යෙදුමෙන් කියවන්න

අනිච‍්ච සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 2. 1.

1. 1. 2. 1.

අනිච‍්ච සුත‍්තං

අනිත්‍ය සූත්‍රය

12. සාවත්‍ථියං–

12. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ අනිච‍්චං, වෙදනා අනිච‍්චා, සඤ‍්ඤා අනිච‍්චා, සඞ‍්ඛාරා අනිච‍්චා, විඤ‍්ඤාණං අනිච‍්චං. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති: ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. මෙසෙයින් (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි, මිදුණැයි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වෙයි: “ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවනලදී. සිවුමඟ කරණී කරන ලද, මේ රහත්බව සඳහා අන් කිසෙහි නැතැ” යි දනී යයි.

1. 1. 2. 2.

1. 1. 2. 2.

දුක‍්ඛ සුත‍්තං

දුක්ඛ සූත්‍රය

13. සාවත්‍ථියං–

13. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ දුක‍්ඛං, වෙදනා දුක‍්ඛා, සඤ‍්ඤා දුක‍්ඛා, සඞ‍්ඛාරා දුක‍්ඛා, විඤ‍්ඤාණං දුක‍්ඛං. එවං පස‍්සං භික‍්ඛවෙ, -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.

1. 1. 2. 3.

1. 1. 2. 3.

අනත‍්ත සුත‍්තං

අනත්ත සූත්‍රය

14. සාවත්‍ථියං–

14. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ අනත‍්තා, වෙදනා අනත‍්තා, සඤ‍්ඤා අනත‍්තා, සඞ‍්ඛාරා අනත‍්තා, විඤ‍්ඤාණං අනත‍්තා. එවං පස‍්සං භික‍්ඛවෙ, -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, රූපය අනාත්මය යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. මහණෙනි, මෙසේ දක්නා … මේ රහත්බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.

1. 2. 4.

1. 1. 2. 4.

යදනිච‍්ච සුත‍්තං

යදනිච්ච සූත්‍රය

15. සාවත්‍ථියං–

15. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය නම් එය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට මනා නුවණින් දැක්කයුතු.

වෙදනා අනිච‍්චා -පෙ- සඤ‍්ඤා අනිච‍්චා -පෙ- සඞ‍්ඛාරා අනිච‍්චා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් යැ. යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.

1. 1. 2. 5.

1. 1. 2. 5.

යංදුක‍්ඛ සුත‍්තං

යංදුක්ඛ සූත්‍රය

16. සාවත්‍ථියං–

16. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. වෙදනා දුක‍්ඛා -පෙ- සඤ‍්ඤා දුක‍්ඛා -පෙ- සඞ‍්ඛාරා දුක‍්ඛා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, රූපය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … විඥානය දුක යි. යමක් දුක් නම් එය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.

එවං පස‍්සං භික‍්ඛවෙ -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා… මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී, යයි.

1. 1. 2. 6.

1. 1. 2. 6.

යදනත‍්ත සුත‍්තං

යදනත්ත සූත්‍රය

17. සාවත්‍ථියං–

17. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ අනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. වෙදනා අනත‍්තා -පෙ- සඤ‍්ඤා අනත‍්තා -පෙ- සඞ‍්ඛාරා අනත‍්තා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, රූපය අනාත්ම යි, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු, වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාර අනාත්ම යැ … විඥානය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.

එවං පස‍්සං භික‍්ඛවෙ, -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසෙයින් දක්නා … මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී යයි.

1. 1. 2. 7.

1. 1. 2. 7.

පඨම හෙතු සුත‍්තං

පඨම හේතු සූත්‍රය

18. සාවත්‍ථියං–

18. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ අනිච‍්චං. යොපි හෙතු යොපි පච‍්චයො රූපස‍්ස උප‍්පාදාය, සොපි අනිච‍්චො. අනිච‍්චසම‍්භූතං භික‍්ඛවෙ, රූපං කුතො නිච‍්චං භවිස‍්සති. වෙදනා අනිච‍්චා -පෙ- සඤ‍්ඤා අනිච‍්චා -පෙ- සඞ‍්ඛාරා අනිච‍්චා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං. යොපි හෙතු යොපි පච‍්චයො විඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය, සොපි අනිච‍්චො. අනිච‍්චසම‍්භූතං භික‍්ඛවෙ, විඤ‍්ඤාණං කුතො නිච‍්චං භවිස‍්සති.

මහණෙනි, රූපය අනිත්‍ය යැ, රූපයාගේ ඉපැත්මට යමක් හේතු වේ නම් ප්‍රත්‍යය වේ නම්, හෙ ද අනිත්‍ය යි. මහණෙනි, රූපය අනිත්‍ය සම්භූතයි. කොයින් නිත්‍ය වන්නේ ද, වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, විඥානයාගේ ඉපැත්මට යමක් හේතු වේ ද, යමක් ප්‍රත්‍ය වේ ද, හෙ ද අනිත්‍ය යැ. කොයින් නිත්‍ය වන්නේ ද.

එවං පස‍්සං භික‍්ඛවෙ -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි මෙසේ දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.

1. 1. 2. 8.

1. 1. 2. 8.

දුතිය හෙතු සුත‍්තං

දෙවැනි හේතු සූත්‍රය

19. සාවත්‍ථියං–

19. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, දුක‍්ඛං. යොපි හෙතු යොපි පච‍්චයො රූපස‍්ස උප‍්පාදාය සොපි දුක‍්ඛො. දුක‍්ඛසම‍්භූතං භික‍්ඛවෙ, රූපං, කුතො සුඛං භවිස‍්සති. වෙදනා දුක‍්ඛා -පෙ- සඤ‍්ඤා දුක‍්ඛා -පෙ- සඞ‍්ඛාරා දුක‍්ඛා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං. යොපි හෙතු යොපි පච‍්චයො විඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය සොපි දුක‍්ඛො. දුක‍්ඛසම‍්භූතං භික‍්ඛවෙ, විඤ‍්ඤාණං. කුතො සුඛං භවිස‍්සති.

මහණෙනි, රූපය දුක් යැ, රූපයාගේ උප්පාදය පිණිස යම් හේතුයෙක් යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද දුකැ. මහණෙනි, රූපය දුක්ඛසම්භූත යි. කොයින් සුඛයෙක් වේ ද. වේදනා දුක් යැ ... සංඥා දුක් යැ … සංස්කාරයෝ දුක්හ ... විඥානය දුක් යැ, විඥානයාගේ උත්පාදය සඳහා යම් හේතුවක් හා ප්‍රත්‍යයක් හා ඇත් ද, එ ද දුකැ. මහණෙනි, විඥානය දුඃඛ සම්භූත යි. කොයින් සුඛ වේ ද.

එවං පස‍්සං භික‍්ඛවෙ -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතී යි නුවණින් දනී.

1. 1. 2. 9.

1. 1. 2. 9.

තතිය හෙතු සුත‍්තං

තෙවැනි හේතු සූත්‍රය

20. සාවත්‍ථියං–

20. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, අනත‍්තා. යොපි හෙතු යොපි පච‍්චයො රූපස‍්ස උප‍්පාදාය සොපි අනත‍්තා. අනත‍්තසම‍්භූතං භික‍්ඛවෙ රූපං, කුතො අත‍්තා භවිස‍්සති. වෙදනා අනත‍්තා -පෙ- සඤ‍්ඤා අනත‍්තා -පෙ- සඞ‍්ඛාරා අනත‍්තා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා. යොපි හෙතු යොපි පච‍්චයො විඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය සොපි අනත‍්තා. අනත‍්තසම‍්භූතං භික‍්ඛවෙ විඤ‍්ඤාණං. කුතො අත‍්තා භවිස‍්සති.

මහණෙනි, රූපය අනාත්ම යැ, රූපයාගේ උත්පාදය සඳහා යම් මැ හේතුයෙක් යම් මැ ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, රූපය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද. වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාරයෝ අනාත්මයහ … විඥානය අනාත්ම යැ. විඥානයාගේ උත්පාදය පිණිස යම් හේතුයෙක් ඇත් ද, යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, විඥානය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි නිර්වේද කරයි, වෙදනායෙහිදු නිර්වේද කරයි, සංඥායෙහිදු නිර්වේද කරයි, සංස්කාරයන්හිදු නිර්වේද කරයි, විඥානයෙහිදු නිර්වේද කරයි. නිර්වේද කරනුයේ විරාග කරයි. විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්තයෙමි” යි ඥානය පහළ වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතියි නුවණින් දනී.