දුතිය උපාදාපරිතස‍්සනා සුත‍්තං
1. 1. 1. 8.
1. 1. 1. 8.
දුතිය උපාදාපරිතස‍්සනා සුත‍්තං
දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
8. සාවත්‍ථියං–
8. සැවැත්නුවර–
උපාදාපරිතස‍්සනඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි. අනුපාදා අපරිතස‍්සනඤ‍්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට උපාදාපරිතස්සනාව ද, අනුපාදාඅපරිතස්සනාවද දේශනා කරන්නෙමි. එය අසවු ...
කථඤ‍්ච භික‍්ඛවෙ, උපාදාපරිතස‍්සනා හොති:
මහණෙනි, උපාදාපරිතස්සනා කිසෙයින් වේය යත්:
ඉධ භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො රූපං “එතං මම, එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සති. තස‍්ස තං රූපං විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස රූපවිපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා.
මහණෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන රූපය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන් අයුරු වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සති. තස‍්ස තං විඤ‍්ඤාණං විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස විඤ‍්ඤාණවිපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය” යි දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
එවං ඛො භික‍්ඛවෙ, උපාදාපරිතස‍්සනා හොති.
මහණෙනි, මෙසෙයින් (තණ්හා මාන - දිට්ඨි - විසින්) උපාදාපරිතස්සන වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ, අනුපාදාඅපරිතස‍්සනා හොති:
මහණෙනි, කිසෙයින් අනුපාදා අපරිතස්සනා වේ යත්:
ඉධ භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සති. තස‍්ස තං රූපං විපරිණමති, අඤ‍්ඤථා හොති. තස‍්ස රූපවිපරිණාමඤ‍්ඤථාභාවා නූප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති සමනුපස‍්සති. තස‍්ස විඤ‍්ඤාණවිපරිණාමඤ‍්ඤථාභාවා නූප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා.
මහණෙනි, මෙලොව ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයි” (විදසුන් නුවණින්) දකි යි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි, අන් අයුරු වෙයි. ඔහුට රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිති. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයී” (විදසුන් නුවණින්) දකියි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිත්.
එවං ඛො භික‍්ඛවෙ, අනුපාදාඅපරිතස‍්සනා හොතීති.
මහණෙනි, මෙසෙයින් (තණ්හා - මාන - දිට්ඨි විසින් නො ගත්, හෙයින්) අනුපාදාඅපරිතස්සනා වේ යයි.