යෙදුමෙන් කියවන්න

තතිය අතීතානාගත සුත‍්තං

1. 1. 1. 11.

1. 1. 1. 11.

තතිය අතීතානාගත සුත‍්තං

තෙවැනි අතීතානාගත සූත්‍රය

11. සාවත්‍ථියං–

11. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, අනත‍්තා අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස, එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං රූපස‍්මිං අනපෙඛො හොති, අනාගතං රූපං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස රූපස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති. වෙදනා අනත‍්තා -පෙ- සඤ‍්ඤා අනත‍්තා -පෙ-

මහණෙනි, අතීතානාගත රූපය අනාත්ම ය, වර්‍තමාන රූපය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඉකුත් රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි, මතු රූපය නො පතයි, පවත්නා රූපයාගේ කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ...

සඞ‍්ඛාරා අනත‍්තා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තං අතීතානාගතං, කො පන වාදො පච‍්චුප‍්පන‍්නස‍්ස. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස‍්මිං විඤ‍්ඤාණස‍්මිං අනපෙඛො හොති, අනාගතං විඤ‍්ඤාණං නාභිනන්‍දති, පච‍්චුප‍්පන‍්නස‍්ස විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතීති.

සංස්කාර අනාත්ම යි ... අතීතානාගත විඥානය අනාත්ම යි, වර්‍තමාන විඥාන පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.

නකුලපිතුවග‍්ගො පඨමො.

පළමුවැනි නකුලපිතු වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

නකුලපිතා දෙවදහා ද‍්වෙපි හාලිද‍්දිකානි ච සමාධි පටිසල‍්ලානං උපාදාපරිතස‍්සනා දුවෙ අතීතානාගතා තීණි වග‍්ගො තෙන පවුච‍්චති.

නකුලපිතු සූත්‍රය, දේවදහ සූත්‍රය, හාලිද්දක සූත්‍ර දෙකය, සමාධි සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, උපාදාපරිතස්සනා සූත්‍ර දෙකය, අතීතානාගත සූත්‍ර තුන දැයි එකොලොසකින් නකුලපිතු වර්‍ගය යුක්ත යයි කියනු ලැබේ.