ආනන්ද සුත්තං
1. 1. 2. 10.
1. 1. 2. 10.
ආනන්ද සුත්තං
ආනන්ද සූත්‍රය
21. සාවත්ථියං–
21. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.:
නිරොධො නිරොධොති භන්තෙ වුච්චති. කතමෙසානං ඛො භන්තෙ ධම්මානං නිරොධා නිරොධොති වුච්චතීති?
වහන්ස, නිරෝධ යැ. නිරෝධ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කවර ධර්ම කෙනෙකුන්ගේ නිරෝධයෙන් ‘නිරෝධය යි’ කියනු ලැබේ ද?
රූපං ඛො ආනන්ද, අනිච්චං, සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. තස්ස නිරොධා නිරොධොති වුච්චති. වෙදනා අනිච්චා -පෙ- තස්සා නිරොධා නිරොධොති වුච්චති. සඤ්ඤා අනිච්චා -පෙ- තස්සා නිරොධා නිරොධොති වුච්චති. සඞ්ඛාරා අනිච්චා -පෙ- තෙසං නිරොධා නිරොධොති වුච්චති. විඤ්ඤාණං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. තස්ස නිරොධා නිරොධොති වුච්චතීති.
ආනන්දය, රූපය අනිත්‍ය යැ, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රතීත්‍යසමුත්පන්න යැ, කියවන සැහැවි ඇතැ, වියවන සැහැවි ඇතැ, විරාගස්වභාව ඇතැ, නිරෝධ ස්වභාය ඇති. ඒ රූපයාගේ නිරෝධ හේතුයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි. වේදනා අනිත්‍ය යැ ... සංඥා අනිත්‍ය යැ ... සංස්කාරයෝ අනිත්‍යහ ... විඥානය අනිත්‍ය යැ, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රත්‍යයෙන් සමුත්පන්න යැ, ක්ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව ඇති. ඒ විඥානයාගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි.
ඉමෙසං ඛො ආනන්ද ධම්මානං නිරොධා නිරොධොති වුච්චතීති.
ආනන්ද මේ ධර්මයන්ගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබේ.
අනිච්චවග්ගො දුතියො.
දෙවැනි අනිත්‍ය වර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අනිච්චං දුක්ඛං අනත්තා යදනිච්චාපරෙ තයො හෙතුනාපි තයො වුත්තා ආනන්දෙන පූරිතො වග්ගො.
අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, යදනිච්චාදි අන්‍ය තුන් සූත්‍රයෝ යැ, හේතු වසයෙන් සූත්‍රයෝ තුන් දෙනෙකැ ආනන්ද සූත්‍රයෙන් මෙසේ වර්ගය පිරිණි.