පඨම උපාදාපරිතස‍්සනා සුත‍්තං
1. 1. 1. 7.
1. 1. 1. 7.
පඨම උපාදාපරිතස‍්සනා සුත‍්තං
පළමුවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
7. සාවත්‍ථියං–
7. සැවැත්නුවර–
උපාදාපරිතස‍්සනඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි අනුපාදාඅපරිතස‍්සනඤ‍්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට උපාදානයෙන් උපන් පරිතස්සනාව ද අනුපාදානයෙන් වන අපරිතස්සනාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියමි යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කථඤ‍්ච භික‍්ඛවෙ, උපාදාපරිතස‍්සනා හොති:
මහණෙනි, උපාදානයෙන් වන පරිතස්සනාව කෙසේ වේ ද යත්:
ඉධ භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො. රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. තස‍්ස තං රූපං විපරිණමති අඤ‍්ඤථා හොති. තස‍්ස රූපවිපරිණාමඤ‍්ඤථාභාවා රූපවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස රූපවිපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො පරියාදානා උත‍්තාසවා ච හොති විඝාතවා ච අපෙක‍්ඛවා ච. උපාදාය ච පරිතස‍්සති.
මහණෙනි, ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු නූගත් පුහුදුන් තෙමේ රූපය ආත්මය යි හෝ, ආත්මය රූප ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි. අන්‍යාකාර වෙයි. ඔහුගේ ඒ රූපය පෙරැළීමෙන් අන්‍යාකාර වීමෙන් කර්‍මවිඥානය රූපයේ පෙරැළීම අනුව පෙරැළෙනසුලු වෙයි. රූපයේ පෙරැළීම අනුව පෙරැළුණු සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්‍ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්‍ෂා (ආලය) ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
වෙදනං අත‍්තතො සමනුපස‍්සති, වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානං. තස‍්ස සා වෙදනා විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස වෙදනාවිපරිණාමඤ‍්ඤථාභාවා වෙදනාවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස වෙදනාවිපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො පරියාදානා උත‍්තාසවා ච හොති විඝාතවා ච අපෙක‍්ඛවා ච උපාදාය ච පරිතස‍්සති.
වේදනාව ආත්මය යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි වේදනාව පවතී ය යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් සැහැවි වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීමෙන් අන් සැහැවි වීමෙන් කර්‍මවිඥානය වේදනායෙහි වෙනස් වීම අනුව පෙරැළෙනසුලු වෙයි. වේදනාවේ වෙනස් වීම අනුව පෙරැළුණු සිතින් හටගත් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත ක්‍ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, සඞ‍්ඛාරවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඞ‍්ඛාරෙ, සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. තස‍්ස තෙ සඞ‍්ඛාරා විපරිණමන‍්ති, අඤ‍්ඤථා හොන‍්ති. තස‍්ස සඞ‍්ඛාරානං විපරිණාමඤ‍්ඤථාභාවා සඞ‍්ඛාරවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස සඞ‍්ඛාරවිපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො පරියාදානා උත‍්තාසවා ච හොති විඝාතවා ච අපෙක‍්ඛවා ච උපාදාය ච පරිතස‍්සති.
සංඥාව … සංස්කාර … ආත්ම විසින් දකියි, සංස්කාරවත් ආත්මය හෝ, ආත්මයෙහි සංස්කාර හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකියි. ඔහුගේ එ සංස්කාර පෙරැළෙයි. අන් අයුරු වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍ම විඥානය සංස්කාර විපරිණාම අනුව පෙරැළෙනසුලු වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්‍ෂා ඇත්තේ ද වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද වේ.
විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. තස‍්ස තං විඤ‍්ඤාණං විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස විඤ‍්ඤාණවිපරිණාමඤ‍්ඤථාභාවා විඤ‍්ඤාණවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස විඤ‍්ඤාණවිපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො පරියාදානා උත‍්තාසවා ච හොති, විඝාතවා ච, අපෙක‍්ඛවා ච. උපාදාය ච පරිතස‍්සති.
විඥානය ආත්ම විසින් දකියි, විඥානවත් ආත්මය හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ, දකියි. ඔහුගේ එ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු වෙයි. විඥාන විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි, දැඩි වැ ගෙන පෙළෙන්නේ ද වේ.
එවං ඛො භික‍්ඛවෙ, උපාදාපරිතස‍්සනා හොති.
මෙසේ වනාහි මහණෙනි, උපාදා පරිතස්සනා වේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, අනුපාදා අපරිතස‍්සනා හොති:
මහණෙනි, අනුපාදා අපරිතස්සනා කි සෙයින් වේ යැ යත්:
ඉධ භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. තස‍්ස තං රූපං විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස රූපවිපරිණාමඤ‍්ඤථාභාවා න රූපවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස රූපවිපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො අපරියාදානා න චෙව උත‍්තාසවා හොති න විඝාතවා න අපෙක‍්ඛවා. අනුපාදාය ච න පරිතස‍්සති.
මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි, රූපවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන්අයුරු වෙයි. රූප විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන්, තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි වැ ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන (දැඩි කොට නො ගැනීම්) හේතුයෙන් තැතිගැනුම් ඇත්තේ නො ද වෙයි, දුක් සහිත නො වෙයි, ආලය සහිත නො වෙයි, දැඩි කොට නො ගෙන නො ද පෙළෙන්නේ වේ.
න වෙදනං අත‍්තතො සමනුපස‍්සති, න වෙදනාවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා වෙදනං, න වෙදනාය වා අත‍්තානං. තස‍්ස සා වෙදනා විපරිණමති අඤ‍්ඤථා හොති. තස‍්ස වෙදනාවිපරිණාමඤ‍්ඤථාභාවා න වෙදනාවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස වෙදනා විපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො අපරියාදානා න චෙව උත‍්තාසවා හොති. න විඝාතවා, න අපෙක‍්ඛවා, අනුපාදාය ච න පරිතස‍්සති.
වේදනාව ආත්ම විසින් නො දකියි, වේදනාවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව හෝ නො දකියි, වේදනායෙහි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ වේදනාව පෙරැළෙ යි, අන් අයුරු වෙයි, වේදනාවගේ පෙරැළීම් අන් අයුරුවීම් හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි. වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇත්තේ වෙයි, දුක් ඇත්තේ නො වෙයි, ආලය ඇත්තේ නො වෙයි, දැඩි කොට ගෙන නො ද පෙළෙන්නේ වේ.
න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, න සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං, න අත‍්තනි වා සඞ‍්ඛාරෙ න සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. තස‍්ස තෙ සඞ‍්ඛාරා විපරිණමන‍්ති, අඤ‍්ඤථා හොන‍්ති.
සංඥාව ආත්ම විසින් නො දකියි … සංස්කාර ආත්ම විසින් නො දකියි, සංස්කාරවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ පෙරැළෙති, අන් අයුරු වෙත්. සංස්කාරයන්ගේ
තස‍්ස සඞ‍්ඛාරවිපරිණාමඤ‍්ඤථාභාවා න සඞ‍්ඛාරවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස සඞ‍්ඛාර විපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො අපරියාදානා න චෙව උත‍්තාසවා හොති න විඝාතවා න අපෙක‍්ඛවා, අනුපාදාය ච න පරිතස‍්සති.
විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය සංස්කාර විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තණ්හා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත, ක්‍ෂය කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇති වෙයි, දුක් ඇති නො වෙයි, ආලය ඇති නො වෙයි, නො ද දැඩි කොට ගෙන පෙළෙන්නේ වේ.
න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, තස‍්ස තං විඤ‍්ඤාණං විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස විඤ‍්ඤාණ විපරිණාමඤ‍්ඤථාභාවා න විඤ‍්ඤාණවිපරිණාමානුපරිවත‍්ති විඤ‍්ඤාණං හොති. තස‍්ස විඤ‍්ඤාණවිපරිණාමානුපරිවත‍්තිජා පරිතස‍්සනා ධම‍්මසමුප‍්පාදා චිත‍්තං න පරියාදාය තිට‍්ඨන‍්ති. චෙතසො අපරියාදානා න චෙව උත‍්තාසවා හොති න ච විඝාතවා න ච අපෙක‍්ඛවා, අනුපාදාය ච න පරිතස‍්සති.
විඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් යි හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි, ආත්මය විඥානයෙහි ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ වෙනස්වීම් පෙරැළීම් හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය විඥානවිපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශල ධර්‍මසමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්‍ෂය කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ දැඩි කොට නො ගැනීම් හේතුයෙන් තැතිගැනුම් නො ද ඇති වෙයි, දුක් ඇති නො වෙයි, ආලය ඇති නො වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද නො වේ.
එවං ඛො භික‍්ඛවෙ, අනුපාදා අපරිතස‍්සනා හොතීති.
මෙසෙයින් මහණෙනි, අනුපාදා අපරිතස්සනා වේ යැ යි (වදාළසේකි).