යි හෝ, රූපයෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘රූපය මම ය, මාගේ රූපයැ’යි වැළඳගෙන සිටින ඔහුගේ ඒ රූපය ජරාමරණ විසින් පෙරැළෙයි. අන්යස්වහාවයට පැමිණෙයි. රූපයාගේ විපරිණාමයෙන් හා අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. ‘අහං වෙදනා, මම වෙදනා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං වෙදනා, මම වෙදනා’ති පරියුට්ඨට්ඨායිනො, සා වෙදනා විපරිණමති. අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
වේදනාව ආත්මයැ යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි වේදනාව පවතී යැ යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘වේදනාව මම යැ, මාගේ වේදනාව යැ’යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘මම වේදනා යෙමි. මාගේ යැ වේදනා යැයි’ වැළඳගෙන සිටින ඔහුගේ ඒ වේදනාව විපරිණාම වෙයි. අන්‍යථාභාවයට පැමිණෙයි. වේදනායෙහි විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති පරියුට්ඨට්ඨායිනො සා සඤ්ඤා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස සඤ්ඤාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
සංඥාව ආත්මයැ යි හෝ, ආත්මය සංඥා ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි සංඥාව පවතී යැ යි හෝ, සංඥාවෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘සංඥාව මම ය, මාගේ යැ සංඥා යැ’යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘සංඥාව මම ය. මාගේ යැ සංඥා’ යැ යි පරියුට්ඨිතව සිටින ඔහුගේ ඒ සංඥාව විපරිණාම වෙයි. අන්යප්රකාර වෙයි. සංඥාවෙහි විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති පරියුට්ඨට්ඨායිනො තෙ සඞ්ඛාරා විපරිණමන්ති, අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
සංස්කාර ආත්මයැ යි හෝ, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි සංස්කාර පවතී යැ යි හෝ, සංස්කාරයන්හි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර යැ’යි පරියුට්ඨිතව සිටිනසුලු වෙයි. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර’ යැ යි වැළඳගෙන සිටිනසුලු වූ ඔහුගේ ඒ සංස්කාර විපරිණාම වෙයි. අන්යප්රකාර වෙයි. සංස්කාර විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති පරියුට්ඨට්ඨායිනො තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
විඥානය ආත්මයැ යි හෝ, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි විඥානය පවතී යැ යි හෝ, විඥානයෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘විඥානය මම යැ, මාගේ යැ විඥාන’යැ යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘විඥානය මම යැ, මාගේ විඥාන’ යැ යි වැළඳගෙන සිටින ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි. අන්සැහැවි වෙයි. විඥානය පෙරැළීමෙන් අන්සේ වීමෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්.
එවං ඛො ගහපති, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච.
ගැහැවි, මෙසේ ගිලන්කය ඇත්තේත් ගිලන්සිත් ඇත්තේත් වෙයි.
කථඤ්ච ගහපති, ආතුරකායො හි ඛො හොති, නො ච ආතුරචිත්තො.
ගැහැවි, කෙසේ නම් ගිලන්කය ඇත්තේ ම ගිලන්සිත් ඇත්තේ නොවේ යැ යත්:
ඉධ ගහපති, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. ‘අහං රූපං, මම රූප’න්ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං රූපං, මම රූප’න්ති අපරියුට්ඨට්ඨායිනො තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
ගැහැවි, ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්ය්යධර්මයෙහි දක්ෂ වූ ආර්ය්යධර්මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම ය යි නො දකියි, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකියි, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකියි. ‘රූපය මම යැ, මාගේ යැ රූප’යැ යි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ගැනීමෙන් මැඩලන අයුරෙන් නො සිටිනසුලු වෙයි. ‘රූපය මම ය, මාගේ රූප’ ය යි තෘෂ්ණාදෘෂ්ටි විසින් වැළද නො ගන්නා ඔහුගේ ඒ රූපය ජරාමරණ විසින් පෙරැළෙයි, අන්සැහැවි වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. ‘අහං වෙදනා, මම වෙදනා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං වෙදනා, මම වෙදනා’ති අපරියුට්ඨට්ඨායිනො, සා වෙදනා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
වේදනාව ආත්මයැ යි නො දකියි, ආත්මය වේදනා ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව පවතී යයි හෝ නො දකියි, වේදනාවෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳ නො සිටිනසුලු වෙයි. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ වේදනාව පෙරැළෙයි. අන්‍යථාභාවයට යෙයි, වැළද නො සිටින සුලු වෙයි. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ වේදනාව පෙරැළෙයි. අන්‍යථාභාවයට යයි. වේදනාවගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති අපරියුට්ඨට්ඨායිනො, සා සඤ්ඤා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස සඤ්ඤාවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
සංඥාව ආත්මය යි නො දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි සංඥාව පවතී යයි හෝ නො දකියි, සංඥාවෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘සංඥාව මම ය, මාගේ සංඥාව’ යයි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘සංඥාව මම ය, මාගේ සංඥාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ සංඥාව විපරිණාම වෙයි. අන්‍යාකාර වෙයි, සංඥායෙහි විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. න සඞ්ඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති අපරියුට්ඨට්ඨායිනො, තෙ සඞ්ඛාරා විපරිණමන්ති. අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
සංස්කාර ආත්මය යි නො දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර පවතී යයි හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර’ ය යි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘මම සංස්කාර ය, මාගේ සංස්කාර’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ සංස්කාරයෝ විපරිණාම වෙත්. අන්සැහැවි වෙත්. සංස්කාර විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති අපරියුට්ඨට්ඨායිනො, තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
විඥානය ආත්මය යි නො දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි විඥානය පවතී යයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘විඥානය මම ය, මාගේ විඥාන’ යයි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘විඥාන මම ය, මාගේ විඥාන’ යයි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ විඥානය විපරිණාම වෙයි . අන්‍යථාභාව වෙයි. විඥානයාගේ විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්.
එවං ඛො ගහපති, ආතුරකායො හොති, නො ච ආතුරචිත්තොති.
ගැහැවි, මෙසේ ගිලන්කය ඇත්තේ ගිලන්සිත් නැත්තේ වේය යි.
ඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනො නකුලපිතා ගහපති ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දී’ති.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති නකුලපිතු ගැහැවි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.