යෙදුමෙන් කියවන්න

පඨම අතීතානාගත සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 1. 9.

1. 1. 1. 9.

පඨම අතීතානාගත සුත‍්තං

පළවැනි අතීතානාගත සූත්‍රය

9. සාවත්‍ථියං–

9. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, අනිච‍්චං අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං රූපස‍්මිං අනපෙඛො හොති, අනාගතං රූපං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස රූපස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. වෙදනා අනිච‍්චා -පෙ- සඤ‍්ඤා අනිච‍්චා -පෙ- සඞ‍්ඛාරා අනිච‍්චා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං විඤ‍්ඤාණස‍්මිං අනපෙඛො හොති, අනාගතං විඤ‍්ඤාණං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීත - අනාගත රූපය අනිත්‍ය යැ, පච්චුප්පන්න (-පවත්නා) රූපයාගේ (අනිත්‍යතා පිළිබඳ) කවර කථා යැ. (අනිත්‍යමැයි) මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි. අනාගත රූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … අතීතානාගත විඥානය අනිත්‍ය යැ, පච්චුප්පන්න විඥාන පිළිබඳ කවර කථා යැ. (අනිත්‍ය මැ යි) මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.

1. 1. 1. 10.

1. 1. 1. 10.

දුතිය අතීතානාගත සුත‍්තං

දෙවැනි අතීතානාගත සූත්‍රය

10. සාවත්‍ථියං–

10. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, දුක‍්ඛං අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං රූපස‍්මිං අනපෙඛො හොති, අනාගතං රූපං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස රූපස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. වෙදනා දුක‍්ඛා -පෙ- සඤ‍්ඤා දුක‍්ඛා -පෙ- සඞ‍්ඛාරා දුක‍්ඛා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං විඤ‍්ඤාණස‍්මිං අනපෙඛො හොති, අනාගතං විඤ‍්ඤාණං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

මහණෙනි, අතීතානාගත රූපය දුක් යැ, පවත්නා රූපය පිළිබඳ කවර කථා යැ (දුක් මැයි). මහණෙනි, මෙසේ (විවසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය නො පතයි, පවත්නා රූපායාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … අතීතානාගත විඥානය දුක් යැ, පවත්නා විඥානය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.