යෙදුමෙන් කියවන්න

දුතිය හාලිද‍්දිකානිසුත‍්තං

1. 1. 1. 4.

1. 1. 1. 4.

දුතිය හාලිද‍්දිකානිසුත‍්තං

දෙවන හාලිද්දිකානි සූත්‍රය

4. එවං මෙ සුතං: එකං සමයං ආයස‍්මා මහාකච‍්චානො අවන‍්තීසු විහරති කුරරඝරෙ පපාතෙ පබ‍්බතෙ. අථ ඛො හාලිද‍්දිකානි ගහපති යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො හාලිද‍්දිකානි ගහපති ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතදවොච:

4. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පර්‍වතයෙහි වැඩ වෙසෙති. එකල හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ ය.

වුත‍්තමිදං භන‍්තෙ, භගවතා සක‍්කපඤ‍්හෙ “යෙ තෙ සමණබ්‍රාහ‍්මණා තණ‍්හාසඞ‍්ඛයවිමුත‍්තා, තෙ අච‍්චන‍්තනිට‍්ඨා අච‍්චන‍්තයොගක‍්ඛෙමිනො අච‍්චන‍්තබ්‍රහ‍්මචාරිනො අච‍්චන‍්තපරියොසානා සෙට‍්ඨා දෙවමනුස‍්සාන”න‍්ති. ඉමස‍්ස නු ඛො භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස කථං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො?ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි (එ අරමුණු කොට ඇති ඵලවිමුත්තියෙන්) මිදුණාහු වෙද්ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත අවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි මෙය වදාරන ලද්දේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ භාෂිතයාගේ - දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් කෙසේ දතයුතු දැ යි.

රූපධාතුයා ඛො ගහපති, යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති. වෙදනාධාතුයා ඛො ගහපති -පෙ- සඤ‍්ඤාධාතුයා ඛො ගහපති -පෙ- සඞ‍්ඛාරධාතුයා ඛො ගහපති -පෙ- විඤ‍්ඤාණධාතුයා ඛො ගහපති, යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා චිත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති.

ගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයෙහි අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ. ගැහැවිය, වෙදනාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි … ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ.

ඉති ඛො ගහපති, යන‍්තං වුත‍්තං භගවතා සක‍්කපඤ‍්හෙ: “යෙ තෙ සමණබ්‍රාහ‍්මණා තණ‍්හාසඞ‍්ඛයවිමුත‍්තා, තෙ අච‍්චන‍්තනිට‍්ඨා අච‍්චන‍්තයොගක‍්ඛෙමිනො අච‍්චන‍්තබ්‍රහ‍්මචාරිනො අච‍්චන‍්තපරියොසානා සෙට‍්ඨා දෙවමනුස‍්සාන”න‍්ති. ඉමස‍්ස ඛො ගහපති, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති.

ගැහැවිය, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කොට මිදුණාහු නම් ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි ඒ යමක් වදාළ සේක් නම් ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුතු යි.