සමාධි භාවනා සුත්තං
1. 1. 1. 5.
1. 1. 1. 5.
සමාධි භාවනා සුත්තං
සමාධිභාවනා සූත්‍රය
5. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
5. මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
සමාධිං භික්ඛවෙ, භාවෙථ. සමාහිතො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති? රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච, වෙදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඤ්ඤාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඞ්ඛාරානං සමුදයඤ්ච අත්ථගමඤ්ච, විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච.
මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී. කුමක් යථාවයෙන් දනී ද යත්: රූපයාගේ සමුදය ද අස්තගමය ද, වේදනාවේ සමුදය ද අස්තගමය ද, සංඥාවේ සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, ව්ඥානයාගේ සමුදය ද අස්තගමය ද දනී.
කො ච භික්ඛවෙ, රූපස්ස සමුදයො, කො වෙදනාය සමුදයො, කො සඤ්ඤාය සමුදයො, කො සඞ්ඛාරානං සමුදයො, කො විඤ්ඤාණස්ස සමුදයො:
මහණෙනි, රූපයාගේ සමුදය (හටගැන්ම) කවරේ ද, වේදනාවේ සමුදය කවරේ ද, සංඥාවේ සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයාගේ සමුදය කවරේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති: රූපං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා රූපෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ පතයි. මැනවැයි ලෝභවසයෙන් කියයි. බැසැගෙන සිටී, කුමක් පතා ද, මැනැවැයි කියා ද, බැසැගෙන සිටී ද: රූපය පතයි. මැනවැ යි කියයි. එහි බැසැගෙන සිටී. රූපය පතන, මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
වෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා වෙදනාය නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
වේදනාව පතයි. මැනවැයි කියයි. බැස ගෙන සිටී. වේදනාව පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානය යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
සඤ්ඤං අභිනන්දති -පෙ- සඞ්ඛාරෙ අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස සංඛාරෙ අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා සඞ්ඛාරෙසු නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
සංඥාව පතයි. සංස්කාරයන් පතයි. මැනවැයි කියයි. ගිලගෙන සිටී. සංස්කාරයන් පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
විඤ්ඤාණං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා විඤ්ඤාණෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
විඥානය පතයි. මැනවැ යි කියයි. ගිලගෙන සිටී. විඥානය පතන මැනවැ යි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
අයං භික්ඛවෙ, රූපස්ස සමුදයො, අයං වෙදනාය සමුදයො, අයං සඤ්ඤාය සමුදයො, අයං සඞ්ඛාරානං සමුදයො, අයං විඤ්ඤාණස්ස සමුදයො.
මහණෙනි, මේ රූපයාගේ සමුදය යි. මේ වේදනාවෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි, මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
කො ච භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, කො වෙදනාය අත්ථගමො, කො සඤ්ඤාය අත්ථගමො, කො සඞ්ඛාරානං අත්ථගමො, කො විඤ්ඤාණස්ස අත්ථගමො:
මහණෙනි, රූපයාගේ නිරෝධය කවරේ ද, වේදනාවෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති: රූපං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා රූපෙ නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ නො පතයි. මැනවැයි නො කියයි. බැසැගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැයි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැ යි නො කියයි. බැසගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසෙහි නිරෝධය වේ.
වෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස වෙදනං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා වෙදනාය නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
වේදනාව නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. වේදනාව නො පතන මැනවැයි නො කියයන බැසැ ගෙන නො සිටින ඔහුගේ වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
සඤ්ඤං නාභිනන්දති -පෙ- සඞ්ඛාරෙ නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස සඞ්ඛාරෙ අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා සඞ්ඛාරෙසු නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
සංඥාව නො පතයි ... සංස්කාරයන් නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. සංස්කාරයන් නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
විඤ්ඤාණං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා විඤ්ඤාණෙ නන්දි සා නිරුජ්ඣති. තස්ස නන්දිනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
විඥානය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
අයං භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, අයං වෙදනාය අත්ථගමො, අයං සඤ්ඤාය අත්ථගමො, අයං සඞ්ඛාරානං අත්ථගමො, අයං විඤ්ඤාණස්ස අත්ථගමොති.
මහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයාගේ නිරෝධය යි.