2. දෙවදහ සුත්තවණ්ණනා අට්ඨකථා
2. දෙවදහ සුත්තවණ්ණනා
2. දෙවදහ සූත්‍ර වර්ණනාව
දුතියෙ දෙවදහන්ති දෙවා වුච්චන්ති රාජානො, තෙසං මඞ්ගලදහො, සයංජාතො වා සො දහොති, තස්මා “දෙවදහො”ති වුත්තො. තස්ස අවිදූරෙ නිගමො දෙවදහන්ත්වෙව නපුංසකලිඞ්ගවසෙන සඞ්ඛං ගතො. පච්ඡාභූමගමිකාති පච්ඡාභූමං අපරදිසායං නිවිට්ඨං ජනපදං ගන්තුකාමා. නිවාසන්ති තෙමාසං වස්සාවාසං. අපලොකිතොති ආපුච්ඡිතො. අපලොකෙථාති ආපුච්ඡථ. කස්මා ථෙරං ආපුච්ඡාපෙති? තෙ සභාරෙ කාතුකාමතාය. යො හි එකවිහාරෙ වසන්තොපි සන්තිකං න ගච්ඡති පක්කමන්තො අනාපුච්ඡා පක්කමති, අයං නිබ්භාරො නාම. යො එකවිහාරෙ වසන්තොපි ආගන්ත්වා පස්සති, පක්කමන්තො ආපුච්ඡති, අයං සභාරො නාම. ඉමෙපි භික්ඛූ භගවා “එවමිමෙ සීලාදීහි වඩ්ඪිස්සන්තී”ති සභාරෙ කාතුකාමො ආපුච්ඡාපෙති.
දෙවන සූත්‍රයෙහි “දෙවදහං” යන්නෙහි “දේව” යනු රජවරුයි. ඔවුන්ගේ මංගල විලයි. තමාම හටගත් - ස්වභාවිකව හටගත් බැවින් ද ඒ විලට “දේවදහ” යැයි කියයි. එම විලට නුදුරින් ඇති නියම්ගම “දේවදහං” යනුවෙන් (දේවදහ) නපුංසකලිංග වශයෙන් සළකනු ලැබේ. “පච්ඡා භුම්ම ගමිකා” යනු පච්ඡාභුම්ම නම් වූ අපරදිග පැවති ජනපදයකට යනු කැමැත්තෝය. “නිවාසං” යනු තෙමසක් වස් වසා වැඩ සිටීමයි. “අපලොකිතො” යනු විමසවු යනුයි. කුමක් නිසා තෙරුන්ගෙන් විමසනු ලැබේද? ඔවුහු සභාරයෙහි කැමැත්තෙනි. යමෙක් එකම විහාරයේ වාසය කළත් සමීපයට නොයයි. විහාරයෙන් පිටත්ව යන්නේ නොවිමසමාම යයි. මෙය “නිබ්භාර” නම් වේ. යමෙක් එක ම විහාරයේ වාසය කරනුයේ පැමිණ දැක කතාබහ කරයි. විහාරයෙන් පිටත්ව යනවිට ඒ පිළිබඳ විමසා අවසර ගෙන යයි. මෙය “සභාර” නම් වේ. මේ භික්ෂූහු ද මේ ආදී යහපත් ශිලාදියෙහි වැඩේවායි පතමින් භාග්‍යවතුන් වහන්සේ ඔවුහු සභාරයෙහි යෙදුනවුන් කරනු කැමැත්තෙන් “තෙරුන්ගෙන් විමසන්න” යැයි වදාළහ.
පණ්ඩිතොති ධාතුකොසල්ලාදිනා චතුබ්බිධෙන පණ්ඩිච්චෙන සමන්නාගතො. අනුග්ගාහකොති ආමිසානුග්ගහෙන ච ධම්මානුග්ගහෙන චාති ද්වීහිපි අනුග්ගහෙහි අනුග්ගාහකො.
“පණ්ඩිතො” යනු චක්ෂුරාදී ධාතු විභාගයෙහි දක්ෂවීම් ආදී සතර වැදෑරුම් පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ යනුයි. “අනුග්ගාහකො” යනු ආමිෂ අනුග්‍රහයෙන් ද ධර්මානුග්රහයෙන්ද යන දෙවැදෑරුම් අනුග්රහයන්ගෙන් අනුග්‍රාහක වූ යනුයි.
ථෙරො කිර අඤ්ඤෙ භික්ඛූ විය පාතොව පිණ්ඩාය අගන්ත්වා සබ්බභික්ඛූසු ගතෙසු සකලං සඞ්ඝාරාමං අනුවිචරන්තො අසම්මට්ඨට්ඨානං සම්මජ්ජති, අඡඩ්ඩිතං කචවරං ඡඩ්ඩෙති, සඞ්ඝාරාමෙ දුන්නික්ඛිත්තානි මඤ්චපීඨදාරුභණ්ඩමත්තිකාභණ්ඩානි පටිසාමෙති. කිං කාරණා? “මා අඤ්ඤතිත්ථියා විහාරං පවිට්ඨා දිස්වා පරිභවං අකංසූ”ති. තතො ගිලානසාලං ගන්ත්වා ගිලානෙ අස්සාසෙත්වා “කෙනත්ථො”ති පුච්ඡිත්වා යෙන අත්ථො හොති, තදත්ථං තෙසං දහරසාමණෙරෙ ආදාය භික්ඛාචාරවත්තෙන වා සභාගට්ඨානෙ වා භෙසජ්ජං පරියෙසිත්වා තෙසං දත්වා, “ගිලානුපට්ඨානං නාම බුද්ධපච්චෙකබුද්ධෙහි වණ්ණිතං, ගච්ඡථ සප්පුරිසා අප්පමත්තා හොථා”ති තෙ පෙසෙත්වා සයං පිණ්ඩාය චරිත්වා උපට්ඨාකකුලෙ වා භත්තකිච්චං කත්වා විහාරං ගච්ඡති. ඉදං තාවස්ස නිබද්ධවාසට්ඨානෙ ආචිණ්ණං.
සැරියුත් තෙරුන් වහන්සේ වනාහී සෙසු භික්ෂුන් මෙන් උදෙන් ම පිඬු පිණිස නොගොස් සියලු භික්ෂූහු පිඬු පිණිස වැඩිකල්හි මුළු සංසාරය පුරාම හැසිරෙමින් නොහැමදූ තැන් අමදින සේක. ඉවත නොදැමූ කසල ඉවත දමන සේක. සංඝාරාමයෙහි නුසුදුසු තැන්වල තැබූ ඇඳ-පුටු-මැටි භාණ්ඩ ආදිය සුදුසු තැන තබන සේක. කුමන කරුණකින් මෙසේ කරන සේක්ද? අන්‍ය තීර්ථකයෝ විහාරයට පිවිස මේවා දැක පරිභව නොකරත්වා යන අදහසිනි. ඉක්බිති උන්වහන්සේ ගිලාන ශාලාවට වැඩ, ගිලන් වූ භික්ෂූන් සනසා “කිසිවක් අවශ්‍යද?”යි අසා අවශ්‍ය දෙයක් පැවසූ විට එය එවීම සඳහා එම රෝගී හිමිවරුන්ගේ සාමණේරවරුත් රැගෙන, පිඬු පිණිස හැසිරීමෙන් හෝ තමාට සුදුසු ගෙදරකින් හෝ බෙහෙත් හා අවශ්‍ය දේ පිළියෙල කරවා, සාමණේරවරුන්ට දී “ගිලනුන්ට උපස්ථාන කිරීම නම් බුදු-පසේබුදුවරු විසින් වර්ණිත දෙයකි. යන්න සත්පුරුෂයනි! අප්‍රමාදීව සත්කාර කරන්න”යි ඔවුහු ගිලන්හල වෙත යවා තමන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක. නැතිනම් උපස්ථායක ගෙදරකින් දන් වළඳා විහාරයට වැඩම කරන සේක. මෙසේ උන්වහන්සේ නිතර වාසය කිරීමෙන් පුරුදු කරන ලද මහඟු ගුණ ඇත.
භගවති පන චාරිකං චරමානෙ “අහං අග්ගසාවකො”ති උපාහනං ආරුය්හ ඡත්තං ගහෙත්වා පුරතො පුරතො න ගච්ඡති. යෙ පන තත්ථ මහල්ලකා වා ආබාධිකා වා අතිදහරා වා, තෙසං රුජ්ජනට්ඨානානි තෙලෙන මක්ඛාපෙත්වා පත්තචීවරං අත්තනො දහරසාමණෙරෙහි ගාහාපෙත්වා තංදිවසං වා දුතියදිවසං වා තෙ ගණ්හිත්වාව ගච්ඡති.
භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන කල්හි, “මම අග්‍රශ්‍රාවක වෙමි”යි පාවහන් දමාගෙන - කුඩය ගෙන ඉදිරියෙන් නොයන සේක. එම පිරිසෙහි සිටින මහලු, ආබාධිත, ඉතා කුඩා හිමිවරු වෙත ගොස් ඔවුන්ගේ රිදෙන තැන්වල තෙල් ගා මිරිකා උන්වහන්සේලාගේ පාසිවුරු තමන් වහන්සේගේ ළදරු සාමණේරවරුන්ට දී එදිනම හෝ දෙවන දිනයේ ඔවුන් සමග වඩින සේක.
එකදිවසඤ්හි තඤ්ඤෙව ආයස්මන්තං අතිවිකාලෙ සම්පත්තත්තා සෙනාසනං අලභිත්වා, චීවරකුටියං නිසින්නං දිස්වා, සත්ථා පුනදිවසෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා, හත්ථිවානරතිත්තිරවත්ථුං කථෙත්වා, “යථාවුඩ්ඪං සෙනාසනං දාතබ්බ”න්ති සික්ඛාපදං පඤ්ඤාපෙසි. එවං තාවෙස ආමිසානුග්ගහෙන අනුග්ගණ්හාති.
එක්දිනක් මෙසේ වැඩි සැරියුත් තෙරණුවෝ ඉතා පසුවී පැමිණි බැවින් සෙනසුනක් නොලැබ, සිවුරු කුටියක හුන් බව දුටු බුදුපියාණන් වහන්සේ දෙවැනි දින භික්ෂු සංඝයා රැස්කරවා, ඇත් වඳුරු-තිත්තර ජාතකය දේශනා කළ සේක. ඒ අනුව වැඩිමහල් පිළිවෙල අනුව සෙනසුන් දිය යුතු යැයි ශික්ෂා පදයක් ද පැනවූහ. මෙසේ සැරියුත් තෙරණුවෝ භික්ෂූන්ට ආමිසයෙන් උපකාර කරති. අනුග්‍රහ දක්වති.
ඔවදන්තො පනෙස සතවාරම්පි සහස්සවාරම්පි තාව ඔවදති, යාව සො පුග්ගලො සොතාපත්තිඵලෙ පතිට්ඨාති, අථ නං විස්සජ්ජෙත්වා අඤ්ඤං ඔවදති. ඉමිනා නයෙන ඔවදතො චස්ස ඔවාදෙ ඨත්වා අරහත්තං පත්තා ගණනපථං අතික්කන්තා. එවං ධම්මානුග්ගහෙන අනුග්ගණ්හාති.
උන්වහන්සේ භික්ෂූන්ට අවවාද දෙන විට සියවාරයක්, දහස් වාරයක් වුව ද අවවාද දී ශ්‍රාවක භික්ෂූහු සෝවාන් ඵලයෙහි පිහිටුවන සේක. ඉන්පසු වෙනත් භික්ෂුවකම අවවාද දෙන සේක. මේ ක්‍රමයෙන් අවවාද දී, උන්වහන්සේගේ අවවාද මත ක්‍රියාකොට රහත් වූ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අප්‍රමාණය. මෙසේ උන්වහන්සේ ධර්මානුග්රහණයෙන් භික්ෂූන්ට උපකාර කරන සේක.
පච්චස්සොසුන්ති තෙ භික්ඛූ “අම්හාකං නෙව උපජ්ඣායො, න ආචරියො න සන්දිට්ඨසම්භත්තො. කිං තස්ස සන්තිකෙ කරිස්සාමා”ති? තුණ්හීභාවං අනාපජ්ජිත්වා “එවං, භන්තෙ”ති සත්ථු වචනං සම්පටිච්ඡිංසු. එළගලාගුම්බෙති ගච්ඡමණ්ඩපකෙ. සො කිර එළගලාගුම්බො ධුවසලිලට්ඨානෙ ජාතො. අථෙත්ථ චතූහි පාදෙහි මණ්ඩපං කත්වා තස්ස උපරි තං ගුම්බං ආරොපෙසුං, සො තං මණ්ඩපං ඡාදෙසි. අථස්ස හෙට්ඨා ඉට්ඨකාහි පරිචිනිත්වා වාලිකං ඔකිරිත්වා ආසනං පඤ්ඤාපයිංසු. සීතලං දිවාට්ඨානං උදකවාතො වායති. ථෙරො තස්මිං නිසීදි. තං සන්ධාය වුත්තං “එළගලාගුම්බෙ”ති.
“පච්චස්සොසුං” යැයි ඒ භික්ෂූහු අපගේ උපාධ්‍යයා නොවෙයි. ආචාර්යවරයා නොවෙයි. දැක පුරුදු අයෙකුත් නොවෙයි. උන්වහන්සේ ළඟ අපි කුමක් කරමුද?” ආදී වශයෙන් සිතමින් නිශ්ශබ්දව නොසිට “එසේය ස්වාමීනි!” යි බුදුපියාණන් වහන්සේගේ වචනය පිළිගත්හ. “එළ ගලාගුම්බෙ” යනු කුඩා පැලෑටිවලින් ගැවසුණු මණ්ඩපයෙහිය. ඒ තෝර වන ලැහැබ නිති ජලය ඇති තැනක හටගනියි. එහි පා සතරක මණ්ඩපයක් කර, ඒ ලැහැබ මත එය නැංවූහ. එම තෝර පැල ඒ මණ්ඩපය වසා ගත්තේය. ඉක්බිති එහි යට ගඩොල් අතුරා වැලි විසුරුවා අසුන් පැනවූහ. දහවල් කාලයේ දියමුසු සුළං හමයි. තෙරුන් වහන්සේ එහි හුන් සේක. මෙය සඳහා “තුවර වන ලැහැබක” යනුවෙන් කියන ලදී.
නානාවෙරජ්ජගතන්ති එකස්ස රඤ්ඤො රජ්ජතො නානාවිධං රජ්ජගතං. විරජ්ජන්ති අඤ්ඤං රජ්ජං. යථා හි සදෙසතො අඤ්ඤො විදෙසො, එවං නිවුත්ථරජ්ජතො අඤ්ඤං රජ්ජං විරජ්ජං නාම, තං වෙරජ්ජන්ති වුත්තං. ඛත්තියපණ්ඩිතාති බිම්බිසාරකොසලරාජාදයො පණ්ඩිතරාජානො. බ්රාහ්මණපණ්ඩිතාති චඞ්කීතාරුක්ඛාදයො පණ්ඩිතබ්රාහ්මණා. ගහපතිපණ්ඩිතාති චිත්තසුදත්තාදයො පණ්ඩිතගහපතයො. සමණපණ්ඩිතාති සභියපිලොතිකාදයො පණ්ඩිතපරිබ්බාජකා. වීමංසකාති අත්ථගවෙසිනො. කිංවාදීති කිං අත්තනො දස්සනං වදති, කිං ලද්ධිකොති අත්ථො. කිමක්ඛායීති කිං සාවකානං ඔවාදානුසාසනිං ආචික්ඛති? ධම්මස්ස චානුධම්මන්ති භගවතා වුත්තබ්යාකරණස්ස අනුබ්යාකරණං. සහධම්මිකොති සකාරණො. වාදානුවාදොති භගවතා වුත්තවාදස්ස අනුවාදො. “වාදානුපාතො”තිපි පාඨො, සත්ථු වාදස්ස අනුපාතො අනුපතනං, අනුගමනන්ති අත්ථො. ඉමිනාපි වාදං අනුගතො වාදොයෙව දීපිතො හොති.
“නානා වෙරජ්ජ ගතං” එක් රජකුගේ රාජ්‍යයෙන් වෙනත් පිටස්තර රාජ්‍යවලට ගියා වූ යනුයි. අන්‍ය රාජ්‍යයන්හි හැසිරෙන. යම් සේ “දේශ”යෙන් පිට ප්‍රදේශ “විදේශ” වන්නේද එසේම රාජ්‍යයෙන් පිට ප්‍රදේශ “විරජ්ජ” නම් වේ. එහි පැමිණියේ, එහි යෙදුණේ (විරජ්ජ+ක) “වෙරජ්ජං” යැයි කියයි. “ඛත්තිය පණ්ඩිතා” යනු බිම්බිසාර-කොසොල් ආදී පණ්ඩිත රජවරුය. “බ්‍රහ්මණ පණ්ඩිතා” යනු චංකී, තාරුක්ඛ ආදී පණ්ඩිත බ්රාහ්මණවරුය. “ගහපති පණ්ඩිතා” යනු චිත්ත සුදත්ත ආදී පණ්ඩිත ගහපතිවරුය. “සමණපණ්ඩිතා” යනු සභිය, පිලෝතිකාදී පණ්ඩිත පිරිවැජියෝය. “වීමංසකා” යනු අර්ථ සොයන්නෝය. “කිංවාදී” යනු “තමන්ගේ වාදය කුමක්දැ”යි අසයි යනුයි. කුමන ලබ්ධිකයෝ ද යන අර්ථයි. “කිමක්බායී” යනු කිම ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරන සේක්ද යනුයි. “ධම්මස්සචානුධම්මං” යනු භාග්‍යවතුන් වහන්සේ දේශිත ව්‍යාකරණයෙහි අනුව්‍යාකරණ. “සහධම්මිකො” යනු කරුණු සහිතවයි. “වාදානුවාදො” යනු භාග්‍යවතුන් වහන්සේ දෙසූ අවවාදයෙහි අනුවාදයයි. “වාදානුපාතො” යනු ද පාඨයකි. ශාස්තෲන් වහන්සේගේ වාදයෙහි වාක්ප්රහාරය අනුව වැටීම, අනුව යෑම යන අර්ථයි. මේ වාදය බුදුරදුන්ගේ වාදය හා අනුව ගිය වාදයක්ම යැයි දක්වන ලද්දේ වේ.
අවිගතරාගස්සාතිආදීසු තණ්හාවසෙනෙව අත්ථො වෙදිතබ්බො. තණ්හා හි රජ්ජනතො රාගො, ඡන්දියනතො ඡන්දො, පියායනට්ඨෙන පෙමං, පිවිතුකාමට්ඨෙන පිපාසා, අනුදහනට්ඨෙන පරිළාහොති වුච්චති. අකුසලෙ චාවුසො, ධම්මෙතිආදි කස්මා ආරද්ධං? පඤ්චසු ඛන්ධෙසු අවීතරාගස්ස ආදීනවං, වීතරාගස්ස ච ආනිසංසං දස්සෙතුං. තත්ර අවිඝාතොති නිද්දුක්ඛො. අනුපායාසොති නිරුපතාපො. අපරිළාහොති නිද්දාහො. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
“අවිගතරාගස්ස” යනාදියෙහි තණ්හා වශයෙන් ම අර්ථය දතයුතයි. තණ්හාවෙහි ඇලීම -ඇලවීම යනු රාගයයි. කැමැත්ත දැක්වීම ඡන්දයයි. ප්‍රිය කිරීම් අර්ථයෙන් ප්‍රේමය (පේමං) වේ. බොනු කැමැත්තේ “පිපාසාව” දැවීම්-තැවීම් අර්ථයෙන් “පරිළාහ”යැයි (පරිදාහ) කියනු ලැබේ. “අකුසලෙ චාවුසො ධම්මෙ” ආදිය කවර හෙයින් පටන් ගන්නා ලද්දේ ද? පඤ්චස්කන්ධයෙහි දුරු නොකළ රාගයෙහි ආදීනවද දුරුකළ රාගයෙහි ආනිසංසද දැක්වීමට අරඹන ලදී. එහි “අවිඝාතො” යනු දුකක් නැති බවයි. කරදර විපත් ඇති. “අනුපායාසො” තැවීමක් නැති යනුයි. “අපරිළාහො” යනු දැවිල්ලක් නැති යනුයි. මෙසේ සැමතැන්හි අර්ථය දතයුතුයි.
දුතියං.
දෙවන සූත්‍රයයි.
3. හාලිද්දිකානිසුත්තවණ්ණනා
3. හාලිද්දිකානි සූත්‍ර වර්ණනාව
තතියෙ අවන්තීසූති අවන්තිදක්ඛිණාපථසඞ්ඛාතෙ අවන්තිරට්ඨෙ. කුරරඝරෙති එවංනාමකෙ නගරෙ. පපාතෙති එකතො පපාතෙ. තස්ස කිර පබ්බතස්ස එකං පස්සං ඡින්දිත්වා පාතිතං විය අහොසි. “පවත්තෙ”තිපි පාඨො, නානාතිත්ථියානං ලද්ධිපවත්තට්ඨානෙති අත්ථො. ඉති ථෙරො තස්මිං රට්ඨෙ තං නගරං නිස්සාය තස්මිං පබ්බතෙ විහරති. හාලිද්දිකානීති එවංනාමකො. අට්ඨකවග්ගියෙ මාගණ්ඩියපඤ්හෙති අට්ඨකවග්ගිකම්හි මාගණ්ඩියපඤ්හො නාම අත්ථි, තස්මිං පඤ්හෙ. රූපධාතූති රූපක්ඛන්ධො අධිප්පෙතො. රූපධාතුරාගවිනිබද්ධන්ති රූපධාතුම්හි රාගෙන විනිබද්ධං. විඤ්ඤාණන්ති කම්මවිඤ්ඤාණං. ඔකසාරීති ගෙහසාරී ආලයසාරී.
තෙවන සූත්‍රයේ - “අවන්තීසු” යනු අවන්ති දක්ඛිණාපථ නම් වූ අවන්ති රටෙහිය. “කුරඝරෙ” එනම් වූ නගරයෙහිය. “පපාතෙ” යනු එක් පැත්තක වූ ප්රපාතයෙහිය. ඒ පර්වතයේ එක් පැත්තක් සිඳ දැමුවාක් (කපා දැමුවක්) මෙන් විය. “පවෙත්ත” යන පාඨය ද උචිතය. නානා තීර්ථකයන්ගේ ලබ්ධි-පිළිගැනීම් පවතින ස්ථානයකි යන අර්ථයි. මෙසේ මහාකච්චායන තෙරණුවෝ එම රටෙහි එම නගරය නසා මෙම පර්වතයෙහි වැඩවසති. “භාලිද්දකානී” යනු මෙනම් ඇති තැනැත්තාය. “අට්ඨකවග්ගියෙ මාගන්දිය පඤ්හෙ” යනු අට්ඨක වර්ගයෙහි මාගන්දිය නම් ප්‍රශ්නයක් ඇත. එම ප්රශ්නයෙහිය. “රූපධාතු” යැයි රූපස්කන්ධය අදහස් කරන ලදී. “රූපධාතුරාග විනිබද්ධං” යනු රූප ධාතුවෙහි රාගයෙන් (ඇලීමෙන්) බැඳුණු යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ඔකසාරී” යනු ගෘහාලයෙහි හැසිරෙන යනුයි.
කස්මා පනෙත්ථ “විඤ්ඤාණධාතු ඛො, ගහපතී”ති න වුත්තන්ති? සම්මොහවිඝාතත්ථං. “ඔකො”ති හි අත්ථතො පච්චයො වුච්චති, පුරෙජාතඤ්ච කම්මවිඤ්ඤාණං පච්ඡාජාතස්ස කම්මවිඤ්ඤාණස්සපි විපාකවිඤ්ඤාණස්සපි විපාකවිඤ්ඤාණඤ්ච විපාකවිඤ්ඤාණස්සපි කම්මවිඤ්ඤාණස්සපි පච්චයො හොති, තස්මා “කතරං නු ඛො ඉධ විඤ්ඤාණ”න්ති? සම්මොහො භවෙය්ය, තස්ස විඝාතත්ථං තං අගහෙත්වා අසම්භින්නාව දෙසනා කතා. අපිච ආරම්මණවසෙන චතස්සො අභිසඞ්ඛාරවිඤ්ඤාණට්ඨිතියො වුත්තාති තා දස්සෙතුම්පි ඉධ විඤ්ඤාණං න ගහිතං.
කුමක් නිසා මෙහි “විඤ්ඤාණ ධාතු” යනුවෙන් නොවදාළේ ද? මුලාවීම දුරුකිරීම සඳහායි. “ඔකො” යනු අර්ථයෙන් ප්‍රත්‍ය-හේතුව කියයි. පුරේජාත වූ කර්ම විඥානය ද පච්ඡාජාත වූ කර්ම විඥානයටද විපාක විඥානයටද විපාක විඥානයත්, විපාක විඥානයට කර්ම විඥානයත් ප්‍රත්‍ය වේ. එනිසා විඥානය කී වැදෑරුම්ද?යි මුලාවන්නේය. එම මුලාව දුරුකිරීමට එය නොගෙන අමිශ්‍ර වූයේම දේශනාව කළ සේක. තවද ආරම්මණ වශයෙන් සතර අභිසංඛාර විඤ්ඤාණයන්හි පැවැත්ම කියන ලදැයි එය දැක්වීමට මෙහි විඤ්ඤාණය නො ගන්නා ලදී.
උපයුපාදානාති තණ්හූපයදිට්ඨූපයවසෙන ද්වෙ උපයා, කාමුපාදානාදීනි චත්තාරි උපාදානානි ච. චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයාති අකුසලචිත්තස්ස අධිට්ඨානභූතා චෙව අභිනිවෙසභූතා ච අනුසයභූතා ච. තථාගතස්සාති සම්මාසම්බුද්ධස්ස. සබ්බෙසම්පි හි ඛීණාසවානං එතෙ පහීනාව, සත්ථු පන ඛීණාසවභාවො ලොකෙ අතිපාකටොති උපරිමකොටියා එවං වුත්තං. විඤ්ඤාණධාතුයාති ඉධ විඤ්ඤාණං කස්මා ගහිතං? කිලෙසප්පහානදස්සනත්ථං. කිලෙසා හි න කෙවලං චතූසුයෙව ඛන්ධෙසු පහීනා පහීයන්ති, පඤ්චසුපි පහීයන්තියෙවාති කිලෙසප්පහානදස්සනත්ථං ගහිතං. එවං ඛො, ගහපති, අනොකසාරී හොතීති එවං කම්මවිඤ්ඤාණෙන ඔකං අසරන්තෙන අනොකසාරී නාම හොති.
“උපායුපාදානා” යනු තණ්හා උපාය සහ දිට්ඨි උපාය වශයෙන් ඇති දෙවැදෑරුම් උපායන්ය. කාමඋපාදාන ආදි සිවු උපාදානයන් ද ගතහැකිය. “චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා” යනු අකුසල සිතේ අධිෂ්ඨාන වූත් ආශා කිරීම් සහිත වූත් එමෙන් සැඟවී පවත්නා වූත්ය. “තථාගතස්ස” යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය. සියලුම ක්‍ෂීණාස්‍රවයන්ගේ මෙය ප්‍රහීන වූයේ ම ය. ශාස්තෲන් වහන්සේ වනාහී ක්ෂීණාස්රවභාවයෙන් ලොව ඉතා ප්‍රකට වූ උපරිම කෙළවර වේ. එනිසා මෙසේ කියන ලදී. “විඤ්ඤාණ ධාතුයා” යනු මෙහි විඤ්ඤාණය කුමක් නිසා ගන්නා ලද්දේ ද? කෙලෙස් ප්‍රහීණවීම දැක්වීම සඳහායි. කෙලෙස් හුදෙක් සිවු ස්කන්ධයන්ගේ ප්‍රහීනවීම නොවේ. පඤ්චස්කන්ධයෙහිම ප්‍රහීණ විය යුතුයැයි කෙලෙස් ප්‍රහීණවීම දැක්වීම සඳහා මෙය ගන්නා ලදී. “එවං ඛො ගහපති! අනොකසාරීහොති” යනු මෙසේ කර්ම විඤ්ඤාණයෙන් නැවත ගිහිගෙයි නොහැසිරීම් වශයෙන් අනෝකසාරී නම් වේ යනුයි.
රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධාති රූපමෙව කිලෙසානං පච්චයට්ඨෙන නිමිත්තං, ආරම්මණකිරියසඞ්ඛාතනිවාසනට්ඨානට්ඨෙන නිකෙතන්ති රූපනිමිත්තනිකෙතං. විසාරො ච විනිබන්ධො ච විසාරවිනිබන්ධා. උභයෙනපි හි කිලෙසානං පත්ථටභාවො ච විනිබන්ධනභාවො ච වුත්තො, රූපනිමිත්තනිකෙතෙ විසාරවිනිබන්ධාති රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා, තස්මා රූපනිමිත්තනිකෙතම්හි උප්පන්නෙන කිලෙසවිසාරෙන චෙව කිලෙසබන්ධනෙන චාති අත්ථො. නිකෙතසාරීති වුච්චතීති ආරම්මණකරණවසෙන නිවාසනට්ඨානං සාරීති වුච්චති. පහීනාති තෙ රූපනිමිත්තනිකෙතකිලෙසවිසාරවිනිබන්ධා පහීනා.
“රූප නිමිත්ත නිකෙත විසාර විනිබන්ධා” යනු රූපයම ක්ලේශයන්ගේ ප්‍රත්‍යවීම් වශයෙන් නිමිති වූ යනුයි. ආරම්මණ ක්‍රියා සංඛ්‍යාත වූ වාසස්ථානය ක්ලේශයන්ගේ ප්‍රත්‍යවීම් වශයෙන් නිමිති වූ යනුයි. ආරම්මණ ක්‍රියා සංඛ්‍යාත වූ වාසස්ථානය වීම් අර්ථයෙන් නිකේතනයක් වූ රූප නිමිත්තට නිවාස වූ. විසාර හෙවත් පැතිරීම හා විනිබන්ධ හෙවත් බැඳීම යන දෙකින්ම කෙලෙසුන්ගේ පැවතීමම කියන ලදී. රූප නමැති නිවාසයෙහි පැතිරීම් හා බන්ධනයෝ - “රූප නිමිත්ත තිකෙත විසාර විනිබන්ධා” නම් වේ. එනිසා රූප ආරම්මණය නමැති නිවාසයෙහි උපන් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා කෙලෙස් බන්ධනය හේතුවෙන් යන අර්ථයි. “නිකෙතසාරීති වුච්චති” යනුවෙන් අරමුණු කිරීම් වශයෙන් නිවාස ස්ථානයෙහි හැසිරෙන්නා’ යැයි කියනු ලැබේ. “පහීනා” යනු ඒ රූප අරමුණට වාසස්ථාන වූ කෙලෙසුන්ගේ පැතිරීම හා බන්ධනයත් ප්‍රහීන වූ යනුයි.
කස්මා පනෙත්ථ පඤ්චක්ඛන්ධා “ඔකා”ති වුත්තා, ඡ ආරම්මණානි “නිකෙත”න්ති? ඡන්දරාගස්ස බලවදුබ්බලතාය. සමානෙපි හි එතෙසං ආලයට්ඨෙන විසයභාවෙ ඔකොති නිච්චනිවාසනට්ඨානගෙහමෙව වුච්චති, නිකෙතන්ති “අජ්ජ අසුකට්ඨානෙ කීළිස්සාමා”ති කතසඞ්කෙතට්ඨානං නිවාසට්ඨානං උය්යානාදි. තත්ථ යථා පුත්තදාරධනධඤ්ඤපුණ්ණගෙහෙ ඡන්දරාගො බලවා හොති, එවං අජ්ඣත්තිකෙසු ඛන්ධෙසු. යථා පන උය්යානට්ඨානාදීසු තතො දුබ්බලතරො හොති, එවං බාහිරෙසු ඡසු ආරම්මණෙසූති ඡන්දරාගස්ස බලවදුබ්බලතාය එවං දෙසනා කතාති වෙදිතබ්බො.
කුමක් නිසා මෙහි පංචස්කන්ධය “ඕක” යැයි කියන ලද්දේ ද? ෂඩ් අරමුණු නිකේතයැයි කියන ලද්දේද? “අද අසුවල් තැන ක්‍රීඩා කරමු” යැයි කරන ලද සංකේත ඇති - නිවාස වූ උයන් ආදිය වේද, එහි කියන ලද පරිදි භාර්යා, ධනය, ධාන්‍ය ආදිය පිරුණු ගෙදර පිළිබඳ ඡන්ද රාගය බලවත් වේ. මෙසේ බාහිර වූ සවැදෑරුම් ආරම්මණයන් හි ඡන්දරාගයේ බලවත් වූ දුබලතාව නිසා මෙසේ දේශනා කරන ලදැයි දත යුතුයි.
සුඛිතෙසු සුඛිතොති උපට්ඨාකෙසු ධනධඤ්ඤලාභාදිවසෙන සුඛිතෙසු “ඉදානාහං මනාපං භොජනං ලභිස්සාමී”ති ගෙහසිතසුඛෙන සුඛිතො හොති, තෙහි පත්තසම්පත්තිං අනුභවමානො විය චරති. දුක්ඛිතෙසු දුක්ඛිතොති තෙසං කෙනචිදෙව කාරණෙන දුක්ඛෙ උප්පන්නෙ සයං ද්විගුණෙන දුක්ඛෙන දුක්ඛිතො හොති. කිච්චකරණීයෙසූති කිච්චසඞ්ඛාතෙසු කරණීයෙසු. තෙසු යොගං ආපජ්ජතීති උපයොගං සයං තෙසං කිච්චානං කත්තබ්බතං ආපජ්ජති. කාමෙසූති වත්ථුකාමෙසු. එවං ඛො, ගහපති, කාමෙහි අරිත්තො හොතීති එවං කිලෙසකාමෙහි අරිත්තො හොති අන්තො කාමානං භාවෙන අතුච්ඡො. සුක්කපක්ඛො තෙසං අභාවෙන රිත්තො තුච්ඡොති වෙදිතබ්බො.
“සුඛිතෙසු සුඛිතො” යනු උපස්ථායකයන් කෙරෙහි ධන-ධාන්‍ය ලැබීම් වශයෙන් සුඛිත වූ යනුයි. “දැන් මම මනාප වූ භෝජනයක් ලබන්නෙමි”යි ලෞකික දේ හා බැඳි සුවයෙන් සුවපත් වූයේ වෙයි. ඔවුහු විසින් ලබන ලද සැප සම්පත් අනුභව කරන්නාක් මෙන් හැසිරෙත්. “දුක්ඛිතෙසු දුක්ඛිතො” යනු ඔවුන් කිසියම් කරුණකින් දුකක් උපන් කල්හි දෙගුණ වී දුකින් දුකට පත් වූයේ වෙයි යනුයි. “කිච්චකරණීයෙසු” යනු කෘත්‍ය සංඛ්‍යාත වූ කළයුතු (කරණීය) ධර්මයන්හිය. “වොයොගං ආපජ්ජති” යනු තමා එහි යෙදීමට, ඒ කටයුතු සිදුකිරීමට පැමිණේ යනුයි. “කාමෙසු” යනු වස්තු කාමයන්හි. “එවං ඛො ගහපති! කාමෙහි අරිත්තො හොති” යනු මෙසේ ක්ලේශ කාමයෙහි හිස්-ශුන්‍ය නොවූයේ වේ යනුයි. කාමයන්ගේ ඇතුලත්වීම් වශයෙන් හිස් නොවූ. යහපත් පක්ෂය නම් මේවායේ අභාවයෙන්-නැතිවීමෙන් ඇතිවන “හිස් බවයි. ශුන්‍ය බවයි” යනුවෙන් දතයුතුයි.
පුරක්ඛරානොති වට්ටං පුරතො කුරුමානො. එවංරූපො සියන්තිආදීසු දීඝරස්සකාළොදාතාදීසු රූපෙසු “එවංරූපො නාම භවෙය්ය”න්ති පත්ථෙති. සුඛාදීසු වෙදනාසු එවංවෙදනො නාම; නීලසඤ්ඤාදීසු සඤ්ඤාසු එවං සඤ්ඤො නාම; පුඤ්ඤාභිසඞ්ඛාරාදීසු සඞ්ඛාරෙසු එවංසඞ්ඛාරො නාම; චක්ඛුවිඤ්ඤාණාදීසු විඤ්ඤාණෙසු “එවං විඤ්ඤාණො නාම භවෙය්ය”න්ති පත්ථෙති.
“පුරෙක්ඛරානො” යනු සසර පැවැත්ම පෙරටු කර ගැනීමයි. “මෙබඳු රූප ඇතිවේවා!” ආදී වශයෙන් දිගු-කෙටි, කළු-සුදු ආදී වශයෙන් රූපයෙහි “මෙසේ රූපය වේවා!” යි ප්‍රාර්ථනා කරයි. [missing here]
අපුරක්ඛරානොති වට්ටං පුරතො අකුරුමානො. සහිතං මෙ, අසහිතං තෙති තුය්හං වචනං අසහිතං අසිලිට්ඨං, මය්හං සහිතං සිලිට්ඨං මධුරපානසදිසං. අධිචිණ්ණං තෙ විපරාවත්තන්ති යං තුය්හං දීඝෙන කාලෙන පරිචිතං සුප්පගුණං, තං මම වාදං ආගම්ම සබ්බං ඛණෙන විපරාවත්තං නිවත්තං. ආරොපිතො තෙ වාදොති තුය්හං දොසො මයා ආරොපිතො. චර වාදප්පමොක්ඛායාති තං තං ආචරියං උපසඞ්කමිත්වා උත්තරි පරියෙසන්තො ඉමස්ස වාදස්ස මොක්ඛාය චර ආහිණ්ඩාහි. නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති අථ සයමෙව පහොසි, ඉධෙව නිබ්බෙඨෙහීති.
“අපුරෙක්ඛරානො” යනු සසර පැවැත්මට උපකාර වන දේ කරනු නොලැබීමයි. සසර පැවැත්ම පෙරටු කර නොගනිමින්, “සහිතං මෙ අසහිතං තෙ” යනු නුඹගේ වචන අයුක්තිය. රළුය. මගේ වචන යුක්ති සහගතය. මටසිලිටුය. මිහිරිය. මිහිරි පානයක් හා සමානය යනුයි. “ආචිණ්ණං තෙ විපරවත්තං” යනු යමක් නුඹ විසින් දිගුකාලයක සිට පුරුදු කරන ලද ද, මැනවින් ප්‍රගුණ කළේ ද එය මගේ වාදයට පැමිණ, සියල්ල ක්ෂණයකින් පෙරලී ගියේය. නැවතුණි යනුයි. “ආරොපිතො තෙ වාදො” යනු නුඹගේ දොස් මවිසින් නගන ලද්දේය. (පෙන්වාදෙන ලදී.) “චර වාදප්ප මොක්ඛාය” යනු ඒ ඒ ආචාර්යවරු වෙත පැමිණ මතුයෙහි සොයන්නේ මේ වාදයන්ගෙන් මිදීම පිණිස හැසිරෙව. ඇවිදුව යනුයි. “නිබ්බෙඨෙහි වා සචෙ පහොසී” යනු ඉක්බිති තමාම සමත් වේනම් මෙහිදීම ගැටළුවලින් මිදෙන්න යනුයි.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. දුතිය හාලිද්දිකානිසුත්තවණ්ණනා
4. දෙවන හාලිද්දිකානි සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සක්කපඤ්හෙති චූළසක්කපඤ්හෙ, මහාසක්කපඤ්හෙපෙතං වුත්තමෙව. තණ්හාසඞ්ඛයවිමුත්තාති තණ්හාසඞ්ඛයෙ නිබ්බානෙ තදාරම්මණාය ඵලවිමුත්තියා විමුත්තා. අච්චන්තනිට්ඨාති අන්තං අතික්කන්තනිට්ඨා සතතනිට්ඨා. සෙසපදෙසුපි එසෙව නයො.
සිවුවන සූත්‍රයේ “සක්කපඤ්හෙ” යනු චූල ශක්‍ර ප්‍රශ්නයෙහි. මහා ශක්‍ර ප්රශ්නය ද මෙහි කියන ලද්දේමය. “තණ්හා සංඛය විමුත්තා” යනු තණ්හාව ක්ෂය කිරීම නම් වූ නිවනෙහිය. එය අරමුණු කරගත් ඵල විමුක්තියෙන් මිදුණහුය. “අච්චන්තනිට්ඨා” යනු අන්තය ඉක්ම වූ නිෂ්ටාවයි. නිරන්තර නිෂ්ටාවයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
චතුත්ථං.
සිවුවන සූත්‍රයයි.
5. සමාධි භාවනා සුත්තවණ්ණනා
5. සමාධිභාවනා සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සමාධින්ති ඉදං භගවා තෙ භික්ඛූ චිත්තෙකග්ගතාය පරිහායන්තෙ දිස්වා, “චිත්තෙකග්ගතං ලභන්තානං ඉමෙසං කම්මට්ඨානං ඵාතිං ගමිස්සතී”ති ඤත්වා ආහ. අභිනන්දතීති පත්ථෙති. අභිවදතීති තාය අභිනන්දනාය “අහො පියං ඉට්ඨං කන්තං මනාප”න්ති වදති. වාචං අභිනන්දන්තොපි ච තං ආරම්මණං නිස්සාය එවං ලොභං උප්පාදෙන්තො අභිවදතියෙව නාම. අජ්ඣොසාය තිට්ඨතීති ගිලිත්වා පරිනිට්ඨපෙත්වා ගණ්හාති. යා රූපෙ නන්දීති යා සා රූපෙ බලවපත්ථනාසඞ්ඛාතා නන්දී. තදුපාදානන්ති තං ගහණට්ඨෙන උපාදානං. නාභිනන්දතීති න පත්ථෙති. නාභිවදතීති පත්ථනාවසෙන න “ඉට්ඨං කන්ත”න්ති වදති. විපස්සනාචිත්තෙන චෙතසා “අනිච්චං දුක්ඛ”න්ති වචීභෙදං කරොන්තොපි නාභිවදතියෙව.
පස්වන සූත්‍රයේ - “සමාධිං” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ, එම භික්ෂූන් චිත්ත ඒකාග්‍රතාවයෙන් පිරිහී යනු දැක, චිත්ත ඒකාග්‍රතාව ලබන්නන්ට මේ කමටහන උපකාර වන්නේ යැයි දැන මෙසේ වදාළහ. “අභිනන්දතී” යනු ප්‍රාර්ථනා කරයි. “අභිවදතී” ඒ ප්‍රාර්ථනාවෙන් අනේ ප්‍රියයි! මනෝඥයි! සිත් පිනවයි! ප්‍රියමනාපයි! යනුවෙන් පවසයි. වචනයෙන් සතුටුවනුයේ ප්‍රාර්ථනා කරනුයේ, ඒ අරමුණ සඳහා මෙසේ ලෝභ උපදවනුයේ “අභිවදති” නම් වේ. “අජ්ඣොසාය තිට්ඨති” යනු ගිල-නිමාවට පමුණුවා ගනියි. “යා රූපෙ නන්දී” යම් ඒ රූපයක බලවත් ප්‍රාර්ථනා කිරීම් සංඛ්‍යාත වූ තෘෂ්ණාවයි. “තදාපදානං” යනු එය ගැනීම් අර්ථයෙන් උපාදාන (දැඩිව ගන්නා) වූ යනුයි. “නාභිනන්දතී” ප්‍රාර්ථනා නොකරයි. “නාභිවදතී” ප්‍රාර්ථනා වශයෙන් අමනෝඥය! අප්රියයැයි කියයි. විදර්ශනා සිතින් යුක්තව අනිත්‍යය, දුකය ආදී ලෙස සිතින් ද වචනයෙන් ද සිහිපත් කරනුයේ “නාභිවදති” ප්‍රකාශ නොකරත්මය.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. පටිසල්ලාන සුත්තවණ්ණනා
6. පටිසල්ලාන සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පටිසල්ලාණෙති ඉදං භගවා තෙ භික්ඛූ කායවිවෙකෙන පරිහායන්තෙ දිස්වා “කායවිවෙකං ලභන්තානං ඉමෙසං කම්මට්ඨානං ඵාතිං ගමිස්සතී”ති ඤත්වා ආහ.
සයවන සූත්‍රයේ “පටිසල්ලාතො” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා කාය විවේකයෙන් පිරිහී යනු දැක කාය විවේකය ලැබීම සඳහා මේ කමටහන උපකාර වේයැයි, අභිවෘද්ධිදායක වේයැයි දැන මෙසේ වදාළහ.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. පඨම උපාදාපරිතස්සනා සුත්තවණ්ණනා
7. පළමුවැනි උපාදාපරිතස්සනා සූත්‍ර වර්ණනාව
සත්තමෙ උපාදාපරිතස්සනන්ති ගහණෙන උප්පන්නං පරිතස්සනං. අනුපාදාඅපරිතස්සනන්ති අග්ගහණෙන අපරිතස්සනං. රූපවිපරිණාමානුපරිවත්තිවිඤ්ඤාණං හොතීති “මම රූපං විපරිණත”න්ති වා “අහු වත මෙතං, දානි වත මෙ නත්ථී”ති වා ආදිනා නයෙන කම්මවිඤ්ඤාණං රූපස්ස භෙදානුපරිවත්ති හොති. විපරිණාමානුපරිවත්තිජාති විපරිණාමස්ස අනුපරිවත්තිතො විපරිණාමාරම්මණචිත්තතො ජාතා. පරිතස්සනා ධම්මසමුප්පාදාති තණ්හාපරිතස්සනා ච අකුසලධම්මසමුප්පාදා ච. චිත්තන්ති කුසලචිත්තං. පරියාදාය තිට්ඨන්තීති පරියාදියිත්වා තිට්ඨන්ති. උත්තාසවාති සඋත්තාසො. විඝාතවාති සවිඝාතො සදුක්ඛො. අපෙක්ඛවාති සාලයො. උපාදාය ච පරිතස්සතීති ගණ්හිත්වා පරිතස්සකො නාම හොති. න රූපවිපරිණාමානුපරිවත්තීති ඛීණාසවස්ස කම්මවිඤ්ඤාණමෙව නත්ථි, තස්මා රූපභෙදානුපරිවත්ති න හොතීති වත්තුං වට්ටති.
සත්වන සූත්‍රයේ “උපාදාපරිතස්සනං” යනු දැඩිව ගැනීමෙන් උපන් ආශාවෙන් පීඩිතවීමයි. (පරිතස්සතාව) “අනුපාදා අපරිතස්සනං” යනු දැඩිව නොගැනීමෙන් උපන් ආශාදියෙන් පීඩා නොවීමයි. (අපරිතස්සනාව). “රූපවිපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හොති” “මගේ රූපය වෙනසකට පත්වූවකි”යි හෝ “අහෝ, මට දැන් ඒ රූපය නැත ආදී වශයෙන් කර්ම විඥානය රූපයේ බෙදීම-පෙරලීම අනුව පෙරලෙයි. “විපරිණාමානු පරිවත්තිජා” යනු විපරිණාමයේ අනුව පෙරලීමෙන් විපරිණාමය අරමුණු වූ සිතින් උපන් යනුයි. “පරිතස්සනා ධම්මසමුප්පාදා” යනු තණ්හාවෙන් පීඩිත වීම ද අකුශල ධර්මයෙන් ඉපිදවීම ද යනු දෙකයි. “චිත්තං” යනු කුසල් සිතයි. “පරියාදාය තිට්ඨන්ති” යනු හාත්පසින් ගෙන සිටී. “උත්තාසවා” යනු තැතිගැනීම් සහිතවයි. “විඝාතවා” යනු පීඩා සහිත දුක් සහිත යනුයි. “අපෙක්ඛාවා” යනු ආලය සහිතවයි. “උපාදාය ච පරිතස්සති” දැඩිව ගෙන පෙළෙන්නේ වේ. “නරූප විපරිණාමානුපරිවත්ති” රහතන්වහන්සේට කර්ම විඥානයම නැත. එනිසා රූප පෙරලීම අනුව පෙරලීම සිදුනොවේ යැයි පැවසීම සුදුසුය.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. දුතිය උපාදාපරිතස්සනා සුත්තවණ්ණනා
8. දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ තණ්හාමානදිට්ඨිවසෙන දෙසනා කතා. ඉති පටිපාටියා චතූසු සුත්තෙසු වට්ටවිවට්ටමෙව කථිතං.
අටවන සූත්‍රයේ - තණ්හාව, මානය, දෘෂ්ටිය වශයෙන් දේශනාව කරන ලදී. මෙසේ පිළිවෙලින් සිවු සූත්‍රයන්හි සසර පැවැත්ම හා සසර නැවැත්ම පිළිබඳවම පවසන ලදී.
අට්ඨමං.
අටවන සූත්‍රයයි.
9. පඨම අතීතානාගත සුත්තවණ්ණනා
9. පළවැනි අතීතානාගත සූත්‍ර වර්ණනාව
නවමෙ කො පන වාදො පච්චුප්පන්නස්සාති පච්චුප්පන්නම්හි කථාව කා, අනිච්චමෙව තං. තෙ කිර භික්ඛූ අතීතානාගතං අනිච්චන්ති සල්ලක්ඛෙත්වා පච්චුප්පන්නෙ කිලමිංසු, අථ නෙසං ඉතො අතීතානාගතෙපි “පච්චුප්පන්නං අනිච්ච”න්ති වුච්චමානෙ බුජ්ඣිස්සන්තීති අජ්ඣාසයං විදිත්වා සත්ථා පුග්ගලජ්ඣාසයෙන ඉමං දෙසනං දෙසෙසි.
නවවන සූත්‍රයේ - “කොපන වාදො පච්චුප්පන්නස්ස” යනු ප්‍රත්‍යුත්පන්නයෙහි කවර කථාවක්ද? යනුයි. මෙය අනිත්‍යමය. ඒ භික්ෂුව අතීත-අනාගත දෙක අනිත්‍යයැයි සලකා වර්තමානයෙහි වෙහෙසුනහ. ඉක්බිති “ඔවුන්ට මෙයින් අතීතයත් අනාගතයත්, වර්තමානයත් (ප්‍රත්‍යුත්පන්න) අනිත්‍යයැයි දෙසූවිට එකරුණ අවබෝධ කරගන්නෝය” යනුවෙන් ඔවුන්ගේ අදහස දැන-බුදුපියාණෝ පුද්ගල අදහස් වශයෙන් මේ දේශනාව දෙසන ලදහ.
නවමං.
නවවන සූත්‍රයයි.
10-11. දුතිය අතීතානාගත සුත්තාදිවණ්ණනා
10-11. දෙවැනි අතීතානාගත ආදි සූත්‍ර වර්ණනා
දසමෙකාදසමානි දුක්ඛං අනත්තාති පදෙහි විසෙසෙත්වා තථාරූපෙනෙව පුග්ගලජ්ඣාසයෙන කථිතානීති. දසමෙකාදසමානි.
දසවන - එකොළොස්වන සූත්‍රවල - “දුක්ඛං අනත්තා” යන පදයන්ගෙන් විශේෂණය කර, එබඳුම පුද්ගල අදහසින් පැවසූ සේක.
නකුලපිතුවග්ගො පඨමො.
පළමුවන නකුලපිතු වර්ගයයි.