යෙදුමෙන් කියවන්න

1. නකුලපිතුසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. නකුලපිතුසුත‍්තවණ‍්ණනා

1. නකුලපිතු සූත්‍ර වර්ණනාව

ඛන්‍ධියවග‍්ගස‍්ස පඨමෙ භග‍්ගෙසූති එවංනාමකෙ ජනපදෙ. සුසුමාරගිරෙති සුසුමාරගිරනගරෙ. තස‍්මිං කිර මාපියමානෙ සුසුමාරො සද‍්දමකාසි, තෙනස‍්ස “සුසුමාරගිර”න‍්ත්‍වෙව නාමං අකංසු. භෙසකළාවනෙති භෙසකළාය නාම යක‍්ඛිනියා අධිවුත්‍ථත‍්තා එවංලද‍්ධනාමෙ වනෙ. තදෙව මිගගණස‍්ස අභයත්‍ථාය දින‍්නත‍්තා මිගදායොති වුච‍්චති. භගවා තස‍්මිං ජනපදෙ තං නගරං නිස‍්සාය තස‍්මිං වනසණ‍්ඩෙ විහරති. නකුලපිතාති නකුලස‍්ස නාම දාරකස‍්ස පිතා.

ඛන්‍ධක වර්ගයේ පළම සූත්‍රය - “භග්ගෙසු” යනු මෙනම් වූ ජනපදයෙහිය. “සුංසුමාරගිරෙ” යනු සුංසුමාරගිරි නුවරයි. ඒ නගරය නිර්මාණය කරන කල්හි සුංසුමාරයෙක් (කිඹුලෙක්) කෑගැසීය. එනිසා “සුංසුමාරගිරි” යන නාමය එම නුවරට තැබූහ. “භෙසකලාවනෙ” යනු “භේසකලා” නම් යක්‍ෂණිය අධිගෘහිත බැවින් මෙම නම ලැබූ වනයෙහි. එහිම මුවන්ට අභය සඳහා දෙන ලද ප්‍රදේශයක් බැවින් “මිගදාය” යනුවෙන් ද කියයි. බුදු පියාණන් වහන්සේ ඒ ජනපදය ඇසුරු කරගෙන එම වන ලැහැබෙහි වැඩ වාසය කරන සේක. “නකුලපිතා” යනු නකුල නම් දරුවාගේ පියායි.

ජිණ‍්ණොති ජරාජිණ‍්ණො. වුඩ‍්ඪොති වයොවුඩ‍්ඪො. මහල‍්ලකොති ජාතිමහල‍්ලකො. අද‍්ධගතොති තියද‍්ධගතො. වයොඅනුප‍්පත‍්තොති තෙසු තීසු අද‍්ධෙසු පච‍්ඡිමවයං අනුප‍්පත‍්තො. ආතුරකායොති ගිලානකායො. ඉදඤ‍්හි සරීරං සුවණ‍්ණවණ‍්ණම‍්පි නිච‍්චපග‍්ඝරණට‍්ඨෙන ආතුරංයෙව නාම. විසෙසෙන පනස‍්ස ජරාතුරතා බ්‍යාධාතුරතා මරණාතුරතාති තිස‍්සො ආතුරතා හොන‍්ති. තාසු කිඤ‍්චාපි එසො මහල‍්ලකත‍්තා ජරාතුරොව, අභිණ‍්හරොගතාය පනස‍්ස බ්‍යාධාතුරතා ඉධ අධිප‍්පෙතා. අභික‍්ඛණාතඞ‍්කොති අභිණ‍්හරොගො නිරන‍්තරරොගො. අනිච‍්චදස‍්සාවීති තාය ආතුරතාය ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ ආගන‍්තුං අසක‍්කොන‍්තො කදාචිදෙව දට‍්ඨුං ලභාමි, න සබ‍්බකාලන‍්ති අත්‍ථො. මනොභාවනීයානන‍්ති මනවඩ‍්ඪකානං. යෙසු හි දිට‍්ඨෙසු කුසලවසෙන චිත‍්තං වඩ‍්ඪති, තෙ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාදයො මහාථෙරා මනොභාවනීයා නාම. අනුසාසතූති පුනප‍්පුනං සාසතු. පුරිමඤ‍්හි වචනං ඔවාදො නාම, අපරාපරං අනුසාසනී නාම. ඔතිණ‍්ණෙ වා වත්‍ථුස‍්මිං වචනං ඔවාදො නාම, අනොතිණ‍්ණෙ තන‍්තිවසෙන වා පවෙණිවසෙන වා වුත‍්තං අනුසාසනී නාම. අපිච ඔවාදොති වා අනුසාසනීති වා අත්‍ථතො එකමෙව, බ්‍යඤ‍්ජනමත‍්තමෙව නානං.

“ජිණ්ණො” යනු ජරාවෙන් මහළු වූ යනුයි. “වුද්ධො” යනු වයසින් වැඩි වූයේ යනුයි. “මහල්ලකො” යනු මහල්ලෙකු බවට පත්වූයේ යනුයි. “අද්ධගතො” වයස්ගත වූයේ. “වයො අනුප්පත්තො” යනු ඒ ත්‍රිවිධ වයසින් අන්තිම වයසට පැමිණියේ යනුයි. “ආතුරකායො” යනු ගිලන් වූ කය ඇති යනුයි. මේ ශරීරය රන්වන් වූයේ වුවද නිතර වැගිරෙන අර්ථයෙන් ආතුර වූ ගිලන් වූ. “ආතුර” යන නාම විශේෂයෙන් ජරාවෙන් රෝගී වූ ව්‍යාධියෙන් (ලෙඩ) රෝගී වූ හා මරණයෙන් ආතුර වූ යන තුනින් ආතුර වූයේ වේ. ඒවා අතුරින් මෙතෙමේ මහලු බැවින් ජරාවෙන් ආතුර වූවෙකි. නිතර රෝග වැළඳෙන බැවින් ව්‍යාධි ආතුරයෙකි. මෙය මෙහිදී අදහස් කරන ලදී. “අභිණ්හාතංකො” යනු නිතර රෝගී වූයේ, නිරන්තරව රෝගාබාධයන්ගෙන් පෙළෙනුයේ යනුයි. “අනිච්චදස්සාවී” යනු ඒ ආතුර බැවින් කැමති කැමති වේලාවට පැමිණීමට නොහැක. කලාතුරකින්ම පැමිණීමට හැකියාව ඇත. සැමකල්හිම පැමිණීමට නොහැක යන අර්ථයි. “මනොභාවනීයානං” යනු මන වඩන්නවුන්ගේ යනුයි. යමෙකු දැකීමෙන් කුශල වශයෙන් සිත වැඩේ ද ඒ සාරිපුත්‍ර-මහාමොග්ගල්ලානාදී මහතෙරවරු මනෝභාවනීය (මන වඩන්නෝ) නම් වෙති. “අනුසාසතූ” යනු නැවත නැවත අනුශාසනා කරනු මැනවි යනුයි. පළමු අවස්ථාවේ දෙන වචනය අවවාදයයි. (ඔවාද) ඊට පසුව කරනුයේ, වෙන් වෙන්ව සිදු කරනුයේ අනුශාසනාවයි. නැතහොත් වස්තුවෙහි බැසගත් වචනය ‘ඕවාද? (අවවාදය) නම් වේ. නොබැසගත්, පේළි වශයෙන් - ප්‍රවේණි වශයෙන් පවසනුයේ ‘අනුශාසනාව’ නම් වේ. තවද ඕවාදය (අවවාදය) හෝ අනුශාසනාව යන දෙකෙහිම අර්ථය එකමය. බ්‍යඤ්ජන වශයෙන් ම නානාවිධය.

ආතුරො හායන‍්ති ආතුරො හි අයං, සුවණ‍්ණවණ‍්ණො පියඞ‍්ගුසාමොපි සමානො නිච‍්චපග‍්ඝරණට‍්ඨෙන ආතුරොයෙව. අණ‍්ඩභූතොති අණ‍්ඩං විය භූතො දුබ‍්බලො. යථා කුක‍්කුටණ‍්ඩං වා මයූරණ‍්ඩං වා ගෙණ‍්ඩුකං විය ගහෙත්‍වා ඛිපන‍්තෙන වා පහරන‍්තෙන වා න සක‍්කා කීළිතුං, තාවදෙව භිජ‍්ජති, එවමයම‍්පි කායො කණ‍්ටකෙපි ඛාණුකෙපි පක‍්ඛලිතස‍්ස භිජ‍්ජතීති අණ‍්ඩං විය භූතොති අණ‍්ඩභූතො. පරියොනද‍්ධොති සුඛුමෙන ඡවිමත‍්තෙන පරියොනද‍්ධො. අණ‍්ඩඤ‍්හි සාරතචෙන පරියොනද‍්ධං, තෙන ඩංසමකසාදයො නිලීයිත්‍වාපි ඡවිං ඡින්‍දිත්‍වා යූසං පග‍්ඝරාපෙතුං න සක‍්කොන‍්ති. ඉමස‍්මිං පන ඡවිං ඡින්‍දිත්‍වා යං ඉච‍්ඡන‍්ති, තං කරොන‍්ති. එවං සුඛුමාය ඡවියා පරියොනද‍්ධො. කිමඤ‍්ඤත්‍ර බාල්‍යාති බාලභාවතො අඤ‍්ඤං කිමත්‍ථි? බාලොයෙව අයන‍්ති අත්‍ථො. තස‍්මාති යස‍්මා අයං කායො එවරූපො, තස‍්මා.

“ආතුරො භයං” යනු මේ කය ආතුර වූවක්මය යනුයි. රන්වන් වූ පියඟුවන් වූ ශරීර ඇත්තේ වුවත් නිත්‍ය වූ වැගිරීම් අර්ථයෙන් රෝගියෙක්ම ය. “අණ්ඩභූතො” යනු බිත්තරයක් මෙන් වූ යනුයි. ඉතා දුර්වල, යම්සේ කුකුල් බිත්තරයක් හෝ මොණර බිත්තරයක් හෝ පන්දුවක් මෙන් ගෙන දමන්නට හෝ පහරදීමට හෝ නොහැක. ක්‍රීඩා කළහොත් එකෙණෙහිම බිඳේ. එසේ බිත්තරයක් මෙන් වූයේ අණ්ඩභූතො නමි. “පරියොනද්ධො” යනු සියුම් වූ සිවියක් පමණ වූ, හාත්පසින් වෙළන ලද යනුයි. බිත්තරය වනාහී හරවත් සිවියෙන් වෙලන ලද්දකි. එබැවින් මැසි මදුරුවන්ට සැඟවීවත් සම සිඳ යුෂ වැගිරවීමට නොහැකි වේ. මෙහි වනාහී (මනුෂ්‍යයන්ගේ) සම සිඳ කැමති දෙයක් සිදුකිරීමට මැසිමදුරුවන්ට පුළුවන. මෙසේ සියුම් සිවියෙන් වෙළන ලදී. “කිමඤ්ඤත්‍ර බාල්‍යා” යනු මෝඩ බව හැර අන් කුමක් වේද? මොවුන් බාලයෝමය යන අර්ථයි. එනිසා මේ කය මෙබඳු ස්වරූප ඇත්තකි.

තෙනුපසඞ‍්කමීති රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස උපට‍්ඨානං ගන‍්ත්‍වා අනන‍්තරං පරිණායකරතනස‍්ස උපට‍්ඨානං ගච‍්ඡන‍්තො රාජපුරිසො විය, සද‍්ධම‍්මචක‍්කවත‍්තිස‍්ස භගවතො උපට‍්ඨානං ගන‍්ත්‍වා, අනන‍්තරං ධම‍්මසෙනාපතිස‍්ස අපචිතිං කාතුකාමො යෙනායස‍්මා සාරිපුත‍්තො, තෙනුපසඞ‍්කමි. විප‍්පසන‍්නානීති සුට‍්ඨු පසන‍්නානි. ඉන්‍ද්‍රියානීති මනච‍්ඡට‍්ඨානි ඉන්‍ද්‍රියානි. පරිසුද‍්ධොති නිද‍්දොසො. පරියොදාතොති තස‍්සෙව වෙවචනං. නිරුපක‍්කිලෙසතායෙව හි එස පරියොදාතොති වුත‍්තො, න සෙතභාවෙන. එතස‍්ස ච පරියොදාතතං දිස‍්වාව ඉන්‍ද්‍රියානං විප‍්පසන‍්නතං අඤ‍්ඤාසි. නයග‍්ගාහපඤ‍්ඤා කිරෙසා ථෙරස‍්ස.

“තෙනුපසංකමි” යනු චක්කවත්ති රජතුමාට උපස්ථානයට ගොස් අනතුරුව පරිනායක (සෙන්පති) රත්නයට උපස්ථාන පිණිස යන රාජ පුරුෂයකු මෙන් සද්ධර්මචක්‍රවර්තී ව බුදුරදුන්ගේ උපස්ථානයට ගොස් අනතුරුව ධර්ම සෙන්පතිට ගෞරව කරනු කැමතිව සාරිපුත්‍ර තෙරුන් වෙත එළඹියේය. “විප්පසන්නානි” යනු මැනවින් ප්‍රසන්න වූ යනුයි. “ඉන්‍ද්‍රියානි” මනස සයවැනි වූ ඉන්‍ද්‍රියයන් “පරිසුද්ධො” යනු නිදොස්ය. “පරියොදාතො” යනු එයටම සමාන වදනකි. ක්ලේශයන්ගෙන් තොර වූ බැවින් මෙහි පිරිසිදුවයි කියන ලදී. සුදුපාට නිසා නොවේ. මොහුගේ ද ඉතා පිරිසිදු බව ඉන්‍ද්‍රියයන්ගේ පැහැදුණු බවින් ම දැනගත හැකිය. නය වශයෙන් ගන්නාවිට ප්‍රඥාව මේ තෙරුන්ට මේ.

කථඤ‍්හි නො සියාති කෙන කාරණෙන න ලද‍්ධා භවිස‍්සති? ලද‍්ධායෙවාති අත්‍ථො. ඉමිනා කිං දීපෙති? සත්‍ථුවිස‍්සාසිකභාවං. අයං කිර සත්‍ථු දිට‍්ඨකාලතො පට‍්ඨාය පිතිපෙමං, උපාසිකා චස‍්ස මාතිපෙමං පටිලභති. උභොපි “මම පුත‍්තො”ති සත්‍ථාරං වදන‍්ති. භවන‍්තරගතො හි නෙසං සිනෙහො. සා කිර උපාසිකා පඤ‍්ච ජාතිසතානි තථාගතස‍්ස මාතාව, සො ච, ගහපති, පිතාව අහොසි. පුන පඤ‍්ච ජාතිසතානි උපාසිකා මහාමාතා, උපාසකො මහාපිතා, තථා චූළාමාතා චූළපිතාති. එවං සත්‍ථා දියඩ‍්ඪඅත‍්තභාවසහස‍්සං තෙසංයෙව හත්‍ථෙ වඩ‍්ඪිතො. තෙනෙව තෙ යං නෙව පුත‍්තස‍්ස, න පිතු සන‍්තිකෙ කථෙතුං සක‍්කා, තං සත්‍ථු සන‍්තිකෙ නිසින‍්නා කථෙන‍්ති. ඉමිනායෙව ච කාරණෙන භගවා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං උපාසකානං විස‍්සාසිකානං යදිදං නකුලපිතා ගහපති, යදිදං නකුලමාතා ගහපතානී”ති (අ· නි· 1.257) තෙ එතදග‍්ගෙ ඨපෙසි. ඉති සො ඉමං විස‍්සාසිකභාවං පකාසෙන‍්තො කථඤ‍්හි නො සියාති ආහ. අමතෙන අභිසිත‍්තොති නස‍්සිධ අඤ‍්ඤං කිඤ‍්චි ඣානං වා විපස‍්සනා වා මග‍්ගො වා ඵලං වා “අමතාභිසෙකො”ති දට‍්ඨබ‍්බො, මධුරධම‍්මදෙසනායෙව පන “අමතාභිසෙකො”ති වෙදිතබ‍්බො. දූරතොපීති තිරොරට‍්ඨාපි තිරොජනපදාපි.

“කිං හි නො සියා” යනු කුමන කරුණකින් නොලබන ලද්දේ වන්නේ ද? ලබන ලද්දේමය යන අර්ථයි. මෙහිදී කුමක් දක්වයි ද? ශාස්තෲන් වහන්සේ සමග ඇති විශ්වාසී භාවයයි. මොහු වනාහි බුදුරදුන් දුටු දින පටන් පියෙකු මෙන් ප්‍රේමයද, මොහුගේ උපාසිකාව (බිරිඳ) මවක මෙන් ප්‍රේමයද ලබයි. මේ දෙදෙනාම “මගේ පුතුයැ” යි බුදුරදුන්ට වඳිති. ඔවුන්ගේ සෙනෙහස භව ගණනාවක සිට පැවතෙන්නකි. ඒ නකුලමාතා උපාසිකාව පන්සීයක් ආත්මභාවවල තථාගතයන් වහන්සේගේ මවු වූවාය. ඒ නකුලපිතු ගහපතිතුමා පියා වූවේය. නැවත ආත්මභාව පන්සීයක් උපාසිකාව තථාගතයන් වහන්සේගේ ලොකුමව වූවාය. ගහපතිතුමා ලොකු තාත්තා විය. එසේම ආත්මභාව පන්සීයක දෙදෙනම බාප්පා හා සුළුමව (කුඩා මව) වූහ. මෙසේ තථාගතයන් වහන්සේ පෙර ආත්ම එක්දහස් පන්සීයක දී ම මේ දෙදෙනාගේම අතෙහි වැඩුණු සේක. එනිසාම ඔවුන් දෙදෙනාට යම්සේ පුතෙකුට පියා ළඟ හිඳ කථා කිරීමට නොහැකිද එසේම ශාස්තෲන් වහන්සේ ඉදිරියේ සිට කථාකිරීම අපහසු වෙති. මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක වූ උපාසකයන් අතර විශ්වාස ඇත්තවුන්ගෙන් නකුල පිතු ගහපති අග්‍ර වේ. නකුලමාතා උපාසිකාවන් අතර අග්‍රවේ” යැයි මොවුහු අගතනතුරුවල පිහිටවූහ. මෙසේ ඔහු මේ විශ්වාසික බව ප්‍රකාශ කරමින් “කිං හි නො සියා” යැයි කීවේය. “අමතෙන අභිසිත්තො” යනු මෙහිදී අනික් කිසි ධ්‍යානයක් හෝ විදර්ශනාවක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ අමෘතාභිෂේකයක් (අමාවෙන් අබිසෙස් කිරීමක්) ලෙස නො සැළකිය යුතුයි. මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරිමට ලැබීමට අමාවෙන් අභිෂේක කිරිමකැයි දතයුතුයි. “දූරතොපි” යනු රට හරහා, ජනපද හරහාය.

අස‍්සුතවා පුථුජ‍්ජනොති ඉදං වුත‍්තත්‍ථමෙව. අරියානං අදස‍්සාවීතිආදීසු අරියාති ආරකත‍්තා කිලෙසෙහි, අනයෙ න ඉරියනතො, අයෙ ඉරියනතො, සදෙවකෙන ච ලොකෙන අරණීයතො බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච බුද‍්ධසාවකා ච වුච‍්චන‍්ති. බුද‍්ධා එව වා ඉධ අරියා. යථාහ – “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… තථාගතො අරියො”ති වුච‍්චතීති (සං· නි· 5.1098). සප‍්පුරිසානන‍්ති එත්‍ථ පන පච‍්චෙකබුද‍්ධා තථාගතසාවකා ච සප‍්පුරිසාති වෙදිතබ‍්බා. තෙ හි ලොකුත‍්තරගුණයොගෙන සොභනා පුරිසාති සප‍්පුරිසා. සබ‍්බෙව වා එතෙ ද‍්වෙධාපි වුත‍්තා. බුද‍්ධාපි හි අරියා ච සප‍්පුරිසා ච, පච‍්චෙකබුද‍්ධා බුද‍්ධසාවකාපි. යථාහ –

“අස්සුතවා” යන්නෙහිත් “පුථුජ්ජනො” යන්නෙහිත් අර්ථ පෙර කියන ලද්දේය. “අරියානං අදස්සාවී” යනාදියෙහි “අරියා” යනු ක්ලේශයන්ගෙන් දුරු වූ බැවින් විපතෙහි ඉරියවු නො පවත්වන, සැපතෙහි ඉරියවු පවත්වන, දෙවියන් සහිත වූ ලෝකයෙන් නො ඇලුණු සිතැතිව වෙන්වී වසන බුදුවරු, පසේබුදුවරු හා බුද්ධ ශ්‍රාවකයෝය. නැතිනම් මෙහි ‘ආර්ය’ යනු බුදුවරුමය. එනිසා කියන ලදී. “මහණෙනි! දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- තථාගතයන් වහන්සේට “අරිය” යැයි කියනු ලැබේ.” “සප්පුරිසා” යන මෙහි පසේබුදුවරු ද තථාගත ශ්‍රාවකයෝ ද සත්පුරුෂයෝ යැයි දත යුතුයි. ඔවුන’තර ලොවුතුරු ගුණ යෙදීමෙන් ශෝභන වූ පුරුෂයෝ ද සත්පුරුෂයෝය. ආර්ය, සත්පුරුෂ යන මේ පද දෙකින් සියලුම බුදුවරු ද පසේබුදුවරු ද බුද්ධ ශ්‍රාවකයෝ ද අදහස් කරන ලදී. එනිසා කියන ලදී.

යො වෙ කතඤ්ඤු කතවෙධි ධීරො කල්‍යාණ මිත්තො දළ්හ භත්තිච හොති දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං තථාවිධං සප්පුරිසං වදනති

“යො වෙ කතඤ‍්ඤූ කතවෙදි ධීරො, කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොති; දුඛිතස‍්ස සක‍්කච‍්ච කරොති කිච‍්චං, තථාවිධං සප‍්පුරිසං වදන‍්තී”ති. (ජා· 2.17.78);

“යම් පුද්ගලයෙක් කළගුණ දන්නේද කළ උපකාරය දන්නේද නුවණැත්තේ ද කල්‍යාණ මිත්‍රයෙක් වන්නේ ද දැඩි භක්ති ඇත්තේ වේද දුකට පත්වූවන්ගේ කටයුතු සකස් කරයි ද එබඳු පුද්ගලයා සත්පුරුෂයෙකැයි කියති.”

“කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොතී”ති එත‍්තාවතා හි බුද‍්ධසාවකො වුත‍්තො, කතඤ‍්ඤුතාදීහි පච‍්චෙකබුද‍්ධබුද‍්ධාති. ඉදානි යො තෙසං අරියානං අදස‍්සනසීලො, න ච දස‍්සනෙ සාධුකාරී, සො “අරියානං අදස‍්සාවී”ති වෙදිතබ‍්බො. සො ච චක‍්ඛුනා අදස‍්සාවී, ඤාණෙන අදස‍්සාවීති දුවිධො. තෙසු ඤාණෙන අදස‍්සාවී ඉධ අධිප‍්පෙතො. මංසචක‍්ඛුනා හි දිබ‍්බචක‍්ඛුනා වා අරියා දිට‍්ඨාපි අදිට‍්ඨාව හොන‍්ති තෙසං චක‍්ඛූනං වණ‍්ණමත‍්තග‍්ගහණතො න අරියභාවගොචරතො. සොණසිඞ‍්ගාලාදයොපි චක‍්ඛුනා අරියෙ පස‍්සන‍්ති, න චෙතෙ අරියානං දස‍්සාවිනො නාම.

“කල්‍යාණ මිත්‍රයා දැඩි භක්තිය හා විශ්වාසය ඇත්තෙකි”යි යන්නෙන් බුද්ධශ්‍රාවකයා අදහස් විය. කළගුණ දන්නේ ද ආදී වශයෙන් පැවසූ අනික් ගුණ සියල්ලෙන් ම පසේබුදුවරු ද ලොවුතුරු බුදුවරු ද අදහස් වේ. දැන් යමෙක් මේ ආර්යයන්ගේ ගති ස්වභාවයන් නොදක්නේද දුටුවත් “එය මැනවි” “හොඳයි” යනුවෙන් අනුමත නොකරයි ද ඔහු “ආර්යයන් නොදක්නා” යැයි දතයුතුය. එහි ද ඇසින් නොදැකීම හා නුවණින් නොදැකීම යනුවෙන් නොදැකීමෙහි කොටස් දෙකකි. එම දෙකින් නුවණින් (ඤාණෙන) නොදැකීම මෙහිදී අදහස් විය. මසැසින් හෝ දිවැසින් ආර්යයන් දුටුවත් එය “නොදැකීමක්ම” වේ. ඔවුන්ගේ ඇසින් වර්ණය පමණක් ගැනීමෙන් ආර්ය ගුණමහිමය අවබෝධ නොවේ. ගෝචර නොවේ. බලු කැණහිල්ලුද ඇසින් ආර්යයන් දකිති. එය ඔවුහු “ආර්යයන් දැකීම”කියි නොසැලකේ.

තත්‍රිදං වත්‍ථු – චිත‍්තලපබ‍්බතවාසිනො කිර ඛීණාසවත්‍ථෙරස‍්ස උපට‍්ඨාකො වුඩ‍්ඪපබ‍්බජිතො එකදිවසං ථෙරෙන සද‍්ධිං පිණ‍්ඩාය චරිත්‍වා, ථෙරස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා, පිට‍්ඨිතො ආගච‍්ඡන‍්තො ථෙරං පුච‍්ඡි – “අරියා නාම, භන‍්තෙ, කීදිසා”ති? ථෙරො ආහ – “ඉධෙකච‍්චො මහල‍්ලකො අරියානං පත‍්තචීවරං ගහෙත්‍වා වත‍්තපටිවත‍්තං කත්‍වා සහචරන‍්තොපි නෙව අරියෙ ජානාති, එවං දුජ‍්ජානාවුසො, අරියා”ති. එවං වුත‍්තෙපි සො නෙව අඤ‍්ඤාසි. තස‍්මා න චක‍්ඛුනා දස‍්සනං දස‍්සනං, ඤාණෙන දස‍්සනමෙව දස‍්සනං. යථාහ – “කිං තෙ, වක‍්කලි, ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන? යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සති. යො මං පස‍්සති, සො ධම‍්මං පස‍්සතී”ති (සං· නි· 3.87). තස‍්මා චක‍්ඛුනා පස‍්සන‍්තොපි ඤාණෙන අරියෙහි දිට‍්ඨං අනිච‍්චාදිලක‍්ඛණං අපස‍්සන‍්තො, අරියාධිගතඤ‍්ච ධම‍්මං අනධිගච‍්ඡන‍්තො අරියකරධම‍්මානං අරියභාවස‍්ස ච අදිට‍්ඨත‍්තා “අරියානං අදස‍්සාවී”ති වෙදිතබ‍්බො.

එහිදී මේ කථාවස්තුව යෙදේ. සිතුල්පවු වැසි එක් රහත් වූ මහතෙර නමක් සිය උපස්ථායක වූ වයසට ගොස් පැවිදි වූ වුඩ්ඪ පබ්බජිතයෙකු එක්දිනක් තෙරුන් වහන්සේ සමග පිඬු පිණිස හැසිර; තෙරුන්ගේ පාසිවුරු ගෙන පිටුපසින් එන්නේ තෙරුන් වහන්සේගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමීනි! ආර්යයෝ නම් කවරාකාරද? ඔවුහු හඳුනාගත හැක්කේ කෙසේද?” තෙරුන් වහන්සේ “මේ සස්නෙහි ඇතැම් මහලු පුද්ගලයෙක් ආර්යයන්ගේ පාසිවුරු ගෙන වත්පිළිවෙත් කරයි. උන්වහන්සේ සමග එහි හැසිරෙයි. එසේ වුවත් ආර්යයන් පිළිබඳව ඔහු නොදනියි. මෙලෙස ආර්යයෝ නම් හඳුනා ගැනීමට ඉතා දුෂ්කරයෝමය.” යැයි වදාළහ. මෙසේ පැවසුවත් ඔහු ආර්ය පුද්ගලයා හඳුනා නොගත්තේමය. එනිසා ඇසින් දැකීම පමණක් ම “දැකීම” නම් නොවේ. නුවණින් දැකීම ම “දැකීම” නම් වේ. බුදුහු මෙසේ වදාළේ නොවේද? “වක්කලිය! මේ කුණුකය දෙස බලාසිටීමෙන් ඔබට ඇති අර්ථය කුමක්ද? වක්කලිය! යමෙක් මා දෙසූ ධර්මය මැනවින් දකීනම් ඔහු මා දකියි. යමෙක් නිවැරදි ලෙස මා දකී නම් ඔහු ධර්මය දකී.” එනිසා මසැසින් බැලුවත් ඥානයෙන් (නුවණින්) ආර්යයන් විසින් දක්නා ලද අනිත්‍යාදී ලක්‍ෂණ නොදක්නේ ද ආර්යයන් අවබෝධ කරගත් ධර්මයන් අවබෝධ කර නොගන්නේ ද ආර්ය බවට පත්කරන ධර්මයන්ගේ ඇති “ආර්ය” භාවය නොදක්නා බැවින් “ආර්යයන් නොදක්නේ” යැයි දතයුතුයි.

අරියධම‍්මස‍්ස අකොවිදොති, සතිපට‍්ඨානාදිභෙදෙ අරියධම‍්මෙ අකුසලො. අරියධම‍්මෙ අවිනීතොති එත්‍ථ පන –

“අරිය ධම්මස්ස අකොවිදො” යනු සතිපට්ඨානාදී භේද ඇති ආර්ය ධර්මයෙහි දක්‍ෂ නොවූයේ යනුයි. “අරියධම්මෙ අවිනීතො” යන මෙහි:

දුවිධො විනයො නාම එක මෙකෙත්‍ථ පඤ්චධා අභාවතො තස්ස අයං අවිනීතොති මුච්චති

“දුවිධො විනයො නාම, එකමෙකෙත්‍ථ පඤ‍්චධා; අභාවතො තස‍්ස අයං, අවිනීතොති වුච‍්චති”.

“විනය ප්‍රධාන වශයෙන් දෙයාකාරය. ඒ එක එක කොටස අනුබෙදීම් පහකට බෙදේ. මේ කිසිදු ප්‍රභේදයකට අයත් විනයක් නැති පුද්ගලයා “අවිනීත” නමින් හැඳින්වේ.”

අයඤ‍්හි සංවරවිනයො පහානවිනයොති දුවිධො විනයො. එත්‍ථ ච දුවිධෙපි විනයෙ එකමෙකො විනයො පඤ‍්චධා භිජ‍්ජති. සංවරවිනයොපි හි සීලසංවරො සතිසංවරො ඤාණසංවරො ඛන‍්තිසංවරො වීරියසංවරොති පඤ‍්චවිධො. පහානවිනයොපි තදඞ‍්ගප‍්පහානං, වික‍්ඛම‍්භනප‍්පහානං සමුච‍්ඡෙදප‍්පහානං පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං නිස‍්සරණප‍්පහානන‍්ති පඤ‍්චවිධො.

මෙහි වනාහී සංවර විනය හා ප්‍රහාණ විනය වශයෙන් විනයෙහි ප්‍රධාන බෙදීම් දෙකකි. මේ දෙක ද තවත් කොටස් පහකට බෙදේ. සංවර විනය වනාහී සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, ඛන්ති සංවරය හා විරිය සංවරය යැයි පස්වැදෑරුම්ය. ප්‍රහාණ විනය ද තදංග ප්‍රහාණ, විෂ්කම්භණ ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ, පටිප්පස්සද්ධි ප්‍රහාණ හා නිස්සරණ ප්‍රහාණ යනුවෙන් පස්වැදෑරුම්ය.

තත්‍ථ “ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං සීලසංවරො. “රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතී”ති අයං (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) සතිසංවරො.

එහි “මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ - මැනවින් යුක්ත වූයේ” යන මෙය සීල සංවරයයි. “චක්‍ෂු ඉන්‍ද්‍රිය ආරක්‍ෂා කරයි. චක්‍ෂු ඉන්‍ද්‍රිය සංවරය කිරීමට පැමිණේ.” මෙය සති සංවරයයි.

යානි සොතානි ලොකස්මිං (අජිතාතිභගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ

“යානි සොතානි ලොකස‍්මිං, (අජිතාති භගවා) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්‍රූමි, පඤ‍්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස.4) –

“භාග්‍යවතුන් වහන්සේ අජිත! ලෝකයෙහි යම් ශ්‍රෝතයන් (ගලායෑමක්) වේනම් සතිය ඒවායේ වැළැක්වීමයි. ශ්‍රෝතයන්ගේ සංවරය මම නියම කරමි. මෙය ප්‍රඥාවෙන් වසනු ලැබේ.”

අයං ඤාණසංවරො. “ඛමො හොති සීතස‍්ස උණ‍්හස‍්සා”ති (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) අයං ඛන‍්තිසංවරො. “උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙතී”ති (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) අයං වීරියසංවරො. සබ‍්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ‍්බානං විනෙතබ‍්බානඤ‍්ච කායදුච‍්චරිතාදීනං සංවරණතො “සංවරො” විනයනතො “විනයො”ති වුච‍්චති. එවං තාව සංවරවිනයො පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

මෙය ඥාන සංවරයයි. “ශීතලත් උණුසුමත් ඉවසන ලද්දේ වේ. මෙය ඛන්ති සංවරයයි. “උපන්නා වූ කාම විතර්කය නො ඉවසයි.” මෙය විරිය සංවරයයි. මේ සියල්ල ම සංවරයන්ය. තම තමාට අයත් පරිදි සංවර කළ යුත්තන්ගේ ද හික්මවිය යුත්තන්ගේ ද කාය දුශ්චරිතාදිය සංවර කිරීම් වශයෙන් “සංවරය” ද හික්මවීම් වශයෙන් “විනය”ද කියයි. මෙසේ සංවර විනය පස් ආකාරයක බෙදේ යැයි දතයුතුයි.

තථා යං නාමරූපපරිච‍්ඡෙදාදීසු විපස‍්සනාඤාණෙසු පටිපක‍්ඛභාවතො දීපාලොකෙනෙව තමස‍්ස, තෙන තෙන විපස‍්සනාඤාණෙන තස‍්ස තස‍්ස අනත්‍ථස‍්ස පහානං. සෙය්‍යථිදං – නාමරූපවවත්‍ථානෙන සක‍්කායදිට‍්ඨියා, පච‍්චයපරිග‍්ගහෙන අහෙතුවිසමහෙතුදිට‍්ඨීනං, තස‍්සෙව අපරභාගෙන කඞ‍්ඛාවිතරණෙන කථංකථීභාවස‍්ස, කලාපසම‍්මසනෙන “අහං මමා”ති ගාහස‍්ස, මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන අමග‍්ගෙ මග‍්ගසඤ‍්ඤාය, උදයදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා, වයදස‍්සනෙන සස‍්සතදිට‍්ඨියා, භයදස‍්සනෙන සභයෙ අභයසඤ‍්ඤාය, ආදීනවදස‍්සනෙන අස‍්සාදසඤ‍්ඤාය, නිබ‍්බිදානුපස‍්සනාය අභිරතිසඤ‍්ඤාය, මුච‍්චිතුකම්‍යතාඤාණෙන අමුච‍්චිතුකාමතාය. උපෙක‍්ඛාඤාණෙන අනුපෙක‍්ඛාය, අනුලොමෙන ධම‍්මට‍්ඨිතියං නිබ‍්බානෙ ච පටිලොමභාවස‍්ස, ගොත්‍රභුනා සඞ‍්ඛාරනිමිත‍්තගාහස‍්ස පහානං, එතං තදඞ‍්ගප‍්පහානං නාම.

එසේම යම් බඳු වූ නාමරූප බෙදා දැක්වීම් ආදියෙහි, විදර්ශනා ඥානයෙහි විරුද්ධ වූ ස්වභාවයෙන් ප්‍රදීපාලෝකයෙන් ම එය ඔහුට වැටහේ. ඒ ඒ විදර්ශනා ඥානයෙන් ඒ ඒ අංගයාගේ ප්‍රහාණය සිදුවේ. ඒ කෙසේද යත්? නාමරූප වෙන්කිරීමෙන් සක්කාය දෘෂ්ටිය ද ප්‍රත්‍ය පරිග්‍රහණයෙන් අහේතුක වූ විෂමහේතුක වූ දෘෂ්ටිය ද එහිම පසුභාගය වූ සැක දුරුකිරීමෙන් සැක සහිත භාවය ද කලාප වශයෙන් විමසා බැලීමෙන් මම ය මාගේය වශයෙන් ගැනීම ද මාර්ගාමාර්ග වෙන් කිරීමෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාව ද හටගැනීම දැකීමෙන් උච්ඡේද දෘෂ්ටිය ද විනාශය දැකීමෙන් ශාස්වත දෘෂ්ටිය ද භය දැකීමෙන් භය සහිත දෙයෙහි නිර්භය සංඥාව ද ආදීනව දැකීමෙන් ආශ්වාද සංඥාව ද කලකිරීම් අනුව බැලීමෙන් තදින් ඇලීමේ සංඥාව ද මිදෙනු කැමතිවීමේ ඥානයෙන් නොමිදෙනු කැමති බවද උපේක්‍ෂා ඥානයෙන් උපේක්‍ෂා රහිත බවද ක්‍රමානුකූල භාවයෙන් ධර්ම ස්වභාවයද නිර්වාණයෙන් විරුද්ධ වූ භාවයද ගෝත්‍රභූ චිත්තයෙන් සංස්කාර වශයෙන් නිමිති ගැනීමද ප්‍රහාණ වේ. මෙය තදංගප්‍රහාණ නම් වේ.

යං පන උපචාරප‍්පනාභෙදෙන සමාධිනා පවත‍්තිභාවනිවාරණතො ඝටප‍්පහාරෙනෙව උදකපිට‍්ඨෙ සෙවාලස‍්ස, තෙසං තෙසං නීවරණාදිධම‍්මානං පහානං, එතං වික‍්ඛම‍්භනප‍්පහානං නාම.

යමක් වනාහී උපචාර-අර්පණා භේදයෙන් සමාධියෙන් පවත්වන ලද භාවයන්ගේ වැළැක්වීමෙන් කල පහරින් ජලය මතුපිට වූ සෙවල ඉවත් වන්නාක් මෙන් ඒ ඒ නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය වේ. මෙය විෂ්කම්භණ ප්‍රහාණය නම් වේ.

යං චතුන‍්නං අරියමග‍්ගානං භාවිතත‍්තා තංතංමග‍්ගවතො අත‍්තනො සන‍්තානෙ “දිට‍්ඨිගතානං පහානායා”තිආදිනා නයෙන (ධ· ස· 277; විභ· 628) වුත‍්තස‍්ස සමුදයපක‍්ඛිකස‍්ස කිලෙසගණස‍්ස අච‍්චන‍්තං අප‍්පවත‍්තිභාවෙන පහානං, ඉදං සමුච‍්ඡෙදප‍්පහානං නාම.

යමක් සතර ආර්ය මාර්ගයන්ගේ වැඩීමෙන් ඒ ඒ මාර්ග වශයෙන් තමාගේ සන්තානයේ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණ වී යැයි ආදී වශයෙන් කියන ලද, සමුදය පක්‍ෂයට අයත් කෙලෙස් සමූහයේ අතිශයින් නොපැවතීම් වශයෙන් ප්‍රහාණය වේ. මෙය සමුච්ඡේද ප්‍රහාණය නම් වේ.

යං පන ඵලක‍්ඛණෙ පටිප‍්පස‍්සද‍්ධත‍්තං කිලෙසානං, එතං පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං නාම.

යමක් වනාහී විපාක ක්‍ෂණයෙහි ක්ලේශයගේ සංසිඳීමක් වේද යටපත් වීමක් වේද එය පටිප්පස්සද්ධි ප්‍රහාණය නම් වේ.

යං සබ‍්බසඞ‍්ඛතනිස‍්සටත‍්තා පහීනසබ‍්බසඞ‍්ඛතං නිබ‍්බානං, එතං නිස‍්සරණප‍්පහානං නාම.

යම් ඒ සියලු සංඛත වස්තූන්ගේ ඉවත් කිරීමෙන්, සියලු සංඛතයන්ගේ ප්‍රහීණ කිරීමෙන් වන නිර්වාණය වේද එය නිස්සරණ ප්‍රහාණ නම් වේ.

සබ‍්බම‍්පි චෙතං පහානං යස‍්මා චාගට‍්ඨෙන පහානං, විනයට‍්ඨෙන විනයො, තස‍්මා “පහානවිනයො”ති වුච‍්චති. තංතංපහානවතො වා තස‍්ස තස‍්ස විනයස‍්ස සම‍්භවතොපෙතං “පහානවිනයො”ති වුච‍්චති. එවං පහානවිනයොපි පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

මේ සියල්ල ප්‍රහාණය කරන ලදී. යම්හෙයකින් පරිත්‍යාග කිරීම් අර්ථයෙන් “ප්‍රහාණ නම් වේද හික්මවීම් අර්ථයෙන් “විනය” නම් වේද එහෙයින් “ප්‍රහාණ විනය” යැයි කියයි. ඒ ඒ ප්‍රහාණයා වශයෙන් හෝ ඒ විනයේ හටගැනීමෙන් යුක්ත වූ “ප්‍රහාණවිනය” යැයි කියයි. මෙසේ ප්‍රහාණ විනයත් පස් අයුරකින් බිඳේයැයි දතයුතුයි.

එවමයං සඞ‍්ඛෙපතො දුවිධො, භෙදතො ච දසවිධො විනයො භින‍්නසංවරත‍්තා පහාතබ‍්බස‍්ස ච අප‍්පහීනත‍්තා යස‍්මා එතස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස නත්‍ථි, තස‍්මා අභාවතො තස‍්ස අයං “අවිනීතො”ති වුච‍්චතීති. එස නයො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතොති එත්‍ථාපි. නින‍්නානාකරණඤ‍්හි එතං අත්‍ථතො. යථාහ –

එලෙසම මේ සංක්‍ෂිප්ත වශයෙන් දෙයාකාර වූ භේද වශයෙන් දසවිධ වූ “විනය”, අසංවර හැසිරීම් දුරු කිරිමට ද අප්‍රහීන කෙලෙස් දුරු කිරීමට ද හේතුවේ. එබඳු වූ විනය - හික්මීම අශ්‍රැතවත් පෘථජ්ජනයාට නොමැත්තේ ද, ඔහු තුල එය නොමැතිවීම් වශයෙන් “මෙතෙම අවිනීත” යැයි කියයි. මේ විස්තර ක්‍රමය ම “සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො” යන මෙහිද දතයුතුයි. මෙහි අර්ථ නිරාකරණය කරන ලදී. එනිසා කියන ලදී -

“යෙව තෙ අරියා, තෙව තෙ සප‍්පුරිසා. යෙව තෙ සප‍්පුරිසා, තෙව තෙ අරියා. යො එව සො අරියානං ධම‍්මො, සො එව සො සප‍්පුරිසානං ධම‍්මො. යො එව සො සප‍්පුරිසානං ධම‍්මො, සො එව සො අරියානං ධම‍්මො. යෙව තෙ අරියවිනයා, තෙව තෙ සප‍්පුරිසවිනයා. යෙව තෙ සප‍්පුරිසවිනයා, තෙව තෙ අරියවිනයා. අරියෙති වා සප‍්පුරිසෙති වා, අරියධම‍්මෙති වා සප‍්පුරිසධම‍්මෙති වා, අරියවිනයෙති වා සප‍්පුරිසවිනයෙති වා එසෙසෙ එකෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ තඤ‍්ඤෙවා”ති.

යමෙක් ආර්යයෙක් වේද ඔහු සත්පුරුෂයෙකි. යමෙක් සත්පුරුෂයෙක් වේද ඔහු ආර්යයෙක් වේ. යමෙක් ආර්ය වූ ධර්මය යැයි කියයිද එයම සත්පුරුෂ ධර්මයද වේ. යමක් සත්පුරුෂ ධර්මය යැයි කියයිද එයම ආර්ය ධර්මය වේ. යමක් සත්පුරුෂ විනය යැයි පවතී ද එයම ආර්ය විනය යැයි දතයුතුය. ආර්යයන් කියා හෝ සත්පුරුෂයන් කියා හෝ ආර්ය ධර්මය කියා හෝ සත්පුරුෂ ධර්මය කියා හෝ ආර්ය විනය කියා හෝ සප්පුරිස විනය කියා හෝ යෙදෙන මේ සියල්ල එකම අර්ථය වේ. සම වූ දෙයක් එකම වූ දෙයක් මේ පදයන්ගෙන් අදහස් කෙරේ.

රූපං අත‍්තතො සමනුපස‍්සතීති ඉධෙකච‍්චො රූපං අත‍්තතො සමනුපස‍්සති, “යං රූපං, සො අහං, යො අහං, තං රූප”න‍්ති රූපඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි නාම තෙලප‍්පදීපස‍්ස ඣායතො යා අච‍්චි, සො වණ‍්ණො. යො වණ‍්ණො, සා අච‍්චීති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති, එවමෙව ඉධෙකච‍්චො රූපං අත‍්තතො සමනුපස‍්සති…පෙ… අද‍්වයං සමනුපස‍්සතීති එවං රූපං “අත‍්තා”ති දිට‍්ඨිපස‍්සනාය පස‍්සති. රූපවන‍්තං වා අත‍්තානන‍්ති අරූපං “අත‍්තා”ති ගහෙත්‍වා ඡායාවන‍්තං රුක‍්ඛං විය තං රූපවන‍්තං සමනුපස‍්සති. අත‍්තනි වා රූපන‍්ති අරූපමෙව “අත‍්තා”ති ගහෙත්‍වා පුප‍්ඵස‍්මිං ගන්‍ධං විය අත‍්තනි රූපං සමනුපස‍්සති. රූපස‍්මිං වා අත‍්තානන‍්ති අරූපමෙව “අත‍්තා”ති ගහෙත්‍වා කරණ‍්ඩකෙ මණිං විය තං අත‍්තානං රූපස‍්මිං සමනුපස‍්සති. පරියුට‍්ඨට‍්ඨායීති පරියුට‍්ඨානාකාරෙන අභිභවනාකාරෙන ඨිතො, “අහං රූපං, මම රූප”න‍්ති එවං තණ‍්හාදිට‍්ඨීහි ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ගණ‍්හනකො නාම හොතීති අත්‍ථො. තස‍්ස තං රූපන‍්ති තස‍්ස තං එවං ගහිතං රූපං. වෙදනාදීසුපි එසෙව නයො.

“රූපං අත්තතො සමනුපස්සති” මෙහි ඇතමෙක් රූපය තමාගේ යැයි සිතයි. සලකයි. “යමක් රූපය වේද එය මම වේ. යමෙක් මම වේද එය රූපය වේ.” මෙසේ රූපය ද ආත්මය ද දෙකක් ලෙස නොව එකක් ලෙස දකියි. සලකයි. යම්සේ දැල්වෙන්නා වූ පහනක ගිනිදැල්ලම එහි වර්ණය වේ. වර්ණයම ගිනිදැල්ල වේ යැයි ගිනිදැල්ලත් එහි වර්ණයත් එකක් ලෙස දකින්නේ ද මේ අයුරින්ම මෙහි ඇතමෙක් රූපය ආත්ම වශයෙන් සලකයි. -පෙ- රූපයත් ආත්මයත් එකක් ලෙස ගනියි. මෙසේ “රූපය ආත්මය” යැයි ද විශ්වාස කරයි. දෘෂ්ටියක් ලෙස එය ගනියි. “රූපවන්තං වා අත්තානං” යනු අරූපය ආත්මයැයි ගෙන සෙවනැල්ල ඇති ගසක් මෙන් ඒ රූපවත්භාවය මනාව සළකා බලයි යනුයි. “අත්තනි වා රූපං” යනු අරූපයම ආත්මය ලෙස ගෙන මලෙහි සුවඳ මෙන් ආත්මීයව රූපය දකියි යනුයි. “රූපස්මිං වා අත්තනාං” යනු අරූපයම ආත්මය යැයි ගෙන කරඬුවෙහි ඇති මැණිකක් මෙන් ඒ ආත්මය රූපයෙහි ලා සළකයි යනුයි. “පරියුට්ඨට්ඨායී” යනු මැඩගෙන මතුවීම අභිභවනය කිරීම් වශයෙන් සිටි රූපය “මමය මාගේයැ”යි මෙලෙස තණ්හා දෘෂ්ටීන්හි ගිලී, “අවසන් කර ගැනීම” නම් වේය යන අර්ථයයි. “තස්ස තං රූපං” යනු ඔහුගේ එසේ ගන්නා ලද රූපයයි. වේදනාදියෙහිද මෙසේ අර්ථ දතයුතුයි.

තත්‍ථ “රූපං අත‍්තතො සමනුපස‍්සතී”ති සුද‍්ධරූපමෙව අත‍්තාති කථිතං. “රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං අත‍්තතො…පෙ… සඤ‍්ඤං… සඞ‍්ඛාරෙ… විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතී”ති ඉමෙසු සත‍්තසු ඨානෙසු අරූපං අත‍්තාති කථිතං. “වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තාන”න‍්ති එවං චතූසු ඛන්‍ධෙසු තිණ‍්ණං තිණ‍්ණං වසෙන ද‍්වාදසසු ඨානෙසු රූපාරූපමිස‍්සකො අත‍්තා කථිතො. තත්‍ථ “රූපං අත‍්තතො සමනුපස‍්සති, වෙදනං… සඤ‍්ඤං… සඞ‍්ඛාරෙ… විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතී”ති ඉමෙසු පඤ‍්චසු ඨානෙසු උච‍්ඡෙදදිට‍්ඨි කථිතා, අවසෙසෙසු සස‍්සතදිට‍්ඨීති එවමෙත්‍ථ පන‍්නරස භවදිට‍්ඨියො පඤ‍්ච විභවදිට‍්ඨියො හොන‍්ති, තා සබ‍්බාපි මග‍්ගාවරණා, න සග‍්ගාවරණා, පඨමමග‍්ගවජ‍්ඣාති වෙදිතබ‍්බා.

එහි “රූපය ආත්මීය වශයෙන් සළකයි. විමසා බලයි” යනුවෙන් ශුද්ධ රූපයම ආත්මය යැයි කියන ලදී. “රූපමය වූ ආත්මය හෝ ආත්මීය වූ රූපය හෝ රූපයෙහි වූ ආත්මය, වේදනාව සංඥාව සංස්කාරය - විඤ්ඤාණය ආත්මීය වශයෙන් විමසා බලයි.” යන මේ සත් තැන්හි අරූපය ම ආත්මය යැයි කියන ලදී. වේදනාමය වූ ආත්මය හෝ ආත්මීය වූ වේදනාව හෝ වේදනාවෙහි වූ ආත්මය යනුවෙන් මෙසේ සිවු ස්කන්‍ධයන්හි ත්‍රිවිධාකාරව බැලීමෙන් දොළොස් තැනක රූපාරූප මිශ්‍ර වූ ආත්මය කියන ලදී. එහි “රූපය ආත්මීය වශයෙන් විමසා බලයි. (සලකයි) “වෙදනං -පෙ- සංඥා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් සලකන්නේය” යන පස්තැනෙහි උච්ඡේද දෘෂ්ටිය කියන ලදී. සෙසු ස්ථානවල ශාස්වත දෘෂ්ටිය කියන ලදී. මෙසේ මෙහි භව දෘෂ්ටීහු පසළොසකි. විභව දෘෂ්ටීහු පහකි. ඒ සියල්ල ම මාර්ගාවරණයෝ මය. දෙව්ලෝ ගමන ආවරණය නොකරයි. මේ සියල්ල පළමු සෝවාන් ආර්ය මාර්ගය වර්ධනය කරන්නේ යැයි දතයුතුයි.

එවං ඛො, ගහපති, ආතුරකායො චෙව හොති ආතුරචිත‍්තො චාති කායො නාම බුද‍්ධානම‍්පි ආතුරොයෙව. චිත‍්තං පන රාගදොසමොහානුගතං ආතුරං නාම, තං ඉධ දස‍්සිතං. නො ච ආතුරචිත‍්තොති ඉධ නික‍්කිලෙසතාය චිත‍්තස‍්ස අනාතුරභාවො දස‍්සිතො.

“එවං ඛො ගහපති! ආතුරකායො චෙව හොති ආතුර චිත්තො ච” කය නම් බුදුරදුන්ගේ පවා ආතුර (ගිලන්) වූවකි. සිත වනාහී රාග-ද්වේෂ මෝහ ආදියට අනුගත වූයේ ආතුර වේ. ගිලන් වේ. එය මෙහිදී දක්වන ලදී. “නො ච ආතුර චිත්තො” යි කෙලෙස් නැති (නික්ලේශී) බැවින් සිතෙහි අනාතුරභාවය දක්වන ලදී.

ඉති ඉමස‍්මිං සුත‍්තෙ ලොකියමහාජනො ආතුරකායො චෙව ආතුරචිත‍්තො චාති දස‍්සිතො, ඛීණාසවා ආතුරකායා අනාතුරචිත‍්තා, සත‍්ත සෙඛා නෙව ආතුරචිත‍්තා, න අනාතුරචිත‍්තාති වෙදිතබ‍්බා. භජමානා පන අනාතුරචිත‍්තතංයෙව භජන‍්තීති.

මෙසේ මේ සූත්‍රයෙහි ලෞකික මහාජනයා - ආතුර වූ කය ඇත්තවුන් මෙන්ම ආතුර වූ සිත ඇත්තවුන් ලෙසද දක්වන ලදී. රහතන් වහන්සේලා ආතුර වූ කය හා ආතුර වූ සිත ඇත්තෝය. සප්ත සෙඛයෝ ආතුර වූ සිත් ඇත්තෝ ද අනාතුර වූ සිත් ඇත්තෝද නොවන්නේ යැයි දතයුතුයි. ඇසුරු කරන්නා ආතුර වූ සිත ම ඇසුරු කරන බව දතයුතුයි.

පඨමං.

පළමු සූත්‍රයයි.