පටිසල්ලාන සුත්තං
1. 1. 1. 6.
1. 1. 1. 6.
පටිසල්ලාන සුත්තං
පටිසල්ලාන සූත්‍රය
6. සාවත්ථියං–
6. සැවැත්නුවර–
පටිසල්ලානෙ භික්ඛවෙ, යොගමාපජ්ජථ. පටිසල්ලීනො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති: රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච, වෙදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඤ්ඤාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඞ්ඛාරානං සමුදයඤ්ච අත්ථගමඤ්ච, විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච”
මහණෙනි, පිළිසලනෙහි (කායවිවේකයෙහි) යෙදෙවු. මහණෙනි, පිළිසලනෙහි යෙදුණු මහණ යාථාවයෙන් (තතු සේ ) දනී. කුමක් තතු සේ දනී ද යත්: රූපයෙහි සමුදය ද අස්තගමය ද, වේදනායෙහි සමුදය ද අස්තගමය ද, සංඥායෙහි සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, විඥානයෙහි සමුදය ද අස්තගමය ද දනී.
කො ච භික්ඛවෙ, රූපස්ස සමුදයො, කො වෙදනාය සමුදයො, කො සඤ්ඤාය සමුදයො, කො සඞ්ඛාරානං සමුදයො, කො විඤ්ඤාණස්ස සමුදයො:
මහණෙනි, රූපයෙහි සමුදය කවරේ ද, වේදනායෙහි සමුදය කවරේ ද, සංඥායෙහි සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයෙහි සමුදය කවරේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති: රූපං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා රූපෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ පතයි, මැනවැ යි කියයි, බැසැ ගෙන සිටී. කුමක් පතා ද මැනවැ යි කියා ද බැසැ ගෙන සිටී ද: රූපය පතයි. මැනවැයි කියයි. බැසැ ගෙන සිටී. රූපය පතන මැනවැයි කියන බැස ගෙන සිටින ඔහුට නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
වෙදනං අභිනන්දති -පෙ- සඤ්ඤං අභිනන්දති -පෙ- සඞ්ඛාරෙ අභිනන්දති -පෙ- විඤ්ඤාණං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා විඤ්ඤාණෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
වේදනාව පතයි. … සංඥාව පතයි. … සංස්කාරයන් පතයි. … විඥානය පතයි. මැනැවැ යි කියයි. බැසැ ගෙන සිටී. විඥානය පතන මැනැවැයි කියන බැසැ ගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
අයං භික්ඛවෙ, රූපස්ස සමුදයො, අයං වෙදනාය සමුදයො, අයං සඤ්ඤාය සමුදයො, අයං සඞ්ඛාරානං සමුදයො, අයං විඤ්ඤාණස්ස සමුදයො.
මහණෙනි, මේ රූපයෙහි සමුදය යි. මේ වේදනායෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි. මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
කො ච භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, කො වෙදනාය අත්ථගමො, කො සඤ්ඤාය අත්ථගමො, කො සඞ්ඛාරානං අත්ථගමො, කො විඤ්ඤාණස්ස අත්ථගමො:
මහණෙනි, රූපයෙහි නිරෝධය කවරේ ද, වේදනායෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති: රූපං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා රූපෙ නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
මහණෙනි, මෙහි මහණ නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැ යි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
වෙදනං නාභිනන්දති -පෙ- සඤ්ඤං නාභිනන්දති -පෙ- සඞ්ඛාරෙ නාභිනන්දති -පෙ- විඤ්ඤාණං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා විඤ්ඤාණෙ නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
වේදනාව නො පතයි … සංඥාව නො පතයි … සංස්කාරයන් නො පතයි … විඥානය නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
අයං භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, අයං වෙදනාය අත්ථගමො, අයං සඤ්ඤාය අත්ථගමො, අයං සඞ්ඛාරානං අත්ථගමො, අයං විඤ්ඤාණස්ස අත්ථගමොති.
මහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයෙහි නිරෝධය යි.