හාලිද්දිකානිසුත්තං
1. 1. 3.
1. 1. 1. 3.
හාලිද්දිකානිසුත්තං
හාලිද්දිකානි සූත්‍රය
3. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති කුරරඝරෙ පපාතෙ පබ්බතෙ. අථ ඛො හාලිද්දිකානි ගහපති යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො හාලිද්දිකානි ගහපති ආයස්මන්තං මහාකච්චානං එතදවොච වුත්තමිදං භන්තෙ, භගවතා අට්ඨකවග්ගියෙ මාගන්දිය පඤ්හෙ –
3. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්ගයට අයත් මාගන්දිය ප්‍රශ්නයෙහි දී මෙය වදාළ සේකැ:
“ඔකං පහාය අනිකෙතසාරීගාමෙ අකුබ්බං මුනි සන්ථවානි,කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො කථං න විග්ගය්හ ජනෙන කයිරා”ති.
“විඤ්ඤාණගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා අනිකෙතසාරී (රූපාදි නිමිත්තෙහි නො හැසිරෙන්නා) වූ ගම්හි සංසර්ගයන් නො කරන්න වූ කාමයන්ගෙන් වෙන් වූ සසරවට පෙරටු නො කරන්නා වූ ක්ෂීණාස්රව මුනි තෙමේ ජනයා සමග විරුද්ධකථා නො කරන්නේ යැ” යි.
ඉමස්ස නු ඛො භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්ත්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතු දැ?යි.
රූපධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. රූපධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරීති වුච්චති. වෙදනාධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. වෙදනාධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරීති වුච්චති. සඤ්ඤාධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. සඤ්ඤාධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරී’ති වුච්චති. සඞ්ඛාරධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. සඞ්ඛාරධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරීති වුච්චති. එවං ඛො ගහපති, ඔකසාරී හොති.
ගැහැවිය, රූපස්කන්ධය කර්‍මවිඥානයාගේ ප්‍රත්‍යය සංඛ්‍යාත ඕකය යි. රූපස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ඕකසාරි (ගෘහාලයයෙහි හැසිරෙන්නා) ය යි කියනු ලැබේ. ගැහැවිය, වේදනාස්කන්ධය විඥානයාගේ ගෘහය යි. වේදනාස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංඥාස්කන්ධය, විඥානයාගේ ගෘහය යි. සංඥාස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංස්කාරස්කන්ධය විඥානයාගේ ගෘහ යයි. සංස්කාරස්කන්ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, මෙසේ ඕකසාරී වේ.
කථඤ්ච ගහපති, අනොකසාරී හොති: රූපධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනොකසාරීති වුච්චති. වෙදනාධාතුයා ඛො ගහපති, -පෙ- සඤ්ඤාධාතුයා ඛො ගහපති -පෙ- සඞ්ඛාරධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනොකසාරීති වුච්චති. විඤ්ඤාණධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනොකසාරීති වුච්චති. එවං ඛො ගහපති, අනොකසාරී හොති.
ගැහැවිය, කෙසේ නම් අනෝකාසාරී වේ ද? ගැහැවිය, රූපස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් (තෘෂ්ණා දෘෂ්ටි) උපය කෙනෙක්, (කාමුපාදානාදී සිවු) උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වූවාහු වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තල් ගසක් මෙන් කරන ලදහ. අත්‍යන්තයෙන් අභාවයට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී (ගෙහි නො හැසිරෙනු) යයි කියනු ලැබෙත්. ගැහැවිය, වේදනාස්කන්ධයෙහි … ගැහැවිය, සංඥාස්කන්ධයෙහි … ගැහැවිය, සංස්කාරස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. හිස් සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය, විඥානස්කන්ධයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී ය යි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනෝකසාරී වේ.
කථඤ්ච ගහපති, නිකෙතසාරී හොති: රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, නිකෙතසාරීති වුච්චති. සද්දනිමිත්ත -පෙ- ගන්ධනිමිත්ත -පෙ- රසනිමිත්ත -පෙ- ඵොට්ඨබ්බනිමිත්ත -පෙ- ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, නිකෙතසාරීති වුච්චති. එවං ඛො ගහපති, නිකෙතසාරී හොති.
ගැහැවිය, කෙසේ නම් නිකේතසාරී (නිවෙස්හි හැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවෙස්හි උපන් කෙලෙසුන්ගේ විසාර පැතිරීම හා විනිබන්ධ බැඳීම හේතුකොටගෙන නිකේතසාරී යයිකියනු ලැබේ. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්මාලම්බන නැමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා බැඳීමෙන් නිකේතසාරී යයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ නිකේතසාරී වේ.
කථඤ්ච ගහපති, අනිකෙතසාරී හොති: රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනිකෙතසාරීති වුච්චති. සද්දනිමිත්ත -පෙ- ගන්ධනිමිත්ත -පෙ- රසනිමිත්ත -පෙ- ඵොට්ඨබ්බනිමිත්ත -පෙ- ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනිකෙතසාරීති වුච්චති. එවං ඛො ගහපති, අනිකෙතසාරී හොති.
ගැහැවි, කෙසේ නම් අනිකේතසාරී (නිවෙස්හි නොහැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවාසයෙහි (හටගත් කෙලෙසුන්ගේ) විසාරවිනිබන්ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්මාලම්බන නමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ විසාරවිනිබන්ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල්කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනිකේතසාරී වේ.
කථඤ්ච ගහපති, ගාමෙ සන්ථවජාතො හොති: ඉධ ගහපති, එකච්චො ගිහීහි සංසට්ඨො විහරති සහනන්දී සහසොකී සුඛිතෙසු සුඛිතො දුක්ඛිතෙසු දුක්ඛිතො. උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වොයොගං ආපජ්ජති. එවං ඛො ගහපති, ගාමෙ සන්ථවජාතො හොති.
ගැහැවිය, කෙසේනම් ගම්හි හටගත් සන්ථව ඇත්තේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා සංසෘෂ්ට (මුසු) වූයේ සමඟ සතුටු වන්නේ සමග ශෝක කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා උපයෝගයට (එහි යෙදීමට) පැමිණෙයි. ගැහැවිය, මෙසේ ගම්හි හටගත් සන්ථව ඇත්තේ වේ.
කථඤ්ච ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති: ඉධ ගහපති, එකච්චො ගිහීහි අසංසට්ඨො විහරති න සහනන්දී න සහසොකී න සුඛිතෙසු සුඛිතො න දුක්ඛිතෙසු දුක්ඛිතො. උප්පන්නෙසු කිච්චකරණීයෙසු න අත්තනා වොයොගං, ආපජ්ජති. එවං ඛො ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති.
ගැහැවිය, කෙසේ නම් ඟම්හි හටගත් සන්ථව නැත්තේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා මුසු නො වූයේ සමග සතුටු නො වන්නේ සමග ශෝක නො කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත නො වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත නො වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා යෙදීමට නො පැමිණෙයි. ගැහැවි, මෙසේ ගම්හි හටගත් සංසර්ග නැත්තේ වේ.
කථඤ්ච ගහපති, කාමෙහි අරිත්තො හොති: ඉධ ගහපති, එකච්චො කාමෙසු අවිගතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. එවං ඛො ගහපති, කාමෙහි අරිත්තො හොති.
ගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් නො සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් වස්තු කාමයන්හි නො පහ වූ රාග ඇත්තේ නො පහ වූ ඡන්ද ඇත්තේ නො පහ වූ ප්‍රේම ඇත්තේ නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ පරිදාහ ඇත්තේ නො පහවූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ ක්ලේශකාමයන්ගෙන් නො සිස් වූයේ වේ.
කථඤ්ච ගහපති, කාමෙහි රිත්තො හොති: ඉධ ගහපති, එකච්චො කාමෙසු විගතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. එවං ඛො ගහපති, කාමෙහි රිත්තො හොති.
ගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්හි පහ වූ රාග ඇත්තේ පහ වූ ඡන්ද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ පරිදාහ ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ කාමයන්ගෙන් සිස් වූයේ වේ.
කථඤ්ච ගහපති, පුරෙක්ඛරානො හොති: ඉධ ගහපති, එකච්චස්ස එවං හොති: එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති. එවං ඛො ගහපති, පුරෙක්ඛරානො හොති.
ගැහැවිය, කෙසේ නම් සසරවට පෙරටු කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි”, මෙසේ අදහස් වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු කරන්නේ වේ.
කථඤ්ච ගහපති, අපුරෙක්ඛරානො හොති: ඉධ ගහපති, එකච්චස්ස න එවං හොති: එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤී සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානං. එවං ඛො ගහපති, අපුරෙක්ඛරානො හොති.
ගැහැවි, කෙසේ නම් සසරවට පෙරටු නො කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි” යි, මෙසේ අදහස් නො වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු නො කරන්නේ වේ.
කථඤ්ච ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති: ඉධ ගහපති, එකච්චො එවරූපිං කථං කත්තා හොති: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි අහමස්මි සම්මාපටිපන්නො. පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච. සහිතං මෙ අසහිතං තෙ. ආචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. චර වාදප්පමොක්ඛාය. නිග්ගහිතොසි. නිබ්බෙඨෙහි වා සචෙ පහොසී”ති. එවං ඛො ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති.
ගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් කෙනෙක් මෙබඳු කථා කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ. තාගේ වචනය නො සිලිටි යැ. තා විසින් (කලක් ම) පුරුදු කරන ලද වාදය (මාගේ වාදයෙන්) පෙරැළී ගියේ යැ. තට වාද නගන ලදි. වාදයෙන් මිදීම පිණිස (හැසිරෙව. ක්‍රියා කර ව.) නිග්‍රහ කරන ලද වෙහි. ඉදින් පොහොසත්හි නම් මුදව (මෙහි දී ම මිදෙව.)” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ.
කථඤ්ච ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති: ඉධ ගහපති, එකච්චො න එවරූපිං කථං කත්තා හොති: “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡා පටිපන්නො ත්වමසි අහමස්මි සම්මා පටිපන්නො. පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච, සහිතං මෙ, අසහිතං තෙ, අචින්නං තෙ විපරාවත්තං ආරොපිතො තෙ වාදො, චර වාදප්පමොක්ඛාය නිග්ගහිතොසි නිබ්බෙඨෙහි වා සචෙ පහොසී”ති. එවං ඛො ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති.
ගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු කථා නො කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දන්නෙහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ, තාගේ වචනය නො සිලිටි යැ. තාගේ පුරුදු වචනය පෙරළී ගියේ යැ, තට වාද නගන ලදි. වාදයෙන් මිදීමට ක්‍රියා කරව. නිග්‍රහ කරන ලද්දෙහි. ඉදින් පොහෝනෙහි නම් මුදව” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ .
ඉති ගහපති, යං තං වුත්තං භගවතා අට්ඨකවග්ගියෙ මාගන්දියපඤ්හෙ
ගැහැවි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් - අෂ්ටකවර්ගයට අයත් මාගන්දිය ප්‍රශ්නයෙහි -
“ඔකං පහාය අනිකෙතසාරීගාමෙ අකුබ්බං මුනිසන්ථවානිකාමෙහි රිත්තො අපුරෙක්ඛරානොකථං න විග්ගය්හ ජනෙන කයිරාති.”
“ගෘහය හැර ගෙහි නො හැසිරෙනසුලු ගම්හි සසඟ නො කරන කාමයන්ගෙන් හිස් වූ සසරවට පෙරටු නො කරන මුනි තෙමේ ජනයා සමග විග්‍රාහික කථා නො කරන්නේ ය” යි ඒ යමක් වදාරන ලද නම් -
ඉමස්ස ඛො ගහපති, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්ත්ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ යි.